Monday 29 October 2018

සන්ධි අභ්‍යාස


                                                                              2018 . 10 . 29 දින දී ය.

















ආචාර්යතුමා


Friday 26 October 2018

උපසර්ග


ආචාර්යතුමාට ඉගෙන ගන්න සිසු දරුවන් ගැන හිත උණු වුණා.අන්න ඒ නිසා ඒ අයගේ යහපතට සිංහල ව්‍යාකරණ පාඩමක් සකස් කරන්න තීරණය කළා.




                   
             උපසර්ග

‘උපසර්ග’ යනු, වචනාර්ථයෙන් ගත් කළ 'ඟට යෙදීම’ යන්නයි.එහෙත් මෙම යෙදීම සිදුවන්නේ පදයක ආරම්භයට ම පමණී.එබැවින් විද්වත්හු මෙය පූර්වසර්ග’ යනුවෙන් හඳුන්වතී.මේවා තවත් පද සමඟ යෙදීමෙන් හැර තනිව යෙදීමෙන් අර්ථයක් ප්‍රකාශ කළ නොහැක.එබැවින් මේවා අව්‍යපද වර්ගයට අයත් වේ.

උපසර්ගයකට කළ හැකි දේවල්.

01.වචනයක මුලට යෙදී, එම වචනයේ අගය වැඩි කළ හැක.
 

    උදා   01 පිරිසිඳු     02 බල      03 මන්ත‍්‍රණය
             සු+පිරිසිඳු     ප‍්‍ර+බල      සම්+මන්ත‍්‍රණය     

             04 ගඳ          05 රමණය  06 උපාධිය

           
            …………..      …………..    …………….
               
02.වචනයක මුලට යෙදී, එම වචනයේ අගය අඩු කළ හැක.

    
        උදා:   01 පිරිසිඳු      02 බල      03 මන්ත‍්‍රණය
                    අ+පිරිසිඳු       දු+බල       කු+මන්ත‍්‍රණය
       
                  04 ගඳ         05 රමණය   06 ශීල 


                 ………….     ……………   …………..
          
03.වචනයක මුලට යෙදී, එම වචනයේ අර්ථය මුළුමනින් ම වෙනස් කළ හැක.

   
        උදා:   01 බඳ              02 මඟ            03 හද
                     ස+බඳ            උ+මඟ            සු+හද

          
                  04 මන             05 තුර            06 සීත
                      වි+මන          උ+තුර           කු+සීත


    සිදත් සඟරාවේ උපසර්ග පද 20කී.

   
         ප/පර/අව/ස/අනු/නි/දු/වි/අ/අදි/සු/
       උ/අබි/පිරි/උප/අප/පස්/පිළි/අති/පි


■ කුමාරතුංග මුනිදාස සූරීන් විසින් හඳුන්වාදුන් උපසර්ග         03කී.
        
     ඉ/ඔ/කු

 මීටත් අමතරව පාලි සහ සංස්කෘත භාෂාවලින් අප භාෂාවට ඇති වූ බලපෑම නිසා බිහි වූ උපසර්ග ද තිබේ.
       
       ප්‍ර/පරා/ප්‍රති/සම්/සං/සන්/සත්/සද්/සහ/
       අධි/නිර්/නිශ්/නිෂ්/නිස්/දුර්/දුශ්/දුෂ්/දුස්/
       අභි/පශ්චාත්/අන්/උව/උත්/උද්/ස්වයං


වචනයක උපසර්ගයක් යෙදී තිබේදැ’යි සොයා ගන්නා ආකාරය.

 දී ඇති වචනයේ උපසර්ගය යැයි සිතෙන පදය එම වචනයෙන් වෙන් කර ගන්න.එසේ ඉවත් කර ගත් පසු,

1- ඉවත් කර ගත් පදය උපසර්ග ගොනුවේ තිබිය යුතුය.
 

11. අනෙක් පදයේ අර්ථයක් තිබිය යුතුය.
   
 උදා: අනුස්මරණ  » අනු + ස්මරණ
          සුරම්‍ය           » සු + රම්‍ය
         උත්පාදනය   » උත් + පාදනය
         නිරාමිස         » නිර් + ආමිස
         අනුත්සාහික » අන් + උත්සාහික


 වචනයකට උපසර්ග එකකට වඩා යෙදෙන අවස්ථා  ද තිබේ.
         
        උදා: අති+සං+වේදී
                        අති+වි+ශිෂ්ට
                 සු+නිර්+මල
                 සු+වි+ශේෂී
                 ප්‍රති+සම්+පාදන


අභ්‍යාසය 01.
පහත දැක්වෙන වචන සඳහා සුදුසු පරිදි උපසර්ග පද යොදන්න.

