Tuesday 13 November 2018

උසස්පෙළ සිංහල පුරාතන ගද්‍ය ප්‍රශ්නාවලිය


පහත දැක්වෙන ඡේද සඳහා පිළිතුරු ලිවිමේ දී වර්තමාන සරල බසින් ලියන්න.

1. උන්ගේ එක ම පුතණු කෙනෙක් ඇත.ජීවිතය සේ ඉතා ප්‍රියයෝ ය.ඒ ප්‍රිය පුතණුවන්ට ආභරණයක් කරවන්නට සිතා කෙළගණන් සම්පත් ඇති තැනැත්තෝ නුගගස මහත් වත් නුගඵලය කුඩාවන්නා සේ සම්පත් මහත්වූවත් අදහස කුඩා බැවින් ආභරණ කර වන්නට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය.එසේ කලට නැතත් වීසාල් වියදම් වෙයි.නැවත කර්මාන්තය නිමවාදුන් කල මිලක් දිය යුතුය.එසේ කලට ආභරණ මෙන් හා කළ මිලයත් කැටිව බොහෝ වස්තූන් වියදම් වෙයි.දන්නා නොදන්නා තමා ම කරන කලට වියදම් වන දෙයක් නැත්තේ වේදැ’යි  බොහෝ සිතිවිලි සිතා තුමූ ම රත්රන් හැරගෙන අකුරු ලියන සේ නොදැන කෙනෙකුන් පත්වල හිරි හඳිනා සේ කුණ්ඩලාභරණ සේ තලා පියා දුන්හ.

  •  මෙහි සඳහන් පුතණු කවරෙක් ද ?
  •  මෙහි සඳහන් උපමාවක් උපුටා දක්වන්න.
  •  ‘බඩාල්’, ‘කුණ්ඩලාභරණ’ යන පදවල අර්ථය සරල බසින් ලියන්න.
  •  ‘උන්ගේ’, ‘කෙනෙක්’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
2. බිසොව තුන්වාරයක කැවුම් යවා කුසීතව “දරුවන් පැරදිපැරදී සේ මම කැවුම්තලි යවාගත නොහෙමී.ඉතිකින් ගෙයි කැවුම් නැතැයි”කියා යවුවාහුය.අනරුද්ධකුමාරයෝ “කැවුම් නැතැ”යි යවූ බස් අසා තමා උපන් තැන් පටන් නැත යන බසක් නොඇසූ විරූ හෙයින් නැතැයි යන බසෙහි අර්ථය නොදැන “නැති පූ” යයි යන පූ ජාතියක් ඇති වනැ”යි සිතා “එනැති පූ වහා එවන්නේය” යි කියා යවූවාහුය.මෑණියෝ එබස් අසා තමන් අතුරෙහි සිනාසී “මාගේ පුතණුවෝ තමන් ශ්‍රීමත්කුලෙහි උපන් හෙයිනුත්, මහපින් ඇති හෙයිනුත්, නැතැයි යන බසෙහි අර්ථ නොදනිතී.මපුතණුවන් මතු රාජ්‍ය කරන කල නැතැයි යන බසක් නොකියා රාජ්‍ය කළ නොහැක්කේ ම වේ ද, මපුතණුවන් නැතැයි යන බසෙහි අර්ථය උගන්වමී.” සිතාලා රන්තලියක් ශුද්ධ කරවාපියා, අනික් රන්තලියකින් වසාලා, “තෙලෙ නැති පූ මපුතණුවන්ට දෙව” යි කියා නිකම් තලිය යවූවාහුය.

  •  “නැති පූ වහා එවන්නේ” යයි යන ප්‍රකාශය කවරෙකු විසින් කරන ලද්දක් ද?
  •  එකී ප්‍රකාශය සම්බන්ධයෙන් මෑණියන්  කුමක් සිතුවේ ද ?
  •  ‘ශ්‍රීමත්’, ‘පැරදිපැරදි’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
  •  ‘කුසීතව’, ‘තෙලෙ නැති පූ’ යන පද සරල බසින් ලියන්න.
3. භික්ෂු කෙනෙකුන්වහන්සේ එක් ස්ත්‍රීයක කෙරේ ලෝභයෙන් උකටලීව වාසය කරන සේක.සර්වඥයන්වහන්සේ එපවත් දැන වදාරා, “සැබෑද මහණ, තා ස්ත්‍රීයක කෙරේ ලෝභයෙන් වාසය කරන්නේ දැ?” යි විචාල කල්හී, “සැබෑව ස්වාමිනී” යි දැන් වූ කල්හී “මේ ස්ත්‍රීය කෙරේ ලෝභ කළේ තොප දැන් මතු නොවෙයි.පළමුත් මූ තුමූ තොප අනර්ථ ව සිටියෝ වේ දැ” යි වදාරා, “ඒ කෙසේ දෑ” යි ආරාධිත වූ සර්වඥයන්වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.ඒ කෙසේද යත් : යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගන්ධාර දේශයෙහි තක්සලානුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට බ්‍රාහ්මණ කුමාරයෙක් ගොස් සියලු ශිල්ප ඉගෙන, ඉනුත් ධනු ශිල්පය නිමවා උගත.දිසාපාමොක් ආචාරී සමාධී ව බ්‍රාහ්මණකුමාරයන්ට “චුල්ලධනුර්ධර කුමාරයෝ” යි නම් තබා, තමන්ගේ වැඩිහිටි දුවණියන් පාවා දුන්හ.

  • මෙහි සඳහන් වර්තමාන කතාව කුමක් ද ?
  •  බ්‍රාහ්මණකුමරු කුමන ශිල්පයක් ප්‍රගුණ කොට අවසන් කළේ වී ද ?
  •  ‘උකටලී’, ‘අනර්ථ ව’ යන පද සරල බසින් ලියන්න.
  •  ‘විචාල’, ‘සමාධී ව’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
4. ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ මෑණියෝ අවුත්,තමන් දියණියන් මලස්න සුද්ධ නොකොට, මල් පිදූ බව දැක,“එම්බලචණ්ඩාල කෙල්ල,අත්‍යන්ත නිර්‍මල වූ බුදුරජාණන්වහන්සේට මලස්න නොසෝධා කුමක් පිණිස මල් පිදී ද ? තී කළේ කටයුත්තක් නොවෙ යි” කීහ.ඒ අසා කුමාරිකාවෝ මෑණියන්ට කිපී “චණ්ඩාල කෙලී නම් තෙපි ම ය”යි කියා, තමන් මෑණියන්ට බිණූහ.මෙසේ ඒ කුමාරිකාවෝ මෙපමණ කුසල් අකුසල් කොට, මෑත භාගයෙහි එයින් චුත ව, දඹදිව උත්තර මධුරා නම් නුවර වීණා ගායනා කරන එක්තරා චණ්ඩාල බ්‍රාහ්මණයෙක් හට දූ ට උපන්හ.

  •  මෙහි සඳහන් පරිදි මෑණියන්ගේ බිණුමට හේතුව කුමක් ද ?
  •  කුමාරිකාව කළ අකුසලය කුමක් ද ?
  •  ‘භාගයෙහි’, ‘උත්තර’ යන පද සරල බසින් දක්වන්න.
  •  ‘අත්‍යන්ත’,‘කිපී’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.

Thursday 8 November 2018

අ.පො.ස (උසස් පෙළ) පුරාතන ගද්‍ය

 මට්ටකුණ්ඩලී වස්තුව (සද්ධර්ම රත්නාවලිය)

තේමාව : පුද්ගල මසුරු බව හෙළි කිරීම

අනතර්ගතය : 

* අදින්නපුබ්බක බමුණාගේ චරිත ස්වභාවයx
* අදින්නපුබ්බක මට්ටකුණ්ඩලී සඳහා කුණ්ඩලාභරණ සෑදීමx
* මට්ටකුණ්ඩලී රෝගාතුර වීමx
* නිසි ප‍්‍රතිකාර නො ලැබීමෙන් මට්ටකුණ්ඩලී අසාධ්‍ය තත්ත්වයට පත් වීමx
* මට්ටකුණ්ඩලී ඇතු`ඵ ගෙයින් පිට කිරීමx
* බුදුරදුන්ගේ මහා කරුණාව හා මට්ටකුණ්ඩලී බුදුන් දැකීමx
* මට්ටකුණ්ඩලී සිත් පහදවා ගත් පිනෙන් දෙව්ලොව ඉපදීමx
* අදින්නපුබ්බක, පුතුගේ සිරුර දවා සොහොනෙහිි වැලපීමx
* මට්ටකුණ්ඩලී දෙව්පුතුගේ පැමිණීමx
* අදින්නපුබ්බක හා මට්ටකුණ්ඩලී දෙව්පුත් අතර සංවාදයx
* අදින්නපුබ්බක බුදුපාමොක් මහ ස`ගනට දන් දීමx
* අදින්නපුබ්බක සෝවාන් වීමx

 රසාස්වාදය හා විචාරය :

* තේමාවේ සනාතනික අගය
* කතා කලාවේ සුවිශේෂ ලක්ෂණ
* චරිත නිරූපණය
* වර්ණනා
* අවස්ථා නිරූපණය
* උපමා හා පිරු`ඵ භාවිතය
* භාෂාවේ සුවිශේෂ ලක්ෂණ
* කතු හිමියන්ගේ ජීවන දර්ශනය

ආචාර්යතුමා

බැද්දේගම නවකතාව විමසුම

බැද්දේගම නවකතාව විමසුම.


“ The novel “ Baddegama ” is a translation of the “ Villgae in the jungle ” written by the English writer Lenard Wolf. A. P. Gunarathne is the translator of this novel. The novel describes the historical reality of society in remote villages in Sri Lanka during the colonial rule. The writer has taken a good attempt in selecting the characters and incidents in suitable way in order to to achieve  the target of developing the story of the novel. The reality of the characters have caused to the success of the novel. ”
බැද්දේගම ‘ THE VILLAGE IN THE JUNGLE ’ නැමැති ඉංග‍්‍රිසි නවකතාවේ පරිවර්තනයකි. පරිවර්තනයක් වූව ද මුල් කෘතිය අබිබවා යන තරමට සාර්ථකතවයක් ළඟා කර ගත් නිර්මාණයකි. එයට හේතුව සෑම පරිවර්තන කෘතියක ම සෑහෙන තරම් ස්වතන්ත‍්‍රතාවක් තිබිය හැකි හෙයිනී. කිසියම් ලේඛකයෙකු විසින් සකස් කරන ලද නිර්මාණයක කල්පිත අදහස් තිබිය හැකිය. එම නිර්මාණකරුවාගේ අභිමතාර්ථ හා අනුභූතීන් මෙන් ම පුරුෂාර්ථ හඳුනාගන්නා පරිවර්තකයා ඉක්බිතිව එහි ප‍්‍රතිනිර්මාණයක් කරයි.පරිවර්තන බසෙහි ස්වතන්ත‍්‍ර ලක්ෂණ පළ කළ යුතු වනනේ මුල් කෘතියේ වූ අනුභූතීන්් පරිවර්තන කෘතියේ ද ඇති කිරීමෙනී.ඒ අතින් බැද්දේගම විශිෂ්ට කෘතියක් බවට පත් වන්නේ පරිවර්තන කාර්යයේ දී පරිවර්ථකයා විසින් අනුගමනය කරන ලද ක‍්‍රමෝපායන් හේතුවෙනී.ලාංකේය සමාජය පසබිුම් කර ගෙන ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියැවුණු කෘතීන් කිහිපයක් පරිවර්ථන දැකිය හැකිය. ඒ අතුරින් බැද්දේගම, වන සරණිය ආදි කෘති විශිෂ්ට ගණයේ නිර්මාණ ලෙස හ`දුනා ගත හැක. 
ස්වතන්ත‍්‍ර රචනයක න්‍යායෙන් රසතාවක් සහිතව එම පසුබිමට ම ගැලපෙන පරිදි පරිවර්තන කාර්ය සිදු කර ඇති හෙයින් මුල් කෘතියේ විෂය භූමිය, ගුරු අරුත් හා අත්දැකීම් එලෙස ම සිංහල පරිවර්තකයාට ද ග‍්‍රහණය කොට ගත හැකි වී ඇත. විශ්ව සාධාරණ මිණුම් දණ්ඩකින් නිර්මාණ සාහිත්‍යයෙහි අගය මනින්නටත් උසස් සාහිත්‍යය රුචියක් ඇති කරන්නටත් දේශීය සාහිත්‍යයේ අභිවර්ධනය උදෙසාත් පරිවර්තන සාහිත්‍යයෙන් ලැබෙන පිටුබලය සුළුපටුු නොවේ.දේශීය නිර්මාණයක ඇති ගුණාත්මකභාවය පරිවර්තනයක නැතැයි සිතුව ද නිර්මාණ කාර්යයෙහි ලා  විශිෂ්ටතාවට උපකාරී වන සාහිත්‍යාංගයක් ලෙස උපකාරී වන සාහති්‍යාංගයක් ලෙස පරිවර්තන සාහිත්‍යය අගය කළ හැක.ඒ ම`ගින් පාඨක රසඥතාව දියුණු කර ගැනීමට ද හැකියාවක් ලැබේ. බැද්දේගම නවකතාව පිළිබඳ ව විවිධ මතිමතාන්තර නිර්මාණය වී ඇගයීමට භාජනය වී ඇත්තේ එම කෘතියෙහි ඇති විශිෂ්ටතා කිහිපයක් හේතුවෙනී. ඉංග‍්‍රිසි බසින් ලියැවුණු මෙම කෘතිය පිළිබ`ද ව වූ මත අතර,      
” වුල්ෆ් මහතා අමරණීය කතාවක් ලියා තිබේ.ප‍්‍රබන්ධ කතාවන්ගෙන් සිදු විය හැකි සේවයට මෙය කදිම නිදසුනකී. ” යනුවෙන් ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ පළ වූ මතය ද සැලකිල්ලට ගත හැකිය.

යටත්විජිතවාදි පාලන තන්ත‍්‍රය යටතේ ශ‍්‍රී ලාංකේය නොදියුණු ගැමි සමාජය හා බැඳී පැවතුණු ඓතිහාසික සත්‍යය පසුබිම් කොට ගෙන ගොඩනඟන ලද කල්පිතයක් ලෙස බැද්දේගම නවකතාව හැඳින්විය හැකි ය.
ස්වකීය පරමාර්ථයන්ට අනුකූල වන සේ චරිත මෙන් ම සිද්ධි සංකලනය කරමින් ගොඩනඟාගත් කතා වින්‍යාසයක් මෙහි දක්නට ලැබේ. මනා තර්කානුකූල හේතු- ඵල සම්බන්ධතාවක් ඇති වන පරිදි සිද්ධි ගැලපීම හේතුවෙන් මතු කෙරෙන භව්‍ය ස්වභාවය පදනම් කර ගෙන කතාපුවත විශ්වසනීයත්වයෙන් ඉදිරිපත් වී ඇත.
 මෙම ලේඛකයා ස්වකීය අතදැකීම් වඩාත් ප‍්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු වන ආකාරයෙන් පුද්ගල, සමාජ හා සංස්කෘතික අංගයන් මනාව හඳුනාගෙන තිබේ. ඒ අනුව නවකතාකරුවා එකී සියලූ අංග වඩාත් කලාත්මක අන්දමින් සංයෝජනය කරයි.
නූගත් සාම්ප‍්‍රදායික ගැමි ජනතාව ඔවුන් පාලනය කිරීම සඳහා ඉදිරිපත් වන මුලාදෑනි පැලැන්තිය හා ගැමියන් උපයන සියල්ල සූරා කෑමට නගරයෙන් ගමට පැමිණෙන වෙළඳ බලවේගය යන අංශයන් අතර ඇති කෙරෙන ජීවන අරගලය මෙන් ම මෙකී පසුබිම නිසා ඇති වන ගැටලූකාරී තත්ත්වයන් විසඳීමට ඉදිරිපත් වන යටත්විජිත පාලන තන්ත‍්‍රයට රුකුල් දෙන නිලධාරීන් යන අංශ අතර ඇති වන විසංයෝගය සහ ප‍්‍රතිවිරෝධය නවකතාකරුවා අපූර්වත්වයකින් යුතු ව ප‍්‍රතිනිර්මාණය කොට ඇත.

බැද්දේගම නවකතාව තත්කාලීන යථාර්ථය නිරූපණය කෙරෙන සාර්ථක නවකතාවක් ලෙස විග‍්‍රහ කළ හැකි ය. ඒ මගින් නවකතාකරුවා අපේක්ෂා කළේ අධිරාජ්‍යවාදි පාලන ක‍්‍රමයෙහි පැවති දුර්වලතා අනාවරණය කිරීමටයි. ඒ සඳහා කතුවරයා පීඩනයට පත් ජන ජීවිතය විෂයයෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙළීමට යත්න දරයි. බැද්දේගම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බැද්දේ (කැලයේ ) පිහිටි පිටිසර ගමකි. ඒ බව නවකතාව ආරම්භයේ සිදු කරන පසුබිම් විස්තරයෙන් තහවුරු වෙයි.

‘‘මහ මුහුදටත්, කඳුවැටිවලටත් අතර පහතරට තැනිතලා ප‍්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. ඒ අවටින් වූයේ ඝන කැලෑවකි. මෙසේ කැලෑවට බැද්දට මැදි ව පිහිටි හෙයින් ඒ ගමට බැද්දේගම යන නම ඉබේම ඇති වූවකි. මහ මුහුදක් සේ පෙනුණු ගම වටා පිහිටි වන රොද නිසා ඈත උතුරෙන් වූ කඳුවැටි උස් වූ පඳුරු බිතක සිරිය ඉඳුරා පළ කළේ ය. උණුසුම් වාතය, දුුවිලි ද වියළී පොඩි වී ගිය දඬුපත් ද පිසගෙන ආ වනගඳ ගම පුරා පැතිර ගියේ ය.’’1

නවකතාකරුවා ඉතා අපූරු වර්ණනයක නිරත වෙමින් බැද්දේගම පිළිබඳ අප සිත්හි චිත්තරූප මැවීමට සමත් ව ඇත. එබඳු පරිසරයක පහිටිි බැදේදග්මට අධිරාජ්‍යවාදි පාලනයේ හස්තය කෙසේ දිගු වී ද,එකී හස්තය දිගු වූ පහළ ම පාලන ඒකකය ලෙස සැලකෙන මුලාදෑනි පැළැන්තිය කෙසේ ක‍්‍රියාත්මක වී ද? යන කරුණු ඉතා ගැඹුරු ලෙස විග‍්‍රහ කිරීමට නවකතාකරුවා අවස්ථාව සලසා ගනියි.

බැදේදග්ම නවකතාකරුවාගේ පරමාර්ථය වූයේ අධිරාජ්‍යවාදි පාලන ක‍්‍රමය ගමට ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් ගමක  විනාශය සිදු වූ ආකාරය විග‍්‍රහ කිරීමයි. ඒ සඳහා සුදුසුු කතාපුවතක් තෝරා ගැනීම නවකතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත.

බැදේදග්ම යථාර්ථවාදී නවකතාවකි. ජීවිත විවරණය අභිපේ‍්‍රත කර ගෙන සම්පාදනය කෙරෙන නවකතාවේ මූලික ලක්ෂණයක් වන යථාර්ථ නිරූපණය යන්නෙන් අදහස් වනුයේ මිනිස් ජීවිත යථාර්ථය සත්‍ය ලෙස අව්‍යාජ ව නිරූපණය කිරීමයි.

 මෙයින් අදහස් වනුයේ ජීවිතය ඇති සැටියෙන් ම හෙවත් තාත්වික ව නිරූපණය කිරීමට වඩා මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීම ය.


