Friday 5 February 2021

බස උපන් සැටි සකි



ලෝකයේ විවිධ මානව කණ්ඩායම් විවිධ වූ භාෂාවන් නිර්මාණය කර ඇති අතර භාෂාව නිර්මාණය වීම පිළිබදව පළවන ප්‍රධාන මත 02 කි.

• නිර්මාණවාදී මතය

• පරිණාමවාදී මතය

නිර්මාණවාදී මතය

යම් යම් ආගමික මතවාදයන් පදනම් කරගැනීම හා ගුප්ත බලවේගයන්ට අනුව භාෂාවේ ප්‍රභවය පිළිබදව විවරනය කිරීම නිර්මාණවාදී මතයයි. 

උදා - හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ සංස්කෘතිය,භාෂාව දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් බවයි. එය ලෝකයේ ප්‍රධාන භාෂාව ලෙස ඔවුන් විවරණය කරනු ලබයි. 

 එසේම කතෝලික බැතිමතුන් විශ්වාස කරන්නේ හීබෘ භාෂාව ලෝකයේ මුල් භාෂාවක් බවයි. 

 බෞද්ධයන් විශ්වාස කරන්නේ මගධ භාෂාව නැතිනම් පාලි භාෂාව ලොකයේ මුල්ම භාෂාව බවයි. 

පරිණාමවාදී මතය

පරිණාමවාදී මත යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ මානසික හා ශාරීරික වර්ධනය අනුව භාෂාව සකස්වීම සිදුවූ බව විවරණය කිරීමයි. පරිසරයේ ඇති වූ බලපෑම් මෙන්ම ශාරීරික හා මානසික වර්ධනයන් ගේ හේතු පරිනාමවාදී මත වල දී ඉදිරිපත් කරනු ලබයි. මේ සදහා දැක්විය හැකි මත කිහිපයක් තිබේ.

මැක්ස් මුලර් නම් පඬිවරයා විසින් ඉදිරිපත් කරන ලද විවරණයයන් කිහිපයක් තිබේ

• බව් බව් න්‍යාය

• ඩින් ඩොන් න්‍යාය

• පුහ් පුහ් න්‍යාය

• යේ හේ හෝ න්‍යාය

👉 බව් බව් න්‍යායයෙන් ප්‍රකාශවන්නේ මිනිසා විවිධ සතුන් ගේ ශබ්ද අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස භාෂා උච්චාරණයට පෙළබුණු බවයි. 

👉 ඩින් ඩොන් න්‍යායෙන් ප්‍රකාශවන්නේ අවට පරිසරයේ පවතින ශබ්ද අනුකරණය කිරීමෙන් භාෂාව ප්‍රබවය වූ බවයි. 

උදා: ගස් එකට ගැටෙන හඩ,ගොරවන හඩ වැනි දේ

👉 පුහ් පුහ් න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ කායික හා මානසික සැපදුක් අනුව ඇති වූ ශබ්ද භාෂා උච්චාරණයට හේතු වූ බවයි. 

උදා: සතුටේ දී දක්වන සිනහව, දුකේ දී ඇඩීම, කයට දමන දහඩිය වියළීම සඳහා කටින් හුළං පිඹීම හා වෙනත් ශාරීරික ස්වරූපයන් අනුව ඇතිවූ ශබ්ද රාවයන් මේ සදහා මුල් වූ බවයි.

👉 යේ හේ හෝ න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ සාමූහිකව මිනිසා යම් යම් කටයුතුවල නියුක්ත වීමේ දී නගන ලද ශබ්ද රාවයන් අනුව භාෂාව සකස් කර ගැනීමයි. 

උදා: සතුන්ගේ ශබ්ද, පාරිසරික ශබ්ද,හාරීරික ශබ්ද,සාමූහික කටයුතු වලදී නගන ලද ශබ්ද භාෂාවේ ප්‍රභවය සදහා හේතු වූ බවයි.

පර්යාලෝකය



පර්යාලෝකය යනු අප ඉදිරියේ ඇති දර්ශනය අප දකින ආකාරයයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.  එය සදහා දෘෂ්ටිකෝණය, දැක්ම, දෘෂ්ටිය, ආකල්පය, කෝණය, විමසුම, රේඛීය ඉදිරිදර්ශනය, දර්ශනය, පරිදර්ශනය, සන්දර්භය සහ අපේක්ෂාව වැනි ඉදිරි දර්ශන වැනි පද ද අපට යොදා ගත හැකිය.

උදාහරණයක් ලෙස සෙල්ලම්බඩු දරුවන්ගේ මනස දූෂණය කරන්නේයැයි ඔබ සිතන්නේනම් සෙල්ලම් බඩු අලෙවි සාප්පුවක් ද නපුරු ස්ථානයකි. මෙය සරල උදාහරණයක් පමණි.

පරියාලෝකය සාදා ගන්නේ අපගේ ඥාණ ව්‍යුහයන් ඇසුරිණි. මෙම ඥාණ ව්‍යුහයන් සාදා ගැනීම සදහා ආධාරවන උපකරණ හෝ මෙවලම් නම් ඒ සදහා අප මෙහෙයවන කැමැත්තක් හෝ ලැදියාවක් අවශ්‍යය. එම උපකරණ අපගේ කුසලතා හෝ සමත්කම්ය. 

තවත් උදාහරණයක් -  පෘථිවිය පිළිබදව ඉගෙනීමට අවශ්‍යයැයි සිතමු ඒ සදහා අපට නොයෙක් ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. එනම් විශාල ගසකට නැග අවට පරිසරය නරඹා පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි අදහසක් ගත හැක. එමෙන්ම විශාල කුළුණක් ඉහළට නැග පෘථිවිය නිරීක්ෂණය කර පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි පැවසිය හැක. එමෙන්ම විශාල නගරයක සිට නිරීක්ෂණය කිරීමෙන් පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි ඔබට පැවසිය හැකිය.   මෙලෙස විවිධාකාරයෙන්  පෘථිවිය නිරීක්ෂණය කිරීම තුළින් පෘථිවිය සම්බන්ධයෙන් ඔබට  පර්යාලෝකයක් ඔබට සාදා ගත හැක.

මෙම සෑම පර්යාලෝකයක් ම පෘථිවිය පිළිබද එකිනෙකට වෙනස් අදහසක් ඔබට ගෙන එයි.  මේ පිළිබදව නොයෙක් ගැටළු ඇති උවත් එයින් ප්‍රයෝජනයක් නැත.  පෘථිවිය පිළිබද පැහැදිලි චිත්‍රයක් සාදා ගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ එවැනි නිරීක්ෂණ රාශියක් සිදුකර පෘථිවිය සම්බන්ධව ඔබගේ පර්යාලෝකයන් පළල් කර ගැනීමයි.

Wednesday 3 February 2021

දෘශ්‍ය සංස්කෘතික ප‍්‍රාග්ධනයේ ක‍්‍රියාකාරීත්වය හා රූපවාහිනී මාධ්‍ය දෘශ්‍ය දූෂණය



සංක්ෂේපය: අද්‍යතන තොරතුරු ශිෂ්ඨාචාරය (Information Society) තුළ රූපවාහිනී මාධ්‍ය ගෝලීය කර්මාන්තයක් වශයෙන් ලබා ඇති සිරස් හා තිරස් වර්ධනයත් සමග එහි ආවේනික ශඛ්‍යතාවන් මගින් පේ‍්‍රක්ෂකයා කෙරෙහි සුවිසාල බලපෑමක් සිදුකරමින් තිබේ. 

මේරි බා ස`දහන් කරන පරිදි (Marie Barr Ann, 1997) දේශපාලන, වාණිජ, වෙළ`ද හෝ වෙනත් ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් අනුව රූපවාහිනිය මගින් ප‍්‍රතිනිර්මාණය කරනු ලබන අතථ්‍ය දෘශ්‍ය සංරචනය මගින් පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල සමාජ මනෝවිද්‍යාත්මක මෙහෙයවීමක් (Socio-Psychological Manipulation) සිදුකරයි. 

රූපවාහිනී මාධ්‍ය මඟින් අද්‍යතන සමාජ විඥානයේ සියලූම ක්‍ෂේත‍්‍ර වේගයෙන් මාධ්‍යකරණය කරන අතර මේ මගින් දැඩි සංස්කෘතික හා සාමාජීය බලපෑම් ඇතිකරනු ලබයි. පශ්චාත් නූතන චින්තකයෙකු වන ෂොන් බව්ඩි‍්‍රලාඞ්ගේ අදහස වන්නේ (Baudrillard, 1998) ඉහත පරිදි ධනේෂ්වර ක‍්‍රමය මඟින් අතිවිශාල වශයෙන් නිෂ්පාදනය කොට අද්‍යතන මාධ්‍ය භාවිතයෙන් යථාර්ථයක් ලෙස හුවා දක්වනු ලබන දෘශ්‍ය රූපය හුදෙක්ම බොල්, ආභාසන රූපයක් (Simulacrum) වන බවයි. 

රූපවාහිනී පේ‍්‍රක්ෂකයා සහ පවුල සර්වව්‍යාපී වශයෙන් මෙම ආභාසන රූපය සමග සම්බන්ධතා පවත්වයි. ඒ තුළ කලාත්මක වැඩසටහන් සහ යථාර්ථය යන දෙකම සාර්වර්ති‍්‍රක ආභාසන රූපයක් (Universal Simulacrum) දක්වා විතැන්වී ඇත. නිරූපණය සහ යථාර්ථය (Representation and Reality) අතර වෙනස පුළුල් වූ කල්හි ආභාසන රූපය බිහිවන බව ඔහුගේ මතයයි. එනම් දෘශ්‍ය සංඥාව හා එමඟින් සංකේතවත් කරන බාහිර ලෝකයේ යථාර්ථය අතර වෙනස මෙහි දී අවධාරණය කරයි. මෙයට අනුව සිනමාවේ මෙන් නොවූවත් සාපේක්ෂ වශයෙන් රූපවාහිනිය මඟින් සිදුකරනු ලබන පේ‍්‍රක්ෂාව (Spectrum) තැනීමේ කලාත්මක ව්‍යායාමය ව්‍යාජ යථාර්ථයක් මවන තත්වයට පත්ව තිබේ. 

මෙය රූපවාහිනී මාධ්‍යයේ නෛසර්ගික ලක්ෂණයක් ද, වන අතර ඒ තුළ දක්නට ඇති උග‍්‍ර පාරභෞතික ස්වරූපය ම`ගින් මෙම ගැටළුව තවදුරටත් උග‍්‍ර කරමින් ධනේෂ්වරයේ තෙවන කාර්තුවේ දෘශ්‍ය රූපයේ අර්බුදය සහ ස්වභාවය ලෙස ඉදිරිපත් වේ. මෙය එම මාධ්‍යයේ දූෂණය ලෙස හ`දුනාගත හැකිය. රූපවාහිනී නාලිකා මගින් විකාශය වන ප‍්‍රවෘත්ති වාර්තාකරණය, ටෙලිනාට්‍ය, වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම්, රියලිටි වැඩසටහන් මෙන්ම වෙනත් බොහෝ වැඩසටහන්වල ව්‍යාජ, අතථ්‍ය ආඛ්‍යානවල මෙහෙයවීම නිසා පේ‍්‍රක්ෂකයාගේ චර්යාව, සාමාජීය සම්බන්ධතා අයහපත් ආකාරයෙන් වෙනසකට ලක් කරන හා තෝරා ගැනීමට ඇති නිදහස සම්බන්ධව සහ හබමාස් දක්වන පරිදි (Habermass 1962, translated by Burger, 1989) සෑම පුද්ගලයෙකුටම තම අදහස් සාකච්ඡුා කළ හැකි පොදු අවකාශය භාවිතා කිරීම පිළිබ`ද පුද්ගලයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය උල්ලංඝනය කරන හා පොදු අවකාශය පෞද්ගලීකරණය කර ඇති රූපවාහිනී මාධ්‍යයේ අතථ්‍ය, දූෂිත දෘශ්‍ය භාවිතය පිළිබ`දව මේ මගින් අධ්‍යයනය කෙරේ. 

අද්‍යතන සමාජ ආර්ථික ක‍්‍රමයේ විවිධ අවශ්‍යතා මත එවැනි දෘශ්‍ය ආඛ්‍යාන ගොඩනැංවීම තුළ එය අතථ්‍ය ප‍්‍රතිනිර්මාණයක් බවට පත්වී තිබීමත්, ඒ ම`ගින් පේ‍්‍රක්ෂකයා සංකීර්ණ අයුරින් මතවාදී මෙහෙයවීමකට ලක් කිරීම හා සාමාජීය බලපෑමක් සිදුවීමත් නිසා එම ප‍්‍රතිනිර්මාණිත දෘශ්‍ය දූෂිත දෘශ්‍ය ප‍්‍රකාශනයක් බවට පත්වී ඇත. ඒ අනුව තොරතුරු ප‍්‍රචාරණය හැරුණවිට සාපේක්ෂ වශයෙන් ශ‍්‍රී ලාංකේය රූපවාහිනියේ වඩා වැඩි මෙහෙයවීමක් සහිත වැඩසටහන් ලෙස නිරීක්ෂණය වන ටෙලිනාට්‍ය හා ප‍්‍රචාරණ දැන්වීම් මගින් සාමාජීය වශයෙන් සිදුකරන බලපෑම පිළිබ`දව මූලික වශයෙන් අවධානය යොමු කරමින් මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සිදුකර ඇත.