■ චාරය             
■ දර්ශනය
■ පූර්ණ            
■ ස්මරණය
■ මුලින්
■ සත්වයා
■ වාරය
■ කාලය
■ සාර
■ දන 
■  මනා
■  වෘද්ධි
■  ගමන
■  ලක්ෂිත
■  කවියා

අභ්‍යාසය 02

පහත ඡේදයේ ඉරි ඇඳි පද සඳහා සුදුසු උපසර්ග සහිත පද යෝජනා කරන්න.

නිමල් වඩාත් අවුල් මනසින් නිවෙසට පැමිණියේය.වාරයට පෙර අඹ සෑදෙන ගස   දෙස ඔහු බැලුවේය.එවිට ඔහුට තම බිරිඳව නැවත සිහිවිය. මෙම වඩාත් මිහිරි අඹ කෑමට ඈ වඩාත් ම කැමතිය.නිමල් තම උපදින්නට සිටින දරුවා නිසා මේ වන විට සියලු නරක වැඩ අත හැර ඇත.ඔහු පළමු උපාධියට පසු උපාධිය ද අවසන් කළ අයෙකී.ඔහු දැන් මුළුමනින් ම වෙනස් ය.

අභ්‍යාසය 03

පහත දැක්වෙන වචනවල තිබෙන උපසර්ග පද වෙන් කර දක්වන්න.

        
■ සංසර්ගය                                    
■ උපසර්ගය
■ සුවිකාර්ය
■ සුප්‍රකට
■ කුප්‍රකට
■ අනාරාධිත
■ උපාය
■ විරාගය
■ සංනිවේදනය

■ උද්ධමනය

■ උත්තම
■ පිධාන
■ නිර්වාණය
■ නිවර්තනය
■ ප්‍රතිසංවිධාන
■ සම්ප්‍රදාන
■ අභිප්‍රේරණය
■ උවදෙස්
■ විලම්භය
■ දුර්භීක්ෂ


■ නිර්ජරා
■ අතිසුපැහැදිලි
■ සත්සමුදුර
■ පරා’ර්ථ
■ නිශ්ශබ්ද
■ අනර්ථය
■ ප්‍රමුඛ
■ සුජාත
■ අවජාත


■ අභිජාත
■ ස්වයංජාත
■ ස්වයංවින්දනය
■ ස්වයංරැකියාව
■ අත්‍යන්ත
■ නිර්ජල
■ නිර්වින්දනය
■ නිරුදක
■ ප්‍රතිඵල
■ සද්ධර්ම


සැකසුම : ආචාර්යතුමා









Thursday 18 October 2018

මාධ්‍යවේදී සිද්ධාර්ථ.


    මාධ්‍යවේදී සිද්ධාර්ථ.


           ආචාර්යතුමා අද ගියා චිත්‍රප්‍රදර්ශනයක් බලන්න,ජා-ඇල පැත්තේ."පැරඩයිස් ඔෆ් විස්ඩම්" තමයි ඒ කලා ආයතනයේ නම.හැබැයි ඉතිං මම දැන් මේ කියන්න යන්නේ ඒ ප්‍රදර්ශනය ගැන නම් නෙමෙයි.ඒ ගැන කියන්නම් ඊළඟ ලිපියෙන්.ප්‍රද්‍රශනයෙදි ආචාර්යතුමාට මුණගැහුනා බොහොම සුන්දර මිනිසෙකුව.හිතල බලන්න සුන්දර සිතුවම් අතර සුන්දර වගේ ම ධාර්මික හදවතක් තියෙන මනුස්සයෙකු මුණගැසුනහ ම තියන සතුට ගැන.

ඉතිං ආචාර්යතුමාට එතුමා හොඳ කට ගැස්ම.වැඩකට ඇති දෙයක් කතා කරන්න ලැබීම අනවශ්‍ය නිශ්ශබ්දතාවයට වඩා හොඳයි කියනවනෙ.ඔහු ප්‍රසිද්ධ නාලිකාවක සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්.මම කවුද ඔහු කවුද කියල අඳුන ගත්තෙත් අද ම යි.ක්‍රමයෙන් සුහද කතාබහ අස්සෙ ඔහුගෙ මාධ්‍ය ජීවිතේ ගැන කතා කරන්න ගත්ත ගමන්  ඔහුගෙ මුහුණ එක් වරම මහත් කලකිරුණු ස්වභාවයකට හැරුණා.ආචාර්යතුමා අන්න ඔහුගෙන් තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජීවිතයේ අවාසනාවන්ත ඇත්ත කතාව ගැන දැන ගත්තෙ.