යථාර්ථ නිරූපණයෙහි ලා ලේඛකයා අතින් සිදු වන්නේ යථා තත්ත්වය පිළිබඳ ස්වකීය ප‍්‍රතික‍්‍රියා දැක්වීමයි යනුවෙන් වූ අදහස මගින් ද නවකතාවක යථාර්ථ නිරූපණය පිළිබඳ ව අවබෝධයක් ලබා ගත හැකි ය. යථාර්ථ නිරූපණය හා සම්බන්ධ ව පොදු ආකල්පයක් පැවතිය ද එය එක් එක් ලේඛකයා හා එක් එක් රටවල පවත්නා අදහස් අනුව වෙනස් විය හැකි ය. කෙසේ වුව ද බැද්දේගම යථාර්ථවාදි නවකතාවක් ලෙස විග‍්‍රහ කිරීමට සාධක පවතී. තත්කාලීන සමාජ යථාර්ථය ගැඹුරින් විග‍්‍රහ කිරීමේ දී නවකතාකරුවා එහි නිරූපිත චරිත, පරිසරය සමඟ ඓන්ද්‍රීය ව සම්බන්ධ කර ගනියි
නවකතාවේ ඇතුළත් චරිතj, ස්තර කිහිපයක් නියෝජනය කරයි පළමුවැන්න නම් ගමේ ජීවත් වන විවිධ දුර්වලකම් අන්ධ විශ්වාස සහ දැඩි ආත්මාර්ථය පරාර්ථය සත්භාවය අවංකත්වය ආදියෙන් සමන්විත ගැමි ජීවිතයයි මෙම ජීවිත ඉතා දුක්ඛිත තත්ත්වයකට පත් වූයේ අධිරාජ්‍යවාදීන්ගේ අ¥රදර්ශී අයහපත් පාලන ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ පාලකයන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙනි
බැද්දේගම ගම විනාශය කරා ගමන් කිරීමේ දී ක‍්‍රියාත්මක වූ ප‍්‍රධාන බලවේගය වූයේ අධිරාජ්‍යවාදි පාලන ඒකකයේ පහළ ම ස්තරය වූ ආරච්චිලගේ මැදිහත් වීමයි.ගැමි ජීවිත කතාන්තරයේ දී ඊළඟ ප‍්‍රධාන බලවේගය වූයේ වෙළඳ බලවේගය යි. ආරච්චිලගේ මඟ පෙන්වීම මත ගමට පැමිණි ප‍්‍රනාන්දු මුදලාලි ගමේ වූ එකමුතුකම විනාශ කරමින් ඔවුනොවුන් අතර අසමගිය වපුරවා විනාශයට මඟ පාදයි
තුන්වන බලවේගය ලෙස නවකතාකරුවා මතු කරන්නේ බි‍්‍රතාන්‍ය පාලනය සහ එකී පාලනය සඳහා සහාය දෙමින් නීතිය මෙහෙය වූ පුද්ගලයන් ය. දේශීය පාලන ක්ෂේත‍්‍රයෙහි ක‍්‍රියාත්මක වූ ආරච්චිල සහ රටේ මහත්තයා වැනි පුද්ගලයන්ට වඩා බැද්දේගම නූගත් ජනතාවගේ ප‍්‍රශ්න දෙස සානුකම්පිත දෘෂ්ටියක් හෙළීමට
මහේස්ත‍්‍රාත්වරයා සහ ප‍්‍රධාන නඩුකාරතුමා සමත් වීම මගින් තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල යථාර්ථය හෙළි වෙයි

නවකතාකරුවා බැද්දේගම නවකතාව මගින් තත්කාලීන සමාජ යථාර්ථය නිරූපණය කිරීමේ දී සොබාදහම නැමැති බලවේගය විසින් බැද්දේගම මිනිසුන්ගේ ජීවිතවලට සිදු කෙරෙන බලපෑම ද මතුවේ. අව්ව, වැස්ස, වසන්ගත නිසාත් ස්වභාවයෙන් ම නිර්මාණය වී ඇති ගම අවට වනය නිසාත් මෙම මිනිස් ජීවිත දැඩි සේ පීඩාවට පත් වෙයි. මෙම බලවේග හතරේ ක‍්‍රියාකාරීත්වය යථාර්ථවාදි ලෙස විවරණය කිරීමේ දී තත්කාලීන ලංකා සමාජය අපූර්ව ලෙස ප‍්‍රතිනිර්මාණය වී ඇත

පහත සඳහන් ප‍්‍රකාශයන්ගෙන්  ද මේ බව පැහැදිලි වේ

 ‘‘බැදේදග්ම වූ කලී ලංකාවේ ඈත කැලෑ පෙදෙසක පිහිටි ගමක මිනිසුන්ගේ ජීවිතය පැහැදිලි ලෙස ද තතත්වකාරයෙන් ද විස්තර කරන කතා ප‍්‍රවෘත්තියකී”3

ගැමි මිනිසුන්ගේ ජීවිතවල පවත්නා කටුකත්වය සමාජය ඉදිරියේ මතුවන්නේ ඉතා කලාතුරකිනි. නිර්මාණ මගින් ඇතැම් විට කලාකරුවා පවා මතු කරන්නේ සැබෑ යථාර්ථය ම නොවේ එහෙත් බැද්දේගම නිර්මාණකරුවා ඉංග‍්‍රිසි ජාතිකයකු වුව ද එකී ජීවිත යථාර්ථය මෙන් ම සමාජ යථාර්ථය ද තත්ත්වාකාරයෙන් හඳුනා ගැනීමට සමත් වෙයි. හම්බන්තොට ප‍්‍රදේශයේ පිහිටි ඈත පිටිසර ගමක මිනිසුන්ගේ ජීවිත ඒ සඳහා තෝරා ගන්නේ එහෙයිනි
ලෙනාඞ් වුල්ෆ් විසින් මෙම කෘතිය නිර්මාණයෙහිලා යොදා ගන්නා ලද ක‍්‍රමෝපායයන්ට වඩා පරිවර්තන කාර්යයේ දී පරිවර්තකයා කතුවරයාට පසුබිම් වූ සමාජය විෂයයෙහි සවිඥානක වන අයුරු සිත්ගන්නා සුලූ ය

මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ ලංකාවේ ජන ජීවිතය පිළිබඳ ව විදේශිකයකු විසින් හෙළන ලද දෘෂ්ටිය යි කෘතිය පරිවර්තනයේ දී පරිවර්තකයාට ලේඛකයා හා භාෂාව විජාතික වුව ද කෘතියේ නිරූපිත සමාජය, චරිත, සිද්ධි ආදිය ස්වකීය දේශය සමාජය හා සංස්කෘතිය සමඟ බද්ධ වීම වැදගත් සාධකයකි.එබැවින් පරිවර්තකයාට කෘතියේ නිරීක්ෂකයා ස්පර්ෂ කළ තැන් පහසුවෙන් හසු කර ගැනීමට හැකි ව තිබේ
මෙම කෘතියෙහි පරිවර්තන ස්වරූපය පිළිබඳ කෘතියෙහි පෙරවදනේ අදහස් දක්වන මහාචාර්ය සරච්චන්ද්‍රයන් 
”ගුණරත්න මහතා විසින් ව්‍යවහාර කරන ලද මටසිලිටු වාග්මාලාව වනාහි මේ නවකතාවෙහි ස්වභාවිකත්වයට අතිශයින් තුඩු දෙන්නකි ඔහු විසින් උපයෝගී කොට ගෙන තිබෙන සරල ඍජු අලංකාර රචනා විලාසය වනාහි මුල් කතාවෙහි තාත්වික රස සමූහය උද්වහනය කිරීමෙහි ලා සමත්කම් දක්වන බව මුල් කෘතිය සසඳන්නෙකුට පෙනී යනු නිසැක ය”4 යනුවෙන් සඳහන් කරයි

උචිත අවස්ථා හා සිද්ධි පමණක් තෝරා ගැනීමෙහි ලා නවකතාකරුවා දක්වන අපූර්ව කුසලතාව සිත් ගන්නා සුලූ ය

විවිධ සංකීර්ණ කථා ලක්ෂණ සම`ග බද්ධ කොට ප‍්‍රථමපුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණයෙන් කතාව ඉදිරිපත් කර තිබේ

මෙම කතාව ගොඩනැගීමේ දී නවකතාකරුවා ගොඩනගන සංවාද මෙන් ම විඥානධාරා ආදිය කතා රසය තීව‍්‍ර කිරීමට සමත් වෙයි. සංකේත අන් කිසි`දුි උපක‍්‍රමයකටත් නොදෙවෙනි වන ආකාරයෙන් යොදා ගැනීම ම`ගින් ධ්වනිපූර්ණ ගුණයක් කතාවට ප‍්‍රවේශ වී ඇත. උදාහරණ වශයෙන් බබෙහාමි ආරච්චිල මරාදැමීමේ චේතනාව සඟවාගත් සිළිඳු ඔහු පිටුපසින් හේනට යන අවස්ථාව දැක්විය හැකිය

මී හරකා හරිම මෝඩයි නැද්ද ආරච්චි, ඌ හරියට ම මෝඩයි ඌට පෙනෙන්නෙ නෑ ඌට ඇහෙන්නෙ නෑ ඌ ඔහේ මඬේ ලැගල ඉන්නවා මිනිස්සු අවුරුද්දක් ගානෙ ඌ පස්සෙන් එළවනවා අවුරුද්දෙන් අවුරුද්දට ඒත් ඌ දන්නෙ නෑ. ඌට ඇහෙන්නෙ නෑ. ඌට පෙනෙන්නෙ නෑ. උඹ ඒ වග දන්නව ද? මං ඒ වග දන්නවා. මම දඩයක්කාරයෙක් ඉතිං ඉතිං ඌට ළං වෙලා වෙඩි තියනවා ඒ මේ හරියෙ ඉස්සර වෙලා ම ඩෝං ගාලා සද්දයක් ඇහුණා ඌ කැලේ බිඳගෙන ගියා උගේ ඇගේ ලේ පෙරි පෙරී ඌ බයයි හොඳට ම බයයි ඌට තද වේදනාවයි වේදනාවෙන් උගෙ කේන්තිය ඇවිස්සුණා කේන්තියෙන් ආරච්චි ඌත් කපටියෙක් වුණා5


මෙහි දී කතුවරයා යොදා ගෙන ඇති මී හරකා සිළිඳුගේ ප‍්‍රවේගකාරී යටිසිත පිළිබඳ මනා සංකේතයකි.
මෙම අවස්ථා නිරූපණය හා බැඳුණු බස් වහර, චරිත, සිද්ධි, අවස්ථා හා මනෝභාව ආදිය සමඟ මනාව බද්ධ ව ප‍්‍රකාශන ස්වරූප ප‍්‍රබල වී ඇත. එසේ ම තාත්වික නිරූපණයට වඩාත් සුදුසු භාෂාවක් පරිහරණය කිරීම හේතුවෙන් කතා රසය වර්ධනය වී ඇත. සෑම අවස්ථාවක දී ම කතාපුවතට ගෝචර වන ආකාරයේ කතා කලාවක් නිර්මාණය කර ගැනීම ද මෙම කෘතියෙහි ඇති විශේෂත්වයකි. එකී කතා කලාවට ගැලපෙන පරිදි ශිල්පධර්ම කලාත්මක සංයමයකින් යුතු ව පරිහරණය කිරීමට කතුවරයා වගබලාගෙන ඇත.
මෙම නවකතාවේ නවකතා කරුවා උසාවියේ දී සිදු වූ සිද්ධි නිරූපණ මගින් ගැමියාට නොතේරෙන බසකින් ඉටු වන සාධාරණය පවා එම නූගත් ජනතාවට අර්ථවත් නොවන බව අනාවරණය කරයි. සොබාදහම විසින් බැද්දේගම මිනිසුන්ගේ ජීවිතවලට ඇති කෙරෙන බලපෑම හේතුවෙන් මෙම මිනිසුන්ගේ ජිවිත අගාදයට පත් වූ ආකාරය නවකතාකරුවා නිරූපණය කරන සෑම පරිසර වර්ණනයකින් වූව ද පැහැදිලි වේ.

‘‘ගම වනයෙන් ම පටෙන් ගැනී වනයෙන් ම කෙළවර වෙූය් ය. වනය ගම වට කර ගෙන ගමට ඉහළින් ද වැඩෙමින් ගම තදබද කර ගෙන සිටියේ්ය. ගෙමිදුල් හා එළිමහන් තැන් අකුල් කරගෙන මැටි ගෙවල් මිරිකාගෙන මංපෙත් අහුරා ගෙන වනය හාත්පසින් ම වැඩුණේය. ගම සම්පූර්ණයෙන් ම වන බත් වීම වලක්වා ගත හැකි වූයේ අවුරුදු පතා කැති පොරෝවලන් පහර දී පහත් කර දැමීමෙනි.’’6
 නවකතාව වනාහි මනා ජීවිත විවරණයකි. එකී ජීවිත විවරණය සාර්ථක වීම සඳහා බලපාන මුඛ්‍ය අංගයක් වන්නේ, නවකතාවේ ඇතුළත් චරිතවල කි‍්‍රයාකාරීත්වයයි.

බැද්දේගම නවකතාවේ ඇතුළත් චරිත එහි ක‍්‍රියාකාරිත්වය සඳහා ප‍්‍රබල සාධකයක් වී ඇත.

මෙම නවකතාවේ කතා නායකයා ලෙස නිරූපණය වන්නේ සිළිඳු ය. ඔහු සියලූ බලවේගයන්ට නිහඬ ව මුහුණ දෙන පුද්ගලයා ය. ඔහු මෝඩයෙකු ලෙස සමස්ත නවකතාව පුරාම නිරූපණය වුව ද නවකතාව අගභාගයේ දී කතුවරයා ඔහුගේ යථාස්වභාවය පාඨකයාට හඳුනා ගැනීමට ඉඩ සලස්වයි.

සෙසු චරිත නිරූපණයෙහි ලා කතුවරයා අනුගමනය කරන්නේ මධ්‍යස්ථ පරීක්ෂකයකුගේ ස්වභාවයයි.

 ඔහු සියලූ චරිතයන්හි ක‍්‍රියාකාරීත්වය මැන බලා ඒ ඒ අයගේ ජීවිත ස්වභාවයන් තුලනය කිරීමට අවකාශය සලසා ගනියි.

 නවකතාවේ ප‍්‍රධාන ම කාර්ය වනාහි චරිත නිරූපණයයි, යන්න පසක් කරන නවකතාකරුවා එහි සමාජ, සංස්කෘතික බලවේග සියල්ල එක ම තලයකට රැුගෙන එන්නේ, චරිතයන්හී කි‍්‍රයාකාරිත්වය සමඟ ය.

එසේ ම නවකතාවේ සාර්ථකත්වය සඳහා එහි භාවිත බස්වහර ද සෘජු බලපෑමක් සිදු කරයි.

මෙහි ඇතුළත් බස තත්කාලීන ගැමි වහරට වඩාත් සමීප ය. එය පරිසර වර්ණනා හා අවස්ථා නිරූපණ මෙන් ම පුද්ගල චරිතවල ස්වභාවය සමග ද මනාව බද්ධ වේ. පොදුවේ ගත් කල, තත්කාලීන ලාංකේය ජන ජීවිතයෙහි වූ කටුකත්වය, දේශපාලන යථාර්ථය මෙන් ම, ජීවිත යථාර්ථය ද, බැද්දේගම නවකතාව මඟින් මනාව නිරූපණය වේ.




Wednesday 7 November 2018

බැද්දේගම නවකතාව විමසුම.




neoafoa.u kjl;dj úuiqu'



“ The novel “ Baddegama ” is a translation of the “ Villgae in the jungle ” written by the English writer Lenard Wolf. A. P. Gunarathne is the translator of this novel. The novel describes the historical reality of society in remote villages in Sri Lanka during the colonial rule. The writer has taken a good attempt in selecting the characters and incidents in suitable way in order to to achieve  the target of developing the story of the novel. The reality of the characters have caused to the success of the novel. ”

neoafoa.u z The Village in the Jungle Z keue;s bx.%sis kjl;dfõ mßj¾;khls' mßj¾;khla jQj o uq,a lD;sh wìnjd hk ;rug id¾:l;jhla <Õd lr .;a ks¾udKhls' thg fya;=j iEu mßj¾;k lD;shl u iEfyk ;rï iaj;ka;%;djla ;sìh yels fyhskS' lsishï f,aLlfhl= úiska ilia lrk ,o ks¾udKhl l,ams; woyia ;sìh yelsh' tu ks¾udKlrejdf.a wNsu;d¾: yd wkqN+;Ska fuka u mqreId¾: y÷kd.kakd mßj¾;lhd blaì;sj tys m%;sks¾udKhla lrhs'mßj¾;k nfiys iaj;ka;% ,laIK m< l< hq;= jkfka uq,a lD;sfha jQ wkqN+;Skaa mßj¾;k lD;sfha o we;s lsÍfukS'ta w;ska neoafoa.u úYsIag lD;shla njg m;a jkafka mßj¾;k ld¾hfha § mßj¾:lhd úiska wkq.ukh lrk ,o l%fudamdhka fya;=fjkS',dxflah iudch miìqï lr f.k bx.%Sis NdIdfjka ,shejqKq lD;Ska lsysmhla mßj¾:k ±lsh yelsh' ta w;=ßka neoafoa.u" jk irKsh wdÈ lD;s úYsIag .Kfha ks¾udK f,i y`ÿkd .; yel'

iaj;ka;% rpkhl kHdfhka ri;djla iys;j tu miqìug u .e,fmk mßÈ mßj¾;k ld¾h isÿ lr we;s fyhska uq,a lD;sfha úIh N+ñh" .=re wre;a yd w;a±lSï tf,i u isxy, mßj¾;lhdg o .%yKh fldg .; yels ù we;' úYaj idOdrK ñKqï oKavlska ks¾udK idys;Hfhys w.h ukskakg;a Wiia idys;Hh reÑhla we;s lrkakg;a foaYSh idys;Hfha wNsj¾Okh Wfoid;a mßj¾;k idys;Hfhka ,efnk msgqn,h iq¿mgqq fkdfõ'foaYSh ks¾udKhl we;s .=Kd;aulNdjh mßj¾;khl ke;ehs is;=j o ks¾udK ld¾hfhys ,d  úYsIag;djg WmldÍ jk idys;Hdx.hla f,i WmldÍ jk idy;sHdx.hla f,i mßj¾;k idys;Hh w.h l< yel'ta u`.ska mdGl ri{;dj ÈhqKq lr .ekSug o yelshdjla ,efí' neoafoa.u kjl;dj ms<sn| j úúO u;su;dka;r ks¾udKh ù we.hSug Ndckh ù we;af;a tu lD;sfhys we;s úYsIag;d lsysmhla fya;=fjkS' bx.%sis niska ,shejqKq fuu lD;sh ms<sn`o j jQ u; w;r"      