Key Words: දෘශ්‍ය දූෂණය, ආභාසන රූපය, මෙහෙයවීම, චර්යාව, ජනමතය, දෘශ්‍ය සංඥාර්ථ, මාධ්‍ය සාක්ෂරතාව, පොදු අවකාශය

දෘශ්‍ය සන්නිවේදනය, එහි ප‍්‍රබලත්වය සහ බලපෑම

මානවයාගේ දෘශ්‍ය සම`ග බැ`දි සම්බන්ධතාව ප‍්‍රාග් ඓතිහාසික වන නිසාම ඒ මගින් විවිධ සමාජ අවධීන්වල ජීවත්වූ මානවයා කෙරෙහි සිදුකර ඇති බලපෑම ද, සුවිසාලය. එම දෘශ්‍ය පරිණාමීය විකාශයේ අද්‍යතන සංකීර්ණ භාවිතය තුළ රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය අතථ්‍ය ආඛ්‍යානයක් බවට පත්වී ඇති අතරම ඒ මගින් නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයා අරමුණු සහගතව මෙහෙයවීමකට ලක්කරනු ලැබ තිබේ. 

මානවයා ද්‍රව්‍යමය ලෝකය සමග අනිවාර්ය සම්බන්ධතා පවත්වන ආකාරයටම යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී රූපවාහිනී මාධ්‍යය ද, ස්වභාව ධර්මය සමග සුවිශේෂ සම්බන්ධතාවක් පවත්වයි. මිනිසා ද්‍රව්‍යමය ලෝකය සමග සහ සොබාදහම සමග අන්තර් ක‍්‍රියාවෙහි යෙදෙත්ම ද්‍රව්‍යමය ලෝකය නිරන්තරයෙන්ම ඔහු මතද, ඔහුගේ චිත්තවේග, විඥාණය සහ අභිමතය මත ද, විවිධ මට්ටමේ හා ස්වරූපයේ බලපෑම් ඇතිකරයි. ඒ නිසා විඥානයේ බිහිවීම පමණක් නොව එහි අන්තර්ගතය ද, ද්‍රව්‍ය මත රඳා පවතී. ඒ මිනිසාගේ සියලූ දැනුම අවට ලෝකයෙන් ව්‍යුත්පන්නව ඇති බැවිනි. එය මානවයාගේ ඉන්ද්‍රියන්, ස්නායූ, චින්තනය පමණක් නොව සමස්ත පැවැත්ම ද, තීරණය කිරීමට තරම් බලවත් වේ. රූපවාහිනී මාධ්‍ය මගින් සිදුකරන්නේ එම භෞතික ලෝකයේ ඇති ද්‍රව්‍ය ප‍්‍රතිනිර්මාණය කිරීමක් වන අතර එහි අද්‍යතන භාවිතය තුළ ප‍්‍රබල ප‍්‍රකාශන ශක්තිියකින් යුක්ත දූෂිත දෘශ්‍ය ගොඩනැංවීම මගින් ග‍්‍රාහකයා සංකීර්ණ ලෙස මෙහෙයවමින් ප‍්‍රබල සාමාජීය බලපෑමක් ද, සිදුකරනු ලබයි.

මානවයාගේ ඓතිහාසික පරිණාමීය සංක‍්‍රාන්තියේ සුවිශේෂ අංගයක් වූ සන්නිවේදන විතැන්වීම පිළිබ`ද විශ්ලේෂණයට අනුව මුල්ම මානවයා සතුව වාචික, සංවිධිත භාෂාත්මක සන්නිවේදනයක් සිදු නොවූ අතර තම මූලික සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතික පරිසරය හා සම්බන්ධ සියලූ තත්ත්වයන් සහ සිදුවීම් සංජානනය කරගනු ලැබුවේ දෘශ්‍ය භාවිත කරමින් බව පැහැදිලි වේ. වසර සිය ගණනක් තිස්සේ විවාදයක් පැවතුන ද; ස්වැන්ස්ටන් (Michae Swanston) විග‍්‍රහ කරන පරිදි (Swanston, 2001) සමස්තයක් වශයෙන් මානව සංජානන ක‍්‍රියාවලිය විෂයමූලික පාරිසරික ද්‍රව්‍ය පදනම් කරගෙන සකස්වී ඇති බව පැහැදිලි වේ. 

ප‍්‍රාථමික මානවයා නිර්වාචික සන්නිවේදනයෙහි යෙදුන කාලයේ දී තම විවිධ අත්දැකීම් ප‍්‍රකාශයට පත්කර තිබුනේ විවිධ ඉ`ගි, අභිනයන් සහ චිත‍්‍ර වැනි දෘශ්‍ය පදනම් කරගත් මාධ්‍ය භාවිතයෙනි. මූලික වශයෙන්ම මානව සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතිකය සංජානනය කර ගැනීමේ මාධ්‍යයක් වශයෙන් ද, දෘශ්‍ය ප‍්‍රබල ලෙස භාවිතාකර ඇත. මානව චින්තනයේ සියලූම ක‍්‍රියාකාරිත්වයන්වල පදනම ඉඳුරාම භෞතික පරිසරයේ ඇති දෘශ්‍ය ප‍්‍රකාශන වන බවත්, වර්තමාන දෘශ්‍ය තාක්ෂණික මාධ්‍ය වන සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය භාවිතය තුළ පමණක් නොව ප‍්‍රාග් මානව ඉතිහාසය තුළ පවා ඉතා ප‍්‍රබල ලෙස රූපය විධිමත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කොට ඇති බවත්, මේ අනුව පැහැදිලි වේ. පරිණාමීය ක‍්‍රියාවලිය තුළ සොබාදහමේ සිට ක‍්‍රමයෙන් ශිෂ්ටත්වයට පත්වන්නාවූ මානවයා මූලික වශයෙන් බාහිර පරිසරය දෘශ්‍ය මඟින් සංජානනය කරගැනීමත්, එම දෘශ්‍ය ආශ‍්‍රයෙන් සංයුක්ත චින්තනය වර්ධනය වීමත්, පසු කාලීනව සංවිධිත භාෂාව ඇතිවීමට අදාළ පරිසරය සකස්වීම මඟින් ව්‍යුක්ත චින්තනය බිහිවීමට ද, අදාළ පදනම සකස්වී තිබේ. දෘශ්‍ය මාධ්‍යයේ ප‍්‍රබලත්වය සහ මානවයා සමඟ එහි ඇති දැඩි සම්බන්ධතාව මේ අනුව පැහැදිලි වේ.

මේ අනුව මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය ඔහුගේ චින්තනය, විඥානය (Consciousness) හැඩගැස්වීම ස`දහා සෘජු දායකත්වයක් දක්වන ආකාරය දැකිය හැකිය. යම් භෞතික වස්තුවක් හ`දුනාගැනීම සඳහා දෘශ්‍ය ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යවන අතර උපතින්ම අන්ධ අයෙකුට එය නිශ්චිතව අර්ථකථනය කරගැනීමට නොහැකි වන්නේ මේ පදනම මතය. චිත‍්‍ර ශිල්පියෙකු අන්ධ පුද්ගලයෙක් සමග කරන දෙබසක් යොදාගෙන පිංතූරයක් (Picture) යනු කුමක්ද යන්න පිළිබඳව කලා ඉතිහාසඥ ලියෝ ස්ටෙයින්බර්ග් (Leo Steinberg) විසින් කර ඇති පර්යේෂණයක් ආශ‍්‍රයෙන් ලෝප්ස් විග‍්‍රහ කරන ආකාරයට (Lopes, 1997) පැහැදිලි වන්නේ එම පුද්ගලයාට නිශ්චිත ලෙස භෞතික ද්‍රව්‍යමය ලෝකය හ`දුනාගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව යථාර්ථය පසක්කර ගැනීමේදී දෘශ්‍ය මාධ්‍ය කෙතරම් අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ද, යන්න ඒ මගින් පැහැදිලි වේ.

මානවයාගේ පැවැත්ම කෙරෙහි සෘජු ලෙසම සම්බන්ධ වන ශාරීරික ඉන්ද්‍රියන් මඟින් පාරිභෝජනය කරන ජලය, පස, වාතය, ශබ්දය ආදී පරිසරයෙහි ඇති විවිධ ක්ෂේත‍්‍රයන් මිනිසාගේම මැදිහත්වීම නිසා දූෂණයට ලක්වී ඇති ආකාරයටම රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය මගින් අන්තර්වර්ත‍්‍රීයව මෙන්ම සාමාජීය වශයෙන් දෘශ්‍ය දූෂණයක් ද, සිදුවී ඇත. අද්‍යතන රූපවාහිනී මාධ්‍ය භාවිතය මඟින් සමාජ විඥානයේ සියලූම ක්‍ෂේත‍්‍ර වේගයෙන් ජනමාධ්‍යකරණය කෙරේ. 

මෙහිදී රූපවාහිනී මාධ්‍යයේ තියුණු ශක්‍යතාවන් සූක්‍ෂමව භාවිත කරනු ලබන අතර සමාජ විශ්වාසයන් හා චර්යාවන් පිළිබඳ ජනතාවට බහුවිධ ප‍්‍රමිතීන් ද, සපයමින් දැඩි සංස්කෘතික හා සාමාජීය බලපෑම් ඇති කෙරේ. මූලික වශයෙන්ම ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය, තරඟකාරී සමාජ රටාව, ජනපි‍්‍රය සංස්කෘතිය හා පශ්චාත්නූතන තත්වය (Postmodern Condition) වැනි සමාජ ප‍්‍රවනතා සමග ගෘහ නිර්මාණ ශිල්පය, නාගරික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළින් වර්ධනයවූ තරඟකාරී හා සංකීර්ණ දෘශ්‍යමය ගොඩනැංවීම් වර්තමානය වන විට දියුණු සන්නිවේදන මාධ්‍යයක් වන රූපවාහිනී මාධ්‍යයේ හේමාල රූපය (Simulacrum) සහ එහි මතවාදය (Visual Ideology) දක්වා වර්ධනයවී ඇත. දෘශ්‍ය ප‍්‍රකාශනයේ පැවැත්මේ ආකාරය තාක්ෂණීකරණය, ජනමාධ්‍යවේදීකරණය වී ඇති අතර ඒ ම`ගින් විවිධ සමාජ මට්ටම් වලට අයත් පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල කම්පනයක් ඇති කිරීමේ හැකියාවක් නිර්මාණයවී ඇත. ඉහත විග‍්‍රහය පරිදි මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය ඔහුගේ චින්තනය, විඥානය සහ චර්යාව(Behaviour) තීරණය කිරීමේ දාර්ශනික පසුබිම තුළ එම මාධ්‍ය මඟින් විකාශය කරනු ලබන දෘශ්‍යයෙහි ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත.

60 දශකයේ දී හබමාස්ගේ පර්යේෂණ සාහිත්‍ය තුළ දක්නට ලැබූ පොදු අවකාශය පිළිබ`ද අදහස ආශ‍්‍රයෙන් මසූදා පෙන්වා දෙන ආකාරයට (Masuda, 1985) කාර්මික යුගයේ දී බහුතරයේ කැමැත්ත මත පිහිටුවාගනු ලැබූ පාර්ලිමේන්තු ක‍්‍රමය අද්‍යතන තොරතුරු සමාජය තුළ රටවැසියා දේශපාලන ක‍්‍රියාවලියට සෘජු ලෙස දායක වන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා පරිවර්තනය වී ඇත. මේ අනුව පොදුජනයාට සමාජ ක‍්‍රියාකාරීත්වයට, පාලනයට සෘජු ලෙසම දායක විය හැකි අතර පොදුජන ව්‍යාපාර සමාජ වෙනසක් ඇතිකිරීම ස`දහා දායක වන ප‍්‍රධාන බලවේගය බවට පත්ව ඇති බවත්, මේ ස`දහා මූලික ප‍්‍රවේශය සපයනු ලබන්නේ අද්‍යතන තොරතුරු ශිෂ්ඨාචාරයේ සක‍්‍රීය මාධ්‍ය වන බවත්, ඔහුගේ තර්කය වේ.

වහබ් පෙන්වාදෙන පරිදි (Wahab, 2009) රූපවාහිනී මාධ්‍ය නූතන සමාජය තුළ විවිධ ගැටළු පිළිබ`ද පොදුජන කතිකාවක් නිර්මාණය කිරීමට උත්තේජනයක් ලබාදෙන අවකාශමය මණ්ඩපයක් (Spatial Forum&) ලෙස ඉදිරිපත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියට අත්‍යවශ්‍ය වන්නා වූ සමාජයේ විවිධ ගැටලූ සම්බන්ධ පොදුජන සාකච්ඡුාව පිළිබ`ද මාධ්‍යයක් හා මණ්ඩපයක් වශයෙන් සියලූ දෙනාට පොදු අවකාශයෙහි සමාන අවස්ථාවක් හිමිවීම සහ තනි පුද්ගලයන්ට ඔවුනොවුන් අතර අදහස් සන්නිවේදනයට, හුවමාරුවට (Negotiate), සන්ධානයට (Articulate) සුවිශේෂ අවස්ථාවක් අද්‍යතන රූපවාහිනිය ම`ගින් හිමිවනු ඇතැයි හබමාස් අපේක්ෂා කළ ද, (Habermas 1962; translated by Burger 1989) වර්තමානයේ එය ඉටු නොවන තත්වයක් නිර්මාණයවී තිබේ. ඇඩර්නෝ සහ හොක්හීමර්ස්ට අනුව (Adorno and Hokheimer 1944; translated in 1993) අද්‍යතන මාධ්‍ය ම`ගින් පාරිභෝගිකයා සහ කර්මාන්ත අතර දැඩි බැ`දීමක් (Bond) ඇතිකරනු ලබන අතර මෙම වෙළ`දපොළ ක‍්‍රියාකාරීත්වය මගින් ලබන ලාභාංශ කර්මාන්ත හිමිකරුවන් අතට පත්වන බව පැහැදිලි කරයි. සංස්කෘතික වටිනාකම් හා නිෂ්පාදනයක් දැන්වීම් ස`දහා සූක්ෂමව යොදාගත යුතු ආකාරය පිළිබ`දව ඔවුන්ට මනා වැටහීමක් ඇත. 