හැබැයි මම දැන් ඒ කතාවත් නෙමෙයි කියන්න හදන්නෙ.ඒ මාධ්‍යවේදියගේ මතක මන්දිරයේ සංචාරයක් යන්න ආචාර්යතුමාට හැකි වුනා.කොටින් ම ඔහු ආචාර්යතුමා සමඟ ඔහුගේ පුද්ගලික ජීවිතයෙන් පෙත්තක් බෙදාහදා ගත්තා.


2018.10.18 paradise of wisdom, kanuwana, jaela.
(selfi.)
මාධ්‍යවේදියා : - සර් මම මේ රස්සාව කළාට මම හරි වෙනස් ම මිනිහෙක්.මම    බෞද්ධයෙක්.නමට එහෙම නෙමෙයි.උප්පැන්නෙ තියන නිසාත් නෙමෙයි.මම ගිහියෙක් වශයෙන් හිටියට බණ කියනව.මම ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනව.මම මේ විදියට ආගමික අංශයට යොමු වුනේ ඇත්තට ම ප්‍රේම සම්බන්ධතාවයක් නිසා.එයාගෙ නම xxxxx (ඔයාලා කැමති නමක් දාගන්න.මම නම ප්‍රසිද්ධ කරන්න අවසර ගත්තෙ නෑ.)එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ.ලොකු දරුවොත් ඉන්නව.ඒත් අපි අතර හිතවත්කම් තාම තියනව.

ආචාර්යතුමා : - ඉතිං පැවිදි වෙන්න හිතුනෙ නැද්ද?

මාධ්‍යවේදියා : -හිතුනා.ඒත් සර් පැවිදි වෙන්න ඕනෙ ජීවිතේ නියම අනිත්‍ය ධර්මතාවය තේරුම් අරගෙන.මට ඒ තරම් ජීවිතේ ගැන කලකිරුණේ නෑ.අනික ලව් එක කැඩුන කියල ඇතිවෙච්ච හිතේ අවුලකට පැවිදි වෙනවානම් ඒක ලොකු ආත්ම වංචාවක් නෙ.අනික් අතට පැවිද්දා කියන්නෙ පංචඉන්ද්‍රීයෙ ආශාවන් අතහැරපු කෙනෙක්.අපේ රටේ කෝ සර්  පැවිදි වෙන්න සුදුසු ආරාම හරි ආරණ්‍ය සේනාසන හරි.දැන් හමුදුරුගොල්ල බොහෝමයක් පස්කම් සැපේ ම නෙ ඉන්නේ. 

ආචාර්යතුමා : - පන්සලක බණක් කියන්න ආරාධනා කළොත් එනවා ද?

මාධ්‍යවේදියා : - නොවරදවාම එනවා.

සාකච්ඡාව එතැනින් අවසන් වූයේ නැත.එහෙත් මා හට මෙය ලිවීම සඳහා ලැබී තිබෙන කාලය ප්‍රමාණවත් නොමැති නිසා ලිපිය මතුසම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් නවතිනවා.

සුභ දවසක් වේවා!

ආචාර්යතුමා

Wednesday 17 October 2018


කන්‍යාභාවය හෙවත් "පෙට්ටිය"


මාතෘකාව කියවනකොටම,ඒ කියන්නේ, මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවසේ තියෙන ලංකාවේ ඇතුළේ අදටත් ගැහැණියගේ කන්‍යාභාවය කියන එක සෑහෙන්න මාකට් වැලියු එකක් තියෙන දෙයක් කියන එක. එහෙම කාන්තාවගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ කන්‍යාභාවය තිබීම හෝ නොතිබීම අනුව කාන්තාවට වටිනාකමක් දෙන එක gender discrimination,  නැත්තං ස්ත්‍රියක් වීම නිසා යම් අඩු සැලකිල්ලකට ලක් වීමක් නෙවෙයිද? මොකද කොල්ලන්ගෙ කන්‍යාභාවය කවුරුවත් බලන්නෙ නෑනේ. අපිට ඒ ගැන තීන්දු තීරණ දෙන්න බෑ. ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව තම තමන් ගන්න ඕන තීරණයක්.මම කරන්නේ කරුණු කාරණා ඉදිරිපත් කරන එක විතරයි.