— jq,a*a uy;d wurKSh l;djla ,shd ;sfí'm%nkaO l;djkaf.ka isÿ úh yels fiajhg fuh lÈu ksoiqklS' ˜ hkqfjka ,kavka ghsïia mqj;amf;a m< jQ u;h o ie,ls,a,g .; yelsh'
hg;aúð;jdÈ md,k ;ka;%h hgf;a Y%S ,dxflah fkdÈhqKq .eñ iudch yd ne£ mej;=Kq ft;sydisl i;Hh miqìï fldg f.k f.dvkÕk ,o l,ams;hla f,i neoafoa.u kjl;dj ye¢kaúh yels h'
 iajlSh mrud¾:hkag wkql+, jk fia pß; fuka u isoaê ixl,kh lrñka f.dvkÕd.;a l;d úkHdihla fuys olakg ,efí' ukd ;¾ldkql+, fya;=- M, iïnkaO;djla we;s jk mßÈ isoaê .e,mSu fya;=fjka u;= flfrk NjH iajNdjh mokï lr f.k l;dmqj; úYajikSh;ajfhka bÈßm;a ù we;'
 fuu f,aLlhd iajlSh w;±lSï jvd;a m%n, f,i bÈßm;a lsÍug iqÿiq jk wdldrfhka mqoa.," iudc yd ixialD;sl wx.hka ukdj y÷kdf.k ;sfí' ta wkqj kjl;dlrejd tlS ish¨ wx. jvd;a l,d;aul wkaoñka ixfhdackh lrhs'
kQ.;a idïm%odhsl .eñ ck;dj Tjqka md,kh lsÍu i|yd bÈßm;a jk uq,doEks me,eka;sh yd .eñhka Wmhk ish,a, iQrd lEug k.rfhka .ug meñfKk fj<| n,fõ.h hk wxYhka w;r we;s flfrk Ôjk wr.,h fuka u fulS miqìu ksid we;s jk .eg¨ldÍ ;;a;ajhka úi£ug bÈßm;a jk hg;aúð; md,k ;ka;%hg rel=,a fok ks,OdÍka hk wxY w;r we;s jk úixfhda.h iy m%;súfrdaOh kjl;dlrejd wmQ¾j;ajhlska hq;= j m%;sks¾udKh fldg we;'
neoafoa.u kjl;dj ;;ald,Sk h:d¾:h ksrEmKh flfrk id¾:l kjl;djla f,i ú.%y l< yels h' ta u.ska kjl;dlrejd wfmalaId lf<a wêrdcHjdÈ md,k l%ufhys mej;s ÿ¾j,;d wkdjrKh lsÍughs' ta i|yd l;=jrhd mSvkhg m;a ck Ôú;h úIhfhys idkqlïms; oDIaáhla fy<Sug h;ak orhs' neoafoa.u jpkfha mßiudma; w¾:fhka u neoafoa ^le,fha& msysá msáir .uls' ta nj kjl;dj wdrïNfha isÿ lrk miqìï úia;rfhka ;yjqre fjhs'
zzuy uqyqog;a" l÷jeáj,g;a w;r my;rg ;eks;,d m%foaYhl msysá .uls neoafoa.u' ta wjáka jQfha >k le,Ejls' fufia le,Ejg neoaog ueÈ j msysá fyhska ta .ug neoafoa.u hk ku bfíu we;s jQjls' uy uqyqola fia fmkqKq .u jgd msysá jk frdo ksid wE; W;=frka jQ l÷jeá Wia jQ m÷re ì;l isßh b÷rd m< lf<a h' WKqiqï jd;h o ¥ú,s o úh<S fmdä ù .sh o~qm;a o msif.k wd jk.| .u mqrd me;sr .sfha h'ZZ1
kjl;dlrejd b;d wmQre j¾Kkhl ksr; fjñka neoafoa.u ms<sn| wm is;ays Ñ;a;rEm ueùug iu;a j we;' tn÷ mßirhl mysás neofao.aug wêrdcHjdÈ md,kfha yia;h flfia È.= ù o"tlS yia;h È.= jQ my< u md,k tallh f,i ie,flk uq,doEks me<eka;sh flfia l%shd;aul ù o@ hk lreKq b;d .eUqre f,i ú.%y lsÍug kjl;dlrejd wjia:dj i,id .kshs'
neofao.au kjl;dlrejdf.a mrud¾:h jQfha wêrdcHjdÈ md,k l%uh .ug l%shd;aul fkdùu fya;=fjka .ul  úkdYh isÿ jQ wdldrh ú.%y lsÍuhs' ta i|yd iqÿiqq l;dmqj;la f;dard .ekSu kjl;dfõ id¾:l;ajhg fya;= ù we;'
neofao.au h:d¾:jd§ kjl;djls' Ôú; újrKh wNsfm%a; lr f.k iïmdokh flfrk kjl;dfõ uQ,sl ,laIKhla jk h:d¾: ksrEmKh hkafkka woyia jkqfha ñksia Ôú; h:d¾:h i;H f,i wjHdc j ksrEmKh lsÍuhs' fuhska woyia jkqfha Ôú;h we;s ieáfhka u fyj;a ;d;aúl j ksrEmKh lsÍug jvd ñksia Ôú;fha h:d w¾:h fyj;a kshu w¾:h ksrEmKh lsÍu h'
h:d¾: ksrEmKfhys ,d f,aLlhd w;ska isÿ jkafka h:d ;;a;ajh ms<sn| iajlSh m%;sl%shd ±laùuhs¡ hkqfjka jQ woyi u.ska o kjl;djl h:d¾: ksrEmKh ms<sn| j wjfndaOhla ,nd .; yels h' h:d¾: ksrEmKh yd iïnkaO j fmdÿ wdl,amhla mej;sh o th tla tla f,aLlhd yd tla tla rgj, mj;akd woyia wkqj fjkia úh yels h' flfia jqj o neoafoa.u h:d¾:jdÈ kjl;djla f,i ú.%y lsÍug idOl mj;S' ;;ald,Sk iudc h:d¾:h .eUqßka ú.%y lsÍfï § kjl;dlrejd tys ksrEms; pß;" mßirh iuÕ ftkaøSh j iïnkaO lr .kshs'
kjl;dfõ we;=<;a pß;" ia;r lsysmhla ksfhdackh lrhs' m<uqjekak kï .fï Ôj;a jk úúO ÿ¾j,lï" wkaO úYajdi iy ±ä wd;aud¾:h" mrd¾:h" i;aNdjh" wjxl;ajh wdosfhka iukaú; .eñ Ôú;hhs' fuu Ôú; b;d ÿlaÅ; ;;a;ajhlg m;a jQfha wêrdcHjd§kaf.a w¥ro¾YS whym;a md,k l%uh l%shd;aul l< md,lhkaf.a l%shdl,dmh fya;=fjks'
neoafoa.u .u úkdYh lrd .uka lsÍfï § l%shd;aul jQ m%Odk n,fõ.h jQfha wêrdcHjdÈ md,k tallfha my< u ia;rh jQ wdrÉÑ,f.a ueÈy;a ùuhs'.eñ Ôú; l;dka;rfha § B<Õ m%Odk n,fõ.h jQfha fj<| n,fõ.h hs' wdrÉÑ,f.a uÕ fmkaùu u; .ug meñKs m%kdkaÿ uqo,d,s .fï jQ tluq;=lu úkdY lrñka Tjqfkdjqka w;r wiu.sh jmqrjd úkdYhg uÕ mdohs'
;=kajk n,fõ.h f,i kjl;dlrejd u;= lrkafka ì%;dkH md,kh iy tlS md,kh i|yd iydh foñka kS;sh fufyh jQ mqoa.,hka h' foaYSh md,k lafIa;%fhys l%shd;aul jQ wdrÉÑ, iy rfÜ uy;a;hd jeks mqoa.,hkag jvd neoafoa.u kQ.;a ck;djf.a m%Yak foi idkqlïms; oDIaáhla fy<Sug ufyaia;%d;ajrhd iy m%Odk kvqldr;=ud iu;a ùu u.ska ;;ald,Sk iudc h:d¾:h yd mqoa., h:d¾:h fy<s fjhs'
kjl;dlrejd neoafoa.u kjl;dj u.ska ;;ald,Sk iudc h:d¾:h ksrEmKh lsÍfï § fidndoyu keue;s n,fõ.h úiska neoafoa.u ñksiqkaf.a Ôú;j,g isÿ flfrk n,mEu o u;=fõ' wõj" jeiai" jika.; ksid;a iajNdjfhka u ks¾udKh ù we;s .u wjg jkh ksid;a fuu ñksia Ôú; oeä fia mSvdjg m;a fjhs' fuu n,fõ. y;f¾ l%shdldÍ;ajh h:d¾:jdÈ f,i újrKh lsÍfï § ;;ald,Sk ,xld iudch wmQ¾j f,i m%;sks¾udKh ù we;'
my; i|yka m%ldYhkaf.ka  o fï nj meyeÈ,s fõ'
 zzneofao.au jQ l,S ,xldfõ wE; le,E fmfoil msysá .ul ñksiqkaf.a Ôú;h meyeÈ,s f,i o ;;;ajldrfhka o úia;r lrk l;d m%jD;a;shlS'˜3
.eñ ñksiqkaf.a Ôú;j, mj;akd lgql;ajh iudch bÈßfha u;=jkafka b;d l,d;=rlsks' ks¾udK u.ska we;eï úg l,dlrejd mjd u;= lrkafka ienE h:d¾:h u fkdfõ' tfy;a neoafoa.u ks¾udKlrejd bx.%sis cd;slhl= jqj o tlS Ôú; h:d¾:h fuka u iudc h:d¾:h o ;;a;ajdldrfhka y÷kd .ekSug iu;a fjhs' yïnkaf;dg m%foaYfha msysá wE; msáir .ul ñksiqkaf.a Ôú; ta i|yd f;dard .kafka tfyhsks'
f,kdâ jq,a*a úiska fuu lD;sh ks¾udKfhys,d fhdod .kakd ,o l%fudamdhhkag jvd mßj¾;k ld¾hfha § mßj¾;lhd l;=jrhdg miqìï jQ iudch úIhfhys iú{dkl jk whqre is;a.kakd iq¨ h'
fuu lD;sfhys úfYaI;ajh jkafka ,xldfõ ck Ôú;h ms<sn| j úfoaYslhl= úiska fy<k ,o oDIaáh hs' lD;sh mßj¾;kfha § mßj¾;lhdg f,aLlhd yd NdIdj úcd;sl jqj o lD;sfha ksrEms; iudch" pß;" isoaê wdÈh iajlSh foaYh iudch yd ixialD;sh iuÕ noaO ùu jeo.;a idOlhls'tneúka mßj¾;lhdg lD;sfha ksÍlaIlhd iam¾I l< ;eka myiqfjka yiq lr .ekSug yels j ;sfí'
fuu lD;sfhys mßj¾;k iajrEmh ms<sn| lD;sfhys fmrjofka woyia olajk uydpd¾h irÉpkaøhka —.=Kr;ak uy;d úiska jHjydr lrk ,o ugis,sgq jd.aud,dj jkdys fï kjl;dfjys iajNdúl;ajhg w;sYhska ;=vq fokakls' Tyq úiska Wmfhda.S fldg f.k ;sfnk ir," Rcq" w,xldr rpkd ú,dih jkdys uq,a l;dfjys ;d;aúl ri iuQyh Woajykh lsÍfuys ,d iu;alï olajk nj uq,a lD;sh ii|kafkl=g fmkS hkq ksiel h'˜4 hkqfjka i|yka lrhs'
WÑ; wjia:d yd isoaê muKla f;dard .ekSfuys ,d kjl;dlrejd olajk wmQ¾j l=i,;dj is;a .kakd iq¨ h' 
úúO ixlS¾K l:d ,laIK iu`. noaO fldg m%:umqreI i¾jfõ§ oDIaáfldaKfhka l;dj bÈßm;a lr ;sfí'
fuu l;dj f.dvke.Sfï § kjl;dlrejd f.dvk.k ixjdo fuka u ú{dkOdrd wdÈh l;d rih ;Sj% lsÍug iu;a fjhs' ixfla; wka lsis`ÿs Wml%uhlg;a fkdfofjks jk wdldrfhka fhdod .ekSu u`.ska èjksmQ¾K .=Khla l;djg m%fõY ù we;' WodyrK jYfhka nfnydñ wdrÉÑ, urd±ófï fÉ;kdj iÕjd.;a is<s÷ Tyq msgqmiska fyakg hk wjia:dj ±laúh yelsh'
zzó yrld yßu fudavhs' keoao wdrÉÑ W! yßhg u fudavhs' W!g fmfkkafk kE' W!g wefykafk kE' W! Tfya ufâ ,e., bkakjd' ñksiaiq wjqreoaola .dfk W! miafika t<jkjd' wjqreoafoka wjqreoaog' ta;a W! okafk kE' W!g wefykafk kE' W!g fmfkkafk kE' WU ta j. okakj o@ ux ta j. okakjd' uu ovhlaldrfhla' b;sx b;sx W!g <x fj,d fjä ;shkjd' ta fï yßfh biair fj,d u fvdax .d,d ioaohla weyqKd' W! lef,a ì|f.k .shd' Wf.a wef.a f,a fmß fmÍ' W! nhhs' fyd|g u nhhs' W!g ;o fõokdjhs' fõokdfjka Wf. flaka;sh weúiaiqKd' flaka;sfhka wdrÉÑ W!;a lmáfhla jqKd'ZZ5
fuys § l;=jrhd fhdod f.k we;s ó yrld is<s÷f.a m%fõ.ldÍ háis; ms<sn| ukd ixfla;hls'
fuu wjia:d ksrEmKh yd ne÷Kq nia jyr" pß;" isoaê" wjia:d yd ufkdaNdj wdÈh iuÕ ukdj noaO j m%ldYk iajrEm m%n, ù we;' tfia u ;d;aúl ksrEmKhg jvd;a iqÿiq NdIdjla mßyrKh lsÍu fya;=fjka l;d rih j¾Okh ù we;' iEu wjia:djl § u l;dmqj;g f.dapr jk wdldrfha l;d l,djla ks¾udKh lr .ekSu o fuu lD;sfhys we;s úfYaI;ajhls' tlS l;d l,djg .e,fmk mßÈ Ys,amO¾u l,d;aul ixhuhlska hq;= j mßyrKh lsÍug l;=jrhd j.n,df.k we;'
fuu kjl;dfõ kjl;d lrejd Widúfha § isÿ jQ isoaê ksrEmK u.ska .eñhdg fkdf;afrk nilska bgq jk idOdrKh mjd tu kQ.;a ck;djg w¾:j;a fkdjk nj wkdjrKh lrhs' fidndoyu úiska neoafoa.u ñksiqkaf.a Ôú;j,g we;s flfrk n,mEu fya;=fjka fuu ñksiqkaf.a ðú; w.dohg m;a jQ wdldrh kjl;dlrejd ksrEmKh lrk iEu mßir j¾Kkhlska jQj o meyeÈ,s fõ'
zz.u jkfhka u mfgka .ekS jkfhka u fl<jr jfQha h' jkh .u jg lr f.k .ug by<ska o jefvñka .u ;ono lr f.k isáfhaah' f.ñÿ,a yd t<suyka ;eka wl=,a lrf.k ueá f.j,a ñßldf.k uxfm;a wyqrd f.k jkh yd;amiska u jevqfKah' .u iïmQ¾Kfhka u jk n;a ùu j,lajd .; yels jQfha wjqreÿ m;d le;s fmdfrdaj,ka myr § my;a lr ±ófuks'ZZ6
kjl;dj jkdys ukd Ôú; újrKhls' tlS Ôú; újrKh id¾:l ùu i|yd n,mdk uqLH wx.hla jkafka" kjl;dfõ we;=<;a pß;j, ls%hdldÍ;ajhhs'neoafoa.u kjl;dfõ we;=<;a pß; tys l%shdldß;ajh i|yd m%n, idOlhla ù we;' fuu kjl;dfõ l;d kdhlhd f,i ksrEmKh jkafka is<s÷ h' Tyq ish¨ n,fõ.hkag ksy~ j uqyqK fok mqoa.,hd h' Tyq fudavfhl= f,i iuia; kjl;dj mqrdu ksrEmKh jqj o kjl;dj w.Nd.fha § l;=jrhd Tyqf.a h:diajNdjh mdGlhdg y÷kd .ekSug bv i,iajhs'
fiiq pß; ksrEmKfhys ,d l;=jrhd wkq.ukh lrkafka uOHia: mÍlaIlhl=f.a iajNdjhhs' Tyq ish¨ pß;hkays l%shdldÍ;ajh uek n,d ta ta whf.a Ôú; iajNdjhka ;=,kh lsÍug wjldYh i,id .kshs' kjl;dfõ m%Odk u ld¾h jkdys pß; ksrEmKhhs" hkak mila lrk kjl;dlrejd tys iudc" ixialD;sl n,fõ. ish,a, tl u ;,hlg /f.k tkafka" pß;hkayS ls%hdldß;ajh iuÕ h' tfia u kjl;dfõ id¾:l;ajh i|yd tys Ndú; niajyr o iDcq n,mEula isÿs lrhs'
fuys we;=<;a ni ;;ald,Sk .eñ jyrg jvd;a ióm h' th mßir j¾Kkd yd wjia:d ksrEmK fuka u mqoa., pß;j, iajNdjh iu. o ukdj noaO fõ' fmdÿfõ .;a l," ;;ald,Sk ,dxflah ck Ôú;fhys jQ lgql;ajh" foaYmd,k h:d¾:h fuka u" Ôú; h:d¾:h o" neoafoa.u kjl;dj uÕska ukdj ksrEmKh fõ'



ආචාර්යතුමා

wdY%s; .%ka: kdudj,sh¡

·        l=udrisxy" l=,;s,l" ^2005&" woH;k isxy, kjl;d oaú;Sh Nd.h" fld<U" weia' f.dvf.a iy ifydaorfhda'
·        l=udrisxy" l=,;s,l" ^2004&" woH;k isxy, kjl;d m%:u Nd.h" fld<U" weia' f.dvf.a iy ifydaorfhda'
·        ;s,lr;ak" ñKsjka mS' ^1989&" ishjil fmr<sh yd isxy, kjl;dfõ moku" fld<U" weia' f.dvf.a iy ifydaorfhda'
·        neoafoa.u" ^2001&" wkqjdoh" ta' mS' .=Kr;ak" fld<U" weï' ã' .=Kfiak iy iud.u'
·        ueoafoa.u" Woh m%Ydka;" ^1999&" ishjil isxy, kjl;d" weia' f.dvf.a iy ifydaorfhda'
·        rdclreKd" wdßh" ^1998&" idys;H rih yd kjl;d úpdrh" fld<U" weia' f.dvf.a iy ifydaorfhda'
·         úl%uiQßh" irÉpkaø" ^2002&" isxy, kjl;dfõ úldYkh" fld<U" weia' f.dvf.a iy ifydaorfhda'
·        úl%uiQßh irÉpkaø" ^1990&" isxy, kjl;djg uÕ mE§u" weia' f.dvf.a iy ifydaorfhda'
·        úl%uiQßh" irÉpkaø" ^1963&" kjl;d újrKh" fld<U" iS' i' tlai;a m%jD;a;s m;% iud.u'
·        irÉpkaø" tosrsùr" ^1999&" isxy, kjl;d b;sydih yd úpdrh" kqf.af.dv" iS' i' iriú fmd;ay,'
·        iqrùr" ta' ù' ^2001&" kjl;d ks¾udKh iy wjfndaOh" fld<U" weia' f.dvf.a iy ifydaorfhda'
·        fiakdkdhl Ô' î' ^1945&" kjl;d l,dj" fld<U" weï' ã' .=Kfiak iy iud.u¡

Tuesday 6 November 2018

මට්ටකුණ්ඩලී වස්තුව විකාශනය,රසාස්වාද හා විචාර



w'fmd'i ^Wiia fm<& mqrd;k .oH

Ø uÜgl=Kav,S jia;=j ^ioaO¾u r;akdj,sh&

f;audj ( mqoa., uiqre nj fy<s lsÍu¡

wk;¾.;h (

) wÈkakmqínl nuqKdf.a pß; iajNdjh¡

) wÈkakmqínl uÜgl=Kav,S i|yd l=Kav,dNrK iE§u¡

) uÜgl=Kav,S frda.d;=r ùu¡

) ksis m%;sldr fkd ,eîfuka uÜgl=Kav,S widOH ;;a;ajhg m;a ùu¡

) uÜgl=Kav,S we;=`M f.hska msg lsÍu¡

) nqÿrÿkaf.a uyd lreKdj yd uÜgl=Kav,S nqÿka ±lSu¡

) uÜgl=Kav,S is;a myojd .;a msfkka foõf,dj bm§u¡

) wÈkakmqínl" mq;=f.a isrer ojd fidfydfkyss je,mSu¡

) uÜgl=Kav,S foõmq;=f.a meñKSu¡

) wÈkakmqínl yd uÜgl=Kav,S foõmq;a w;r ixjdoh¡

) wÈkakmqínl nqÿmdfudla uy i`.kg oka §u¡

) wÈkakmqínl fidajdka ùu¡

Ø ridiajdoh yd úpdrh (

) f;audfõ ikd;ksl w.h

) l;d l,dfõ iqúfYaI ,laIK

) pß; ksrEmKh

) j¾Kkd

) wjia:d ksrEmKh

) Wmud yd msre`M Ndú;h

) NdIdfõ iqúfYaI ,laIK

) l;= ysñhkaf.a Ôjk o¾Ykh
ආචාර්යතුමා

9 ශ්‍රේණිය සඳහා සිංහල



     සාරාංශකරණය

 සාරාංශකරණයේ දී සැලකිලිමත් විය යුතු කරුණු.


· ෙඡ්දය හොඳින් කියවා මුඛ්‍ය අදහස අවබෝධ කර ගන්න.

· මුඛ්‍ය අදහසට අදාළ වාක්‍ය හා වාක්‍යාංශ යටින් ඉරි ඇඳ ලකුණු කර ගන්න.

· පුනරුක්තිය, උපමා, අලංකාර, අතිශයොක්්ති, විවරණ, උදාහරණ, විස්තර, අනවශ්‍ය විශේෂණ  හා අනවශ්‍ය නිපාත ඉවත් කරන්න.

· මුල් පාඨයෙහි යොදා ඇති වචන වෙනුවට තමාගේ වචන යෙදීමෙන් සාරාංශයේ අගය වැඩි වන බව සිතට ගන්න.

· දී ඇති ෙඡ්දය 1/3ක් පමණ වන සේ සාරාංශ  කරන්න. 

· මුල් පාඨයෙහි ෙඡ්ද කීපයක් තිබුණත්  සාරාංශ ලිවීමේ දී එක් ෙඡ්දයක් ලෙස ලිවීම අවශ්‍ය බව අවධාරණය කරන්න. 

· සාරාංශය අවසානයේ වචන සංඛා්‍යාව සඳහන් කරන්න.

අභ්‍යාසය
01


 පහත සඳහන් ෙඡ්දය තුනෙන් එකක් පමණ වන සේ සාරාංශ කොට දක්වන්න.

 රටක සැබෑ දියුණුව  ඇති වීමට එරට පුරවැසියන් බුද්ධිමත් අය විය යුතු ය. ඔවුන් අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබිය යුතු ය. අංග සම්පූර්ණ අධ්‍යාපනයෙන් අදහස් කරන්නේ උපාධි ලැබීම හෝ නොයෙක් නොයෙක් විෂයයන් ගැන තොරතුරු ඉගෙනීම නොවේ. ‘අධ්‍යාපනය’ යනු ජීවිතයට සෑම අතින් ම සූදානම් කිරීම ය.

අභ්‍යාසය 02


 පහත සඳහන් ෙඡ්දය තුනෙන් එකක්  පමණ වන සේ සාරාංශ කොට දක්වන්න.

 රටක යම් සාහිත්‍යයක් දියුණු වන්නේ නිදහසේ සිතන්නට පුරුදු වුණු, කරදරවලින් තොර, බුද්ධිමත් සමාජයක් ඇති වූ විට ය. රට යුද්ධ කෝලාහලවලින් හා දුර්භික්ෂවලනි් පීඩා විඳිමින් මහජනයා හිරිහැරයට භාජනය වී ඇති විට දී උසස් සාහිත්‍යාංග බිහි නො වේ. රට ආහාර අතින්් සව්යංපෝෂිත වීම ද සමාදානයෙන් හා සමගියෙන් යුක්ත ව ජීවත් වීමට රට වැසියනට අවස්ථාව ලැබීම ද ජනතාව තුළ නව සිතුම් පැතුම් වර්ධනය වීමට හේතු වෙයි. බුද්ධිමතුන් සාහිත්‍යකරණයට පිවිසෙනුයේ එවිට ය.

   


Monday 5 November 2018

කපිතන්ගේ පුත්තු - රසවින්දනය හා විචාරය.

                         
                          08. කපිතන්ගේ පුත්තු

නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඥාතීන් හ ගැටීමට සිදු වන බවත්, එය මනෝව්‍යාධියක් බවට පත්වන බවත් කපිතන්ගේ පුත්තු කෙටිකතාවෙන් ඉස්මතු වේ.

දයාසේන ගුණසිංහගේ 'කැනල්පාරේ නිශාචරයෝ 'කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගෙන ඇති ' කපිතන්ගේ පුත්තු ' කතාව සමාජ යතාර්ථය මැනවින් පිළිබිඹු කරන්නකී.කතාව ආරම්භ වන්නේ කපිතාන් ජයවීර කැරලිකාර කණ්ඩායමක් මර්දනය කිරීම සඳහා සෙබළ පිරිසක් සමඟ කඳවුරු බැඳගෙන සිටින අවස්ථාවෙනී.එහි දී කපිතන්ගේ චරිතයේ පැතිකඩක් නිරූපණය වේ.