සංස්කෘතික කර්මාන්තය හා වෙළ`ද ප‍්‍රචාරණය තාක්ෂණිකව මෙන්ම ආර්ථිකමය වශයෙන් ඒකාබද්ධ (Merge) වීමත් සමග හබමාස් අදහස් කළ පොදු අවකාශය පෙර නොවූ පරිදි පෞද්ගලීකරණයට ලක්වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගුවන් කාලයෙන් වැඩි කොටසක් වෙළ`ද ප‍්‍රචාරණය ස`දහා වෙන් කරන ආකාරය දැකිය හැකි වේ. එමෙන්ම ශ‍්‍රී ලාංකේය සමාජයට අදාළව විග‍්‍රහ කිරීමේ දී පැහැදිලි වන්නේ වාණිජ ප‍්‍රාග්ධනයට අමතරව දේශපාලන ප‍්‍රාග්ධනයේ මෙහෙයවීම අනුව ද, වැඩි ගුවන් කාලයක් භාවිතා කරන ආකාරයයි. මේ අනුව හබමාස් අදහස් කළ පරිදි පොදු අවකාශය පොදුජනයාගේ සාකච්ඡුා මණ්ඩපයක් වශයෙන් ක‍්‍රියා කරනු වෙනුවට වෙනත් සමාජ අවශ්‍යතා ස`දහා භාවිතා කරන මණ්ඩපයක් බවට පත්ව තිබේ. වර්තමානය වනවිට ගෝලීය වශයෙන් ධනේශ්වර ක‍්‍රමයේ බහුවිධ ප‍්‍රචාරණ හා මතවාදී අවශ්‍යතා ඉටුකර ගැනීම ස`දහා අරමුණු සහගතව රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය සිදුකරන බැවින් වර්තමානයේ එය සාර්වර්ත‍්‍රික ආභාසන රූපයක් බවට පත්ව තිබේ. එම සන්දර්භය තුළ සමාජ යථාර්ථය පරාවර්තනය නොකරන්නාවූ රූපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රතිනිර්මාණිත බොහෝ දෘශ්‍ය, දූෂිත දෘශ්‍ය ලෙස හ`දුනා ගනු ලැබිය හැකි අතර ශ‍්‍රී ලාංකේය රූපවාහිනිය මගින් විකාශය කරන එවැනි දූෂිත දෘශ්‍ය මගින් සිදුවන සාමාජීය බලපෑම පිළිබ`දව දේශීය පේ‍්‍රක්ෂකයාගේ මතය පිළිබ`දව සිදුකළ සමීක්ෂණයේ ප‍්‍රතිචාර අනුව එය තවදුරටත් තහවුරු වනු ඇත.

රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය දූෂණය නැමති යෙදුම මීට පෙර භාවිතාකර නොතිබුණ ද, එහි ආඛ්‍යාන මගින් සිදුවන සාමාජීය බලපෑම පිළිබ`දව විවිධ අධ්‍යයනයන් සිදුවී ඇත. පරිසරයේ විවිධ අංශවලට අදාළව පළමුව දූෂණය ද, දෙවනුව එම දූෂණය ම`ගින් බලපෑමක් ද, සිදුවන ආකාරය පර්යේෂණ ම`ගින් සොයාගෙන ඇති ආකාරයටම රූපවාහිනී මාධ්‍ය ම`ගින් විකාශය කරනු ලබන අතථ්‍ය දෘශ්‍ය ආඛ්‍යාන ම`ගින් අරමුණු සහගතව පේ‍්‍රක්ෂකයා මෙහෙයවීම සහ එය පොදුජන පේ‍්‍රක්ෂකයාගේ සමස්ත යහපැවැත්ම (Overall Well Being) ස`දහා බාධකයක් බවට පත්වී තිබීම නිසා පළමුව දෘශ්‍ය දූෂණයක් සිදුවන බවත්, ඒ ම`ගින් ග‍්‍රාහක චර්යාව කෙරෙහි බලපෑමක් සිදුවන බවත්, මෙම පර්යේෂණයේදී හ`දුනාගෙන ඇත. තාක්ෂණය හා විද්‍යුත් මාධ්‍ය සතුව සුවිශේෂ බලයක් ඇති බව සහ ඒ ම`ගින් සමාජය තුළ පුළුල් සංශෝධන සිදුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් ජනමාධ්‍යවේදය, මතවාදය ආදී විෂය ක්ෂේත‍්‍ර පිළිබඳව අප තුළ පැවැති සම්භාව්‍ය හෝ ඓතිහාසික ප‍්‍රජානනික සීමා ප‍්‍රසාරණය වී නව මානයන් අප අබියස විවෘතව ඇති අතරම එහි දෘශ්‍ය ආඛ්‍යානයේ ඇති ප‍්‍රබලත්වය පිළිබ`දව පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් දක්නට නෙැමැති වීමේ ගැටළුව ද, මතුවී ඇත. අතීතයට සාපේක්ෂව එම විෂයන් තුළ ප‍්‍රදර්ශනය නොකළ ගුණ, ශෛලීන්, ගති ලක්ෂණ හා ස්වභාවයන්් මතුවෙමින් පවතී. රූපවාහිනී මාධ්‍ය ප‍්‍රමුඛ නව විද්‍යුත් තාක්ෂණික මධ්‍යවල වර්ධනය තුළ සිදුවූ විශේෂ ලක්ෂණයක් වන්නේ කාලය හා අවකාශය ජයගැනීමේ හැකියාවයි. තාක්ෂණයේ ඇතිවූ පුළුල් වර්ධනය නිසා දේශසීමා පවා අතික‍්‍රමණය කිරීමටත්, කාලය පිළිබඳව තිබූ සීමාවන් ලිහිිල්් වීමටත් පටන්ගැණින. මෙයට අදාළව මැක්ලූහන් හා කොන්ටින් (McLuhan and Quentin 1967) මාධ්‍යයම සන්දේශය වේ යන ග‍්‍රන්ථයේ විග‍්‍රහ කරන ආකාරයට කාලය හා අවකාශය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සීමාවන් සංශෝධනය වෙමින් එය බහු සම්බන්ධතාවන් සහිත තත්වයකට පත්කරන්නේය.

විද්‍යුත් මාධ්‍යයේ බලය කෙතරම්ද යන්න විග‍්‍රහ කරන මැක්ලූහන් සඳහන් කරන්නේ (McLuhan 1970) රූපවාහිනිය නිසා ලිඛිත භාෂාවන් ද, තුරන් වෙන බවයි. මේ අනුව මුද්‍රිත මාධ්‍ය සම්පූර්ණයෙන්ම අහෝසිවී යන බවත්, රූපවාහිනිය ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය මඟින් ප‍්‍රජා සමාජයේ වූ ජනශ‍්‍රැතිය හා සම්බන්ධ ප‍්‍රාථමික සංස්කෘතිය ප‍්‍රතිනිෂ්පාදනය වන බවත්, ප‍්‍රකාශ කරයි. කලා නිර්මාණ හා පරිසරය අතර වෙනස ද, මෙම තර්කය අනුව අහෝසිවී යන අතර නව විද්‍යුත් මාධ්‍ය වර්ධනය ‘මිනිසා සහ ස්වභාව ධර්මය අතර සම්බන්ධතා ඇතිකරන්නක් වශයෙන් නොව මාධ්‍ය සමස්තයක් ලෙසම සොබාදහම වශයෙන් විශ්වාස කර ඇත. රූපවාහිනී මාධ්‍ය පිළිබ`ද විවිධ අධ්‍යයනයන් සිදුකර ඇති මැක්ලූහන් විසින් (McLuhan 1970) 1970 දශකය වන තෙක් ඔහු දැරූ ස්ථාවරයෙන් වෙනස්වී සංස්කෘතිය වෙළඳපොල අවශ්‍යතාවන් සඳහා යොදාගත යුතු බව අවධාරණය කරයි. එහිදී රූපවාහිනී මාධ්‍යයේ වෙළඳ ප‍්‍රචාරණය සාධාරණීකරණය කිරීමේ ප‍්‍රවේශයකට අවතීර්ණ වෙමින්, සමස්තයක් වශයෙන් ව්‍යාපාරයන්හි දියුණුව සඳහා මාධ්‍ය ඔස්සේ සංස්කෘතිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව නව ප‍්‍රවේශයක් ලබාගෙන ඇත. ඔහුට අනුව කලාව ද, සමකාලීන වාණිජ සමාජයේ ක‍්‍රියාකාරීත්වයට අනුව ක‍්‍රියාත්මක වන ව්‍යාපාරික ස්වරූපයක් වේ. ‘ශ‍්‍රව්‍ය දෘශ්‍ය රූපවාහිනී සංස්කෘතික ව්‍යුහයන් මඟින් සෑම පුද්ගලයෙකු සඳහාම පැවැරී ඇති කාර්යයන් ඉටුකරනු ඇත. මැක්ලූහන්ගේ අදහසේ හැටියට එම ව්‍යුහයන් සත්තාවේ හා විඥානයේ විශ්ව නියාමයන්ගේ ක්ෂේත‍්‍රයට ඇතුලත් කළ හැකිය. ජනමාධ්‍ය තාක්ෂණයේ වර්ධනය මගින් මාධ්‍ය අන්තර්ගතයට වඩා ග‍්‍රාහකත්වය කෙරෙහි ප‍්‍රබල සාමාජීය බලපෑමක් සිදුකරනු ලැබේ. ජනමාධ්‍ය විචාරය පිළිබඳ මැක්ලූහන්ගේ න්‍යායන් සහ ක‍්‍රමවේදයන් කෙරෙහි වර්තමානය වනවිට විවිධ විවේචන එල්ල වෙමින් තිබුණ ද, රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව විද්‍යුත් මාධ්‍ය මඟින් ග‍්‍රාහකයා කෙරෙහි සිදුකළ හැකි බලපෑම අධි තක්සේරුව හැරෙන්්නට එහි ආභාසන රූපය තුළ විශාල බලයක් ඇති බව ඔහුගේ අධ්‍යයනයන් වලින් පැහැදිලි වේ.

පශ්චාත් නූතන චින්තකයෙකු වන බව්ඩි‍්‍රලාඞ් විග‍්‍රහ කරන ආකාරයට (Baudrillard 1998) ධනේෂ්වර ක‍්‍රමය මඟින් ඉහත පරිදි අතිවිශාල වශයෙන් නිෂ්පාදනය කොට යථාර්ථයක් ලෙස හුවා දක්වනු ලබන දෘශ්‍ය රූපය හුදෙක්ම බොල්, ආභාසන (Simulacrum) රූපයකි. අද්‍යතන රූපවාහිනී පේ‍්‍රක්ෂකයා සහ පවුල සර්වව්‍යාපී වශයෙන් මෙම ආභාසන රූපය සමග සම්බන්ධතා පවත්වන අතර ඒ තුළ කලාත්මක වැඩසටහන්වලට ද, සැලකිය යුතු අවකාශයක් හිමිව ඇති අතර මෙම කලාත්මක වැඩසටහන් සහ යථාර්ථය යන දෙකම සාර්වර්ති‍්‍රක ආභාසන රූපයක් (Universal Simulacrum) දක්වා විතැන්වී ඇත. නිරූපණය සහ යථාර්ථය (Representation and Reality) සංඥාව හා එමඟින් සංකේතවත් කරන බාහිර ලෝකයේ යථාර්ථය අතර වෙනස බිඳ වැටුණු කල්හි ආභාසන රූපය බිහිවේ. මේ අනුව අද්‍යතන පවුලේ පේ‍්‍රක්‍ෂකයා වෙත ලඟාවන රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය, ආභාසන රූපයක් බවට පරිවර්තනය වන ආකාරය ඓතිහාසික අවධි හතරක් ඔස්සේ විග‍්‍රහ කර ඇත. මූලික යථාර්ථය පිළිබඳ ප‍්‍රතිබිම්භය (Reflection of Basic Reality), මූලික යථාර්ථය සැඟවීම සහ විපර්යාස කිරීම (Masking Perverting a Basic Reality),  මූලික යථාර්ථය නැතිවීම (Absence of Reality), කවර යථාර්ථයක් සමඟ හෝ සබඳතාවක් නැති පාරිශූද්ධ ආභාසන රූපයක් ඇතිවීම (Pure Simulacrum with no relation to any reality what ever) එම අවධීන් වේ. මෙයට අනුව රූපවාහිනිය මඟින් සිදුකරනු ලබන පේ‍්‍රක්ෂාව තැනීමේ කලාත්මක ව්‍යායාමය ව්‍යාජ යථාර්ථයක් මවන තත්වයට පත්ව තිබේ.