  සරලවම කිව්වොත් කන්‍යාවක් කියලා අඳුන්වන්නේ ජීවිතේට කිසිම පිරිමියෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක යෙදුනේ නැති කෙනෙක්ට තමයි. හරි හරි, දැන් එනවා ප්‍රශ්න පෝලිමක්. පිරිමියෙක් එක්ක නැතුව කාන්තාවක් එක්ක ලිංගික හැසිරීමක් සිදු කරලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? එතකොට සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව එහෙන් මෙහෙන් සීන් ටිකක් දාලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කතා කරන්න වෙනවා පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක ගැන.
            පොදුවේ කන්‍යාභාවය කියන එක මැනෙන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක පොදු පිළිගැනීම වුනත් එතන තියෙන වැරදි වැටහීම ගැන ඉදිරියේදී කතා කරමු.

 ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා පොඩ්ඩක් ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්ක එන ජපන් කොඩි විහිළුව එන්නෙත් ඔය සිද්ධියත් එක්ක තමයි.
              ලංකාවේ ඔහොම කන්‍යාභාවය බැලුවට එක එක රටවල එක එක ක්‍රම පාවිච්චි වෙලා තියෙනවා කියලා කියන්නත් ඕන. අහල ඇතිනේ රාමා විසින් රාවණාව පරද්දලා, රාවණා විසින් පැහැරගෙන ගියපු සීතාව ආයෙමත් ගෙනාවට පස්සේ සීතා ඇත්තටම පිරිසිදුද කියලා බලන්න අග්නි පරීක්ෂා කරපු සීන් එක. ඔය එකක් විතරයි. තව “පානි කී දීජ්” කියලා පරීක්ෂාවකුත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ චෙක් කරන්න ඕන ගෑල්ලමයා වතුරේ ගිලිලා හුස්ම අල්ලගෙන ඉන්න ඕන කෙනෙක් පියවර සීයක් ඇවිදිනකල්. ඉන්න පුලුවන් වුනොත් පිරිසිදුයි, පියවර සීය යන්න කලින් හුස්ම ගන්න දියෙන් මතුවුනොත් කන්‍යාවක් නෙවෙයි. ආතල් නෙහ්!

 ඔන්න ඔතන තමයි සීන් එක. ලංකාවේ තියෙන ලිංගික අධ්‍යාපනයේ තරමට අදටත් සමහරු ලිංගික හැසිරීමක් කිව්වහම හිතන්නේ සෘජු ලිංගික සංසර්ගය ගැන විතරයි. හැබැයි දැනුම් තේරුම් තියෙන මිනිස්සු දන්නවා  ඕන නං කන්‍යාභාවයට හානියක් කරගන්නේ නැතුව සෙක්ස් කරන්න ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා කියන එක. සෘජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවා ආශ්‍රිත සංසර්ගය වගේ දේවල් ලංකාවේ භාවිතා වෙනවා. එතකොට සමලිංගික කාන්තාවකට නම් ඔතන ගැටළුවක් ඇත්තෙම නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ!
               ඩොක්ටර් ආරියසේන යූ ගමගේ ලියපු "පුද්ගලිකයි රහසිගතයි" පොතේ කියලා තියෙනවා 1996-1997 කාලේ ශ්‍රී ලංකාවේ කරපු සමීක්ෂණයකට අනුව හෙළිවුනා කියලා ලංකාවේ කාන්තාවන්ගෙන් 51.8% ක් සෘජු ලිංගික සංසර්ගය හෝ වෙනත් කිනම් හෝ ලිංගික ක්‍රියාවක යෙදිලා තියෙනවා කියලා. ඒ කාලේ එහෙමනං දැන් කාලේ කොහොම ඇත්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ! හැබැයි දැන් කවුරුත් කියන්න හදන්න එපා, ගෑණු ජාතිය මෙහෙමයි අරෙහෙමයි කියලා. මොකද ගෑණියෙක් සමලිංගික නෙවෙයිනං ලිංගික හැසිරීමකට යන්න ඕන පිරිමියෙක් එක්කනේ. ඒ නිසා දැන් කාලෙ හරි ඔය බමුණු මත වලින් මිදෙන්න.
               තව කාරණයක්. ඕන නං නැතිවුණු කන්‍යා භාවය නැවත ලබාගන්න පුලුවන් සරල සැත්කමක් තියෙනවා. මේක කිසිසේත්ම නීතිවිරෝධී නෑ වගේම සරල සැත්කමක්. මේ හයිමොනෝප්ලාස්ටි සැත්කම ලංකාවේත් සමහර තැන්වල සිදුකෙරෙනවා කියලා අහන්න ලැබෙනවා.තැන් ටික කිව්වොත් කී දෙනෙක් ඒ තැන්වල පොළිමේ ඉදියි ද කියල බලන්න පර්යේෂකවරු බිහි වීම ස්වභාවිකයි.
මෙන්න මේක විශේෂයෙන්ම පිරිමි උදවිය අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. සමහර ගැහැණු ළමයි උපදින්නේම කන්‍යා පටලයක් නැතිව. සමහරුන්ට කන්‍යා පටලයක් පිහිටලා තිබුණත් පළවෙනි ලිංගික සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී නොයන්න පුලුවන්. මොකද කන්‍යා පටලය කියන්නේ ඇදෙන සුළු එකක් නිසා. ඒ වගේම තමයි ඔය ජිම්නාස්ටික් කරන, බයිසිකල් පදින සහ ඒ වගේ තවත් ක්‍රීඩා වල නිරත වෙන තරුණියන්ගේ කන්‍යා පටලය ලිංගික එක්වීමක් නැතුවම බිඳී යන්න ඉඩක් තියෙනවා කියලත් වෛද්‍යවරු කියනවා. ඉතින් මේ කියන්නේ කන්‍යාවක්ද නැද්ද කියන එක, එහෙමත් නැතිනම් ලිංගික ක්‍රියාකාරකමක ජීවිතේට යෙදිලා නැති “පිවිතුරු” යුවතියක්ද නැද්ද කියන එක කාන්තාවක් සම්බන්ධයෙන් තීරණය කරන්නේ කන්‍යා පටලය හරහාම නං, ඒක නිරවද්‍ය නැහැයි කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි, ඒක ගැහැණු ළමයෙක්ගේ ජීවිතය නිරපරාදේ විනාශ කරන්න පුලුවන් කාරණාවකුත් වෙන්න පුලුවන්. මම අහලා තියෙනවා ඕන තරම් මංගල දිනයේදී කන්‍යා භාවය ඔප්පු කරගන්න බැරි වුණු නිසාම තමන්ගේ ජීවිතේ ඉතිරිය ප්‍රශ්න එක්ක ගෙවන්න වුණු ගැහැණු වගේම තමන්ගේ ජීවිතය නැතිකරගත්තු ගැහැණු ගැනත්.
             