ඔහු වෙඩි තබනවාත් සමඟ ම සෙබළු ද වෙඩි තැබීමට පටන් ගත්තේය.එකෙකු මැරී වැටුනේය.එකෙකු තුවාල ලැබීය.ගැමියෙකු හමු වී මළ සිරුර පිළිබඳ විමසයි.එය ඩේවා නම් තැනැත්තෙකුගේ බව ඔහු කියයි.ඉදිරියට ගිය කපිතන්ට බෝම්බයක් වදියි.ඉන් පසු දිස්වන්නේ මරුවිකල් වූ කපිතන්ගේ සිතුවිලි සමුදාය යි.කතාව ඇරඹෙන්නේ කපිතන් පිළිබඳව හැඳින්වීමකිනී.

ප්‍රාග්  ඓතිහාසික යුගයේ විසූ දැවැන්ත ගොයෙකු සේ ලන්ද මැදින් බඩගෑ කපිතන් ජයවීර ආරා වැඩුණු බලු දං පඳුරු අතර වූ හිදැසක් අභියස රැඳී, දෙවැළමිට බිම ඔබා දෙවුර පොළෝ මට්ටමින් ශේෂයක් ඔසවා ඒ තුළින් ම බිම බැලීය.

නියම කපිතන් කෙනෙකු පිළිබඳ අගනා සංකල්ප රූපයක් මවමින් පාඨක සිත් අවදි කරයි.ඉන් පසු සිදු වන දේ පිළිබඳව පාඨකයාට උත්ප්‍රාසයක් මෙන් ම කුතුහලයක් ද පැන නගී.ඉදිරිය පිළිබඳව ඉගියක් දී සාර්ථක පරිසර වර්ණනයකින් ද එය චිත්‍රණය කරයි.

" කුඩා හෙල් මුදුනක උන් ඔහු වෙතින් හැල්මේ බෑවුම් වී යන බිම්කඩ මද්දහනේ හිරු එළියෙන් දිලිහි දිලිහී කුසීතව ගලෙන දොළ පහරකින් නිම වෙයි.ඉ න් ඔබ්බෙහි ඇත්තේ නිම් ඉම දක්වා විහිදෙන වෙල් යායකී.කිරට නැමුණු ගොයමින් වැටලී ගිය කටු මැටි ගෙයක බටකොළ පියස්සෙන් මතුවන සිහින් දුම් රොටුවක් වලාකඩින් තොර අහස සිසාරා සුළඟට හසුව තුනී වී නොපෙනී යයි."

කපිතාන් සිටින්නේ මහත් වූ විමසිලිමත් භාවයකින් බව පෙනෙයි.ඔහුගේ මනෝභාවය ගැඹුරට ම විග්‍රහ කරන්නේ පරිසරයත් උපයෝගී කරගෙනය.හාවකු නිසා කපිතාන්ගේ ධ්‍යානය බිඳී ගියේය.පඳුරක් චලනය වූව ද ඔහු විමසිලිමත් වෙයි.එය තවදුරටත් තීව්‍ර කිරීම සඳහා " ඔහු පුහුණුව ලබා ඇත්තේ හැම පඳුරක ම දිවියෙකු දකින්නටය."යනුවෙන් පවසයි.කපිතන් තම හාත්පස නිරීක්ෂණය කළ ආකාරය ද, කපිතන්ගේ යුද උපක්‍රම ගැන ද විග්‍රහ කරයි.

කපිතන්ගේ චෛතසික නිරූපණ ඉදිරිපත් කරනූයේ පරිසරය උපයෝගී කොටගෙනය.
" පිළිහුඩුවෙකු හොට මානාගෙන බොරු නින්දක පසුවනු කපිතන්ට දිස් වෙයි. " යන්න යුධ සෙබළාට සංකේතයක් වැනි ය.සෙබළුන් ද නිහඬව සිටින්නේ සතුරකු පිළිබඳ ව විමසිලිමත්ව ය.කපිතන්ගේ බාලකාලය පිළිබඳ ව අතීත ආවර්ජනයක යෙදෙන කතුවරයා ඔහු පොත් මිටිය රැගෙන ගියේ රතු රබර් පටියකින් බව සඳහන් කරනූයේ අනාගතයේ යුධ සෙබළෙකු වන බව කල් තබා පවසන්නාක් මෙනී.

එහෙත් වැඩි වේලාවක් අතීතාවර්ජනයේ යෙදෙන්නට හැකි වූයේ නැත.ඔලුවක් මතුවනු දිස් විය.කතුවරයා මෙමඟින් වර්තමානයට එන්නට පාර සකස් කර ගත්තේය.කපිතන් වෙඩි තබනවාත් සමඟ ම සෙබළු ද වෙඩි තැබූහ.

කපිතන්ගේ චින්තනය අතීතයත් වර්තමානයත් අතර දෝලනය වන බවක් නිරූපණය කරන කතුවරයා ඔහුගේ සිතුවිලි පරම්පරාව ගෙන හැර දක්වයි.තම දරුවා පිළිබඳව සංවේදී සිතුවිල්ලක් ද  මතු වේ.

එහෙත් මෙහි දී බුද්ධියට මුල්තැන දීමට ඔහු වග බලා ගත්තේය." කී දෙනෙක් මැරිලද? එකාද? දෙන්නද? රොත්ත බුරුත්තම ද? උන් රාජද්‍රෝහී විප්ලවකාරයෝ.හිත්පිත් නැති මිනීමරුවෝ. "

කපිතන්  එසේ කීවේ තම කාර්යය ඉටු කළේ යැයි සිතමිනී.පිටට අත තබා මේජර්වරයා " ගුඩ්ෂොට් ජයවීර,නීටිබුල් " යැයි ප්‍රශංසා කරන්නාක් මෙන් මෙහි දී ඔහුට දැනිණී.
කොල්ලාගේ මරණය පිළිබඳ ව කපිතාන් තුළ ඇති වූයේ අනුකම්පාවල් සහ කලකිරීමකී.   " මළ කොලුවා දෙස එක හෙළා නෙත් යොමා ගෙල තෙක් සිතිවිල්ලක එරී උන් කපිතන් තැන…" යන්නෙන් එය පැහැදිලිය. 

එතැනින් වතුරානට සේන්දු වූ කපිතන් අත්බෝම්බයකින් මරණයට පත් වූයේ ,                      ' පැරකුම් ' යන අකුරු සහිත කොළ කැබැල්ල ඇස ගැසීමෙන් පසුව ය.එය උද්වේගකර ආකාරයෙන් කතුවරයා විවරණය කරයි.කපිතන්වරයෙකුගේ නිර්භීත, උදාර බව එයින් මොනවට පැහැදිලි වේ.එම ' පැරකුම් ' නැමැති කොළ කැබැල්ල සංකේතයක් බඳු ය.පැරකුම් රජු අප රටේ වීරයෙකී.ඒ වීරයාව අනුස්මරණය කිරීමට කතුවරයා මෙය යොදාගෙන ඇත.කැරලිකරුවන්ගෙන් රට මුදා ගැනීම කපිතන්ගේ ද අරමුණ වූවේය.

ඉන් පසු ඔහුගේ සිහින ලොවෙහි සිදුවන දේ කතුවරයා ඉදිරිපත් කරන්නේ අතුරු කතාවක් ලෙසිනී.

අවසානයේ ලුතිනන්වරයා මිනිස් සංහාරය පටන් ගනියි.

කලාත්මක බව ආරක්ෂා කර ගනිමින් ඒකීය ධාරණාවක් තුළ කතා වින්‍යාසය ගොඩ නැගී ඇති ආකාරය අගය කළ හැකිය.එමඟින් ජීවිතයෙන් එක් අවස්ථාවක් නිරූපණය කර දක්වයි.

කතුවරයාගේ දෘෂ්ටියට අදාළ ව ම හමුදා කඳවුරකට ගැලපෙන භාෂා විලාසයක් භාවිත කර ඇති අතර අවශ්‍ය තැන පරිසර වර්ණනා හා සංකේතාත්මක ඉදිරිපත් කිරීම් නිසා කෙටිකතාව සාර්ථක වී ඇතැයි කිව හැක.

ආචාර්යතුමා


වහල්ලු කෙටිකතාව රසවින්දනය හා විචාරය.

අපොස උසස් පෙල (නව විෂය නිර්දේශය ) සිංහල විෂයය සඳහා නිර්දේශිත කෙටිකතා පිළිබඳව රසවින්දනය හා විචාරය.


01. මාර්ටින් වික්‍රමසිංහ - වහල්ලු කෙටිකතාව.

තිරිසන් සතෙකු වුව ද කරුණාව දයාව හමුවේ දී සංවේදී වන ආකාරය මෙම කෙටිකතාවෙන් අනාවරණය වේ.

මාර්ටින් වික්‍රමසිංහගේ වහල්ලු කෙටිකතා සන්ග්‍රහයෙන් උපුටාගත් වහල්ලු කෙටිකතාව තමා ජීවත් වන පරිසරයෙන් ම ලද සුලබ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය වී ඇත.වහල්ලු කෙටිකතාවේ කතාවක් නැත.ඇත්තේ වෘතාන්තයක්, සිද්ධි මාලාවක් පමණී.කෙටිකතාවෙන් ගම්‍ය වනූයේ සතෙකුට දක්වන දයාව කරුණාව නිසා තිරිසනෙකු වූව ද, මිනිසා ඉදිරියේ සංවේදී වන ආකාරයයි.සතෙකු මිනිසාටත් මිනිසෙකු සතාටත් එකිනෙකාට ප්‍රතිඋපකාර දක්වන දුර්ලබ අවස්ථාව කතාවෙන් දැක්වේ.

උපාලිස් නැමැති ගැමියා තම බිරිඳත් දරුවන් දෙදෙනාත් සමඟ නිවසේ ජීවත් වෙයි.හඳයා ඔවුන්ගේ ගවයා ය.ගවයා කරත්තයේ බැඳගත් උපාලිස් ගාල්ල ප්‍රදේශයට යන මගීන් ප්‍රවාහනය කර කුලියක් ලබා ගනී.ඔහු ඉතා දුප්පත් ගැමියෙකු බව නගරය ඇතුළට යන අවසර පත්‍රය පවා ලබා නොගැනීමෙන් පෙනී යයි. ඒ සඳහා අතිරේක මුදලක් වැය වීම ඊට හේතුවයි.   

සෙනසුරාදා සහ ඉරිදා දිනවල හඳයාටත් උපාලිස්ටත් නිවාඩුය.ඒ රජයේ නිවාඩු දවස් නිසාය.එහෙත් ඒ දිනවල ගමේ මිනිස්සු හඳයා රැගෙන ගොස් කරත්තවල  බැඳගෙන වැඩ ගනිතී.උපාලිස් මෙයට අකමැතිය.නිවාඩු දිනවල හඳයාව මුහුදු වෙරළට ගෙන යන උපාලිස් හඳයාව නාවා ඇඟ කිනිතුල්ලන් ගලවා දමයි.පුන්නක්කු බීමට දෙයි.ඌ සමඟ කතා කරයි.ඌට කිසිවෙකුගෙන් හිරිහැරයක් වනවාට උපාලිස් අකමැතිය.

එක්තරා අඳුරු වැසි දිනෙක එළිපත්තේ ඇඳ උඩ නිදා සිටි උපාලිස් මිය ගියේය.හඳයා ඔහුට කිට්ටු වී කකුල පමණක් නොව කම්මුල ද ලෙව කෑවේය.මේ සිදුවීම රසවත් කතාවක් බවට පත් කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත.කතාවේ මුල් ඡේදයෙන් ම තේමාව කුමක් දැයි පැහැදිලි ය.


" හඳයා උපාලිස්ගේ කකුල ලෙව කැවේය.නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනී.ඌ යලිත් ඔහුගේ කකුල ලෙව කෑවේය.කඳුළෙන් තෙත් වුණු මහල්ලෙකුගේ දෙඇස සිහි කරවන උගේ දෙඇසත් තමා දෙසට හැර වූ සැලෙන මස් පිඬු සහිත හොම්බත් දුටු උපාලිස්ගේ කෝපය මැඩගෙන නඟින්නේ කාරුණික හැඟීමකී.''

කතාකරු දක්ෂ ලෙස පළමු ඡේදයෙන්ම පාඨක සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වී ඇති බව පෙනෙයි.තම ස්වාමියා ඉදිරියේ කීකරු ගවයෙකු සේ ස්වභාවය චිත්තරූප මැවෙන අයුරින් ඉදිරිපත් කර තිබේ.

" හඳයා මෙයාට නිදා ගන්නවත් දෙන්නේ නැහැ.හැමදාම උදේට ඇවිත් අවදි කරනවා.බිරිඳ කීවාය."

එසේ ම උදෑසන පිළිබඳව කතුවරයාගේ පරිසර වර්ණනාව සිත් ගන්නා සුලු ය.

"නියන් කොබෙයියකු ක්කුවෝ.ක්කුවෝයි නඟන හඬ ඈට ඇසෙයි.දෙතුන් වර්ගයක නළා හඬවන නළාකාරයෙකු මෙන් කුරුල්ලන් කිහිප දෙනෙකුත් නගන හඬ ඈට ඇසෙයි."

බිරිඳ " බැහැපන් බැහැපන් " යැයි ඌ තල්ලු කළ විට ද මිදුලට බැස කීකරු දරුවෙකු මෙන් උපාලිස් දෙස බලා සිටින්නේ ද කරුණාභරිතව ය.බිරිඳ හඳයා විකුණන්නට ඕනෑ යැයි කී විට උපාලිස් තරයේ ඊට විරුද්ධ විය.උපාලිස්ගේ ජීවිතය හඳයාගේ ජීවිතය සමඟ තදින් බැඳී ඇත.

"තම ජීවිතය හඳයාගේ ජීවිතය හා අත්වැල් බැඳ ගත්තක් බව උපාලිස් දනියි."
යන්නෙන් ඒ බව මැනවින් වැටහේ.

" උපාලිස් සුරතල් කළේ තම දරුවන් නොව හඳයා ය. "යන ප්‍රකාශයෙන් ද ඒ බැව් තව දුරටත් තහවුරු වේ.උපාලිස් හඳයාට මෙතරම් ළෙන්ගතු වී ඇත්තේ ද දරුවන් දෙදෙනෙකුත් තම බිරිඳ ද සමඟ යන්තම් කා බී ජීවත් වීමට ඔහුට උදව් කෙළේ හඳයා නිසාය.අව්‍යාජ ගැමි ස්වභාවය ද එමඟින් මනාව වැටහුම් වේ.

ගැමියකුගේ උසස් සාරධර්මයක් වන කෘතවේදී බව උපාලිස් තුළ තිබූ බව එමඟින් පැහැදිලි වේ.

මගීන් රැගෙන ගාල්ලට යන විට කරත්තය ඉක්මන් කරන්නට යැයි කී විට උපාලිස් හඳයාට කෙවිට පහරින් සංග්‍රහ කරන්නේ නැත.කොන්දට අත ගසා හා පුතා යං කියයි.ඌට කරදර නොකරයි.හඳයාට මෙතරම් ආදරය කරුණාව දැක්වීමට තවත් හේතුවක් කතුවරයා ඉදිරිපත් කරයි.කරත්තය පදවාගෙන යන විට උපාලිස් ඉන් ඇද වැටිණී.හඳයා එවෙලෙහි එක් වරම නතර නොවන්නට සිදු වන්නේ විපතකී.

තම කතාව විකාශනය හේතුඵල දහම අනුව ගොඩ නැගීම සඳහා කතුවරයා මේ සිද්ධිය ඉදිරිපත් කර හඳයා හා උපාලිස් අතර ළෙන්ගතුකම වර්ධනය වීම සඳහා එම කරුණු හේතු වූ බව පිඬු කොට දක්වයි.

උපාලිස් අව්‍යාජ ගැමියෙකු බව ඔප්පු කිරීමට ද කතාවේ කරුණු ඉදිරිපත් වේ.උදෑසන අවදි වීම, නැගෙනහිර අහස දෙස බලා නිවැරදිව වේලාව කීම, එවැනි ලක්ෂණ වේ.උපාලිස් හඳයා සමඟ කතා කරයි.එය ගොවිතැන කරත්ත රස්සාව කරන ගැමියෙකුගේ ලක්ෂණයකී.යං පුතා යං, මං නැති දාට බොට සාත්තු කරන්නේ කවුද වැනි යෙදුම් ද ඊට නිදසුන් වේ.උපාලිස්ගේ අවසාන මොහොතේ ද හඳයා ළග ම සිටියේ දරුවෙකු මෙනී.

තවත් ගැමි ලක්ෂණයක් වන්නේ, සැමියා සහ බිරිඳ අතර ළෙන්ගතු බවක් දක්නට ලැබීමයි.අවසාන රාත්‍රියේ දී උපාලිස්ට ගෙට ඇවිත් නිඳා ගන්නා ලෙස කීපවරක් ම බිරිඳ ඇවිටිලි කළාය.
"නන්දාවතීලාගේ තාත්තට හුලං වැදෙන්නට හොඳ නැහැ.එන්න අද විතරක් වත් ගේ ඇතුළෙ නිදා ගන්න." එහෙත් ඔහු ගේ ඇතුළට නොයයි.

ප්‍රථමපුරුෂ දෘෂ්ටිකෝණයෙන් කතාව විකාශය වූව ද නාට්‍යමය ලක්ෂණවලින් යුක්තය.දෙබස් කථන බහුලව ප්‍රයෝජනයට ගෙන ඇත.කතාවින්‍යාසය ද ළගන්නා සුලු ලෙස ඉදිරිපත් කර ඇත.

අත්දැකීම් ඉතා හොඳින් ළබාගෙන ඇති බවක් පෙනෙයි.ගාල්ල කොටුව, උසාවිය, පොල් ඔය  පාලම ආදී ස්ථාන සඳහන් කර ඇති නිසා පැහැදිලි වේ.මේ නිසා කතාවට සජීවී බවක් ආරෝපණය වී තිබේ.ඒකීය ධාරණාව ආරක්ෂා කරගෙන ඇති නිසා කරුණු විසිරී ගොස් නැත.විශ්වාසනීයත්වයක් ද පළ වේ.

තිරිසන් සතෙකුට වූව ද කරුණාව දයාව හා කෘතවේදීත්වය පළ කිරීම මිනිස් යුතුකමකී යන ජීවන දෘෂ්ටිය කතාවෙන් අපට ලබා දෙයි.