විශ්ලේෂණයේ පහසුව පිණිස තොරතුරු ප‍්‍රචාරණයට අමතරව සාපේක්ෂව දේශීය වශයෙන් වැඩි දෘශ්‍ය දූෂණයක් සිදුවන රූපවාහිනී වැඩසටහන් ආකෘති ලෙස මෙම පර්යේෂණයේදී හ`දුනාගනු ලැබුවේ ටෙලිනාට්‍ය හා වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම් වේ. රූපවාහිනී නාට්‍ය සම්බන්ධව ගර්බ්නර් විග‍්‍රහ කරන ආකාරයට (Gerbner, 1970) රූපවාහිනී මාධ්‍යයේ විවිධ දර්ශන අතර ප‍්‍රචණ්ඩ දර්ශනවලින් බැලූ බැල්මට හිරිහැර කිරීමක් නොමැති වුවත්, පැහැදිලි ලෙසම එමඟින් පේ‍්‍රක්‍ෂකයා තෝන්තු කරවීම, විකලාංග කිරීම, දෘශ්‍යමාන පීඩාවක් නොමැතිව මරාදැමීමක් :ඔැකැඩසිසදබ ඩසදකැබජැ ිඑමබිල ප්සපි ්බා නසකකි අසඑයදමඑ පමජය ඩසිසඉකැ යමරඑ* සිදුකරන බව පැහැදිලි වේ. අද්‍යතන මාධ්‍ය ම`ගින් සිදුකරන වෙළඳ ප‍්‍රචාරණය සාහිත්‍ය, කලාව, භාෂාව පමණක් නොව සමාජ විඥානයේ සියලූ ස්වරූප කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ගිලියන් ට අනුව (Gillion, 1982) වෙළඳ දැන්වීම් හා බැ`දි සංස්කෘතික ප‍්‍රාග්ධනය ම`ගින් සිදුවන සාමාජීය බලපෑම පිළිබ`ද අධ්‍යයනය අනුව පැහැදිලි වන්නේ එය පුද්ගල හැසිරීමට, අදහස්වලට බොහෝ බලපෑම් ඇති කරලීමට සමත් වී ඇති බවත්, පේ‍්‍රක්ෂකයා තම සාමාජීය යථාර්ථයෙන් බැහැරව වෙනත් මනඃකල්පිත සමාජයක් කරා ගෙන යාමට ප‍්‍රබල ලෙස බලපා ඇති ආකාරයත්ය. මේ මගින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ රූපවාහිනී මාධ්‍ය සතු ප‍්‍රබලත්වයයි. සෘජු ලෙසම දෘශ්‍ය දූෂණය සමග සම්බන්ධ නොවූව ද, එම පර්යේෂණ මගින් දෘශ්‍යයේ ඇති ප‍්‍රබලත්වය හා බලපෑම පිළිබ`දව අධ්‍යයනය කර ඇත.

ජනමතය නිර්මාණය සහ එය මෙහෙයවන ආකාරය පිළිබ`දව වෝල්ටර් ලිප්මන් දක්වන ආකාරයට (Lippman, 1992) තොරතුරු විසරණය නැමති මූලික කාර්යයට අමතරව මාධ්‍ය කළමණාකරුවන් අපට ජීවත්වන ආකාරය, තෝරාගන්නා ආකාරය, ආදරය කරන ආකාරය, අභිමානවත් වන ආකාරය, දියුණුවන ආකාරය ආදී සියලූ දේ උගන්වයි. මිනිසුන්ගේ චර්යා නිගමනය කළහැකි වන්නේ ඔවුන්ගේ හිස් ශරීර කුහර තුළ තැන්පත් වී ඇති රූප හඳුනා ගැනීමෙන් වන අතර ග‍්‍රාහකයාගේ චින්තනය හැඩගැසෙන්නේ කිසිවෙකුගේ අභ්‍යන්තරයට බාහිරෙන් පැමිණෙන මත හා තොරතුරු පාදක කරගෙන බව පර්යේෂණ මඟින් ඔප්පු කිරීමට වෝල්ටර් ලිප්මන් උත්සාහ කර තිබේ. රූපවාහිනී මාධ්‍ය මගින් අරමුණු සහගතව ගොඩනගා ඇති දෘශ්‍ය සංයෝජනයෙහි බලය නරඹන්නාගේ බලයට වඩා ඉතා ඉහළ තත්වයක පවතිනවා පමණක් නොව ඒ මගින් ඉහත පරිදි චර්යාවේ අයහපත් වෙනස්කම් ද, සිදුකිරීම නිසා පුළුල් වශයෙන් සමාජ-සංස්කෘතික ගැටළු නිර්මාණය කරමින් තිබේ. 

නිකොලස් හා ප‍්‍රයිස් විසින් (Nicholas and Price 1998& Effect Model/Hypodermic Syringe Model/Silver Bullet Model) නැමති ආකෘතිය මගින් ඉහත පරිදි මාධ්‍ය අන්තර්ගතය සහ ග‍්‍රාහකයන්ගේ චර්යාව (Behaviour) අතර ඇතිවන බලපෑමේ ස්වභාවය පිළිබ`දව දීර්ඝ වශයෙන් විග‍්‍රහ කර තිබේ. ඒ අනුව විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය මඟින් ඉහත අයුරින් ග‍්‍රාහකයා මෙහෙයවීම (Manipulation), සූක්ෂම අයුරින් ජනමතය (Public Opinion) සකස් කිරීම, විවිධ ප‍්‍රචාරණ උපක‍්‍රම (Propaganda) ම`ගින් නිශ්චිත අරමුණු සපුරා ගැනීම සිදුකරන ආකාරය විග‍්‍රහ කෙරේ. 1991 ඉරාක ආක‍්‍රමණයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය ඇතුළු සමස්ත බටහිර මාධ්‍ය මඟින් තොරතුරු ප‍්‍රචාරණයේ දී ජනතාව මෙහෙයවීම සහ සාවද්‍ය (Lies) තොරතුරු ප‍්‍රචාරක ක‍්‍රමවේදයක් මඟින් මහජන සහයෝගය ලබා ගැනීම සඳහා ඉහත පරිදි මාධ්‍ය භාවිත කර ඇති ආකාරය මෙන්ම 2014 මුල් කාලයේ සිට යුක්රේනය සහ රුසියාව අතර ඇතිවූ රාජ්‍ය තාන්ත‍්‍රික ගැටළුවලදී බටහිර රටවල් හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය එම සිදුවීම් අර්ථකථනය කළ ආකාරයත්, විවිධ තොරතුරු ගොඩනැගූ ආකාරයත්, රුසියාවේ රුසියානු හ`ඩ නාලිකාව හා සමාජ මාධ්‍ය එයට ප‍්‍රතිචාර දැක්වූ ආකාරයත්, මේ ස`දහා නිදසුන් වේ.

රූපවාහිනී මාධ්‍ය ම`ගින් අරමුණු සහගතව ගොඩනංවා විකාශය කරනු ලබන විවිධ ආඛ්‍යානවල ඇති භූමිකා අනුකරණය කිරීමට ද, බොහෝවිට පේ‍්‍රක්ෂකයා පෙළඹේ. බැන්ඩුරා ඉදිරිපත් කළ (Bandura 1977) සමාජ ඉගෙනුම් සිද්ධාන්තයට අනුව මිනිසුන් මෙන්ම සතුන් ද, අන් අයගේ් චර්යාව නිරීක්‍ෂණය කිරීමෙන් හා අනුකරණයෙන් යම් උගෙනුමක් ලබන ආකාරයෙන් රූපවාහිනී මාධ්‍ය මඟින් ඉදිරිපත්වන ප‍්‍රබල පඨිතයන් නැරැුඹීමෙන් සහ ඒවා අනුකරණය මඟින් ද, විවිධ වයස් කාණ්ඩයන්ට හා මානසික තත්වයන්ගෙන් යුක්ත පේ‍්‍රක්ෂකයා විවිධ අත්හදා බැලීම් (Observational Learning) සිදුකරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මෙම අධ්‍යයනය ම`ගින් අවධානය යොමු කරනු ලබන්නේ ද, එවැනි දූෂිත දෘශ්‍ය සහිත වැඩසටහන්වල වටිනාකම් අනුකරණය ම`ගින් ග‍්‍රාහකයාගේ චර්යාවේ සහ සාමාජීය සම්බන්ධතාවල අයහපත් ආකාරයේ වෙනස්වීම් සිදුවන ආකාරය විශ්ලේෂණය කිරීම පිළිබ`දවයි. සාමාන්‍ය සමාජයේ ඇති සම්බන්ධතා මෙන් නොවූවද, ටෙලිනාට්‍ය නැරඹීමේ දී ද, පේ‍්‍රක්‍ෂකයා සහ ටෙලිනාට්‍යයේ ආඛ්‍යානය, චරිත අතර යම් සමීප සම්බන්‍ධතාවක් ගොඩනැගේ. 

පරා-සමාජ අන්තර්ක‍්‍රියාව (Para-Social Interaction) යන සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍යයක චරිතයක් සහ එය නරඹන පේ‍්‍රක්‍ෂකයා අතර සමීප පුද්ගලාන්තර සම්බන්‍ධතාවක් ඇතිවන්නේය යන්න පිළිබ`දව ඇල්බට් බැන්ඩුරා ගෙනහැර දක්වන හෙන්රි හා චාල්ස් විග‍්‍රහ කරන ආකාරයට (Henry and Charles 1982) සමාජ ඉගෙනුම් සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍යයේ විවිධ චරිත, රංගනයන්, කතාන්දරය සමග දැඩි සම්බන්‍ධතාවක් පවත්වා ගැනීමට සහ එය අනුකරණයට පේ‍්‍රක්‍ෂකයා පෙළඹෙන බව පැහැදිලි වේ. යම් චරිතයක් උපදේශකයෙකු, මිත‍්‍රයෙකු, අස්වසාලන්නකු හෝ යම් භූමිකාවක් ස්වභූමිකාව සමග සම්බන්‍ධ කරගන්නට පේ‍්‍රක්‍ෂකයා පෙළඹේ. පුද්ගලයෙකු යම් සිදුවීමක් සම්බන්‍ධයෙන් ප‍්‍රතිරෝදය පෑම (Resistance) හෝ සහමිතිය (Consent) (විරෝධය හෝ අනුගත වීම) නැමැති ප‍්‍රවේශ දෙකින් එකක් කෙරෙහි නැඹුරු වීමේ ශඛ්‍යතාවක් පවතී. රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය දූෂණය පිළිබ`ද මෙම පර්යේෂණාත්මක අධ්‍යයනයේ සමීක්ෂණය ස`දහා අදාළ කරගනු ලැබූ සමස්ත නියැදියෙන් 29% ක ගේ මතය වන ටෙලි ආඛ්‍යානවල කිසියම් හෝ භූමිකාවක් තම ජීවන රටාව සමග සමානත්වයක් දක්වන්නේය යන්නෙන් අදහස් වන්නේ විවිධ භූමිකා ආඛ්‍යාන වලට අනුගත වීමේ නැමියාවයි. ඉහත පරිදි ටෙලි ආඛ්‍යානවල ඇති විවිධ භූමිකා අනුකරණය නිසා පේ‍්‍රක්‍ෂකයා සාමාජීය වශයෙන් විවිධ ගැටළුවලට මුහුණ දී ඇති අවස්ථා බහුල වශයෙන් වාර්තාවීම මගින් අද්‍යතන රූපවාහිනී මාධ්‍යයේ අතථ්‍ය, ආභාසන රූප විකාශය නිසා පොදුජනයා කෙරෙහි සුවිශාල බලපෑමක් කිරීමට දක්වන දායකත්වය පැහැදිලි වේ.

මහාචාර්ය ඊ.එම්. රොජර්ස් විග‍්‍රහ කරන ආකාරයට ද, (Rogers, 2003) මාධ්‍ය පඨිතයේ ඇති විවිධ අර්ථයන් හෝ භූමිකා අනුකරණය කෙරෙහි ග‍්‍රාහකයා යොමුවන ආකාරයත්, යම් ආඛ්‍යානයක් තම අත්දැකීම් සම`ග ගලපා ගනිමින් ඒවා අනුකරණය කිරීමට පේ‍්‍රක්ෂකයා යොමුවන ආකාරය පිළිබ`දවත්, අවධානය යොමුකර තිබේ. සමස්තයක් ලෙස රූපවාහිනී මාධ්‍ය මඟින් සෘජු ලෙසම පේ‍්‍රක්ෂක විඥානය කෙරෙහි බලපෑම් කරනු ලබන පරිසරයක් තුළ පේ‍්‍රක්ෂකයා මාධ්‍ය පඨිත සම`ග එකඟවීමේ හෝ නොවීමේ ප‍්‍රවේශයක් අනුගමනය කළ හැකි බව විග‍්‍රහ කරයි. එනම් ග‍්‍රාහකයා යම් දෘශ්‍ය ආඛ්‍යානයක් නැරඹීමේ දී එහි දෘශ්‍ය වියමන සම`ග එකඟවී (Adopt) එයත් සමග තනිවීම, අදාළ පඨිතය සම`ග එකඟ නොවීම, පෞද්ගලික අත්දැකීම් සමග අදාළ පඨිතය අවශ්‍ය ආකාරයට හැඩගස්වා (Modify) ගැනීම ආදී වශයෙන් පේ‍්‍රක්ෂකයා ප‍්‍රතිචාර දක්වන බවයි. මේ අනුව පැහැදිලි වන්නේ රූපවාහිනී මාධ්‍ය මඟින් විකාශය කර හරිනු ලබන බහුවිධ දෘශ්‍ය අනුකරණය කිිරීමට පේ‍්‍රක්ෂකයා පෙළඹෙන ආකාරයත්, ඒ මඟින් පේ‍්‍රක්ෂකයා අදාළ දෘශ්‍ය ආඛ්‍යානය කෙරෙහි අනුගත වීම හෝ එයට ප‍්‍රතිවිරෝධතාවක් දැක්වීමට පෙළඹීමේ හැකියාවක් පවතින බවත්, පේ‍්‍රක්ෂකයා තුළ අලූතින් චර්යාවේ වෙනස්කම් ඇතිවීම මෙන්ම සමාජ විරෝධී ක‍්‍රියාවන්ට යොමුවීමේ හැකියාවක් ද, තිබෙන බවත් ය.