මෙන්න ප්‍රශ්න. කන්‍යා පටලයෙන් කන්‍යා භාවය බලන එක විකාරයක් වගේම තමයි, පිරිමියෙක්ගේ කන්‍යා භාවය ටක්කෙටම බලන්නත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් නැහැ කියලා කියන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය හැසිරීමෙන් අරකෙන් මේකෙන් මෙහෙම හරම කන්‍යාභාවය බලන්න පුලුවන් කියන සීන් තියෙනවා. ඒවත් නිරවද්‍ය නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. විශේෂයෙන්ම ලංකාවේ වුනත් ඉස්සර ඉඳන් තිබුණු අදහසක් තමයි “පිරිමියෙක් පිට ගිහින් ආවොත් නාවලා ගෙට ගන්න පුලුවන්, ඒත් ගෑණියෙක් ගෙයින් පිට ‍රැයක් හිටියොත් ආයෙමත් ගෙදරට වැද්දගන්න බෑ” කියන එක. මෙන්න මේකට නං අපිට කියන්න වෙන්නේ ආයෙමත් අර ගැහැණියක් ගැහැණු වීම නිසාම පහත් කොට සැලකීම කියන එක තමයි. නැත්තං මොකද, කෙල්ලෙක්ට එක නීතියකුයි, කොල්ලෙක්ට තව නීතියකුයි?
               මෙන්න මේ කාරණාවත් කන්‍යා භාවය එක්කම එන ගැටළුවක්. ඇත්තටම මේක ගැටළුවක් වෙන්නේ කාන්තාවන්ට. ගොඩක් දෙනෙක් හිතනවා කන්‍යා පටලය බිඳී යෑම කියන එක අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් කියලා. ගොඩක් කාන්තාවන් මේ “අතිශයින්ම වේදනාකාරී අත්දැකීම” මංගල රාත්‍රියේදී බලාපොරොත්තුවෙන් නොසන්සුන්ව ඉන්නවා කියන එක බොරු නෙවෙයිනේ. හැබැයි මේක සමහරුන්ට මානසික ගැටළුවක් තරමට දුර දිග යනවා. ඒ නිසාම විවාහයෙන් පසුවත් ලිංගික කර්තව්‍යයකට යොමු නොවෙන, ඒ නිසාම විවාහ ජීවිතයේ ගැටළු ඇතිවුණු පවුල් ඕන තරම් දකින්න ලැබෙනවා. හැබැයි වෛද්‍යවරුම කියන විදියට මෙතන තියෙනවා තව කතාවක්.
               කන්‍යා පටලය බිඳී යෑම එක්කෝ කිසිම වේදනාවක් නැති දෙයක්, එහෙමත් නැතිනම් ඉතාම සුළු වේදනාවක් ඇති දෙයක්. කලාතුරකින් කෙනෙක්ට ඒක ටිකක් වැඩි වේදනාවක් වෙන්න පුලුවන්. හැබැයි පළමු ලිංගික එක්වීම වේදනාකාරී වෙන්නේ කන්‍යා පටලය හින්දා නෙවෙයි. පළමු ලිංගික අත්දැකීම කියන එක පොඩ්ඩක් නොසන්සුන් අත්දැකීමක් නිසා ගැහැණිය ඒ වෙලාවට රිලැක්ස් නොවීම වෙන්න පුලුවන් දෙයක්. එතකොට ඇගේ යෝනි ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශීන් සංකෝචනය වෙලාම තිබීම, ඒ කියන්නේ ලිංගික සංසර්ගයට අවශ්‍ය කරන ශාරීරික ඉහිල් බව ඇති නොවීම නිසා සංසර්ගය අනිවා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මෙතනදී පිරිමියාටත් ලොකු වගකීමක් තියෙනවා වළං කඩේට පැන්න ගොනා වගේ හනිමූන් එකේ නොහැසිරෙන්න.