ආචාර්යතුමා

Thursday 1 November 2018


සිංහල කවියෙහි මහගම සේකර බලපෑම හා ඔහුගේ නිර්මාණ




සියවස් ගණනාවකට පෙර ඇතෑන්ස් නුවරදී කවියන් දෙදෙනෙකු හමුවිය. එක් අයෙකු මහා කවියෙකි. අනෙකා නැඟී එන කවියෙකි. කාව්‍ය ලෝකයේ බබලන ආභරණයක් වන මහා කවියා හමුවීම නිසා නව පරපුරේ කවියා අප‍්‍රමාණ ලෙස සතුටු විය. ඔහු සමග යමක් කතා කර තම ජීවිතයටද, කාව්‍යත්වයටද යමක් එකතු කර ගත යුතු යැයි ආධුනිකයා සිතුවේය. ඔහු ප‍්‍රසිද්ධ කවියා සමග කතාවට වැටුණේය.
අවස්ථාවක් ලද විගසම ආධුනිකයා මහා කවියාගෙන් මෙසේ ඇසුවේය. ”කොහොමද, ඔබ මෑතක දී ලියූ කාව්‍යය කුමක්ද? එහි සංගීතමය ප‍්‍රසාද ගුණය කොතෙක් දුරට කා වැදී ඇද්ද?”
ප‍්‍රබුද්ධ කවියා මහත් ගර්වයකින් අනෙක් කිවියාට මෙසේ කීවේය. ”මගේ ශ්‍රේෂ්්ඨතම කවිය ලියා හමාර කරනු ලැබුවේ මේ ළඟඳීයි. සමහරවිට එය ග‍්‍රීක කාව්‍යාවලියේ කව්සිළුමිණ විය හැකියි. එය ඔලිම්පික් මහා දේවයනට කරන ආයාචනයක්.” එසේ කියා ඔහු සිය ගමන් මල්ලේ වූ අත්පිටපත එළියට ගත්තේය. ”මේ බලන්න, මම තවමත් ඒක පළකළේ නෑ. ඔබ වැනි ආධුනිකයෙකුට මෙය ශ‍්‍රවණය කිරීම ප‍්‍රතිඵලදායක විය හැකියි. ඒ නිසා මම ඒක කියවන්නම්. එන්න, අර සොහොන් ගස හෙවනට අපි යමු.”
කවියා මහා කාව්‍යය කියවීය. එය බොහෝ දීර්ඝ එකකි. කාව්‍යය කියවා අවසානයේදී මහත් සේ සතුටට පත් ආධුනික කවියා, ”ඇත්තෙන්ම එය ශ්‍රේෂ්ඨ කාව්‍යයක්. සාහිත්‍යය පවතින තුරා එය සජීවීමය වනු ඇත. එසේම, ඒ තුළ ඔබ අමරණීය වෙනු ඇතැ”යි කීවේය.
මහා කවියා එවිට සන්සුන්ව පැනයක් නඟමින්, ”ඉතිං, ඔබත් කවියෙක් නොව. ඔබ මෑතක දී කිසිවක් ලිව්වේහෙම නැද්දැ?”යි ඇසුවේය.
”මා නම් ලියුවේ කුඩා කවියක් පමණයි. එය ළපටියෙකු උයනක කෙළිදෙලෙන් පසුවෙන ආකාරය සිහි කරමින් ලියූ සිව්පද කවි දෙකක්”. ආධුනිකයා කීවේය. අනුතුරුව ඔහු එය මහා කිවියාට ඇසෙන්නට කියෙව්වේය.
”ඔව්, ඒක ඒ තරම්ම නරක නැහැ.” මහා කවියා කීවේය. අනතුරුව කවියෝ දෙදෙන වෙන්වූහ.
ඒ සිදුවීමෙන් වසර දහස් ගණනකට පසු අද ඒ එක් කවියෙකුගේ සිව්පද කවි දෙක සියලූ භාෂාවලින්ම ගායනා කරයි. සියළුම ගීත ප‍්‍රියයන්ගේ මුවෙහි ඒ කවිය අගනා සැරසිල්ලකි. බොහෝ දෙනෙකුට කවියාගේ නම අමතක වුවද ඒ කවිය මතකය.
අනෙක් මහා කාව්‍යය පොත්ගුල්වලත් පණ්ඩිතයන්ගේ පොත් රාක්කවලත් මෙතෙක් කල් තිබෙන නමුත් කිසිවෙකු විසින් එය කියවන බවට සාක්ෂි නොමැත. (මිනිසි අසිරිය, එස්. ජී. පුංචිහේවා, 1991)

ඉහත කතාවත් සමගම මතු සඳහන් කවිය මගේ සිහියට නැඟිණ.
දත් කැකුළු පාලා
සුරතල් සිනාසීලා
බොළඳ බස් දීලා
කෙළී සියොළඟ දූලි ගාලා
මේ කවිය දන්නා අය බොහෝ ඇතත් එය කුමන ග‍්‍රන්ථයේද යන්න දන්නා පිරිස් අඩු බව මගේ අදහසයි. මෙම කවිය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමි විසින් ලියන ලද කාව්‍යශේඛරයේ එන කවියකි. මහාකාව්‍යයක් වන කාව්‍යසේකරය අමතකව එහි එන එක් කවියක් මුඛ පරම්පාරාගතව පැවතීමට පදනම් වන කරුණ නම් එහි සරලව සටහන් කළ ජීවිත පරිඥානයයි.
කවිය කුමක් සඳහාද? සාමාන්‍යයෙන් කවිය රසවින්දනය උදෙසා බව ආදි කාලීන විචාරකයාගේ මතයයි. කවිය මිනිස් චිත්ත සන්තානයේ සියුම් තැන් විනිවිද යෑමේ ගුණයෙන් පරිපෝෂිතය. කිවියාට වඩා ලොව කවිය සම්බන්ධයෙන් කළ විචාර ප‍්‍රමාණාත්මකව වැඩිය. ඊට හේතුව, එහි ස්වභාවය මිනිසාට සමීප තරමටම කිසියම් දුරවබෝධ බවක්ද එහි අන්තර්ගත වීමයි. මිනිසුන් අතර ජනප‍්‍රිය සිනමාව, නාට්‍යය, ගීතය, නවකතාව හෝ කෙටිකතාව සම්බන්ධයෙන් එසේ විචාර බිහිව නැත. ජනප‍්‍රියම කලාවක් වන ගීතය සම්බන්ධයෙන් ඇත්තේ, අවිධිමත් විචාර සම්ප‍්‍රදායකි. ඇතැම්විට, එහි නිර්මාණ විචාරක අවධානයටවත් පාත‍්‍ර නොවේ. එහෙත්, සෙසු කලා කෘතිවල දක්නට නොලැබෙන ලෞකික ස්වභාවය ඉක්මවා යෑමේ සුවිශේෂ හැකියාවක් කවියට ඇති බව විචාරක මතයයි.

'කවිය හා එහි දෘෂ්ටිය'