සමාජ විඥානය හැඩගැස්වීමේදී ද්‍රව්‍යමය ලෝකය සම`ග අවියෝජනීය සම්බන්ධයක් දක්වන දෘශ්‍ය සංජානනය (Visual Perception) පිළිබඳව විග‍්‍රහ කර ඇති විවිධ ජනමාධ්‍යවේදීය සමාජවිද්‍යාත්මක පර්යේෂණ වලදී පොදුජනයාගේ චර්යාව හා ක‍්‍රියාකාරිත්වයන් කෙරෙහි බාහිර පරිසරය සෘජු සහ ස්වාභාවික ලෙසම බලපානු ලබන ආකාරය සොයාගෙන ඇත. පරිසරයෙහි සිදුවන විවිධ සිදුවීම්වලට අදාළ උත්තේජන හා ඒ සඳහා ලබාදෙන ප‍්‍රතිචාර අතර සම්බන්ධය පිළිබඳව ජෝන් බී. වොට්සන්ගේ මනෝවිද්‍යාව, චර්යාවාදය සම්බන්ධ අධ්‍යයනයන්වල (Crooks and Stein, 1991) මේ පිළිබ`දව විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ එබැවිනි. පොදු අවකාශයෙහි දෘශ්‍ය මෙන්ම රූපවාහිනී මාධ්‍ය ස`දහා ප‍්‍රතිනිර්මාණිත දෘශ්‍ය පුද්ගල චර්යාව කෙරෙහි ස්වාභාවිකවම බලපාන බව පැහැදිලි වේ. මැක්ගයර් විග‍්‍රහ කරන ආකාරයට (McGuire 1999) මාධ්‍ය මගින් පුද්ගලයාගේ සමාජානුයෝජන ක‍්‍රියාවලිය කෙරෙහි සුවිශාල බලපෑමක් සිදුකරයි. ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වශයෙන් සමාජානුයෝජන ක‍්‍රියාවලිය කෙරෙහි රූපවාහිනී මාධ්‍යයට කළ හැකි බලපෑම මෙහිදී අන් මාධ්‍යයන්ට වඩා සුවිශේෂී වන අතර වෙළ`ද ප‍්‍රචාරණයේදී එහි ශක්‍යතාවන් යොදාගනු ලබන ආකාරය පිළිබ`දව කර ඇති විග‍්‍රහයෙන් පැහැදිලි වන්නේ රූපවාහිනී කර්මාන්තය පේ‍්‍රක්ෂකයාගේ මතය වෙනස් කිරීම ස`දහා දෘශ්‍යමය හැකියාවන් භාවිතා කරනු ලබන ආකාරයයි.

රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය දූෂණය නැමති ව්‍යවහාරය මේ වනතෙක් භාවිතා කර නොමැති වුව ද එහි දෘශ්‍ය ෂානර මගින් සිදුකරන මතවාදී මෙහෙයවීම, පේ‍්‍රක්ෂකයා දෘශ්‍ය කෙරෙහි අනුගතවීම හෝ ප‍්‍රතිරෝධය පෑම, පෙළඹවීමට ලක්වීම, ඉගෙනුමක් ලැබීම හා දෘශ්‍ය අනුකරණය ම`ගින් ඇතිවන බලපෑම පිළිබ`දව විවිධ අධ්‍යයනයන් සිදුකර ඇත. රූපවාහිනී මාධ්‍යයෙහි ආභාසන රූපයෙහි ක‍්‍රියාකාරීත්වය ම`ගින් ඉහත පරිදි පේ‍්‍රක්ෂකයා කෙරෙහි බලපෑමක් සිදුවන බැවින් එම දෘශ්‍ය දූෂිත දෘශ්‍ය ලෙස මෙම පර්යේෂණයේ දී හ`දුනා ගැණින.

රූපවාහිනී මාධ්‍ය දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය සහ දෘශ්‍ය දූෂණය පිළිබ`ද විග‍්‍රහය

පාරිසරික අවකාශය තුළ සිදුවන දූෂණය යනු මානවයාගේ මැදිහත්වීම මගින් පරිසර පද්ධතියට එක් කරනු ලබන විවිධ අපවිත‍්‍රකාරක නිසා සිදුවන පාරිසරික අස්ථායීබව (Instability), අපිළිවෙල (Disorder), හානිය (Harm) හෝ අපහසුව (Discomfort) වේ. එය භෞතික පරිසරය කෙරෙහි මෙන්ම පාරිසරික ජීවීන් කෙරෙහි ද, සිදුවිය හැකිය.  ඕනෑම විෂයකට අදාළව දූෂණය යනු එහි ස්වාභාවික තත්වය කෙලෙසීමක් හෙවත්  ස්වභාවිකත්වය යථා තත්ත්වයෙන් විකෘති තත්ත්වයට පත්වීමකි. තාර්කික පදනමක් මත ගොඩනැගී ඇති පාරිසරික සමාජ පද්ධතීන්වල රිද්මය සහ තාර්කික සම්බන්ධතා කිසි ලෙසකින් හෝ බිඳ හෙළිය නොහැකි අතර යම් අයුරකින් එහි ජාලීය නියමයන්, සමතුලිතතාවයන් බිඳී ගියහොත් එය මානව පැවැත්ම කෙරෙහි සෘජු ලෙසම බලපානු ලබයි.

රූපවාහිනී මාධ්‍ය මගින් විකාශය කරනු ලබන යම් දෘශ්‍ය ආඛ්‍යානයක් මගින් ග‍්‍රාහකයා අවිඥානික හෝ සවිඥානික මෙහෙයවීමකට ලක් කිරීමට හෝ සමාජීය සම්බන්ධතා තුළ අයහපත් පරිවර්තනයක් ඇතිකිරීමට මෙන්ම සාමාන්‍ය චර්යාව හැඩගැස්වීමෙහිලා අයහපත් ආකාරයේ මතවාදී මෙහෙයවීමක් සිදුකිරීමට සමත්, සන්දර්භානුගත නොවන හෝ විද්‍යුත් මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි ව්‍යාජ, ආභාසන දෘශ්‍ය නිර්මාණය රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය දූෂණය ලෙස හැ`දින්විය හැකිය.

රූපවාහිනිය මඟින් ජනිත කරනු ලබන සූක්ෂම පරිසරය (Micro Social Climate) මඟින් සමාජ හැසිරීම්, න්‍යාය ධර්ම, සමාජ වටිනාකම් තහවුරු කිරීම, ආචාර හා සදාචාර විධි පිළිබඳ සංඥාවන් ඉදිරිපත් කිරීම යනාදිය ද, නිගමනය වේ. මෙම සාධක මත රූපවාහිනී දෘශ්‍ය දූෂණය ප‍්‍රධාන අංශ කීපයක් යටතේ ගොනු කළ හැකියි. දෘශ්‍ය මාධ්‍ය තොරතුරු වාර්තාකරණයේ දී පේ‍්‍රක්ෂකයා මෙහෙයවීම ස`දහා භාවිතා කරනු ලබන හේමාල රූපය මගින් සිදුවන දෘශ්‍ය දූෂණය, වෙළ`ද ප‍්‍රචාරණය තුළ, රූපවාහිනී නාට්‍ය මගින්, රියලිටි වැඩසටහන් සහ වෙනත් වැඩසටහන් විකාශයේ දී සවිඥානිකව හෝ අවිඥානිකව පේ‍්‍රක්ෂකයා මෙහෙයවීම මගින්, තාක්ෂණික රූප මාධ්‍යයක් ලෙස රූපවාහිනී තාක්ෂණය සෞන්දර්ය රිතීන් උල්ලංඝනය කිරිම මගින්, රූපවාහිනී මාධ්‍ය මඟින් නිරූපිත ක්ෂේත‍්‍රයේ අන්තර්ගත වටිනාකම් දූෂණය වීම මගින්, මාධ්‍ය ආචාර ධර්මයන්ට පටහැනිව සිදු කරනු ලබන දෘශ්‍ය අපහරණය ම`ගින් මූලික වශයෙන් එවැනි දෘශ්‍ය දූෂණයක් සිදුවේ.

ඉහත තත්වයන්ට සුවිශේෂිව අපගේ අවශ්‍යතාවයන් හා ඊට සම්බන්ධ දෘශ්‍ය පරාසයන් හා අවශ්‍යතාවයන් සමග සම්බන්ධිත දෘශ්‍ය භාවිතාවන් අලූතින් හඳුන්වා දෙමින් විකාශය කරනු ලබන දෘශ්‍ය අතථ්‍ය දෘශ්‍ය වීම, පේ‍්‍රක්ෂකයා විසින් එම දෘශ්‍ය ආඛ්‍යානවල ඇති ප‍්‍රතිරූප අනුකරණය කිරීමට පෙළඹීම, දෘශ්‍ය ආඛ්‍යානවලට සහමිතිය දැක්වීම හෝ ප‍්‍රතිරෝධය පෑම, ජෝන් ෆිස්ක් විග‍්‍රහ කරන ආකාරයට (Fiske, 1987) ජනමතය අයහපත් ආකාරයෙන් වෙනස්වීම, චර්යාවෙහි වෙනස්කම් ඇතිකිරීම නව පාරිභෝගික විඥානයක් නිර්මාණය කිරීම ආදී වශයෙන් විවිධ සාමාජීය ගැටළු ඇතිකිරීමට එම ආභාසන රූපය සමත්වී ඇති බැවින් ඒ මගින් දෘශ්‍ය දූෂණයක් සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

හුදු ජනමාධ්‍යයකට වඩා ප‍්‍රාග් ඓතිහාසික ආගම වැනි ප‍්‍රබල මෙවලමක් වන රූපවාහිනී මාධ්‍ය මඟින් අනන්‍යතා හැඩගැස්වීමේදී වෙනත් මාධ්‍යයන්ට සාපේක්ෂව සකී‍්‍රය කාර්යභාරයක් ඉටු කරන අතර. බොහෝ වින්දනාත්මක වැඩසටහන් නරඹන පේ‍්‍රක්‍ෂකයන්ගේ ආගම බවට පත්ව තිබෙන්නේ මාධ්‍යයේ එම ස්වභාවය  අනුවයි. සන්නිවේදනඥ ජෝර්ජ් ගබ්නර්ට අනුව (Gerbner, 1979)පශ්චාත් නූතන යුගය තුළ බිහිවන බහුජන නිෂ්පාදනය (Mass Production), බහුජන සංස්කෘතිය (Mass Culture) තුළ හටගන්නා අධි පාරිභෝජන රටාව, වේගවත් රිද්මය, ව්‍යාප්තිය සහ සංකීර්ණත්වය හේතුකොට ගෙන මායාවක් (Illusion) බවට පත්ව ඇති අනන්‍යතාවන්වල කාර්යය වන්නේ අලූත් වර්ගයක සමාජ ජීවිතයක්, නව ආර්ථික රටාවක් බිහිවීමත් සමග සංස්කෘතියේ මතුවූ නව විධිමත් ලක්‍ෂණ සහසම්බන්ධ කිරීමයි. එනම් ෆ්‍රෙඞ්රික් ජෙම්සන්ගේ (Fredric Jameson) පශ්චාත් නූතනවාදය සහ පාරිභෝගික සමාජය නැමති පර්යේෂණාත්මක ලිපිය මගින් ප‍්‍රකාශ කරන ආකාරයට (Jameson, 1983)එය බොහෝවිට ආකර්ශනීය භාවිතයක් වන නවීකරණයයි. පශ්චාත් කාර්මික හෝ පාරිභෝගික සමාජයයි. මාධ්‍ය සමාජය (Media Society හෙවත් සංදර්ශන (Specter) නැතිනම් බහුජාතික ධනවාදයයි.

සංකීර්ණ සමාජ පරිණාමය තුළ ගෘහනිර්මාණ ශිල්පය, නාගරික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළින් වර්ධනයවූ තරඟකාරී සහ සංකීර්ණ දෘශ්‍යමය ගොඩනැංවීම් වර්තමානය වන විට දියුණු සන්නිවේදන මාධ්‍යයක් වන රූපවාහිනී මාධ්‍යයේ හේමාල රූපය (Simulacrum) සහ එහි මතවාදය (Visual Ideology) දක්වා වර්ධනයවී ඇත. අද්‍යතන දේශපාලන ආර්ථිකයේ හැසිරීම තුළ කලාව ද, ජනමාධ්‍යවේදයේ ග‍්‍රහණයට සහ බලපෑමට දැඩි ලෙස නතුවී තිබෙන අතර ජනමාධ්‍යවේදය කලා නිර්මාණ ග‍්‍රාහකයන් දක්වා ගෙන යනු ලබන එකම නැතහොත් ප‍්‍රබලතම ආකාරය බවට ද, පත්ව තිබේ. මීට අදාළව ගෘහ නිර්මාණ ශිල්පය, චිත‍්‍ර කලාව, දෘශ්‍ය මාධ්‍ය ප‍්‍රචාරණය සහ රූපවාහිනී මාධ්‍ය දක්වා වූ සියලූ සංස්කෘතික නිෂ්පාදන, (Cultural Production) දෘශ්‍ය පරිසරය සමාජ මනෝවිද්‍යාත්මක වශයෙන් පොදු ජනයාගේ චර්යාව, මානව සම්බන්ධතා කෙරෙහි සිදුකරන බලපෑම සංකීර්ණවී ඇති බැවින් රූපවාහිනී මාධ්‍ය මගින් සිදුවන දෘශ්‍ය දූෂණය පිළිබ`ද අධ්‍යයනයෙහි වැදගත්කම ද, වැඩිවී තිබේ.