බොහොම ආදරයෙන්, ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සහකාරියව ලිංගික කර්තව්‍යය වෙත ගෙන යෑම, පූර්ව ලිංගික හැසිරීම් වැඩි වැඩියෙන් අනුගමනය කිරීම සහ අවශ්‍ය නම් ලිහිසි ද්‍රව්‍යයක් පවා යොදා ගැනීම මේ වගේ ප්‍රශ්න ඇතිවීම වළක්වන්න ගන්න කරන්න පුලුවන් පෙර සූදානම් වීම්.
                කන්‍යා භාවය බැලීම හෝ නොබැලීම කියන එකත් එක්ක එන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි තමන් විවාහ වෙන කාන්තාවගේ ‘පිවිතුරු භාවය’ මනින්නේ කොහොමද කියන එක. හරි, කෙනෙක්ට තමන්ගේ කාන්තාව පිවිතුරුද නැද්ද කියලා බලන්න ඕන නං ඒකට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එකක්, ඒකට හොඳම ක්‍රමය එකිනෙකාගේ අන්‍යෝන්‍ය විශ්වාසයත් එක්ක පදනම් වුණු අවංක සාකච්ඡාවකට යෑම. දෙවෙනි කාරණාව කාන්තාවකගෙන් පිවිතුරු භාවය බලාපොරොත්තු වෙන පිරිමියෙක්ට තමන්ගේ පිවිතුරුබව ගැනත් සැටිපිකේට් ගැරන්ටී එකක් දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැත්තං ඒක අසාධාරණයිනේ.
               අනෙක් කාරණාව තමයි ගැහැණු පිරිමි දෙකොටසම තම තමන්ගේ චරිතවත් භාවය කියන එක ගැන කන්‍යා භාවයට, කන්‍යා පටලයට එහා ගියපු පුළුල් දැක්මක් ඇතිකරගන්න ඕන කියන එක. කන්‍යා භාවයෙන් චරිතවත් බව හරි පතිවත හරි මනින්න එපා කියන එකෙන් කියන්නේ දකින දකින මනුස්සයා එක්ක සෙක්ස් කරන්න කියන එක නෙවෙයි. තමන් යම් අවස්ථාවක යම් කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යනවා නම් ඒ කෙනා සුවිශේෂී වෙන්න ඕන. ඒකනේ කාරණාව. දැන් එතනින් එහාට තමන්ගේ ලිංගික ජීවිතේ කොහොම හැඩගස්වගන්න ඕනද කියන එක ගැන මට ටියුෂන් දෙන්න බෑ. මොකද කෙනෙක් විවාහයට පෙර වුනත් ලිංගික ජීවිතේ සතුට තියෙන්න ඕන කියලා හිතනකොට තවත් කෙනෙක් කියයි මේ ධර්මද්වීපයේ ඒව හරියන්නෙ නෑ, කසාද බැඳලා ඕන එකක් කියලා.  තීරණේ තියෙන්නේ තමන් අතේ!
             දැන් මගෙන් අහන්න හිතෙනවා නේද ආචාර්යතුමා, ඔබතුමා පෙට්ටිය කැඩිච්ච කෙල්ලෙක් බඳින්න කැමතිද? වගේ එකක්...ඇත්ත ම කියනවා නම්,ඔය දරුවො  ඕනි එකක් හිතා ගන්න.