ඉහත කතාව ඛලීල් ජිබ්රාන්ගේ රචනයක ඡායානුවාදයකි. ඔහු කවිය හා කවියන් ගැන දැරූ අදහසක් ඉන් ගම්‍ය වේ. ඛලීල් ජිබ්රාන් යනු ලෙබනනයේ විසූ නිර්මාණකරුවෙකි. ඔහු කිවියෙකි, රචකයෙකි, චිත‍්‍ර ශිල්පියෙකි. නූගත්කම, දිළිඳුබව හා විවිධ සමාජ විෂමතාවන්ගෙන් පීඩාවට පත් සිය මිනිසුන් වෙනුවෙන් ඔහු නිර්මාණකරණයෙහි යෙදුනේය. ඒ හැම රචනාවකම ඇත්තේ, තමාට පාලනය කර ගත නොහැකි බලවේගයන්ගේ පීඩාවට හසුවූ මිනිසුන් පිළිබඳව ජිබ්රාන්ගේ සිත තුළ උපන් අසීමිත දායානුකම්පාවයි. මේ දයානුකම්පාව දරා ගත නොහැකි වූ පාලකයෝ ජිබ්රාන් පිටුපස සිය නිල ඝාතකයින් මෙහෙයවූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සිය රට හැරයාමට ජිබ්රාන්ට සිදු විය. ඔහු කවිය ගැන පළ කළේ මෙබඳු අදහසකි. ”කවිය වානාහි අදහසක් ප‍්‍රකාශ කිරීම නොවේ. එය ලේ ගලන තුවාලයකින් නොහොත් සෙනෙහෙබර මුවකින් ගිලිහෙන ගීතයකි”. ඔහු සිය ජීවන දර්ශනය ලෙස ප‍්‍රකාශයට පත් කළ සංකල්පනාවලද මෙම අදහසට සමීප සංකල්පනාවන් විෂද කරයි. ”ලොව තැනී ඇත්තේ මූලද්‍රව්‍ය දෙකකිනි. සෞන්දර්යය හා සත්‍යය ඒ දෙකය. සෞන්දර්යය දයාවන්තයනගේ හදවතෙහිද සත්සරය සී සාන්නන්ගේ දෑතෙහිද ඇත්තේය.” ජිබ්රාන් එසේ කියද්දී, ලංකාවේ කවියෙකු සිය කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහයෙහි පෙරවදනෙහි මෙසේ ලියයි.
”මේ කවි හා ඒවාට පිටදුන් පසුතලයන් ගැන මූලික අදහසක් සටහන් කරන්න යයි මට කියා සිටි පියසීලී විජේමාන්න හා දර්ශනී ගුණතිලක යන ඇදුරුතුමියන්ද (අවධාරණය මගේය.) සාලිය කුලරත්න ඇදුරුතුමන්ද (අවධාරණය මගේය.) මතු කළ එම අදහස් වඩාත් කාලෝචිතයයි සිතමි. … ඇතුළත ලෝකය තුළදී විෂය නිර්දේශ යටතේ හදාරන සංවිධිත සාහිත්‍ය කලා විචාර මතවාදවලට වඩා ශිෂ්‍යයකුගේ මනසේ ආධිපත්‍යය උදුරා ගත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය හා බැදී පවතින මතවාදී ප‍්‍රකාශන වෙති. මූලික වටයේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන් (Commands) විසින් තනා දෙන ඔවුන්ගේම න්‍යායික කවුළුවකින් (Theoretical Window) ජීවිතය හා ලෝකය විවරණය කර ගැනීම සඳහා මතවාදී වීමට (Ideological) බල කෙරෙයි. මෙම මතවාදී බලහත්කාරය ඍජු හෝ වක‍්‍ර (Direct or Indirect) ආකාර දෙකෙන්ම ඉදිරිපත් වන්නකි. මේ මඟින් මූලිකව කරන්නේ ඔවුන්ගේ මතිමතාන්තර, (Opinions) මූලධර්ම හෝ නියම (Principles) විශ්වාස කරන්නට පෙළඹවීමයි (Make believe). …. මේ සියලූ සංකල්ප ගතකිරීම්වලට පදනම (Foundation) සකසා ඇත්තේ මාක්ස්වාද (Marxism) සහ අපෝහක රීතියයි (The dialectical method) . ….නිර්මාණාත්මක වශයෙන් වැඩිමනක් ඍජු වාර්තාය (Direct report). තවත් ඒවා ඍජු ස්වරූපයෙන් නොවන මුත් වක‍්‍ර වාර්තාය (indirect report). මූලිකවම සමාජ විෂමතාවන් පිළිබඳ සංකල්පගත කිරීම් හා අනාගත පංතිවිරහිත සමාජයක් පිළිබඳ පණිවුඩ නිර්මාණයක ඇතුලාන්තයෙන් වහනය විය යුතු අවශ්‍ය කරුණු (Necessary facts) ලෙසට සරසවි සමාජවාදය යටතේ හා ඊට අනුගත සාහිත්‍ය විචාර විධික‍්‍රම යටතේ පිළිගැනෙන පොදු සම්මුතියකි. …. මේ කොන්දේසිවලින් ඉල්ලා සිටින්නේ, පරමාදර්ශී උත්තර මිනිසෙකු (Ideal superman) තනාගැනීමය. සේකර ශූරීන්ගේ ‘ප‍්‍රබුද්ධ’ අනාගත පංති විරහිත උත්තර සමාජයක් සොයායන කෙනකැයි මහාචාර්ය සුචරිත ගම්ලතුන් ප‍්‍රකාශ කරන විට ඊට අත්පොළොසන් දෙන්නේත්, ‘ප‍්‍රබුද්ධ’ තුළින් බුදු දහමේ හරය සාරයක් ලෙස ගලා එන බව අනෙකෙකු කියන විට මුළු වැරයොදා ඊට පහර දෙන ප‍්‍රතිපත්තියකට මාරුවන්නේත් එහෙයිනි. …. කලාව මඟින් පුද්ගලයෙකු තුළ ලැගුම් ගෙන ඇති සාමාන්‍ය රසඥතාව (General aesthetic) ඉක්මවා කලාත්මක රසඥතාවක් Artistic aesthetic) වර්ධනය කළ යුතුය. කලාව මඟින් කළ යුතු වන්නේ, කලාව ආශ්වාදනයේ දී වින්දනය කරගත් අනුභූතීන් ඔස්සේ නිර්මාණාත්මක පොළඹවීමකින් (Creative persuasion) යුතු මිනිසෙකු සමාජයට මුදාහැරීම මිස හුදු යාන්ත‍්‍රික හෝ දේශපාලනික සත්වයෙකු තැනීම නොවේ.”
(රවීන්ද්‍ර දෙවෙනිගොඩ, ‘කමටහන් රුපියලයි’, 1996)
තැනින් තැන අර්ථය වඩාත් තීව‍්‍ර කරනු පිණිස ඉංග‍්‍රීසි චවන ලිවීමෙන් මතුවන උත්ප‍්‍රාසයට අමතරව ඉහත සටහනේ කරුණු කිහිපයක් අවධානයට ලක් විය යුතු බව නිරීක්ෂණය වේ. පළමුව මේ අදහස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සාහිත්‍යය කලාව උගන්වන ඇදුරන්ගේ මතය වශයෙන් සටහන් කිරීමයි. එය සත්‍යය නම් (මේ ලිපියේ කරුණු අසත්‍ය බව ඔවුන් මේ වන තෙක් ප‍්‍රකාශ කර නැත.) කවිය සම්බන්ධයෙන් පේරාදෙණියේ සම්භාව්‍ය මතය වශයෙන් මෙය පිළිගත යුතුය. මෙය අමුතු සංකල්පයක් නොවන්නේ, මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිය කල්පනා ලෝකය, සාහිත්‍ය විද්‍යාව වැනි ග‍්‍රන්ථ මඟින් තහවුරු කරන ලද්දේ මෙම මතවාදයම වන බැවිනි. ඉහත රචකයාගේ ද්වේෂයට පාත‍්‍රවන මහැදුරු සුචරිත ගම්ලතුන්ද පසුකාලීනව මෙම මතයටම හීලෑ වූ බව ඔහුගේ මනමේ විචාරය හා ගුරු ගුණ සමර ලිපි කියවීමෙන් පෙනේ. එනිසා දැන් පේරාදෙණි ඇදුරන්ට ගම්ලතුන් සමග හබයක් තිබෙන්නට බැරිය. දෙවනුව, මේ කරුණු මාක්ස්වාදී විචාරයේ හරය ලෙස ලේඛකයා (ඇදුරුතුමන්ලා) හුවා දක්වන බැවින්, සැබවින්ම, මාක්ස්වාදී චින්තකයන් සාහිත්‍ය විචාර සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළේ මෙබඳු සංකල්පයක්ද යන්න විමසීමට ලක් විය යුතු බව හැගේ. තෙවනුව, ලේඛකයා මහගම සේකර සූරීන්ගේ ප‍්‍රබුද්ධ අවධානයට යොමු කර ඇති බැවින්, ඒ ආශ‍්‍රිතව ගොඩ නැගෙන විචාරක සංකල්පයන්ගේ චපලකම (එක එක වෙලාවට එක එක විදිහේ කතා කීම) විමසීමට ලක් විය යුතුය. මෙහි පළමු හා දෙවන කරුණු විද්‍යාර්ථීන්ගේ අවධානයට ලක් කරමින් අවසන් කරුණ සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. විශේෂයෙන්ම, සිය මංගල කාව්‍ය සංග‍්‍රහයට පෙරවදන් ලියන බොහෝ ආධුනික කවීන් තුළ මෙබඳු පණ්ඩිතමානී සංකල්පයන් පහළ වීම කෙරහි බලපාන සංකල්පීය පදනම පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට ඉන් අපට හැකියාව ලැබෙනු ඇත. තවද, මෙම කරුණම කවියට සම්බන්ධ කර ගනිමින් ”කවියෙකු වටහා ගැනීමේ සිද්ධිය නම් වෙන කිසිවක් නොව, ඔහුගේ කවියේ ගැබ් වුණු අත්දැකීම තම සිතෙහි නැවත මවා ගැනීමයි.” (සේකර දුටු සමාජ යථාර්ථය, සිරිසේන වීරසුන්දර, 1994) යන විලියම් එම්ප්සන්ගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි කර ගත හැකිය. මෙනිසා සේකරගේ නිර්මාණ ඇසුරෙන් ඔහු දැකීමටත් ඔහුගේ දර්ශනය සම්බන්ධයෙන් යම් හැඟීමක් ඇති කර ගැනීමටත් පසුකාලීන නිර්මාණකරුවන් කෙරෙහි ඔහුගේ බලපෑම අදාල නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප‍්‍රමාණනයෙන් සසඳා බැලීමත් මෙම රචනයේ අරමුණයි.
මහගම සේකර කෙරෙහි බලපෑ කාව්‍ය සම්ප‍්‍රදායන් පූර්වාපර සන්ධිය
මහගම සේකර නිර්මාණකරණයට පිවිසෙන්නේ, කොළඹ කවිය හා නව පද්‍ය සම්ප‍්‍රදාය එකිනෙකාට එරෙහිව අවි අමෝරාගත් කාල වකවානුවකය. විශේෂයෙන්ම, කිසිදු ගුරුකුලයක නිල සාමාජිකයෙක් නොවූ ඔහු වැනි ආධුනිකයෙකුට මෙකල කාව්‍යකරණයට පිවිසීම හා තමන්ගේම වූ අනන්‍යතාවකින් යුක්තව කවි රචනා කිරීම අවදානම් සහගත පියවරක් විය. කාව්‍යයේ හැඩරුව කෙසේ විය යුතුද යන්න මෙකල නිර්මාණකරුවන් අතර බරපතළ සංවාදයක් මතුව තිබුණි. මෙය නූතන පරපුරේ කාව්‍ය නිර්මාණකරුවන් හා වැඩිහිටි පරපුර අතර බරපතළ සංවාදයක් දක්වා වර්ධනය වී පැවැතුණි.
කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන්ගේ නිර්මාණවලින් මතු වූයේ, 19වැනි සියවසේ අතිශය ජනප‍්‍රියව පැවැති ඉංග‍්‍රීසි සෞන්දර්යවාදීන්ගේ කවියෙහි (Romantic Poetry) දැඩි බලපෑමයි. ”කවියා විසින් කළ යුතු වන්නේ භාව උද්දීපනයයි. එමඟින් මිනිස් සිත් සතන් වඩාත් සියුම් බවට පත් කොට, තම සරිදරය හා සහෝදර මිනිස් වග වෙත තීව‍්‍ර වූ සංවේදීතාවකින් යුතුව යොමු කරවාලීමයි. දිවි විඩාව යම් පමණකින් හෝ සංසිඳුවාලන මිනිස් සබඳියාවන්හි සෞන්දර්යය හා ස්වභාව සෞන්දර්යය කෙරෙහි මිනිසා සංවේදී කරලීම එම පරමාර්ථයෙහි ප‍්‍රත්‍යාංගයක් විනා එය අබිබවාලන්නක් නොවිය යුත්තේය. හුදු සෞන්දර්යය පමණක් විෂය කොට ගෙන, එමඟින් සහෘද සිත් සතන් තුළ රස භාවයන් ජනිත කරලීමට කැපවූ කිවියා වෙතින් ඉටු වන්නේ, සිය මෙහෙවරින් අල්පමාත‍්‍රයක් පමණි. (දොරමඩලාව, දයාසේන ගුණසිංහ, 1991) ඒ අනුව සෞන්දර්යවාදී කවියෙහි අග‍්‍රගණ්‍යය නිර්මාණකරුවන් වූ විලියම් වර්ඞ්ස්වර්ත්, එස්. ටී. කෝල්ඞ්රිජ්, ජෝන් කීට්ස්, ලෝඞ් බයිරන් සාමි, පී. බී. ෂෙලී වැනි කවියන්ගේ නිර්මාණ පරිශීලනයෙන් උද්දාමය පත් කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීහු, තත් කාව්‍යයන්ගේ කාබන් පිටපතක් බඳු කවි සිංහලෙන් පළ කළෝය.
ආභාසය හා අනුකරණය යනු දෙකක් නොව එකක් ලෙස වටහාගත් මෙම නිර්මාණකරුවන්ගේ රචනා කාව්‍යානුභූතීන් හා රූපකාත්මක භාෂාව අතින් නිර්මාණශීලී ස්වාධීන මඟක් නොගත් පෘෂ්ඨීය චමත්කාරයක් සහිත හුදු සෞන්දර්යවාදී වැනීම් විය.
ලස්සන මෝර මෝරා තව තවද හොඳින්
මිනිසුන් දුරැර රහසෙම වනගතව ඉඳින්
පවසන්නට යෙදුණ නොනැසෙන මිහිරි නදින්
තිගෙ පණිවිඩය මම ගෙන යමි වනය මැදින්
මීමන ප්‍රේමතිලක (මියුණු ඇල්ල)
මෙම බලපෑමෙන් යම් පමණකට මිදී රචනා ඉදිරිපත් කළ විමලරත්න කුමාරගම, සාගර පලන්සූරිය හා කපිල ඊ. සෙනෙවිරත්න වැනි රචකයින් සමකාලීන සමාජයේ දිළිඳුකම හා නූගත්කම වැනි සමාජ විෂමතාවන්ගේ බලපෑමෙන් මිරිකෙන මිනිසුන්ගේ ඛේදවාචකය කම්පනයකින් යුතුව ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවද එය සිව්පද ආකෘතිය තුළ තවදුරටත් සිරගත කළ සාපේක්ෂ බලපෑමක් සහිත නිර්මාණයන් පමණක් විය.
වී බුසලකට සිතුවොත් කුඹුරකුද ගනී
රුපියල් දෙකක් දෙන විට පස්වරක් ගනී
සමහර විට දි ඉදිකඩ වැට උඩින් පනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
විමලරත්න කුමාරගම (ආරච්චි රාල)
යටත් විජිත සමයේ මෙරට ස්ථාපනය කළ නිලබලවාදය මඟින් මඬිනා ලද ගැමියා සම්බන්ධයෙන් විමලරත්න කුමාරගම කවියාගේ සිත තුළ උපදින සදය අනුකම්පාව ඔහු විසින් උත්ප‍්‍රාසයට නඟන්නේ, ඔවුන් තලා පෙලන යන්ත‍්‍රයක් මෙන් දිවා රැයේ සමීපයේ සිට ක‍්‍රියාත්මක වන ආරච්චිරාලගේ සටකපටකම්, කුඩුකේඩුකම්, නොපනත්කම්, වංචාව, දූෂණය හා බලය අයුතු ලෙස ක‍්‍රියාවේ යෙදවීම උත්කර්ෂයට නැංවීමෙනි. ඔහු විස්න භාවිත ස්වභාවෝක්තිය මඟින් සංකල්ප රූපයෙහි නිර්ව්‍යාජත්වය නොනැසී පවත්වා ගැනීමටද සමත් වේ. මෙම ලක්ෂණය කොළඹ යුගයේ අතළොස්සක් වූ කවීන්ගෙන් වහනය වුවද, ජනප‍්‍රිය හා හුරු පුරුදු සතරපද ආකෘතිය තුළ සිය චින්තනය කැටි කිරීමට ගන්නා උත්සාහය නිසා කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියන් අතින් ඉටු විය යුතුව තිබුණු සුවිශාල කාර්යභාරයක් වැළකී ගියේය.
නිදහස් නොහොත් නිසැඳැස් කවිය හා සේකරලාගේ සම්ප‍්‍රාප්තිය
නිදහස් කාව්‍ය සම්ප‍්‍රදාය සිංහල කවියට හඳුන්වා දෙන ලද්දේ, ජී. බී. සේනානායක විසිනි. ඔහු විසින් සිය දෙවන කෙටිකතා සංග‍්‍රහය වන පළිගැනීම කෙටිකතා අතරට නිසැඳැස් ලෙස නම් කළ හැකි නිර්මාණ කිහිපයක් ඇතුළත් කළේය. සේනානායක විසින් මේවා හඳුන්වා දෙන ලද්දේ ගද්‍යයටත් පද්‍යයටත් අතරමැදි නිර්මාණ විශේෂයක් ලෙසිනි. මෙම කවිය සඳහා නිශ්චිත නමක් නොදීමට කතුවරයා ගත් තීරණය සඳහා එකල කවිය සම්බන්ධයෙන් පැවැති කථිකාව බලපෑ බව පෙනේ. ඒවා නිසැඳැස් ලෙස නම් කළේ නම් සමකාලීන කවීන්ගේ ගැරැහුමට පාත‍්‍රවීමේ අවදානම මඟහැරවීමට ඔහු විසින් එම නම භාවිත කළ බව කිව හැකිය. ජී. බී. සේනානායක නිර්මාණ කාර්යයට පිවිසෙන්නේ බටහිර සාහිත්‍යය සම්බන්ධයෙන් පුළුල් දැණුමක් සහිත පුද්ගලයෙකු වශයෙනි. ඔහුට සියවසක පමණ කාලයක් තුළ යුරෝපයේ කාව්‍යක්ෂේත‍්‍රයේ සිදු වූ වෙනස්කම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබුණි. ”සංකල්ප වශයෙන් මෙන්ම ආකෘතිකමය වශයෙන්ද එකම රටාවක් තුළ සිරවී, ගතානුගතිකත්වයේ වටපෙත්තෙහි ගමන් කරමින් තිබූ සාම්ප‍්‍රදායික සෞන්දර්යවාදී කවියට එරෙහිව ඇතිවූ මෙකී පෙරළියෙහි එක් පැතිකඩක් වූයේ, නිදහස් කාව්‍ය රීතියේ ව්‍යාප්තියයි. මෙය ඉංග‍්‍රීසි කවීන් විසින් (Free Verses) යනුවෙන් ද, ප‍්‍රංශ කවීන් විසින් (Vers Libre) යනුවෙන්ද හැඳින්විණි. මෙම රීතියට මුළ පුරන ලද්දේ වෝල්ට් විට්මන් සහ එස්රා පවුන්ඞ් වැනි ඇමරිකානු සහ ප‍්‍රංශ කවීන් විසිනි.” (දොරමඩලාව, දයාසේන ගුණසිංහ, 1991) ජී. බී. සේනානයකගේ අරමුණ වූයේ අදාල කාල වකවානුව තුළ බටහිර කවිය පැවැති අයුරින්ම ගතානුගතිකත්වයේ හා ව්‍යාජ නිර්මාණශීලීත්වයේ සිරගතව අවරගිරට යමින් පැවැති සිංහල කවිය නැවුම්, නිර්මාණාත්මක අත්හදාබැලීමක් මඟින් නව මාවතකට යොමු කරවීමය. මෙය එළිදැක්වීම ජී. බී. සේනානායක අතින් සිදු වුව ද එහි මූලාරම්භය විවිධ සම්ප‍්‍රදායන්ගේ වියතුන් කිහිපදෙනෙක් විසින් ඒ වන විටත් අරඹා තිබුණි. විශේෂයෙන්ම කොළඹ යුගයේ පළමු පරපුරේ එස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි නිර්මාණ ශිල්පීන්, හෙළ හවුලේ කුමාරතුංග මුනිදාස, රැපියෙල් තෙන්නකෝන් හා කොළඹ යුගයේ දෙවන පරපුරේ නිර්මාණකරුවෙකු වන ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ අතින් මෙහි පුරෝගාමී කාර්යයක් ඉටු විය. විශේෂයෙන්ම ඔවුන් විසින් රචිත ළමා ගී අධ්‍යයනය කිරීමේදී කවියෙහි මූලික කාර්යය වන සංකල්ප රූප මැවීම සඳහා, උචිත සංකේත, උපමා රූපක, භාවිත කර ඇති ආකාරය නිරීක්ෂණය වේ.
බකමූණෝ පියාඹතී
අනෙක් කුරුල්ලෝ නිඳතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී
එස්. මහින්ද හිමි
රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවෙයි මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී
ආනන්ද රාජකරුණා
සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
කුමාරතුංග මුනිදාස
අම්මේ අම්මේ අර සාධු කියන කොට
බුදුහාමුරුවො මල් දැකලා
දුටුවද ටික ටික හිනැහෙන ලස්සන
ඉස්සර කිව් බණ මතක් වෙලා
ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ජී. බී. සේනානායක කවියේ ආකෘතියෙහි වෙනසක් කිරීමට සමත් වුවද එය කවිය සම්බන්ධයෙන් පැවැති ආකෘතිය, භාෂාව, සන්දර්භය යන සමස්ත රීතියෙහිම වෙනසක් කිරීමට සමත් නිර්මාණයක් නොවීය. විශේෂයෙන්ම, සමාජයේ සංසිද්ධීන් යථාර්ථවාදීව ගවේෂණය කරමින් වඩාත් ප‍්‍රගතිශීලී නිර්මාණකරණයක යෙදීමට සේනානායක සමත් නොවීය. මෙම සම්ප‍්‍රදාය වඩාත් ඉදිරියට ගෙන යමින් සඳැස සම්පූර්ණයෙන්ම බැහැර කරමින් සිරි ගුණසිංහ විසින් පනහ දශකයේ කාව්‍ය නිර්මාණයට පිවිසුණි. ඔහුගේ නිර්මාණවල බස් වහර මෙන්ම සංකල්ප රූපයන්ද සිංහල සමාජයට නුහුරු විය. ඔහුගේ මස් ලේ නැති ඇට, රතු කැකුළ හා අභිනික්මන යන කාව්‍ය සංග‍්‍රහයන් සිංහල නිදහස් කවිය තුළ ආන්දෝලනාත්මක විය. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් උගත්, ඉංග‍්‍රීසිි සාහිත්‍යයේ දැඩි ආභාෂය ලත්, එමෙන්ම ඉංග‍්‍රීසිි සාහිත්‍යයේ පරිවර්තනයන් එලෙසම සිංහල සාහිත්‍යයට අනුරූප වේය යන ප‍්‍රායෝගික නොවන සිතිවිල්ලෙන් කාව්‍යකරණයෙහි යෙදුණු සිරි ගුනසිංහගේ නිර්මාණ සම්බන්ධයෙන් මධ්‍යස්ථ විචාරයක් සිදු නොවීය. ඊට හේතුව, නිසැඳැස් සම්ප‍්‍රදායට එරෙහිවූවන් එය අන්තගාමීව ප‍්‍රතික්ෂේප කිරීමත් නව සම්ප‍්‍රදාය අගය කළ පිරිස් විසින් එය දැඩිව උත්කර්ෂයට නැඟීමත්ය. ඔහුගේ නිර්මාණ උග‍්‍ර බුද්ධිවාදී විය. ඉංග‍්‍රීසි හා සිංහල සමාජයන්ගේ සංකේතාත්මක, භාවමය හා සංස්කෘතික වෙනස්කම් ඔහුට ගෝචර නොවීය. තවද, මෙරට කාව්‍ය සම්ප‍්‍රදායක් පැවැති බවත් විදේශ ආක‍්‍රමණයන් හේතුවෙන් එහි ස්වභාවික පරිණාමය ඇණ හිටි බවත් ඔහුගේ අවධානය ලක් නොවීය.
කිරෙන් සිනිඳු වුනු සුදු පුංචි දත් දෙකක
පුරා හඳ පෙරා එන සොමි කැලූම් දත් දෙකක
ආදරේ උණුසුමින්
සුදු මුහුණ පිරී යයි.
කුඩා හද තෙමාගෙන ආදරේ කිරිදියෙන්
කුඩා නෙත් පුරාගෙන ආදරේ සිසිලසින්
සිනසෙයි මා දිහා-
ඉරක්, හඳක්, තරුවක්
කිරි වැගිරෙන පොඩි හිනහව
පිණිපොකුරු වැසි ලෙසින්
මා මුහුණ මත වැටේ.
………………….
උණ ගැනුණු ඇඟ නිවන
සිනිදු පොඩි සිනා රොද