දෘශ්‍ය භාෂාවේ ඇති විශේෂත්වය වන්නේ මානව විඥානයේ විවිධ තලවල පවතින විවිධ හා සංකීර්ණ මනෝභාවයන් සියුම්ව උත්තේජනය කිරීමෙහි ඇති හැකියාවයි. සිනමා මාධ්‍යයේ ඇති කලාත්මක හා තාක්ෂණික ශක්‍යතාවන් ඒ අයුරින්ම නොවූවත්, රූපවාහිනී මාධ්‍ය බිහිවන්නේම සහ තවදුරටත් පවතින්නේ සිනමාවේ ඇති මූලික ව්‍යාකරණ ආශි‍්‍රතවය. මෙම සුවිශේෂ භාෂාවෙහි අර්ථ තේරුම්ගැනීම සඳහා ප‍්‍රවේශය ලබාගත හැක්කේ සංඥාර්ථවේදය මඟිනි. ඒ අනුව රූපවාහිනී මාධ්‍යයේ ඇති දෘශ්‍ය සංරචනය තේරුම් ගැනීමට නම් ඒ තුළ ඇති සංකීර්ණ සංඥා සහ සංඥා පද්ධති අතර ඇති සම්බන්ධතාවන් සහ ඒවා තුළ ඇති අර්ථයන් වටහාගැනීම අත්‍යවශ්‍ය වේ. එම අන්තර් සම්බන්ධිත සංකීර්ණ හා අර්ථ තේරුම් ගැනීමට නොහැකි වන්නේ නම් එම ආඛ්‍යානයේ ග‍්‍රහණයට පේ‍්‍රක්ෂකයා නතුවිය හැකිය. ස්ටෑම්ට අනුව (Stam, 2000) සිනමාව, මනාව හා පිළිවෙළකට අනුව විදහා දක්වන සුවිශේෂ ව්‍යවහාරයක් (Signifying Practice), කතිකාවක් (Discourse), කලාත්මක භාෂාවක් වේ. සාමාජීය හා ප‍්‍රබන්ධාත්මක ස්වරූපයක් ගන්නා එහි සංඥාර්ථ කියවීම ස`දහා දෘශ්‍ය සාක්ෂරතාව තිබිය යුතුය. පීටර් වොලන් (Peter Wollen) ගේ විග‍්‍රහය අනුව ව්‍යාංගාර්ථයෙන් (Connotation/Sub Text) ඉදිරිපත් කරනු ලබන ප‍්‍රකාශනය සිනමා භාෂාවේ වැදගත් කොටසකිි. සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ ද, ආඛ්‍යානය තුළ ඇති චරිතයන්හි (Painting)හා වෙනත් වස්තූන්වල ප‍්‍රකාශනයෙහි විවිධ අර්ථ විවිධ දෘශ්‍ය සංඥා (Clues) මඟින් හඟවන බව එයින් පැහැදිලි වේ. මේ අනුව බලපෑමකින් තොරව සවිඥානිත ලෙස රූපවාහිනී ආඛ්‍යානයක් කියවීමට නම් මුඛ්‍යාර්ථය මෙන්ම ව්‍යාංගාර්ථයද තේරුම් ගත යුතු වන අතර, සිනමා මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, චිත‍්‍රය (Painting) හෝ  ඕනෑම දෘශ්‍ය මාධ්‍යයක් තේරුම් ගැනීමේදී මෙම දෙකින් එකක් හැරදා ඉවත්විය නොහැකි බව පැහැදිලි වේ.

සංඥාර්ථවේදයට අනුව දෘශ්‍ය නිර්මාණයක අර්ථ ග‍්‍රහණය කරගත හැක්කේ නිර්මාණකරුගේ අරමුණු හෝ අදහස්, අදාළ පේ‍්‍රක්ෂකයාගේ අර්ථකථන විග‍්‍රහ කරමින් නොව සංකේත, වටිනාකම් හා ඒවා අතර පවතින සබඳතා පාදක කරගෙනය. එනම් අර්ථ නිෂ්පාදනය වන්නේ නිර්මාණකරු හෝ අදාළ ආඛ්‍යානය සමග නොවේ. සංඥාව අර්ථ සම්පේ‍්‍රෂණය නොකරන අතර එය අර්ථ නිර්මාණය කිරීමේ මාධ්‍යයක් වශයෙන් ක‍්‍රියා කරයි. මේ අනුව පැහැදිලි වන සත්‍යයක් වන්නේ රූපවාහිනී දෘශ්‍ය මඟින් පැහැදිලි ලෙසම යථාර්ථය පරාවර්ථනය කරනවාට වඩා එය නිර්මිත කිරීමේ සංඥාකාරක පද්ධතියක් වශයෙන් ක‍්‍රියාකරන බවයි. සංඥාර්ථවේදය මඟින් චිත‍්‍රපටයේ, රූපවාහිනී ආඛ්‍යානයේ අර්ථ නිෂ්පාදනය හා සම්බන්ධ රූප පද්ධතිවල ව්‍යුහාත්මක සබඳතා විශ්ලේෂණය කරනු ලබයි. මෙහි එක් රූපයක් අනෙකට දක්වන සම්බන්ධතා පද්ධතිය තුළ අර්ථ ජනනය වීම සිදුවේ. ඒ අනුව සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ වැඩසටහන් තුළත් අර්ථ ජනනය වීම සිදුවන්නේ එක් එක් රූපයේ පවතිින ස්වයංසාධනීය ගුණයක් නිසා නොව රූප අතර පවතින වෙනස්කම් හෝ භේදතා සංකල්පය තුළය. සිනමාව මෙන්ම සිනමාවෙහි ව්‍යාකරණ භාවිතා කරන රූපවාහිනී මාධ්‍යයේත් දෘශ්‍ය නිර්මාණ, කෘති අවබෝධකර ගැනීම සඳහා සංඥාර්ථවේදී ප‍්‍රවේශය තීරණාත්මක සාධකයක් වන්නේ එමනිසාය.

මේ අනුව රූපවාහිනී ආඛ්‍යාන සංඥාවන්ගේ ප‍්‍රකාශනයක් වන බවත්, රූප භාෂාවට අදාළ පිළිගත් සම්මත දෘශ්‍ය භාෂාවක් ආශ‍්‍රයෙන් එහි අර්ථ ගොඩනැගීම සිදුකරන බවත්, පැහැදිලි වේ. අර්ථය ජනනය වන්නේ නිර්මාණය/දෘශ්‍ය ආඛ්‍යානය හා පේ‍්‍රක්ෂකයා අතර ඇතිවන සම්බන්ධය හේතුවෙනි. පේ‍්‍රක්ෂකයා යම් දෘශ්‍ය ආඛ්‍යානයක් කියවනු ලබන්නේ අර්ථය හරහායි. සෑම දෘශ්‍ය රාමුවක් මඟින්ම අර්ථයක් ජනනය කරනු ලබන අතර එය සංඥා හරහා සිදුකරනු ලබයි. සිනමා මාධ්‍යයේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේදී ද යථාර්ථය පරාවර්ථනය කරගන්නේ කැමරාවෙහි තාක්ෂණය භාවිතයෙනි. මිනිස් මනස තුළ සංඥාවකින් උපදින මනෝ චිත‍්‍රය හා සැබෑව අතර පැහැදිලි පරතරයක් තිබේ. මෙම තත්වය නිසා යථාර්ථය ඒ ආකාරයෙන්ම මිනිසාට ග‍්‍රහණය කර ගැනීමට හැකියාවක් නොලැබේ. ඇලන් අදහස් කරන පරිදි (Allen, 1992) මාධ්‍ය පෙළෙහි ඇති යටි පෙළ තේරුම් ගැනීම සඳහා පේ‍්‍රක්ෂකයා අසමත් වන කල්හි ස්වයංක‍්‍රීයවම එහි ග‍්‍රහණයට ඔහු හසුවීමට හැකියාව ඇත. සංඥා, සංකේත මඟින් අර්ථ වටහා ගැනීමට ඇති හැකියාව පේ‍්‍රක්ෂකයා සතු නොවේ නම් ඒ අනුව අදාළ පඨිතය මඟින් ඔහු කෙරෙහි බලපෑමක් නිසැකවම ඇතිකරනු ලැබේ.

යම් පුද්ගලයෙකුගේ පෞරුෂ සැලැස්ම (Personality Structure) හා සාමාජීය සැලැස්ම (Social Structure) අතර ඇති සම්බන්ධතාවක් ලෙස සමාජ චරිතය බිහිවේ. අපගේ චරිත හැසිරීම් ඇසුරින් හැඩගසා ගන්නා ක‍්‍රමයකි. හෝන්ස් සහ මිලන් අනුව (Hoynes and Milan, 2011) පුද්ගල ඇසුර ඒ ඒ පුද්ගලයා අගය කරන, ගරු කරන, ඇලූම් කරන පුද්ගලයන්ගේ හැසිරීම් රටා විවිධ ලෙස අනුකරණය කරයි. හෙන්රි හා චාල්ස් විග‍්‍රහ කරන ආකාරයට (Henry and Charles, 1982) සමාජ ඉගෙනුම් සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍යවල විවිධ චරිත, රංගනයන්, කතාන්දරය සමග පේ‍්‍රක්ෂකයා දැඩි සම්බන්‍ධතාවක් පවත්වා ගැනීමට සහ එය අනුකරණයට පේ‍්‍රක්‍ෂකයා පෙළඹෙන බව පැහැදිලි වේ. බොහෝ රූපවාහිනී වැඩසටහන්වල දිස්වෙන ප‍්‍රතිරූප පේ‍්‍රක්ෂකයන් විසින් අනුකරණය කිරීම සිදුවන්නේ මෙම පදනම මතයි. ශ‍්‍රී ලාංකේය රූපවාහිනී නාලිකා මගින් සිදුවන දෘශ්‍ය දූෂණය පිළිබ`දව සිදුකළ ග‍්‍රාහක ප‍්‍රතිචාර සමීක්ෂණයෙහි නියැදියෙන් 22% ක ප‍්‍රතිශතයක් වන පේ‍්‍රක්ෂකයා ටෙලිනාට්‍යවල ඇති ආකර්ශනීය ප‍්‍රතිරූප, චරිත තම ජීවිතයට සමීප බැවින් ඒවා නරඹන බව පැහැදිලි වන අතර ඒ අනුව ඔවුන් මෙම චරිත, ප‍්‍රතිරූප තුළට අනුගතවීමක් සිදුවී ඇති බව නිගමනය කළ හැකිය. විවිධ භූමිකා නිරූපණය කරන නළු නිළියන්ගේ විලාසිතා, ආකර්ශනීය ඇ`දුම් පැළ`දුම් ආදී ව්‍යාජ රූප මගින් ඉදිරිපත් කරන විවිධ ජනප‍්‍රිය සංස්කෘතික සංකේත කෙරෙහි ආකර්ශනය වී ඇති 22% ක පේ‍්‍රක්ෂකයින් පිරිසක් ද, සිටී. සමස්ත නියැදියෙන් 29% ක් අදහස් කරන්නේ ඒ ආකාරයෙන් ටෙලි ආඛ්‍යානවල කිසියම් භූමිකාවක් තම ජීවන රටාව සමග සමානත්වයක් දක්වන බවයි. පොදුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල රූපවාහිනී පේ‍්‍රක්ෂකයාගේ රසය මෙන්ම ලාංකේය රූපවාහිනී පේ‍්‍රක්ෂකයාගේ රසය නිරීක්ෂණය කිරීමේ දී ද, පැහැදිලි වන්නේ ප‍්‍රතිචාර දැක්වූ පේ‍්‍රක්ෂකයින්ගෙන් 67% ක ප‍්‍රතිශතයක් ඒ වටා එක් රොක්වී සිටින්නේ ටෙලිනාට්‍ය නැරඹීම ස`දහා බවයි.

එම සමීක්ෂණය ස`දහා ප‍්‍රතිචාර දැක්වූ වයස අවුරුදු 20 සහ 30 අතර පේ‍්‍රක්ෂකයින්ගෙන් 44 % ක් සිරස රූපවාහිනී නාලිකාව ම`ගින් විකාශය කරනු ලැබූ ඉන්දියාවෙන් ආනයනය කරනලද ප‍්‍රවීනා මෙන්ම මහගෙදර වැනි නාට්‍යවල අඛ්‍යානය ම`ගින් සන්නිවේදනය වන වෛරය, ද්වේශය සහිත රූප රාමු මඟින් ඉගෙනුමක් ලබා ඇති බවත්, එම භූමිකාවන් සම`ග අනුගත වී ඇති ආකාරයත්, තම චර්යාවෙහි අයහපත් වෙනස්කම් ඇතිකරගෙන තිබෙන බවත් ඉහත සමීක්ෂණ දත්ත විශ්ලේෂණයේදී නිගමනය කළ හැකි විය. එම නාට්‍ය ආඛ්‍යානවල ඇති භූමිකා මගින් වෛරය, ක්‍රෝධය සහ අපේක්ෂා භංගත්වය පිළිබිඹු කිරීම, මෙම නාට්‍යවල ආඛ්‍යානය යථාර්ථයෙන් බොහෝ විට දුරස්වීම, දීර්ඝ ආඛ්‍යානවලින් යුක්තවීම, ටෙලිනාට්‍ය සියල්ලම ඒකාකාරී වීම හා අතාත්වික රංගනයන් ඉදිරිපත් කිරීම දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙවැනි බොහෝ ටෙලිනාට්‍ය ආඛ්‍යන ගොඩනංවා තිබෙන්නේ ඉන්දියානු පවුල තුළ බොහෝ සෙයින් දක්නට ලැබෙන ප‍්‍රශ්න ආශ‍්‍රිතවය. මෙම පවුල්වල ඇත්තේ යථාවාදී සමාජය තුළ දක්නට ලැබෙන සමාජ අසාධාරණය, සූරාකෑම හෝ ජීවත්වීම ස`දහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපයාගැනීම පිළිබ`ද ප‍්‍රශ්නවලට වඩා වෙනත් ප‍්‍රශ්න වේ. මෙවැනි දෘශ්‍ය ආඛ්‍යානවල අහිතකර දෘශ්‍ය මේ අයුරින් ළමා පරපුර ඇතුළු විවිධ වයස් කාණ්ඩවල ජීවත්වන පුද්ගලයන් කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බැවින් එවැනි දෘශ්‍ය තුළ දෘශ්‍ය දූෂණයක් සිදුවන බව හඳුනාගත හැකිය.