       ආචාර්යතුමා

Tuesday 9 October 2018



    බලන්න යනවානම්, මෙන්න ප්ලේස් එකක්.



 ආඬිගල රජමහා විහාරය



 අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.

මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.

ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.

ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්,  මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.

විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු.

ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය.

ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය.

මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.

පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය.

විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ

    ආචාර්යතුමා
                                                             
                                 
                          කුරාණය කියවමු.

සිංහල ජනතාව වන අපට බුද්ධධර්මය, ක්‍රිස්තියානිධර්මය, පිළිබඳව යම් තරමක් දුරට හෝ අවබෝධයක් තිබේ.එහෙත් සිතාබලන්න.මුස්ලිම්ධර්මය පිළිබඳව අපට ඇත්තේ කුමන ආකාරයක දැනුමක් ද? මෙම දැනුම ලබාගැනීම අපට වටින්නේය.කුමක් නිසා ද, අප රට තුළත් ලොව රටවල් අතරත් ආගමික වශයෙන් විවිධාකාර මත ගැටුම් පවතී.අනාවබෝධය යන කාරණාව ඊට බලපා ඇත්තේය.

මෙකී අනාවබෝධයෙන් ප්‍රයෝජන ගන්නෝ කවුරුන් ද? එය භාවිත කර වාසි සලසා ගනිමින් මිනිස් සංහතියට නිගාකරන්නා වූ සියල්ලෝය.මුසල්මානුවා යනු ම්ලේච්ඡ ආගමක් අදන්හන්නෙක් ය යන මතය අප සමාජය තුළ මුල් බැස ඇත.එහෙත් එහි සත්‍යාසත්‍යතාවය මෙතෙක් කල් අප විමසූයේ කෙසේ ද? එකිනෙකාගේ ප්‍රකාශ මත පිහිටා නොවේද අප සියලු තීරණ ගනු ලැබුයේ?

එහෙත් අපගේ විවේචන, එසේ නොවිය යුතුය.අප විසින් ම කරනු ලැබූ අධ්‍යනයකින් අනතුරුව එසේ විවේචන එල්ල කළ යුත්තේය.එහෙත් ඒවා ද හිත් රිදවීමට නොව, අඳුරෙන් ආලෝකයට යෑම සඳහා ය.සැබෑ ලෙස ම ආගමික සහජීවනයකින් යුක්තව ජීවත් වීමට නම්, අපට ඒ ඒ දහම පිළිබඳ ව අවබෝධය අවශ්‍යතාවයකී.

නොඑසේනම් එකිනෙකා දෙස වපර ඇසින් බලමින්, අලුයට ගිනිපුපුරු සඟවාගෙන විවිධ අවස්ථාවල දී කළකෝලහාල කරගැනීමට සූදානම් ව සිටිය යුතුය.මා විසින් මෙම වෑයම ගනු ලබන්නේ ආගමික සහජීවනයෙන් යුතු රටක ජීවත් වීමට අප සියලුදෙනාට ම හැකි වේවා යන උතුම් චේතනාව පෙරදැරි කරගෙන මිස වෙනත් අරමුණකින් නොවන බව කරුණාවෙන් සලකන්න.

මේ සඳහා මා විසින් අල්-කුරාණයේ සිංහල අනුවාදය අමුණනු ලබන්නේය.කියවා අවබෝධ කරගැනීම ඔබේ වගකීමක් වන අතර එය ඔබේ  අවධානයට යොමු කර වීම මගේ වගකීමක් යැයි මම සිතමී.

























ඉතිරි කොටස් මේ සම්බඳ ඊළඟ ලිපිය හා බැඳේ.




ආචාර්යතුමා





Bulgarian journalist killed after reporting on corruption





Bulgarian police are investigating the rape and slaying of a female television reporter whose body was dumped near the Danube River after she reported on the possible misuse of European Union funds in Bulgaria.

Authorities discovered the body of 30-year-old Viktoria Marinova on Saturday in the northern town of Ruse near the Romanian border. Police said she had been raped, beaten and strangled and her body was found in a park near the river.
Marinova was a director of TVN, a small TV station in Ruse, and a TV presenter for two investigative programs.
Journalists' groups and foreign officials expressed shock. Harlem Desir, the media freedom representative for the Organization for Security and Cooperation in Europe, demanded a "full and thorough investigation" of Marinova's slaying.

