ලොව භාවිත වන භාෂා විශාල සංඛ්‍යාවක් තිබේ. විවිධ ජාතීහු විවිධ භාෂා භාවිත කරති. ඒ අතර සිංහල භාෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලොව භාවිත වන සහ භාවිත වුණු භාෂා ප්රධාන වශයෙන් වර්ග හතරකට බෙදා වර්ග කළ හැක.
ජීව භාෂා (ස්වාභාවික භාෂා)
සම්භාව්‍ය භාෂා
කෘත්‍රීම භාෂා
මළ භාෂා
කෘත්‍රීම භාෂා
මළ භාෂා
මෙහි ජීව නැතිනම් ස්වාභාවික භාෂා යනු වර්තමානයේ භාවිතාවේ පවතින සියලු භාෂාය. අද ලෝකයෙහි භාවිත වන මානව භාෂාවල ගණන හත් දහස ඉක්මවා පවතී. ලෝකය පුරා නොයෙක් සමාජවල උදේ සවස භාවිත වන මේ භාෂා 'ජීව භාෂා' යනුවෙන් හැඳින්වේ. ජීව භාෂාවක ලක්ෂණ දෙකකි. පළමුවැන්න එය අදහස් පළකිරීම පිණිස කිසියම් සමාජයක උදේ සවස භාවිත වීමයි. දෙවැන්න, එය ජීවියෙකු මෙන් මොහොතින් මොහොත වෙනස් වීමයි. සිංහලය මේ ජීව භාෂා අතුරින් එකකි. ඉංග්රීසි, ඉතාලි,ප්‍රංශ, ලතින් වැනි භාෂා අද සන්නිවේදනයේදී උපකාරී වේ. එම සියලු භාවිතාවේ පවතින භාෂා ස්වාභාවික භාෂා වේ.
සම්භාව්‍ය භාෂා යනු යම් විශේෂිත අවස්ථාවකදී පමණක් භාවිත වන භාෂාය. උදාහරණයක් ලෙස අපි කථනයේදී සිංහල භාවිත කරන්නෙමු. නමුත් වන්දනා මාන වලදී පාලි භාෂාව භාවිත කරන්නෙමු. මෙම අවස්ථාවේදී පාලි සම්භාව්‍ය භාෂාවකි. මුස්ලිම් ජනතාව කථනයේදී භාවිත කරන්නේ දෙමළ භාෂාවය. නමුත් ආගමික කටයුතුවලදී පල්ලි යාච්ඤාවේදී භාවිත කරන්නේ අරාබි භාෂාවයි. මෙහිදී අරාබි බස සම්භාව්‍ය භාෂාවකි.
කෘත්රිම භාෂා යනු යම් යන්ත්‍ර සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත වන්නාවූ භාෂායි. උදාහරණයක් ලෙස පරිගණක මෘදුකාංග භාෂා වන Java. Pascal, Visual Basic, C++ වැනි භාෂාවන් භාවිත කරන්නේ පරිගණකයේ මෘදුකාංග කටයුතු සඳහා පමණි. මෙය භාෂා කෘත්රිම භාෂාවේ.
මළ භාෂා යනු කලක් භාවිතාවේ පැවැති නුමුත් අද භාවිතා වේ නොපවතින භාෂාය. අතීතයේ අපේ මුතුන් මිත්තන් භාවිත කළ භාෂා, තොටගමුවේ රාහුල හිමියන් භාවිත කළ භාෂා වර්ග 6 ක් තිබූ බව ඉතිහායෙන් වාර්තා වේ.(සංස්කෘත, ප්‍රාකෘත,මාගාධී,පෛශාවී,ශෞරසේනී,අපභ්‍රංස)
භාවිතාවන භාෂා සහ උප භාෂා
- සිංහල භාෂාව
ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව, නැගෙනහිර නොවන මරක්කල ජනතාව, වැදි ජනතාව මැලේ ජනතාව සහ චීන සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
· දකුණේ සිංහල උප භාෂාව
· උඩරට සිංහල උප භාෂාව
· වැදි උප භාෂාව
· රජරට උප භාෂාව
- දෙමළ භාෂාව
ප්‍රධාන වශයෙන් දෙමළ සහ මරක්කල ජනතාව විසින් භාවිතා කරයි
· යාපනේ දෙමළ උප භාෂාව
· වතුකර දෙමළ උප භාෂාව
· නැගෙනහිර මරක්කල උප භාෂාව
- මැලේ භාෂාව
ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
- ඉංග්‍රීසි භාෂාව (බ්‍රිතාන්‍ය ඉංග්රීසි උප භාෂාව)
- මලයාලි භාෂාව
ප්‍රධාන වශයෙන් අහිකුණ්ඨීක ජනතාව විසින් භාවිතා කරයි
- අප්‍රිකානු භාෂාව
සිරම්බිඅඩි ප්‍රදේශයේ අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාවයි මහ සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘති දක්නට ලැබේ.
"උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතර ම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම යි."
පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්යාලයන්හි උප භාෂාව තුල පොදුවේ ව්යවහාර වන වචන.
- උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා
- උප කුලපතිනි - ලොකු අම්මා
- දේශකයා - ලෙචා
- කණිෂ්ඨ සිසුවා - ජුන්නා
- පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක
- තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී
- බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා
- ගිරවා දැමීම - කටපාඩම් කිරීම.
- කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක්ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම
- ලටෙක් - පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා
මෙහි දැක්වෙන ඇතැම් යෙදුම් සඳහා විවිධ විශ්වවිද්‍යාලයවල භාවිතා වන ඇතැම් පර්යාය පද මෙන් ම ඇතැම් හැඳින්වීම් මීට හාත්පසින් ම වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
භාෂණය : ලේඛනය
මිනිසා දෙයාකාරයකින් සිය අදහස් පළ කරයි. පළමුවැන්න, කටහඬ යොදා කතා කිරීමෙන් ය. එය හැඳින්වීමට 'භාෂණය' යන පදය යෙදේ. දෙවැන්න, අකුරු යොදා ලිවීමෙන් ය. එය හැඳින්වීමට 'ලේඛනය' යන පදය යෙදේ. සමහර භාෂා යෙදෙන්නේ කතා කිරීමට පමණකි. එහි ඇත්තේ භාෂණය පමණකැයි කිව හැකිය. ලේඛනයක් නැති භාෂා ද සිය ගණනක් අද ව්යවහාරයෙහි යෙදේ.
කථික භාෂාව : ලිඛිත භාෂාව
භාෂණය හා ලේඛනය හැඳින්වීමට තවත් පද දෙකක් යෙදේ. භාෂණය හැඳින්වීමට 'කථික භාෂාව' යන්නත් ලේඛනය හැඳින්වීමට 'ලිඛිත භාෂාව' යන්නත් යෙදේ. භාෂාව යනු කථික භාෂාව පමණක් විය හැකියි. එසේ නැතහොත් කථික භාෂාවත් ලිඛිත භාෂාවත් එක්වීමෙන් සෑදෙන්නක් විය හැකිය. කථික ව්යවහාරය : ග්රන්ථ ව්යවහාරය
භාෂණය හා ලේඛනය හැඳින්වීමට තවත් නම් දෙකක් යෙදේ. භාෂණය හැඳින්වීමට 'කථික ව්යවහාරය' යන්නත් ලේඛනය හැඳින්වීමට 'ග්රන්ථ ව්යවහාරය' යන්නත් යෙදේ. 'ග්රන්ථ' යනු පොත් පත්ය. ලියන්නේ පොත් පත්වල ය. එබැවින් පොත් පත්වල ලියන බස හැඳින්වීමට 'ග්රන්ථ ව්යවහාරය' යනු හොඳ යෙදුමකි.
කට වහර : ගත් වහර
'ග්රන්ථ' යන්න සංස්කෘත පදයකි. ඒ පදය සිංහල කවියට(එනම් පද්‍ය භාෂාවට) නැඟෙන්නේ 'ගත්' යනුවෙනි. එබැවින් 'ග්රන්ථ ව්යවහාරය' යන්න 'ගත් වහර' බවට පත් වේ. එසේ නම් 'කථික ව්යවහාරය' හැඳින්විය යුත්තේ කවර නමකින්ද? කථා ව්යවහාරයට පදනම් වන්නේ කටින් නිකුත් වන ශබ්ද නිසා ඒ බස් වහර හැඳින්වීමට 'කට වහර' යන නම ද සුදුසු ය.
කියන බස : ලියන බස
අදහස් පළ කිරීම පිණිස අප කටයුතු දෙකක් කරන බව දැන් පැහැදිලි ය. ඒ කටයුතු දෙක 'කියනවා' හා 'ලියනවා' යනුවෙන් හැඳින්විය හැකි ය. කියන දේ පළ කරන්ට යොදා ගන්නේ 'කියන බස යි. ලියන දේ පළ කරන්ට යොදා ගන්නේ 'ලියන බස යි.
කියන බස : දොඩන බස
දකුණු පළාතේ සිංහලයෝ 'කතා කරනවා' යෑයි කීමට 'දොඩනවා' යෑයි ද කියත්. එබැවින් 'කියන බස් හැඳින්වීමට 'දොඩන බස් යනුත් කියනු ඇසේ. 'දොඩනවා' යන මේ පදය "දොඩවනවා" යන පදයට වඩා වෙනස් ය. එහි තේරුම හොඳ සිහිය නැතිව විකාර කතා කීම යි. උණ වැඩිවුණු විට සමහරු විකාරයෙන් මෙන් දොඩවන්ට පටන් ගනිති.
භාෂකයා : ලේඛකයා
කතා කරන්නා හෙවත් භාෂණයෙහි යෙදෙන්නා 'භාෂකයා' ය.
ලියන්නා හෙවත් ලේඛනයෙහි යෙදෙන්නා 'ලේඛකයා' ය.
මෙම ලිපිය ලිවීමට හේතු වූයේ බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
ආචාර්යතුමා
බුකියටත් ෂෙයාර් කලානං හරි
ReplyDeleteGrika roma bhashat sambawya bashad
ReplyDeleteGrika roma bhashat sambawya bashad
ReplyDelete