එම දෘශ්‍ය ආඛ්‍යාන මගින් භෞතික ලෝකයේ සෑබෑ අවශ්‍යතාවයන්ගෙන් පේ‍්‍රක්ෂකයා ඉවත් කොට වාණිජ හෝ වෙනත් අවශ්‍යතාවයන් ඇතිකර එම අවශ්‍යතාවයන්ට උචිත වන ලෙස මානව දෘශ්‍ය විඥානයන් සකස් කරනු ලබයි. කොන්වේ සහ රුබින් විග‍්‍රහ කරන ආකාරයට (Conway and Rubin, 1991) රූපවාහිනී මාධ්‍ය සතු පෙළඹවීම ඉතා බලවත් වූවකි. කිසියම් ක‍්‍රියාවකට නැතහොත් චර්යාවකට තුඩු දෙන මෙම පෙළඹවීම නැතහොත් තල්ලූව අභ්‍යන්තර ක‍්‍රියාවලියක් වන අතර චර්යාව තීරණය කරනු ලබන්නේ පෙළඹවීම මඟිනි. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ සාමාන්‍ය පැවැත්ම, හැසිරීම, ලැදියාව වෙනස් කිරීම ඔහු කෙරෙහි, සමාජය කෙරෙහි සිදුකරන අයහපත් ආකාරයේ බලපෑමකි. ශ‍්‍රී ලාංකේය රූපවාහිනියෙහි දෘශ්‍ය දූෂණය පිළිබ`දව සිදුකළ ග‍්‍රාහක ප‍්‍රතිචාර සමීක්ෂණ ප‍්‍රතිඵල අනුව රූපවාහිනී ප‍්‍රචාරණ දැන්වීම් මගින් බහුතර පේ‍්‍රක්ෂකයින් තුළ පෙළඹවීමක් ඇතිකර නොමැති බව නිරීක්ෂණය කළ හැකි වුව ද ප‍්‍රතිචාරකයින්ගෙන් 38% ක් තුළ එපරිද්දෙන් පෙළඹවීමක් ඇතිවී තිබේ. ළමා වයසේ පේ‍්‍රක්ෂකයින්ගෙන් බහුතරයක් නරඹන්නේ ටෙලිනාට්‍ය, වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම් සහ රියැලිටි වැඩසටහන් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ළමයින් වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම් නැරඹීමට සුවිශේෂ කැමැත්තක් ප‍්‍රකාශ කර තිබීමයි. වෙළ`ද දැන්වීම් නැරඹීම ස`දහා ළමා වයසේ පසුවන පේ‍්‍රක්ෂකයින් උනන්දුවක් දැක්වීමෙන් නිගමනය කළ හැකි වන්නේ ප‍්‍රචාරණ දැන්වීම් මගින් පැහැදිලි ලෙසම ඔවුන් තුළ මෙහෙයවීමක් සිදුකර ඇති බවයි.

විවිධ ප‍්‍රතිරූපවලට පේ‍්‍රක්ෂකයා ආකර්ශනය වී ඇති අතරම ඒවා අනුකරණයට ද පෙළඹී ඇත. සමීක්ෂණයෙහි ප‍්‍රතිඵල අනුව වැඩිහිටි මෙන්ම ළමා වයසේ පසුවන පේ‍්‍රක්ෂකයින්ගෙන් 51% ගේ චර්යාවෙහි එවැනි අයහපත් වෙනස්කමක් ඇතිවී තිබේ. ඒ අනුව නියැදියෙන් 69% ක පමණ ඉහළ ප‍්‍රතිශතයක් අඛණ්ඩව හා නිරන්තරයෙන් රූපවාහිනී වැඩසටහන් අතර ප‍්‍රචාරණ දැන්වීම් පළකිරීම පිළිබ`දව තම විරෝධය ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලාංකේය රූපවාහිනී නාලිකා මගින් විකාශය කරනු ලබන අනුග‍්‍රාහක දැන්වීම් තුළ සමහර අන්තර්ගතයන් සහිත දෘශ්‍ය විකාශය කිරීම නිසා සාම්ප‍්‍රදායික සම්බන්ධතා සහිත දේශීය පවුලේ සාමාජිකයන්ට එකට හි`දිමින් රූපවාහිනිය නැරඹිය නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව නිරීක්ෂණය වේ. සමීක්ෂණයේදී ප‍්‍රතිචාර දැක්වූ 84.6%ක් ප‍්‍රතිචාරක දෙමව්පියන් සඳහන් කරන්නේ තම දරුවන් රූපවාහිනී නාට්‍ය හා එම නාට්‍ය අතර විකාශය කරන දැන්වීම් නැරඹීම නිසා වෙළ`දපොළ අවශ්‍යතාවය මත චර්යාමය වෙනසකට භාජනය වී ඇති බවයි. මීට කලකට පෙර විකාශය වූ නාට්‍යයක් වුව ද, සත්පුරවැසියෝ නැමති දේශීය ටෙලිනාට්‍යය ස`දහා වැඩි පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් කැමැත්ත පළකර තිබුණි. එම නාට්‍යයෙහි අහිංසා නැමති චරිතයේ භූමිකාව කෙරෙහි මෙරට බොහෝ පේ‍්‍රක්ෂකයෝ තදින් බැ`දී සිටි බව පැහැදිලි වේ. සමකාලීන සමාජයේ ජීවත්වන තරුණියක් වශයෙන් මුහුණ දීමට සිදුවන ගැටළු මෙම නාට්‍යය ම`ගින් ප‍්‍රතිනිර්මාණය කර තිබුණි. බොහෝ පේ‍්‍රක්ෂකයින් එම චරිතය තුළ තමාගේ ජීවිත අත්දැකීම් හා සමීප බවක් තිබුණ බව ප‍්‍රශ්නාවලිය අවසානයේ ස`දහන් කර තිබුණි. අහිංසා මුහුණදෙන ගැටළු ශ‍්‍රී ලාංකේය සමාජයේ සමස්ත තරුණියන්ගේ ගැටළු බවට මෙම ආඛ්‍යානය මගින් පත්කර තිබුණ බව පැහැදිලි වේ.

එමෙන්ම මෙම නාට්‍යය අවසානයේ වෙළ`දපොළ නියමයන් සංකීර්ණ අයුරින් ක‍්‍රියාත්මක වනු දැකිය හැකි විය. එනම් එම චරිතය මුහුණ දෙන ගැටළුවලට පොදුජනයාත් මුහුණ දෙන බවට පේ‍්‍රක්ෂකයා මතවාදී මෙහෙයවීමකට ලක් කර එවැනි ගැටළුවලට සාර්ථකව මුහුණදීම ස`දහා ජීවිත රක්ෂණයක් ලබාගත යුතු බවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ නාට්‍යය රූපවාහිනී නාලිකාවේ විකාශය ස`දහා අනුග‍්‍රහය දැක්වූ රක්ෂණ ආයතනය විසින් අහිංසා නමින් නව රක්ෂණයක් ද හ`දුන්වා දීමයි. මේ ම`ගින් එක් අතකින් සංස්කෘතික ප‍්‍රාග්ධනයේ ආක‍්‍රමණීය ක‍්‍රියාකාරීත්වය පිළිබ`දව පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන අතර ආඛ්‍යානය මගින් ඉතා සංකීර්ණ අයුරින් පේ‍්‍රක්ෂකයා මතවාදී වශයෙන් මෙහෙයවන ආකාරය පිළිබ`ද අදහසක් ඇතිකරයි.

රොබර්ට් දක්වන පරිදි (Robert L, 1991) සමාජ මනෝවිද්‍යාඥයින් විසින් පොදු ජනයාගේ ආකල්ප ඇතිවීම හා වෙනස්වීම, සමාජ සංජානනය, අනුකූලත්වය, සමාජ භූමිකාව, ප‍්‍රාග් විනිශ්චය, පුද්ගලාන්තර ආකර්ශනය සහ කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය පිළිබඳව වැඩි ඇල්මක් දක්වන්නේ ඒ අනුවය. මේ අනුව පැහැදිලි වන්නේ යම් දෘශ්‍ය සංරචනයක් මඟින් පොදුජනයා හෝ රූපවාහිනී පේ‍්‍රක්ෂකයා කෙරෙහි ඇතිකරනු ලබන සිතිවිල්ල මඟින් ඔහු ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන ආකාරය තීරණය විය හැකිි බවයි. එනම් ඔහු තුළ ඇතිවන ආකල්්පය මඟින් ඇතිකරන්නාවූ හැසිරීම් රටාවේ විවිධාකාර වෙනස්කම් ඇතිවිය හැකි බවයි. අදාළ දෘශ්‍ය සන්දර්භය මානසික වශයෙන් අපහසුතාවක් දනවන්නේ නම් එහි දෘශ්‍ය දූෂණයක් සිදුවී තිබිය හැකි අතර ඒ මඟින් අයහපත් ආකාරයේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් ඇතිවීමටත් හැකියාව පවතී. ඬේවිඞ් විග‍්‍රහ කරන ආකාරයට (David G, 2005) ආකල්ප පිළිබඳව අධ්‍යයනයේදී සිතට ඇතිවන බලපෑම (Affect), හැසිරීමේ නැමියාව (Behaviour Tendency) සහ ප‍්‍රජානනය (Cognition) යන මිනුම් දඬු තුන පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයාගේ චර්යාව හැඩගැසෙන ආකාරය පැහැදිලි වේ. මේවා අන්‍යෙන්‍ය වශයෙන් සබඳතාවක් දක්වන අතර චක‍්‍රාකාරව ක‍්‍රියාත්මක වේ. සිතිවිලි සහ ක‍්‍රියාව (Thought and Action), ස්වරූපය හා හැසිරීම (Charactor and Conduct), පෞද්ගලික වචනය සහ පොදු ක‍්‍රියාව (Private word and Public Deed) අතර ඇති සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ. විවිධාකාරවූ පෞද්ගලික විශ්වාසයන් හා හැඟීම් පොදුජනයාගේ චර්යාව නිශ්චය කරන අතර පොදුජනයාගේ චර්යාව ඔහුගේ සමාජ ආකල්ප වෙනස්වීම සඳහා සෘජු ලෙසම බලපානු ලබයි. තනි  පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරකම්වලට වඩා සමස්ත චර්යාව නිරීක්ෂණය මඟින් ඔහුගේ ආකල්පයෙහි ස්වභාවය විද්‍යාමාන වීම සිදුවේ.

මාධ්‍ය අන්තර්ගතය සහ ග‍්‍රාහකයන්ගේ චර්යාව (Behaviour) අතර ඇතිවන බලපෑමේ සම්බන්ධතාව අධ්‍යයනය කරන ආකෘතියක් වන Effect Model අනුව ද, පැහැදිලි වන්නේ ග‍්‍රාහකයා මෙහෙයවීම (Manipulation) ජනමතය (Public Opinion) සකස් කිරීම, විවිධ ප‍්‍රචාරයන් (Propaganda) වලින් විවිධ අරමුණු සපුරා ගැනීම සිදුකරන ආකාරයයි. මෙහිදී පේ‍්‍රක්ෂකයාට ඇති තෝරාගැනීමේ අයිතිය හා නිදහස අහිමි කරමින් අදාළ මාධ්‍ය මෙහෙයවන්නන්ගේ මතවාදය සහිත දෘශ්‍ය නිරන්තරයෙන් විකාශය කරමින් පේ‍්‍රක්ෂකයාගේ විඥානය බලහත්කාරයෙන් මෙහෙයවීමකට ලක් කරයි. ඬේවිඞ් තවදුරටත් විග‍්‍රහ කරන පරිදි (David G, 2005) යම් චර්යාවක් ඇතිවීම සඳහා මූලිකවම හේතු සාධක කීපයක් බලපානු ලබන අතර සැලසුම් සහගතව චර්යාව වෙනස් කිරීමට අදාළව ආකල්ප, විෂයමූලික ප‍්‍රතිමාන, ප‍්‍රත්‍යක්ෂ සංයමය එක්වීමෙන් චර්යාව පිළිබඳ අදහසක් නිර්මාණය වීමත්, ඒ මඟින් යම් නිශ්චිත චර්යාවක් ඇතිවීමත් සිදුවේ. රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ගොඩනැංවීම් මගින් ද, පේ‍්‍රක්ෂකයා මෙවැනි මෙහෙයවීමකට ලක් කරනු ලබයි. රූපවාහිනී ආඛ්‍යානවල අන්තර්ගතයන් පේ‍්‍ර්ක්ෂකයාගේ චර්යාවේ වෙනස්කම් කිරීමට දායකවන ආකාරය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුකර ඇති පර්යේෂණ කීපයක නිගමනය වී ඇත්තේ විශේෂයෙන්ම ළමුන්ගේ ආක‍්‍රමණශීලීභාවය (Aggression) සහ අයහපත් සමාජ චර්යාවන් (Anti-Social Behavior) ඇතිකිරීමට රූපවාහිනී දෘශ්‍ය දායක වන බවයි. එම සමීක්ෂණය පිළිබ`දව හෙන්රි විග‍්‍රහ කරන ආකාරයට (Henry J 2003) තුන්වන සහ හතරවන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් වෙත මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පාඨමාලාවක් ඉගැන්වීම තුළින් ඔවුන් ඒ වනතෙක් රූපවාහිනිය නැරඹූ කාලය සහ වීඩියෝ ගේම්වල යෙදුන කාලය අඩුකර ඇති අතර ඔවුන්ගේ කායික සහ වාචික ආක‍්‍රමණශීලීත්වය සම වයසේ අනෙක් සිසුන්ට වඩා ඉතා අඩු මට්ටමකට පත්වී ඇති බව පැහැදිලි වේ.