දරුවෙකුගේ සිනහවක් වර්ණනා කිරීමට කිවියා විසින් යොදා ගත් රූපක ප‍්‍රබල සහ නැවුම් වුවද එය කියවන පාඨකයා තුළ භාවාත්මක සිතිවිලි උපදවන්නේ නැත. මෙහි එන සංකල්පරූප පාඨකයා හුරු පුරුදු සංකල්පරූපයන්ට වඩා බොහෝ සෙයින් ආගන්තුක වීම ඊට හේතුවයි. සාමාන්‍යයෙන් අප රටේ කුඩා දරුවන්ගේ දත් සුදුපාට වන්නේ, ඒවායේ කිරි බොන විට කිරි තැවරීම නිසා නොව ‘ලේනාගෙන් ඉල්ලාගත්’ බැවිනි. ළමයෙකු විෂයෙහි සඳ ‘කිරි පැණි ගෙන එනවා’ විනා මුහුණ සුන්දර කිරීමට පාට ආලේප කරන්නේ නැත. අනෙක් අතට මෙරට සමාජය රජය විසින් පාලනය කළ ආර්ථික ප‍්‍රතිපත්තියක් යටතේ පාලනය වූ සමයක මුහුණ සුන්දර කරන ආලේප යනු එතරම් සුලබ දෙයක් නොවේ.
මෙනිසාම, නිදහස් කවියේ ප‍්‍රගමනයට වඩා එය පියවර කිහිපයකින් පසුපසට ඇද දැමීමට සිරි ගුණසිංහගේ නිර්මාණ උපයෝගී විය. ඊට හේතුව අනුචිත සංකල්ප රූප, උපමා, රූපක, සංකේත මඟින් එක් පසකින් රසිකයාගේ භාව ප‍්‍රබෝධනයක් සිදු නොවීමත් එනයින් රසිකයා නව කාව්‍ය සම්ප‍්‍රදාය වටා රොක් නොවීමත්ය. අනෙක් පසින් ඔහුගේ නිර්මාණ නිදහස් කාව්‍ය සම්ප‍්‍රදායට එරෙහි විචාරකයන්ට රසවත් අහරක් විය. සම්ප‍්‍රදායික විචාරකයෝ නිදහස් කවිය උපහාසයට, අපහාසයට හා පරිහාසයට පත් කිරීමට මෙම නිර්මාණ මහත් අභිරුචියකින් යොදා ගත්තෝය. එනිසාම ඔහුගේ නිර්මාණ සම්ප‍්‍රදාය ඔහු සමගම ඉපිද, ඔහු සමගම අභාවයට ගියේය.
ජී. බී. සේනානායක විසින් අරඹා සිරි ගුනසිංහ විසින් වෙනත් මඟකට රැගෙන ගිය සිංහල නිසැඳැස් කවිය යළි නිසි මඟකට ගෙන ආවේ සේකරලා දෙදෙනෙකු විසිනි. ඒ ගුණදාස අමරසේකර හා මහගම සේකර යන නිර්මාණකරුවන් දෙදෙනා විසිනි. සේනානායක හා සිරි ගුණසිංහ බටහිර සාහිත්‍යය පිළිබඳව හැදෑරූ තරමටම ගැඹුරින් සිංහල සාහිත්‍යයත් පෙරදිග දර්ශනයන් හා සිංහල ජන සාහිත්‍යයත් අධ්‍යයනය කිරිම මෙම නිර්මාකරුවන් දෙදෙනාගේම විශේෂත්වයයි. මෙහිදී ගුණදාස අමරසේකර භාවගීත, උයනක හිඳ ලියූ කවි, අමල් බිසෝ, ගුරුළුවත, ආවර්ජනා යන කාව්‍ය සංග‍්‍රහයන් ලියා පළ කළේය. කාව්‍ය ආකෘති පිළිබඳව කරන ලද විවිධ අත්හදාබැලීම්, ජන කවියෙන් ලත් ආභාසය සිංහල කවියේ ප‍්‍රවර්ධනයට හේතු විය. තවද, එය දේශීය මූලාශ‍්‍රයන් සොයා යාම අරඹන ලද්දේ මෙම නිර්මාණකරුවන්ගේ ආභාසයෙනි. කෙසේ වෙතත්, මෙම නිර්මාණකරුවන් දෙදෙනාගෙන් මහගම සේකර, ගුණදාස අමරසේකරට වඩා ඉදිරියට ගමන් කළ නිර්මාණකරුවෙකු විය. ”මහගම සේකර සංකල්පමය වශයෙන් ගුණදාස අමරසේකරට වඩා පියවර කිහිපයක් ඉදිරියට තැබීය. තම පූර්වගාමියාට වඩා ගැඹුරින් පොදු සමාජය විනිවිද දැකීමටත්, ඉන් ගරා ගත් අනුභූතීන් දැඩි මානව භක්තියෙන් යුතුව, හෘදයාංගම ලෙස කවියට නැඟීමටත් හේ සමත් විය.” (දොරමඩලාව, දයාසේන ගුණසිංහ, 1991) මහගම සේකර විසින් ප‍්‍රගුණ කළ සමාජ විවරණයෙහි සමත්කම පසුකාලීන නිර්මාණකරුවන් කෙරෙහි බලපා ඇති ආකාරය සන්සන්දනාත්මක අවධානයට ලක් කිරීම තුළින් සිංහල කවියේ එක් පැතිකඩක් විවර කර ගත හැකිය.
මහගම සේකර හා ඔහුගේ නිර්මාණ
සමාජ විවරණ විෂයෙහි මහගම සේකර සිය නිර්මාණ සඳහා පාදක කර ගන්නේ සමකාලීන සමාජය ඇසුරින් ඔහු දකින ලෝකය හා පරම ලෝකය වශයෙන් ඔහු දකින ලෝකයේ පරතරයයි. මෙය එක්තරා ආකාරයකට ‘සමාජමය ක්ලෙමථයක්’ ලෙස පෙන්වා දිය හැකිය. අප බොහෝ දෙනෙක් දන්නා පරිදි ක්ලෙමථය (Stress) යනු පීඩාකාරී මානසික තත්වයකි. බොහෝ කායික රෝගවලට පාදක වන ක්ලෙමථය නිර්මාණකරුවෙකුගේ සාර්ථක නිර්මාණකරණයක පදනම වන බව අවධානයට ලක්ව ඇත. ”‘කලාකරුවන් ස්වකීය නිර්මාණ කිරීමට පොළඹවන හේතු සාධක ගැන’ (නිර්මාණය හා ශෝකය, සිරිල් සී පෙරේරා, 1994) අවධානය යොමු කරන විට ‘සුරදූතයන් විසින් ගයන ලද ගීතිකා ලෙස අප විසින් සලකන කෘතීන් ඇත්ත වශයෙන්ම ලියා ඇත්තේ නිරයේ පතුලෙහි ජීවත් වූ පුද්ගලයින් විසින් යයි වරක් ප‍්‍රාන්ස් කෆ්කා විසින් පවසා ඇත. කලා කෘතීන් බිහි වන්නේ, මහත් මානසික සහ ශාරීරික වේදනාවකිනි.” (නිර්මාණය හා ශෝකය හැඳින්වීම, බෙනඩික් දොඩම්පෙගම). ලෝකයේ බොහෝ කලාකරුවන් තරමටම මහගම සේකර සිංහල කවිය තුළ උත්කර්ෂයට නැඟුණු චරිතයකි. මෙම වර්ණනය පිටුපස ලාංකේය විචාරකයාගේ කුහකත්වයත් ප‍්‍රදර්ශනය වූ බවද මෙහිලා සටහන් කළ යුතුය. ඊට හේතුව, සිය නිර්මාණකරණයෙහි අග‍්‍රඵලය වන ප‍්‍රබුද්ධ එළි දැක්වීමත් සමගම සේකර අකාලයේ මිය යාමයි. සාමාන්‍යයෙන් ජීවත්වන කෙනෙකුට වඩා මිය ගිය කෙනෙකු වර්ණනා කිරීමට අභිරුචියක් දක්වන අපගේ සංස්කෘතික පසුබිම විසින් පොළඹවන ලද සිංහල විචාරකයා මහගම සේකර අභිවන්දනීය චරිතයක් බවට පත් කළේය. ඔහුගේ කාව්‍යද නිර්මාණ ඇගයිමේදී සාර්ථක නිර්මාණ තරමටම අසාර්ථක නිර්මාණයන්ද ඇති බව හෙළිවේ. සාපේක්ෂව ඔහුගේ ගීත නිර්මාණ තුළ මතුවන ප‍්‍රතිභාව තරම් උසස් නිර්මාණශීලීත්වයක් කවිය තුළ හමු නොවේ. කෙසේ වෙතත්, සිංහල ගීතය ප‍්‍රශස්ත තලයකට ඔසවා තැබූ නිර්මාණකරුවෙක් වශයෙන් ඔහුට හිමි ගෞරවය පළ නොකරන විචාරකයා, කවියකු වශයෙන් ඔහු හුවා දැක්වීම කුහක වෘතයක් ලෙස ප‍්‍රකාශ කිරීම වරදක් නැත.
සේකරගේ නිර්මාණ වෙසෙසා අධ්‍යයනය කළ විද්‍යාර්ථීන් විසින් අදාල නිර්මාණයන්ගේ තේමාවන් සලකා බලා වර්ගීකරණයකට ලක් කර ඇත. ඒවා නම් ප්‍රේමය, බුද්ධිය, අසන්තුෂ්ටිය, ආගම, මරණය, සමාජ හා පංති විෂමතාව, නාගරීකරණයේ බලපෑම, තාක්ෂණ විප්ලවයත් සමගම ජන ජීවිතයට සිදුවන බලපෑම් හා ජනප‍්‍රිය තේමාවන් වන දේශ වාත්සල්‍යය, සොබා සෞන්දර්යය ආදියත්ය.
සේකර දුටු සමාජ යථාර්ථය
සේකර හා ඔහුට පසුකාලීන නිර්මාණකරුවන් කෙරෙහි බලපෑ මේ සියලූ තේමාවන් මෙහිදී අවධානය ලක් කිරීම අපහසු වන අතර, එය පසුකාලීන නිර්මාණකරුවන්ගේ නිර්මාණ හා සැසැඳීම මහත් සංකීර්ණතාවක්ද ජනිත කරයි. ඉහත මවිසින් උපුටා දක්වන ලද ආධුනිකයාගේ පෙරවදනෙහි උත්ප‍්‍රාසයට ලක් කර ඇති සමාජ හා පංති විෂමතාව සම්බන්ධයෙන් සේකරගේ නිර්මාණ යොමුව ඇති ආකාරය හා එය පසුකාලීන නිර්මාණකරුවන් කෙරෙහි බලපෑ ආකාරයත් එහිම අවධාරණය කර ඇති ආගමික සංකල්ප සම්බන්ධයෙන් පසුකාලීන කවියන්ගේ දෘෂ්ටියත් පමණක් මෙහිදී අවධානයට ලක්වේ.
සෑම නිර්මාණකරුවෙන්ම සිහින දකින්නෙකි. ඔහු දකින්නේ නිතරම බොළඳ මිහිරි සිහිනයකි. නිර්මාණකරුවා යනු කිසි දින යෞවන වයස ඉක්මවා නොයන්නෙකු බව සමර්සෙට් මෝම්ගේ අදහසයි. ”ළමා විය හා තුරුණු විය ආරම්භයේ දී ඇතිවන සාමාන්‍ය ඉන්ද්‍රිය ප‍්‍රබෝධය වන නිර්මාණ ශක්තිය තුරුණු වියෙන් පසු නොනැසී පැවතුණහොත් එය රෝගයක් බවට පරිවර්තනය වෙයි. මෙම රෝගය වර්ධනය වන්නේ, සාමාන්‍ය මිනිස් ගති ඉක්මවා යමින් බව” ඔහු පවසයි. තමාට වැටහෙන දේ අන් අයට වැටහෙන්නේ නැත්තේ මන්ද යන්න කවියෙකුට ඇති විශාලම ගැටලූවයි. ලෝකය වඩාත් සුන්දර තැනක් කිරීමට උත්සාහ දරනු වෙනුවට, එය වළඳමින් කුසීත ජීවිත ගත කරන්නන් සම්බන්ධයෙන් උපදින අනුකම්පා සහගත හැඟීම් කවියා පළ කරන්නේ ඔහු ගැන උපන් වෛරයකින් නොවේ. සිය නිර්මාණකරණයේ පදනම ඔහු විසින් වක්‍රෝත්තියෙන් පළ කරන්නේ මෙලෙසිනි.
ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියෙන්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
(ප‍්‍රබුද්ධ)
සිය නිර්මාණ අන් අයට නොවැටහේය දෝ නැතහොත් තමා ප‍්‍රාර්ථනා කරන දේ සමග රසිකයා අත්වැල් බැඳ නොගනීය යන විචිකිච්ඡාවෙන් මඩිනා ලදුව නිර්මාණ කිරීම ආරම්භ වූයේ, මහගම සේකරගේ නිර්මාණ තුළිනි. ඊට පෙර මෙරට ප‍්‍රචලිත සාහිත්‍ය සම්ප‍්‍රදාය වූයේ, කෙසේවත් අන් අයට නොවැටහෙන ගූඪ සිත් සහිත මිනිසුන් උත්කර්ෂයට නැංවීමයි. මරණය අභියසත් අප‍්‍රතිහත ධෛර්යයකින් හා දැඩි ආත්ම විශ්වාසයකින් හැසිරෙන ඇල්බයා කැමූගේ පිටස්තරයා පොතේ එන මාර්සෝ මෙරට සාහිත්‍ය විචාරකයා අතින් අපේක්ෂාභංග පුද්ගලයෙකු බවට පත් විය. පනහ දශකයෙන් ඇරඹී හැටේ දශකයේ ව්‍යාප්ත වූ මෙරට නවකතා රැල්ල තුළ අපේක්ෂාභංග චරිත විශාල ප‍්‍රමාණයක් හමුවේ. මේ එකදු චරිතයක්වත් හෙට දවස සම්බන්ධයෙන් සුභ සිහින දකින්නේ නැත. මෙම නව ප‍්‍රවණතාව බිහි කරන ලද්දේ සේකර විසිනි. ඔහුගේ තුං මං හන්දියේ සිරිසේනගේ හදවත් විවරණය කරමින් එම සිනමා පටයට අමරදේවයන් ගයන ”සොබා සොඳුරු සිරි මෙලොවේ – ඔබේ ඇසිනි මා දුටුවේ” යන දෙපදය තුළ මේ සුභවාදී සංකල්පය කැටි කර ඇත. ලොව සුන්දර ලෙස දකින මිනිසෙකුගේ දෙනෙතින් අපටත් ලෝකය දැකිය හැකි නම් ඒ සියල්ල සුන්දරව පෙනෙනු ඇත.
පොඩි මල්ලියේ කාව්‍ය සංග‍්‍රහය පිළිගැන්වීමේ පරාක‍්‍රම කොඩිතුවක්කු වෙනත් බසකින් සටහන් කරන්නේ මෙම සංකල්පයමය.
මෙහි එන සියල්ල
මනඃකල්පිත යැයි
මම් ඔබට කෙසේ
පවසම් ද?
රසිකයාට නුහුරු ආගන්තුක ලෝකයක් එක මනඃකල්පිත සිදුවීම් වෙනුවට ඔහුට හුරු පුරුදු එදිනෙදා සිදුවීම් හරහා විශාල සමාජ විවරණයක් කළ හැකි බව පසක් කළ පළමු කවියා වශයෙන් හැඳින්වීමේ ගෞරවය මහගම සේකරට හිමි විය යුතුය. සේකර විසින් මෙම සංකල්පය විවරණය කරන්නේ ඊට උචිත උත්ප‍්‍රාසාත්මක රිද්මයක්ද සහිතවය.
පියෙක්
පුතෙක්
දුවක්
පවුලක්
සමාජයක්
ඉස්පිරිතාලෙට හැරෙන හංදිය ළඟ
මාර ගසක් මුල ඉඳගෙන
සංගීතය
මෙහි එන පවුලක් හා සමාජයක් යන යෙදුම් බෙහෙවින් උත්ප‍්‍රාසාත්මකය. සමාජයක් නිර්මාණය වන්නේ, තනි තනි පුද්ගලයාගෙනි. ඒ, එක් එක් පුද්ගලයා පෞද්ගලික වස්තුවක් ලෙස ගැනීම ධනවාදී සමාජයේ ලක්ෂණයයි. එක ක‍්‍රමය, සශ‍්‍රීකත්වයට යන මාර්ගය යෝජනා කරන්නේද එක් එක් පුද්ගලයාගේ තනි තනි සංවර්ධනය තුළිනි. රටක නීතියේ ආධිපත්‍යයත් ආර්ථික උපක‍්‍රමත් සකස් කර ඇත්තේ, මෙම සංකල්පයට උචිත ආකාරයෙනි. මෙය තනි තනි පුද්ගලයන් සිල් රැකීමෙන් සුචරිතවත් සමාජයක් බිහි කළ හැකිය යන ආගම්වාදී සංකල්පයට සමානය. සේකර උපහාසයට ලක් කරන්නේ, මෙම සංකල්පයයි. සමාජයක් නිර්මාණය වන්නේ තනි තනි පුද්ගලයාගෙන් නම්, තනි තනි පුද්ගලයා යනු සමාජය බවට වන ප‍්‍රතිතර්කය මඟින් ඔහු උක්ත සංකල්පය ප‍්‍රශ්න කිරීමට ලක් කරයි. ඔහු සිය දියසෙන් කුමාරයාගේ සම්ප‍්‍රාප්තිය සම්බන්ධ වන නිර්මාණය තුළ මෙම සංකල්පය වඩාත් තීව‍්‍රව පළ කරයි.
ඒ කාලේ මම හිතුවා
දෙදහස් පන්සීයෙ දි ඇවිල්ල රට හදන්න
පස්සේ මටම හිතුනා
ඔක්කෝටම ඉස්සෙල්ලා මං හැදෙනව
එහෙම හිතල වැලි දැම්මා හාල්වලට
මිරිස්වලට වතුර ගැහුව
කිරුවා බොරු පඩියෙන්
ගින්දර අරන් ගියා වතුර යටින්
බෙලි කැපුවා දිය රෙද්දෙන්
……………………………..
මට දැන් තේරෙනවා
එක එක පුද්ගලයා තර වුනාම
මුළු රට දියුණු වෙනව
(බෝඩිම)
සාමාන්‍යයෙන් රෝහලට පැමිණෙන මිනිසුන් නිරන්තරයෙන්ම චිත්ත පීඩාවකින් කල් ගෙවන පිරිසකි. මන්ද ඔවුන් පැමිණෙන්නේ රෝග පීඩාදියට සම්බන්ධ කිසියම් කරුණක් වෙනුවෙනි. එහෙත්, සංගීතය නමින් විධිමත් නොවූ ගායනයකින්, වාදනයකින්, නර්ථනයකින් පවා ඔවුන් ප‍්‍රීතියට පත්වන ආකාරයකි.
ලෙඞ්ඩු බලන්නට එන අය
උල් කර පුළුටු මුහුණු
වටවී බලා සිටිති
පුතාගේ උදව් ඇතිව
පියා වයයි සර්පිනාව
එල්ලාගෙන හිස පසෙකට
ඉරුණු කබායේ දකුණත හැලී වැටෙයි
ඇතුළත අත නොමැතිව
දඩු කොට වමත ඇඟිලි
ඇනගෙන ඇනගෙන යනකොට රීඞ්වලට
දුබල හඬින් කෙඳිරිගායි සර්පිනාව
අන්ධ පුතා සින්දු කියයි
”ශෝභා දර්ශන වේ
නේක වර්ණ පුෂ්ප පිපී
මධුරයි මනෝහරයි
ප‍්‍රීතියි ප‍්‍රීති ජීවිතේ”
……………………..
පියා කහී
පුතා කහී
………………….
කෙසඟ ඇඟිලි ලෙලව ලෙලව
ගී තාලෙට සිඟිති දූ නටයි
වට රවුමේ කැරැකි කැරැකි පා තබා
හති ඇර ඇර
සමාජය වෙළාගත් ඛේදවාචකයන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අදාල සිදුවීම් හමුවේ නරඹනන් වන සාමාන්‍ය මිනිසුන්ද වග කිව යුතුය. නිවසේදී, කෝච්චියේදී, බසයේදී, බස් නැවතුමේදී, කඩපොලේදී, ක‍්‍රීඩාපිටියේදී පවත්නා ක‍්‍රමය තදින් විවේචනය කරන, එහෙත්, සක‍්‍රීය වීමට බල කෙරෙන සෑම අවස්ථාවකකම ගොලූබෙලි වෘතයෙන් සිය කටුව තුළට රිංගාගෙන ආත්මාර්ථය පමණක් පදනම් කර ගනිමින් ක‍්‍රියා කරන මිනිසුන්, දේශපාලන පක්ෂ විසින් සිය ඡන්ද අඩු වෙනවාට බියෙන් සුරතල් කරන විට ඊට එරෙහිව කෙරෙන නිර්දය විවේචනයක් සේකරගේ ඉහත කවිය තුළ ඇත. සෙනරත් ගොන්සාල් කෝරාල කවියාගේ ‘සිඟන්නාගේ මරණය’ නම් මතු කවිය තුළ ඇත්තේද මෙම සංකල්පයයි.
මේ මෙතන තියෙන්නේ
සමාජයේ මළ කුණයි
එහි සුවඳ
නිල මැස්සනේ ඉතින් නොසොයව්
…………………………..
තර ප‍්‍රභූ කබර වරු
කුණු ගඳට බැන වදිත්
දෙ දිව නිවටුනි විහිළු නොකරවු
(සඳ සාවුන්ගේ කවි)
සිඟන්නාගේ මරණය කිසිවෙකුටත් දුකක් නැත. ඇත්තේ ඉන් සිය දෛනික ජීවන කාර්යයන්ට වන හිරිහැරය පිළිබඳව කේන්තියකි. එහෙත්, මිනිසෙකු හිඟන්නෙකු කිරීමට හා ඒ හිඟන්නා මහපාරේ, බස් පොළේ මිය යාමට සියලූ ශිෂ්ටාචාරවත් මිනිසුන් වග කිව යුතුය. සාමාන්‍ය මිනිසාටත් වඩා ශිෂ්ට සම්පන්න ප‍්‍රභූවරුන් විෂයෙහි කවියාගේ උත්ප‍්‍රාසය ”තර ප‍්‍රභූ කබර වරු”යන යෙදුමෙන් පැහැදිලි වේ.
මේ සුලභ වස්තු විෂයන් කවියේ සෞන්දර්යයෙන් පෝෂිතව නිර්මාණකරණයට යොදා ගැනීමට පසුකාලීන පරපුරට පිටුබලයක් වූයේ, මහගම සේකරගේ නිර්මාණයන්ය. ඇතැම් කවීන්, මේ සමාජ කුහකත්වය වඩාත් සංකේතාත්මකව, ඉන්ද්‍රීය රූප මවමින් සිය නිර්මාණ තුළට යොදාගෙන ඇත. ජනක මහබෙල්ලන කවියාගේ ‘රුයිත දහය’ කාව්‍ය සංග‍්‍රහයේ එන මගේ හඩ නම් කවිය මීට කදිම නිදසුනකි.
”මේ අපි
ලබා උපන් හැටි”
බල්ලා කිව්වා
”බොඃ – බුඃ – බොඃ”
මම කිව්වා
”මේ අපි
ලබා උපන් හැටි”
පූසා කිව්වා
”ඤෝව් – ඤාව් – ඤෝව්”
මම කිව්වා
”මේ අපි
ලබා උපන් හැටි”
කුකුළා කිව්වා
”කො – කො – ක් කූ”
මම කිව්වා
සාමාන්‍යයෙන් මධ්‍යම පංතිකයාගේ ස්වභාවය තමා හා සංවාද කරන තැනැත්තාගේ මතයට අනුව සිය මතය ගලපා ප‍්‍රකාශ කිරීමය. බොහෝ පිරිසක් ඉදිරිපිට නිහඩව සිටින ඔහු සිය මතය පෞද්ගලිකව පළ කර සියල්ලන්ගේම සිත දිනා ගනී.
”හොක්කේ….. හොක්කේ….. හූ”
සාලයේ හරි බරි ගැසී
වාඩිවී හුන්
නරියා මට
හිනා වුනා
තරුණ පරපුර හා අපේක්ෂාභංගත්වය සෑම යුගයකම විවාදසම්පන්න කරුණකි. මිනිස් ඉතිහාසයේ සිවිල් බලය නිතරම දරන ලද්දේ වැඩිහිටි පරම්පරාවයි. ඇතැම්විට, තරුණ පරම්පරාවට වඩා කලින් ඉපදීමේ වාසිය පමණක් සිය බලය බවට පත් කර ගන්නා වැඩිහිටියන් තරුණ ආවේග අවඥාවෙන් බැහැර කරයි. මෙනිසාම, අපේක්ෂාභංගත්වය වැඩිහිටියන්ගේ හැසිරීම තුළින්ම පීඩාවට පත්ව, ඊට එරෙහිව ප‍්‍රතිචාර දක්වන තරුණයන් නිතරම වැඩිහිටියන්ගේ ද්වේෂයට පාත‍්‍රවේ. තරුණයින් තමාගේ ප‍්‍රශ්න තමාම විසඳා ගන්නවාට වැඩිහිටියන් කැමැති නැත. ඒ වෙනුවට තමා විසින් යෝජනා කරන විසඳුම් සඳහා අවනත වන ලෙස ඔවුන් තරුණ පරපුරට බල කරයි. මෙනිසා අපෙක්ෂාභංගත්වය යුග යුග තරුණයාගේ උරුමයකි. සේකර මේ තරුණයා සම්බන්ධයෙන් අනුම්පාසහගත අවධානයක් යොමු කළ වැඩිහිටියෙකි.
බස් රියේ යන යුවතිය
කොහේ යම්දැයි නොදැනම
කෙටි ගවොම සුදු වටොර අතර තුර
සුදු ලේස් ගෙත්තමක් මඳක් පෙන්වයි ලොවට
…………………………….
කළු මහත බකුසු ඇස් කන්නාඩි
හිර කලිසම් තරුණයා
හැම තැනම සාක්කු ඇති
නමුත් අතේ සතයක් නැති
(ප‍්‍රබුද්ධ)
හැත්තෑව දශකයේ කවියෙකු වන එරික් ඉලයප්පාරච්චි, මනා කාව්‍යාමත්මක භාෂාවක් ගොඩ නඟා ගත්, එහෙත් බොහෝ දෙනෙකුගේ අවධානයට පාත‍්‍ර නොවූ කවියෙකි. ඔහුගේ මන්ද්‍රී දේවී හෙවත් ගමෙන් උපන් නිළිය කාව්‍ය පන්තියේ ගමේ ඉපිද නගරයේ දී නිළියක් වන යෞවනියකගේ පාපොච්චාරණයක් විවරණය කරයි. කමතේ රඟ දැක්වූ වෙස්සන්තර නාට්‍යයේ රජතුමා තමා මහල්ලෙකුට දන් දීම සම්බන්ධයෙන් ඇයට ඇත්තේ ද්වේෂයකි. ඇයගේ විවරණය වන්නේ වෙස්සන්තර මන්ද බුද්ධිකයෙකු බවයි. ඒ වෙනුවට. රන්වන් සිරුරක් ඇති කිඳුරා බදා වැලපෙන කිඳුරියගේ චරිතයට ඇය ඇළුම් කරයි. මේ බොළඳ. ලාමක සිතිවිලි තුළ සිරවන යෞවනිය බිලි ගන්නා වාණිජ ලෝකය ඇය ලිංගිකව සූරා කන අන්දමත් එය උපේක්ෂා සහගතව විඳ දරා ගන්නා ඇගේ නොදැනුවත්කමත් කවියාගේ අවධානයට ලක්වේ.
නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඩුවලූ සොවින් ගඟ අසබඩ වස්දඩුව
සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඩමි ඔබගේ රන්වන් සිරුර
පුවත්පතක, දැන්වීමක, තාප්පෙක
මගේ මුහුණ වෙන්දේසිය දකින සඳ
නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට
මා විකුණුණු බව සිහිපත් කරනු මැන
’නපුරු කුමාරයා’ නමින් කවි පංතියක් රචනා කරන තරංග වීරසිංහ කවියා, මෙම සංකල්පය ස්වභාවෝක්තියෙන් චිත‍්‍රණය කරන්නේ සේකරගේ ඉහත පද්‍යය සිහිපත් කරවමිනි.
ලොකු පොත් තාමත් කියවන්නේ
දවස පුරා කොහෙද දුවන්නේ
එක පැලකට කූඩු වෙන්න
හිතේ තියෙන පැතුම් ගොන්න
තුට්ටුවකට නෑ සලකන්නේ
…………………………………..
මුළු ලෝකෙම ඔළුවෙ තියෙන්නේ
මං ගැන විතරයි නොසිතන්නේ
(අපි තාමත් එතනමයි)