A Bulgarian investigative online media site went further, calling for an independent international inquiry and saying corruption could compromise an investigation by Bulgarian law enforcement.
Bulgarian Interior Minister Mladen Marinov insisted Monday there was no evidence to suggest the killing was linked to Marinova's work.
"It is about rape and murder," he said.
Chief Public Prosecutor Sotir Tsatsarov, on a trip to Ruse, said authorities had no new leads on a motive.
"At this stage, let's be careful, not because we don't have anything to say, but because every word uttered loosely could damage our work," he said.
Bulgarian police said they were considering all possible scenarios and examining both Marinova's personal and professional lives for leads.
Hundreds of Bulgarians turned out Monday night for vigils to honor Marinova. In Ruse, mourners, some tearful, placed candles, her portrait and roses— the national flower— at the foot of a monument.
In the Bulgarian capital of Sofia, mourners gathered outside a church. One participant, Kristina Petkov, said Bulgarians now had "zero" trust in authorities.
"Whatever results the investigation (into Marinova's death) shows, people won't believe them," she said.
Corruption is endemic in Bulgaria, a Balkan nation that joined the EU in 2007 and was ranked 71st on Transparency International's corruption list last year. Joining the bloc opened an enormous spigot of possible new EU funding for Bulgarian infrastructure projects or other programs designed to bring the nation up to EU standards — funds that were very attractive to both government officials and criminal networks.
Marinova's final show on Sept. 30 was a program about Attila Biro, an investigative journalist with the Rise Project Romania, and Dimitar Stoyanov from the Bulgarian investigative site Bivol.bg. The two men were briefly detained Sept. 13 south of Sofia as they investigated a tip that documents connected to suspected fraud involving EU funds were being destroyed.
Bivol.bg owner Assen Yordanov said he couldn't directly link Marinova's slaying to her work, but noted her show tackled "our very sensitive investigation into the misuse of EU funds."
"This is a topic on which no other Bulgarian national media dared to report on," he told The Associated Press. "To get to the truth, we are calling for an independent investigation.... we want independent European investigators to get involved because we believe the Bulgarian authorities are part of this country's criminal network."
Yordanov said his journalists were getting threats to their safety for reporting on government corruption.
Margaritis Schinas, spokesman for European Commission President Jean-Claude Juncker, said Monday the commission expected "a swift and thorough investigation .... that will bring those responsible to justice and clarify whether this attack was linked to her work."
He quoted Juncker as saying previously that "too many" journalists are being intimidated, attacked or murdered and "there is no democracy without a free press."
The German government also sharply condemned the slaying, with the Foreign Ministry saying it was imperative "that there's a fast investigation and that this horrible event will be illuminated as comprehensively as possible."
Sven Giegold, a German member of the Greens party in the European Parliament, said all of Europe should worry about Marinova's slaying.
"First Malta, then Slovakia, now Bulgaria. It is unacceptable that in Europe journalists are getting killed again," he said, referring to the slayings of two other investigative journalists in those EU countries.
United Nations Secretary-General Antonio Guterres is paying "very close attention" to "a very worrying increase" in violence against journalists, especially women journalists, spokesman Stephane Dujarric said. Guterres has raised the issue with U.N. member states privately and publicly, Dujarric said.
© The Associated Press A woman holds a candle next to a portrait of slain television reporter Viktoria Marinova during a vigil at the Liberty Monument in Ruse, Bulgaria, Monday, Oct. 8, 2018. Bulgarian police are investigating the rape, beating and slaying of a female television reporter whose body was dumped near the Danube River after she reported on the possible misuse of European Union funds in Bulgaria (AP Photo/Vadim Ghirda)
Maltese journalist Daphne Caruana Galizia , who investigated local government corruption, was killed in October 2017 by a car bomb. Slovak journalist Jan Kuciak was shot dead along with his fiancee in February after he reported on corrupt ties between Slovak officials and Italian mobsters. Kuciak's reporting and his slaying brought down the Slovak government.
In addition, Swedish journalist Kim Wall was tortured and murdered during a private submarine trip in August 2017. Danish submarine inventor Peter Madsen was convicted and sentenced to life in prison earlier this year.
ලංකාවේ පමණක් නොවේ සංවර්ධිතැයි කියන ඉහළ සමාජානුයෝජනයක් ඇතැයි කියන 
රටවල්වල පවා මාධ්‍යවේදියාගේ තත්ත්වය මේකයි.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරින් ය.


ආචාර්යතුමා