රූපවාහිනිය ම`ගින් විකාශය කර හරිනු ලබන දෘශ්‍ය පඨිතයන් ග‍්‍රහණය කර ගැනීමෙන් පසු එය තමන්ට ගැලපෙන බවට චර්යාව වෙනස්කර ගැනීම සඳහා ආකල්පයක් ඇතිකර ගැනීම, තමන් ඇසුරු කරන පුුද්ගලයන් ද, එම පඨිතයේ සඳහන් ක‍්‍රියාවන් සිදුකරන ආකාරය පිළිබඳ විෂය මූලික ප‍්‍රතිමාන සකස්කර ගැනීම, තමන්ට ද, මෙය කළ හැකි දෙයක් බවට ප‍්‍රත්‍යක්ෂ නිශ්චය කරගැනීමක් සිදුකර ගැනීමෙන් පසු යම් නිශ්චිත කාලයක් තුළ තමන් ද, අදාළ කාර්ය සිදුකිරීමට යන බවට චර්යාව පිළිබඳ අදහසක් නිර්මාණය කරගැනීම මඟින් යම් නිශ්චිත චර්යාවක් ඇතිකර ගනී. මේ අයුරින් පේ‍්‍රක්ෂකයා තුළ ද, විවිධ ආකාරයේ අයහපත් චර්යාවන් ඇතිවීම නිරන්තරවම සිදුවේ. ජනප‍්‍රිය සංස්කෘතික වටිනාකම් ජනමාධ්‍ය මඟින් ලෝකය පුරා ව්‍යාප්ත වීමේ සුවිශේෂ ක‍්‍රියාකාරීත්වය මත බටහිර සංස්කෘතික හැසිරීම් රටා, ආචාර විධි, සිරිත් විරිත්, විලාසිතා, භාෂා විලාශය, ඉදිරිපත් කිරීමේ ස්වරූපය, පාරිභෝජන රටාව ආදි සියල්ල අනුකරණය කිරිමට පොදුජනයා පෙළඹීම මඟින් බටහිර සංස්කෘතික රසය සහ භාවිතයන් අනෙකුත් සංස්කෘතීන් මත බලහත්කාරයෙන් ආරෝපණය වීමක් සිදුව තිබේ. සමස්තයක් ලෙස ලෝකය පුරාම මාධ්‍ය හිමිකරුවන් හා කළමණාකරුවන් විසින් ග‍්‍රාහකයා තමන්ට අවශ්‍ය ආකාරයේ මෙහෙයවීමකට ලක්කරයි. පේ‍්‍රක්ෂකයාගේ සාමාන්‍ය හැසිරීම විකෘති වන ආකාරයේ මෙහෙයවීමක් සහිත දෘශ්‍ය අන්තර්ගත නිරන්තරයෙන් විකාශය කර හරියි.

රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව ජනමාධ්‍යවේදයේ තිරස් හා සිරස් වර්ධනය නිසා වර්තමානයේ සැතපුම් දහස් ගණනක් දුරින් ලෝකය පුරා සිටින ජනතාව සඳහා සාරධර්ම හා දැනුම නිෂ්පාදනය කරනු ලබන ආයතන වන්නේ තොරතුරු කර්මාන්තයේ නියැලෙන ආයතන වේ. අද්‍යතන රූපවාහිනී මාධ්‍ය බහුවිධ නාලිකා (Multi Channel) වලින් යුක්ත වේ. සියලූ නාලිකා බොහෝ අවස්ථාවල වාණිජ අවශ්‍යතා සඳහා ක‍්‍රියාත්මක වේ. ජෝන් ෆිස්ක් ට අනුව (Fiske, 1987) අද්‍යතන රූපවාහිනී මාධ්‍ය යනු සංස්කෘතික කර්මාන්තයකි. එම කර්මාන්තයේ හිමිකරුවන් මෙය ද, අන්‍ය කර්මාන්ත සේම ලාභය උපරිමය ලෙස සලකා ක‍්‍රියාකළ යුතු වන බව සිතයි. පැටි‍්‍රෂියාට අනුව (Patricia 1997) නරඹන්නා පාරිභෝගිකයෙක් (Consumer) බවට පත්කර සුපිරි වෙළෙඳසැලක්(Supermarket) වශයෙන් ගෝලීය රූපවාහිනිය ක‍්‍රියා කරයි. බව්ඩි‍්‍රලාඞ් විග‍්‍රහ කරන පරිදි (Baudrilad 1988) දේශපාලන හා සාමාජීය ක‍්‍රියාකාරකම් ස`දහා මණ්ඩපයක් වන්නේ යැයි අදහස් කළ පොදු අවකාශය වර්තමානයේ විවිධ වාණිජ අවශ්‍යතා ස`දහා යොදාගනු ලබන ආකාරය නිරීක්ෂණය වේ. ගෝලීය වාණිජකරණ ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස පොදු අවකාශය පෞද්ගලීකරණය සිදුවන අතර රූපවාහිනී මාධ්‍යයටත් වඩා මේ ස`දහා හො`දම නිදසුන වන්නේ සයිබර් අවකාශය ආශ‍්‍රිතව වෙළ`ද ප‍්‍රජාවේ පෞද්ගලික න්‍යායපත‍්‍ර අනුව සිදුකරමින් පවතින අවභාවිතයයි (Abuse).

මෙහිදී පේ‍්‍රක්ෂකයා මතවාදී වශයෙන් මෙහෙයවන අතරම ජනරාශී මාධ්‍යයක් සතුව තිබිය යුතු පුළුල් ආචාරධර්මීය පදනම ද, වෙළ`දපොළ විසින් උල්ලංඝනය කර ඇති ආකාරය ද, පැහැදිලි වේ. සමීක්ෂණය ස`දහා ලබාදුන් ග‍්‍රාහකයාගේ අදහස් විශ්ලේෂණය කිරීමේදී ද, පැහැදිලි වන්නේ පේ‍්‍රක්ෂකයාගේ චර්යාවේ එවැනි වෙනස්කම් කළ හැකි සහ ආචාරධර්මීය ගැටළු ඇතිකරන ආකාරයේ දැන්වීම් ප‍්‍රචාරය වන බවයි. සමාජයේ පිළිගත් වෘත්තියක් වන වෛද්‍යවරයෙකු යොදාගනිමින් සිග්නල් දන්තාලේපය ප‍්‍රවර්ධනය කරන ප‍්‍රචාරණ දැන්වීමක් මගින් පේ‍්‍රක්ෂකයා මෙහෙයවන අතරම මාධ්‍ය ඉහත පරිදි ආචාරධර්ම උල්ලංඝනයක් ද,  සිදුකරයි. එනම් එම දන්තාලේපය මිලදී ගන්නා ලෙස වෛද්‍යවරයා ලෙසින් පෙනීසිටින චරිතය විසින් පේ‍්‍රක්ෂකයාගෙන් ඉල්ලා සිටී. එමෙන්ම රූපවාහිනී නාලිකාවලින් විකාශය වන කොකාකෝලා දැන්වීමක් මගින් ළමා වයසේ පේ‍්‍රක්ෂකයින්ට ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වා දෙන අතරම එම ඉතිරිකළ මුදල් වලින් කොකාකෝලා මිලදී ගැනීම ස`දහා පෙළඹවීමක් සිදුකරයි. මේ ම`ගින් දරුවන් තුළ අයහපත් ආකාරයේ චර්යාවන් හා පුරුදු ඇති කරන අතර ළමා පරපුර කෙරෙහි අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකරයි. මේ අයුරින් රූපවාහිනී දැන්වීම්වල ආඛ්‍යානයෙහි ඇති අතථ්‍ය දෘශ්‍ය සංඥාර්ථ ම`ගින් ඇතිකරන මතවාදී මෙහෙයවීම මෙන්ම එම ආඛ්‍යන මගින් සිදුකරන මාධ්‍ය ආචාරධර්ම කඩකිරීම සහ දේශීය සංස්කෘතික වටිනාකම් කෙරෙහි ඇතිකරන බලපෑම නිසා ගැටළු සහගත තත්වයක් ඇතීවී තිබේ. එමෙන්ම මෙම දැන්වීම් ආඛ්‍යාන ම`ගින් විවිධ වයස් කාණ්ඩයන්ට අයත් පේ‍්‍රක්ෂකයා තුළ අනවශ්‍ය පාරිභෝජනවාදී සිතුවිලි නිර්මාණය කරන අතර එම ආඛ්‍යානවල ඇති ප‍්‍රතිරූප අනුකරණයට නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයා පොළඹවයි. ඉහත පරිදි සිදුවන දෘශ්‍ය භාවිතය තුළ දූෂණයක් සිදුවේ.

මාක්ස් හා එංගල්ස්ට අනුව (Marx and Englesල 1845-46: translated in 1968) කිසියම් සාමාජයක නිෂ්පාදනය වන සංස්කෘතිකාංග එම සමාජයේ නිෂ්පාදන රටාව හිමි පංතියේ අවශ්‍යතා, විශ්වාස, වටිනාකම්, දර්ශනය පිළිබිඹු කරනු ඇතැයි යන අධිපති මතවාදී (Dominant  Ideological) විග‍්‍රහය අනුව රූපවාහිනී මාධ්‍ය සමාජ විඥානයේ සංයුක්ත ක්ෂේත‍්‍රයක් හැටියට සුවිශේෂ හා ප‍්‍රබල කාර්යභාරයක් ඉටුකරන අතරම එහි දෘශ්‍යමය අන්තර්ගතය ද, තීරණය කරනු ලබයි. මෙයට අනුව ධනවාදයේ තුන්වන කාර්තුවේ දී ආර්ථික බලය හිමි පංතිියේ සංස්කෘතික පරාවර්තනයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය ව්‍යුත්පන්න වේ. මේ අනුව රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය සංරචනය සිදුවන්නේ ද, මෙම ක‍්‍රමයේ අවශ්‍යතා පදනම් කරගෙනය. විවිධ සංස්කෘතීන්ට හා රසයන්ට හිමිකම් කියන පේ‍්‍රක්ෂකයින්ට අයත් පොදු අවකාශය පෞද්ගලීකරණය වී ඇති අතර එය නිදස්ව භාවිතා කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය ප‍්‍රාග්ධනය ම`ගින් මෙහෙවන ලද විවිධ අතථ්‍ය හා ව්‍යාජ රූප විකාශය ම`ගින් අහිමි කර ඇත. මෙම දෘශ්‍ය ප‍්‍රතිනිෂ්පාදනය දූෂණයක් වන අතර රූපවාහිනී මාධ්‍යයේ එම දෘශ්‍ය දූෂණය මගින් විශාල සාමාජීය හා සංස්කෘතික බලපෑමක් සිදුකරයි.

……………………………………………………………….. ආශ්‍රේය ග්‍රන්ථ..................................................................................

Adorno Theodor and Horkheimer Max. (1993), (1944). The Cultural Industry: Enlightenment as Mass Deception, in Adorno and Hokheimer (ed.) Dialectic of Enlightenment, New York: Continuum.
Allen Robert C. (1992). Channels of Discourse, Reassembled: Television and Contemporary Criticism, London, Rutledge.
Bandura A. (1977). Social Learning Theory, New York: General Learning Press.
Baudrillard Jean, Bernard Schutze, Caroline Schutze. (1988). the Ecstasy of Communication, Semiotics (e), USA.
Baudrillard Jean. (1998). Simulacra and Simulations, Jean Baudrillard, Selected Writings, Ed Mark Poster. Stanford University Press.
Conway Joseph C & Rubin Alan M. (1991). Psychological Predictors of Television Viewing Motivation, Communication Research, a journal of Sage Publication.
Crooks Robert L, Stein Jean. (1991). Psychology-Science, Behavior and Life, Holt, Rinehart and Winston, Inc.
Fiske John. (1997). Television Culture, London, Rutledge,
Gerbner George. (1970). Cultural Indicators: The Case of Violence in Television Drama, Sage Publications.
Gillion Dyer: (1982), Advertising as Communication, London, Rutledge,
Habermas J. (1962). Translated by Burger, T. (1989). The Structural Transformation of the Public Sphere: An Inquiry Into A Category of Bourgeois Society, London, Polity Press.
Henry P, Charles C. (1982). Social Learning Theory, Journal of Organizational Behavior Management.
Holland Patricia. (1997). The Television Hand Book, London, Rutledge
Hoynes William, David Croteau and Milan Stefania. (2011). Media/Society: Industries, Images, and Audiences, Sage Publication.
James Fredric. (1988), Postmodernism and Consumer Society: In Studies in Culture: An Introductory Reader, London.
Lippmann Walter. (1992). Public Opinion, Transaction Publishers, New Jersey, New Brunswick
Lopes Dominic. (1997). Art media and the Sense Modalities, Tactile Pictures, The Philosophical Quarterly, vol.47.
Marie Barr Ann. (1997). Visual Intelligence: Perception, Image, and Manipulation in Visual Communication, New York, State University.
Marx Karl, Friedrich Engels. (1845-1846). A Critique of the German Ideology, Translated by Tim Delaney, Bob Schwartz, Brian Basgen. (1968). Progress Publishers, Source: Marx/Engels Internet Archive (Marxists.org)
Masuda Yoneji. (1985). Computopia: Parameters of the Post-industrial Society, in Forester Tom (Ed.) the Information Technology Revolution, T.J Press, Cornwall, Basil Blackwell Ltd.
McGuire William J. (1999). Constructing Social Psychology Creative and Critical Aspects Constructing Social Psychology: Creative and Critical Aspects, Cambridge University Press.
McLuhan M, Quentin F. (1967). The Medium is the Message; An Inventory of Effects, New York.
McLuhan M. (1970). Culture is our Business, Toronto.
Myers David G. (2005). Social Psychology. McGraw-Hill.
Nicholas Joe, Price John. (1998). Advanced Studies in Media, Thomas Nelson and sons Ltd.
Rogers Everett M. (2003). Diffusion of Innovations, 5th Edition, Simon and Schuster Publishers.
Stam Robert. (2000). Film Theory: An Introduction, Oxford, Black well.
Swanston Michael. (2001). Visual Perception: An Introduction, Psychology Press, Sussex.
Wahab Juliana Abdul. (2009). Television talk shows and the public Sphere, Malaysian Journal of Communication, University of Sains, Malaysia.

ආචාර්යතුමා