තරුණයා තමා සම්බන්ධයෙන් වන අභිමානයකින් නිරන්තරයෙන්ම කටයුතු කරයි. ඔහු මත, වැඩිහිටි පරපුර සිය සදාචාරය බලෙන් පටවයි. මෙහිදී උභතෝකෝටියකට මැදි වන තරුණයා යා යුතු මඟ හසර නොදැන වල්මත් වේ. එයින් මිදීමට උදව් කරනු වෙනුවට වැඩිහිටියෝ සිය ග‍්‍රහණය දැඩි කරයි. එය උල්ලංඝනය වන්නේ වැඩිහිටියන්ට අවනතවීමට තරණ පරපුර අකැමැති නිසා නොව ලෝක ස්වභාවයට අවනත වීමට සෑම පෘතග්ජන මිනිසෙකුටම සිදුවන බැවිනි. මේ වික්ටෝරියානු සදාචාරය රැක ගැනීමට දිවි හිමියෙන් අරගල කරන ආර්ය සිංහලයන් නව පරපුරේ කවියෙකු වන ඉසුරු චාමර සෝමවීර විසින් චිත‍්‍රණය කළ අයුරුය.
අපේ හාදුව දැක
කටරොළු ඇස් ලොකු කරන්
වල්ළුෑණු මල් කට ඇරන්
වද මල් මූණ රතු කරන්
බට පඳුරු බිම බලන්
මෙහි එන ‘වල්ළුෑණු’, ‘වදමල්’ හා ‘බට පඳුරු’ බෙහෙවින් උත්ප‍්‍රාසාත්මක යෙදුම්ය. සාමාන්‍යයෙන් ජන වහරේ බට පඳුරු හඳුන්වන්නේ ‘හැම අතකට ඔහේ නැවෙන’ගස් විශේෂයක් වශයෙනි. මෙවන් සමාජයක් බිහි කරන ගාමක බලවේගය වන දේශපාලන ධාරාවන්ගේ ක‍්‍රියාකාරීත්වය සුමින්ද කේ. ගුණරත්න කවියාගේ ‘චක්කරං කොටුව හා පෙන්දෝ’ නම් නිර්මාණයේ අනුභූතියක් බවට පත් වන්නේ නැවුම් ජීවිතාවබෝධයක්ද ජනිත කරමිනි.
පොඩි කාලේ
පිඟන් කටු පෙන්දෙකුට
පයින් ඇන ඇන
චක්කරං පැන්නා
අපි දෙන්නා එකට
ඒ එදා……….
මේ මෙදා………
මම – ආර්. චන්ද්‍රසේන වූ – උඩහ ගෙදර මහතුන්
උඹ – පින්වත්ව සිරිමත් වූ – මහ ඇමැතිතුමා
මට – චක්කරං කොටුවක් අඳින්නට මිඳුලක් වත් නැත
උඹට – මුළු රටම චක්කරං කොටුවක් වී ඇත……..
ප්‍රේමයේ විරහව මත හඩා වැලපෙන තරුණයන් වෙනුවට ශක්තිමත්ව ඊට මුහුණ දෙන මිනිසුන් පිළිබඳ සුභ සිහිනය සමකාලීන නිර්මාණකරුවන්ට කාන්දු වූයේ, මහගම සේකර විසින් කළ නිර්මාණ තුළිනි. විශේෂයෙන්ම ප‍්‍රබල සාහිත්‍යාංගයන් වන සමකාලීන කෙටි කතාව, නවකතාව, සිනමාව අපේක්ෂාභංග තරුණයා, වීරයා බවට පත් කරද්දීත්, සියලූ විචාරක බල ඇණි ඊට අනුබල දෙද්දීත් එම තේමාව ඉක්මවා යන රචනා ගැරහීමට ලක් කරද්දීත් සේකර බලපොරොත්තු සහගත මිනිසා සිය වීරයා බවට පත් කර ගනී.
සංක‍්‍රාංන්තිය කලියුගයේ
හෙල්ලූම් කන සමාජයේ
පාලම උඩ
මේ මගේ නෑයාය
මිතුරාය – සැමියාය – බිරින්දය
විශ්වාසයක් නොමැත
…………………………..
විෂමව කැරැකෙන ලොව දෙස
ඔබත් මමත්
ඈතට වී බලා සිටිමු
මේ ලොව මීට වඩා යහපත් කොට
සාදන්නට
එවිට අපට හැකි වෙනු ඇත.
(මක් නිසාද යත්)
සේකරගේ වීරයා, පසුකාලීන කවියන්ගේද වීරයා බවට පත් වන්නේ තරුණ පරපුර සඳහා ඉතා සංවේදී කරුණක් වන ප්‍රේමය හා විරහව පවා උපේක්ෂා සහගතව උසුලන මිනිසෙක් පිළිබඳ සිහිනය දල්වාලමිනි.
නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති පල කිමද?
ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල්
මල් නඟන වසන්තය ඔබට ගෙන යා හැකි ද?
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් – මම එතන පාට හත ගනින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබගේ කිරුළ ගෙන
පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත
(පොඩි මල්ලියේ)
සමකාලීන තරුණ පරම්පරාවේ ජීවිත රිද්මයට උචිත අද්දැකීම්, අදාල ජීවිත ඇසුරින්ම සොයාගෙන කවිය සඳහා යොදා ගැනීමේ සම්ප‍්‍රදාය බිහි කිරීමේ ගෞරවය මහගම සේකරට හිමි වන අතර ඔහු සිය නිර්මාණ සඳහා සාමාන්‍ය සමාජයේ රිද්මය කැටි කර ගනී. කාව්‍ය භාෂාව යනු ඒ අත්දැකීම තුළින් නිරුත්සාහිකව බිහිවූවකි.
මංගලිකා
අපි බඳිමුද?
බැඳලා තනි තට්ටුවේ ගෙයක් හදමු
පර්චස් විසි පහක තිහක පොඩි ඉඩමක
ට්‍රේසරි ලෝන් එකක් ගහල
එතකොට අපිටත් ළමයි හැදෙයි
එතකොට අපි උන් වඩාගෙන
දොස්තර ගෙදර යනවා බෙහෙත් ගන්න
…………………..
උනුත් බඳියි
ළමයි හැදෙයි
උනුත් බඳියි
ළමයි හැදෙයි
උනුත් බඳියි
ළමයි හැදෙයි
මංගලිකා
සංසාරේ දිග් ගහන්ඩ
අපි බඳිමුද?
(බෝඩිම)
මෙම කාව්‍ය භාෂාව නිරුත්සාහිකව ජනිත වූවකි. ප්‍රේමරත්න තෙන්නකෝන් සිය ‘අඩ පියාසැරිය’ කාව්‍ය සංග‍්‍රහයේ ”‘මිස්’ කර ගැනීම හා ‘මිස්’ වීම” භාෂාව යොදා ගන්නේ මෙවැනිම ස්වභාවෝක්තියකිනි.
චාජරය මගේ
‘මිස්’ වුණා
අතරම දී
සෙවූමුත් කොපමණ
එවැනි චාජර
ඒ එකක්වත්
‘සෙට්’ නෑ
අරක තරම්
ඊට පස්සේ
බැටරි බැස්සේ
‘හාර්ට්’ එකේ
මගේ
මෙහි එන ‘චාජරය’ සංකේතාත්මක යෙදුමකි. සාමාන්‍යයෙන් ජංගම දුරකථන සඳහා, අදාල සමාගම ලබා දෙන චාජරය හැර වෙන ඒවා ගැලපෙන්නේ නැත. මෙය එක්තරා අන්දමකට සංස්කෘතික සංකල්පයක් විමසීමට ලක් කරන අතරම නව පරපුරේ රිද්මය රඳවා ගනී.
ආගම් සංකල්පය හා නිර්මාණකරණය
මිනිසුන් පීඩාවට පත් කරන කරුණු සම්බන්ධයෙන් බුදු දහම මඟින් කෙරෙන විවරණය ප‍්‍රශ්න කිරීම සන්දර්භය අතින් සැලකීමේ දී, එක්තරා ආකාරයකට කාව්‍ය සාහිත්‍යයේ සන්ධිස්ථානයකි, සිංහල කවිය. එහි සමස්ත ඉතිහාසයේ ආධිපත්‍යය දරන ලද්දේ බුදු දහම වීම ඊට හේතුවයි. ලාංකේය සමාජ සංස්කෘතියේ පදනම වන සිංහල – බෞද්ධකම හා බුදුදහමේ නිර්මාතෘවරයා වන බුදුන්ගේ චරිතය යුග යුග කවීන්ගේ නොමද අවධානයට පාත‍්‍ර වූ චරිතයකි. සම්භාව්‍ය කවීන් බුදුන් තත්සමව වර්ණනා කළ අතර එය උත්තරාරෝපිත බුදුන්ගේ ප‍්‍රතිරූපය තවත් උත්කර්ෂයට නැංවූ ප‍්‍රයත්නයක් විය. ලොව සියලූ ආගමික නායකයින් මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසක් බවට වන නිර්මාලාපය සෑම ආගමකම පදනම් කරුණකි. ආගමික පදනම භක්තියයි. මෙනිසාම, සෑම ආගමික කර්තෘවරයෙක්ම භක්තිය අවධාරණය කළ අතර ඒ අනුව යමින් පසුකාලීන ආගමික කතුවරු එය උත්කර්ෂයට නැංවූහ. සිංහල පද්‍යය ආරම්භයේ සිටම ”පද්‍යයෙන් නම් බුදු දහම වර්ණනා කළ යුතුය” (පෙදෙන් බුදු සිරිත – බසින්වත් සිරිත් ඈ) යනුවෙන් සියබස්ලකර කතුවරයා පැනවූ සීමාව පසුකාලීන කතුවරු එලෙසම අනුගමනය කළහ. මෙම කරුණ අභියෝගයට ලක් කිරීම සැබැවින්ම නිර්භීතකමක් නොවන්නේ ද? මහගම සේකර අතින් ජනප‍්‍රිය බුදුදහම ප‍්‍රශ්න කිරීමට ලක්වේ.
යශෝධා
මම පසක් කළා තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
(ප‍්‍රබුද්ධ)
මෙලොව කාර්යයන් සියල්ලම දෛවයට හෝ කර්මයට භාර දී පරලොව විමුක්තිය සෙවීමට යෝජනා කරන ආගම, සිය දාර්ශනිකයා දේශනා කළ කරුණු පවා අමතක කර ඇති බව කවියාගේ අදහසයි.
”ආනන්ද
මොහු බඩසයින් පෙළෙයි
එබැවින් බණ අසනට සුදුසු නොවෙයි
හැමට පෙර මොහුට ආහාර දෙව”
(ප‍්‍රබුද්ධ)
කවියාගේ සීමාව යථාර්ථය විදහාපෑම වුවත් එම කඩඉම ඉක්මවා යමින් කළ සේකර වඩා යහපත් ලොවක් නිර්මණය කළ යුතු බවට සිය රසිකයාට අවධාරණය කරයි.
ධර්මය වටහාගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැඟීමේ මුල් පියවර
කෑමෙන් – බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය
(ප‍්‍රබුද්ධ)
ආගමික කර්තෘවරුන් සිය ශාස්තෘවරයා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අයෙකු ලෙස වර්ණනා කිරීමට ස්වභාවිකම රුචිකත්වයක් දක්වයි. සිංහල ගද්‍ය සාහිත්‍යයේ එන බුත්සරණ, අමාවතුර වැනි කෘති තුළින් ගම්‍ය වන්නේ මෙම උද්දාමයයි. බුදුන්වහන්සේ හා බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් සාමාන්‍ය මනුෂ්‍යත්වය හා බද්ධ කරන ලද්දේ ජන කවියාය. යශෝධරාවත නිර්මාණය කළ ජන කවියා රජ මෙහෙසියක් වූ යශෝධරාව සිය සැමියාගේ වියෝවෙන් වැලපෙන, උපේක්ෂා සහගත ගැමි ගැහැණියක් බවට පත් කිරීම උදාහරණ වශයෙන් දැක්විය හැකිය.
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටිව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අඳුරුයි සුවාමිනේ
සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යාමෙන් අනතුරුව යශෝධරා දේවියගේ හැසිරීම ඉහත කවියේ වර්ණිත යශෝධරාව හා නොගැලපේ. ඇය අනුගමනය කරන ලද්දේ, දැඩි ප‍්‍රතිපත්තියකි. ඇය කිසිවෙකුත් සමග කතා බහකට නොගොස් මාලිගයේ, උඩුමහලේ හුදකලාව වාසය කළාය. දළ රළු රෙදි පෙරෙදි ඇන්දාය. ආහාර වර්ජනය කළාය. අවසන වසර හයකට පසු බුදුව කිඹුල්වත් නුවරට පැමිණි බුදුන් පිළිගැනීමට ඇය මාලිගයෙන් පහළට නොබැස්සාය. බුදුන්වහන්සේට යමා මහපෙළහර පා, සියලූ ශාක්‍යයන්ගේ මන් බිදීමට හැකි වුවද යශෝධරා සිය කුටියෙන් එළියට කැඳවීමට නොහැකි විය. අවසන ඇගේ කුටියටම වැඩ ඇයට ධර්මය දේශනා කිරීමට බුදුන්වහන්සේට සිදු විය. එහෙත්, ජන කවියා මැවූ යශෝදරාවතේ එන යශෝධරාව නම් බුදුන්ගේ ඡායාමාත‍්‍රයක් දුටු ඇසිල්ලේම උන්වහන්සේ වෙත ගොස් බදා වැළඳ සිය සතුට පළ කරනු නොඅනුමානය. මෙම ජනකවි ආභාසය අනුව බුදුන්වහන්සේ යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකු බව සේකර සිය නිර්මාණ තුළින් විවරණය කරයි.
බුදුන් වහන්සේ පිරිනිවන් අපේක්ෂාවෙන් රජගහ නුවර සිට කුසිනාරා නුවරට වඩින දිනක් අතරමඟදී ආනන්ද හිමියන් අමතා ‘ආනන්ද මා උපන් නුවර සිට හමා එන සුළඟ පවා මට සැපයක්’ යැයි කීවෝය. අල්පේච්ඡතාවෙන් දිවි ගෙවූ උපේක්ෂා සහගත බුදුන්ගේ වදන් කවියා විමසීමට ලක් කරයි. එමඟින්, බුදුන් යනු මානව විමුක්තිය සොයා ගිය විමුක්තිකාමියෙකු ලෙස දක්වන කවියා වක‍්‍රාකාරයෙන් වත්මන් සංඝ සමාජය හා එහි ඇවැතුම් පැවැතුම් ප‍්‍රශ්න කරයි. දේශපාලනයෙන් මත්ව, පාලක පංතිය හා එක්ව සිටිගෙන පිණ්ඩපාතයෙන් හා පාංශකූලයෙන් පමණක් යැපිය යුතු බවට වදාල පිරිස් ”චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය” වෙනුවට ”චරත භික්ඛවේ චාරිකං මහරජ හිතාය, මහරජ සුඛාය” යන්න තේමාව බවට පත් කර ගෙන සිටීම කවියා අවඥාවට ලක් කරයි.
”බෝ මැඩට වී තනිව
අහෝ සැපයි ජීවිතේ රස නොවිඳ
ගව් ගණන් ගාටමින්
ඇල දොළින් දිය බොමින්
රළු වැල්ලේ සැතපෙමින්
අතේ තඹයක් නැතිව
කසට රෙදි කඩ පෙරව
ගම් – නිගම් සොයා සොයා
දුර කතර ගෙව – ගෙවා
ඉරු රැසින් දැවි – දැවී
ඩහ කඳුළු සූරමින්
පිළුණු බත් උළු කමින්
දොරින් – දොර ඇවිදිමින්
කුණු බැණුම්
ගොම වැරැටි ඉවසමින්
දුක් විඳින සහෝදරයින් සමග
ඇති තරම් ජීවත් වූ නිසාද ඔබ?
(පොඩි මල්ලියේ)
බුදුන් පිරිනිවන් පාන්නේ තමා ගෙන් ඉටු විය යුතු යුතුකම් සම්පූර්ණ කිරීමට පෙර බවක් මින් හැඟවේ. දුක් විඳින මිනිසුන් අප‍්‍රමාණව සිටින ලෝකයක ඔවුන් හැරදමා යාම කවියා තුළ ඇති කරන්නේ කුකුසකි. සේකර මෙසේ ලීවේය.
සිද්ධාර්ථ
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
ඉර්තුවෙන් ඉර්තුවට සත් මහල් ප‍්‍රාසාද
රජ ඉසුරු අපට නැත
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
(ප‍්‍රබුද්ධ)
බුදු සමය එහි පරමාර්ථ සංශෝධනය කරමින්, දෛනිකව ජීවන ගැටලූවලට මුහුණ දෙන මිනිසුන්ගේ දුක් දෝමනස්සයන් සඳහා ලෞකිකව විසඳුම් ලබා දෙන දහමක් බවට පත් විය යුතු බව මහගම සේකර අවධාරණය කළේය. ඔහුගේ ප‍්‍රබුද්ධ කෘතිය සියලූ ආගම් සම්බන්ධයෙන් මධ්‍යස්ථ විචාරයක් කරමින් එහි පදනම සමාන බවත්, ආගමක අවසන් පරමාර්ථය විය යුත්තේ, සිය අනුගාමිකයාගේ දුක්ඛ දෝමනස්සයන් පහ කිරීමට අරගල කිරීම බවත් දක්වයි. ප‍්‍රබුද්ධ විචාරය කළ බොහෝ විචාරකයින් එය බුදු දහමේ ආධ්‍යත්මික හරය ගැඹුරින් ගවේෂණය කළ කෘතියක් බවට, එහි එන ඇතැම් පද්‍ය උපයෝගී කර ගනිමින් තහවුරු කරන ලද්දේ පවත්නා ක‍්‍රමයට එරෙහිව සේකර නඟන හඩ අධිපති දේශපාලන මතවාදයට නොගැලපෙන බැවින් විය යුතුය. ඔවුන් මහත් අභිරුචියකින් ගෙන හැර දක්වන්නේ ප‍්‍රබුද්ධහි එන පහත කවියයි.
වික්ටර්
බතක් – වතක් – ගෙයක් – දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සංසාරේ නිරංතරව තැවරී ඇති
දුක එතකින් නිමා වේද?
නොසන්සුන් වූවෝය තරුණයෝ
විමුක්තිය සම්බන්ධයෙන් තරුණයන් දක්වන ආකල්පය ප‍්‍රබුද්ධගේ විවේචනයට ලක් වේ. ලෞකික විමුක්තිය වෙනුවට පරමාර්ථ සත්‍යය සොයා යන ආධ්‍යාත්මික ගවේශකයෙකු වශයෙන් ප‍්‍රබුද්ධ හුවා දැක්වීමට විචාරකයින් උත්සුක වන්නේ මෙනිසාය. ”සතුටෙහි ගැටෙමින් පීඩනයට පත් වෙමින් දුක වැළඳගෙන උද්දාමයට පත් වෙමින් බහල තිමිර පටලයක් මැදින් ගමන් ගන්නා අපට කුරිරු දෑත් විදා ලූහු බැඳ එන අසහනයෙන් මිදෙනු වස් පිළිසරණක් ලද හැක්කේ කොහින්ද? මහගම සේකර මෙම කාව්‍යයෙන් පවසන පරිදි පුද්ගල අනුභූතීන් පිහිටා පසක් කොට ගත් බුදු දහමෙහි මානුෂික හරයෙනි.” (විමල් දිසානායක) එහෙත්, මෙම ප‍්‍රකාශයෙන් අනතුරුව ප‍්‍රබුද්ධ පළ කරන මෙම සංකල්පය හේතුඵලවාදීව ගලපා අදහසක් පළ කිරීමට මෙම විචාරකයින් ක‍්‍රියා නොකරයි.
ධර්මය වටහා ගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැඟීමේ මුල් පියවර
කෑමෙන් – බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය
මෙනිසා, එක් අතකින් සේකරගේ නිර්මාණ උත්කර්ශයට නංවද්දී, එහි අර්ථයන් තමාට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීමක් ද දක්නට ලැබේ. කෙසේ වෙතත් පසුකාලීන නිර්මාණකරුවන් සේකරගේ සංකල්පය මැනවින් ග‍්‍රහණය කරගත් බව රත්න ශ‍්‍රී විජේසිංහ කවියාගේ මතු දැක්වෙන නිර්මාණ විමසීමේ දී හැඟී යයි.
සොයා නොගොසින, ගයා හිස රම්‍ය වන ගැබ
දමා නගරය
භයානක සොර සතුරු බිය පිරි
වීදියේ වැඩ සිටියි හිමි ඔබ
තාර උණුකර දමා දෙපතුල
ධූලි නංවා නඟී ගිනි කඳ
කෙසේ විකසිත වේද
ඔබ පිරිපා තබන්නට පිපෙන සියපත?
කම්හලේ කළු දුමාරය මැද
තැම්බිලා ගිය ඇට සැකිලි රැස
රංචු ගැහෙනා ගිජු ලිහිනියන්
ගසා කනු දුටුවෝද හිමි සඳ?
………………………………..
හඹා දිව එන අඟුලූ මල්වන්
වේදනා දුක් ගැහැටි හිරිහැර
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ
(බිය නොවන් අයියන්ඩි)
පරාක‍්‍රම කොඩිතුවක්කු කවියාගේ ධනිය ගෝපාල කවි පන්තියද අදාල කවිය සම්බන්ධයෙන් බුදු සමයේ එන විවරණයට පරස්පර අදහස් ජනිත කරන්නකි. එහි කරන්නේ, මෙවන් මිනිසුන් පිළිබඳ විවරණයකි. අදාල කතාවට අනුව තමා සියලූ සැප සම්පතින් ආඪ්‍යව සිටින බවත්, මේ හැර වෙනත් විමුක්තියක් අවශ්‍ය නැති බවත් ධනිය ගෝපාල පවසයි. බුදුන් වහන්සේ ඔහුට පරම විමුක්තිය නිර්වාණය බව පවසයි. ධනිය, මේඝයට වසින්නට කියයි. තමාගේ නිවසේ පිසින ලද බත් ඇති බවත් දොවන ලද කිරි ඇති බවත් සිය නිවස නොතෙමෙන බවත් පවසන ඔහු වැස්ස අපේක්ෂාවෙන් බලා සිටියි. පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා පවසන්නේ ඔහුට වැස්ස ආශීර්වාදයක් වුවත්, බොහෝ දුප්පත් මිනිසුන්ට එය විනයක් බවයි.
පුංචි පැලේ මම තනිවුණු වෙලාවේ
පමා වෙලා වැහැපන් වැහි වලාවේ
(පොඩි මල්ලියේ)
සමාප්ති සටහන
මහගම සේකර යනු සිංහල කවිය නව මාවතක් අවශ්‍යව බලාපොරොත්තු සහගතව සිටින මංසන්ධියකදී එහි ඉදිරි මඟ කෙසේ සකස් විය යුතුද යන්න සම්බන්ධයෙන් ස්වාධීන මතයක් සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළ නිර්මාණකරුවෙකි. ඔහුට සමකාලීන ගුණදාස අමරසේකරට වඩා පසුකාලීන පරපුරට බලපෑවේ සේකරගේ නිර්මාණයෝය. ඔහුගේ අභාවයෙන් දශක 03ක් ඉක්ම ගොස් ඇතත්, සිංහල කවිය විෂයෙහි ඔහුගේ බලපෑම තවමත් සජීවීය. කෙසේ වෙතත්, පුෂ්කින් කී ආකාරයට ‘ගොගෝල්ගේ හිම කබායෙන් රුසියානු සාහිත්‍යය එළියට ආවත්’, සිංහල කවිය සේකරගේ කවියෙන් එළිය පැමිණ වඩාත් ප‍්‍රශස්ත තලයකට ඔසවා තැබීමක් සිදුව නැත. පොදුවේ අප රටේ සිදුවන සංස්කෘතික හා රසඥතාව සම්බන්ධයෙන් වන පරිහානියත් සමගම කවිය පසුබෑමට ලක්ව ඇතත්, ඊටත් වඩා පසුකාලීන විචාරකයින්ගේ කුහක පිළිවෙත විසින් අංකුර කවීන්ගේ ගමන් මඟ බිඳ වැටුණු බව පෙනේ.
 සේකර අනුව යමින් කවිය තුළින් සමාජය හැඟීම් දනවන ආකාරයට විවරණය කළ දයාසේන ගුණසිංහ, පරාක‍්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන් පතිරණ, රත්න ශ‍්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ, බුද්ධදාස ගලප්පපත්ති, සෙනරත් ගොන්සාල් කෝරාල, දර්ශන මේදිස්, එරික් එලයප්පාරච්චි, ආරියවංශ රණවීර, කුමාර හෙට්ටිආරච්චි, යමුනා මාලිනී පෙරේරා යන කවි කිවිඳියන් විසින් හෙළි පෙහෙළි කළ මඟ නිසි ඇගයීමකට ලක් කර සාධනීය සංවාදයක් ඇති කළේ නම් සිංහල කවිය සිරගත කර ඇති තැනින් බොහෝ ඉදිරියට යා යුතුව තිබුණි.
සිංහල විචාරකයන්ගේ කුහක වෘතය මඟින් සිංහල කවියේ ප‍්‍රගමනයට බාධා වුවද, අනූව දශකයෙන් පසු හුදකලාව කවි ලියන ධම්මික මුණසිංහ, යසනාත් ධම්මික, මෛත‍්‍රී ප‍්‍රසාද් ජයවර්ධන, රවීන්ද්‍ර දෙවෙනිගොඩ, සුමින්ද කේ. ගුණරත්න, ජනක මහබෙල්ලන, මිහිරි නිල්මිණි ගුණසිංහ, තරංග රණසිංහ, සංජීව මූණමල්පේ, ලක්ෂාන්ත අතුකෝරාල, ඉසුරු ප‍්‍රසංග, රසික චාමර, ප්‍රේමරත්න තෙන්නකෝන් වැනි නිර්මාණකරුවෝ පිරිසක් සිටිති. නවක නිර්මාණකරුවන් සිංහල කවිය විෂයෙහි වෙනසක් අපේක්ෂා කරන්නේ නම් කවියේ දෘෂ්ටිය, සංකල්පරූප සහ භාෂාව සකස් කර ගැනීමේ දී සේකර තුළ සිරගත නොවී ආභාසය ලබා ගත යුතුය. ඔවුන් ඒ සඳහා සූදානම් බව හා ප‍්‍රමාණවත් තරමට ශක්තිමත් බව අදාල නිර්මාණ අපක්ෂපාතීව විවරණය කරන්නෙකුට නිසැකවම පෙනී යනු ඇත.

ආචාර්යතුමා