Showing posts with label විශේෂාංග. Show all posts
Showing posts with label විශේෂාංග. Show all posts

Friday, 15 February 2019

යා දෙක නොරත රත සමඟ පෑසීමෙක් නැත

ලංකාවේ මිනිස්සු හැමදාමත් ප්‍රශ්නවලින් දැවෙනවා.එම දැවෙන ප්‍රශ්න අතර එකක් තමයි රැකියා ප්‍රශ්නය.එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු ගණනාවක් ම තියනවා.ඒ හේතු අතර එක හේතුවක් ගැන තමයි පහත දැක්වෙන ලිපිය බැඳෙන්නේ.

"යා දෙක නොරත රත - සමඟ පෑහීමෙක් නැත" කියන්නෙ රත් වූ යකඩක් සහ රත් නොවූ යකඩයක් පෑස්සීමට නොහැකි බවයි.මේ කියමන අපේ රටේ අධ්‍යාපනය යි රැකියා වෙළඳපොළ යි සම්බන්ධයෙන් ගත්තමත් පෑහීම කොයිතරම් ද කියල කාටත් අවබෝධයක් තියනව.එහෙම අය අතර අවබෝධය අඩු අයෙක් ඉන්නවනම් අන්න එයත් ලිපිය කියවල තේරුම් ගනීවී.


තෘතීයික අධ්‍යාපනය හා එහි බරපතල ගැටලු පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) ගෙනෙන විශ්ලේෂණය

හැත්තෑව දශකයේ සිටම ලාංකේය උසස් අධ්‍යාපන ආයතන බොහෝ සෙයින් විවේචනයට ලක්වී තිබෙන බවට සාක්‍ෂි තිබේ. එමෙන්ම, එදා සිට අද දක්වා ම විවිධ මතභේදයන්ට තුඩුදුන් කරුණක් වූයේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවතින ගුණාත්මකභාවයයි.
ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ පරිවර්තනයන්ට පන්නරයක් වූ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය මෙරටට හඳුන්වාදුන්නේ 1945 වසරේදී ය. 1943දී ඉදිරිපත් කරන ලද එක් පාර්ලිමේන්තු සභාවාර වාර්තාවක සඳහන් පරිදි, නිපුණතා සහ කුසලතා එක් සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට සීමා නොවිය යුතු අතර, ඒවා ඉස්මතු කරගැනීමට සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුය.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වාදීමේ එක් ඉලක්කයක් වූයේ, අධ්‍යාපනය ලැබීමට දිළිඳු බව බාධකයක් වූ බැවින් එවකට පැවැති සමාජ තත්ත්වය වෙනස් කිරීමත්, ඒ තුළින් සැමට විධිමත් ආර්ථිකයක් තුළ රැකියා අවස්ථා ලබාදීමත් ය. පුද්ගලයින්ගේ සමාජ හෝ ආර්ථික තත්ත්වයන් නොසලකා ඔවුනට නොමිලේ අධ්‍යාපනය ලබාදීමෙහි අපේක්‍ෂිත ප‍්‍රතිඵලය වූයේ සමාජ සවිබලගැන්වීම යි.
විශ්වවිද්‍යාල තුළ වෙනස් වෙමින් පැවැති සමාජ නියෝජන රටාව සහ හැටේ දශකයේදී උපාධිධාරීන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රම වෙළඳපොළට ඇතුළත්වීම තුළින්, උසස් අධ්‍යාපනය රටේ තරුණ පරපුරෙහි වෘත්තීය හා සමාජ ප‍්‍රගමනයට දායක වී ඇති අයුරු අපට පැහැදිලිව දැකගත හැකිය. එදා රැකියා අවස්ථා වැඩි කිරීමට හා ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීමට පාදක වූ අංගයක් ලෙසට අධ්‍යාපනය සලකන ලදී. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ, සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවට, තෝරාගත් පිරිසකට පමණක් අධ්‍යාපනය වෙත ළඟාවිය හැකි බවයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 1971දී ප‍්‍රකාශිත අධ්‍යයනයකට (Matching Employment Opportunities and Expectations: A Programme of Action for Ceylon) අනුව, ශ‍්‍රම වෙළඳපොළෙහි ඉල්ලුමට සරිලන නිපුණතා සහිත සහ රටේ දියුණුවට දායකත්වයක් සැපයිය හැකි උපාධිධාරීන් බිහිකිරීමට ලාංකේය විශ්වවිද්‍යාල අපොහොසත් වී ඇත.
මේ දක්වා සිදුකෙරුණු එවැනි ගවේෂණයන් පෙන්වා දෙන්නේ කලා විෂයයන් හදාරා ඇති, ඉංග‍්‍රීසි දැනුම අඩු උපාධිධාරීන් අවිධිමත් ක්‍ෂේත‍්‍ර තුළ, අඩු ආදායම් රැකියාවන්ට පිවිසීමේ අවදානමකට ලක්ව සිටින බවයි. සම්පත් හිඟය, සමාන අවස්ථා නොලැබීම, ආදායම් විෂමතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය යනාදී සාධක තරුණ පරපුරෙහි සමාජ සවිබලගැන්වීමේ අභිලාෂයන්ට බලපානවා පමණක් නොව, විරැකියාවේ වර්ධනයට ද දායකවී ඇත. මෙම අවහිරතා මඟහරවා ගැනීමට සමත් මෙන්ම රැකියා වෙළඳපොළට යෝග්‍ය වන තරුණ පිරිසක්, විශ්වවිද්‍යාල පද්ධතිය මගින් බිහිකරන්නේ ද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් පැනනැගීමට මේ තුළින් හැකි වේ.
ශ‍්‍රම බල ඉල්ලුමට ගැළපෙන කුසලතා සහිත උපාධිධාරීන් බිහිකිරීමට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට පවතින නොහැකියාව හැටේ දශකයේදී වඩාත් තීව‍්‍ර අන්දමින් දක්නට ලැබුණේ, එවකට පැවැති විරැකියාවට හේතුසාධක වූ උසස් අධ්‍යාපනයේ තිබූ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ය. දරිද්‍රතාවය, විද්‍යා විෂයයන් හැදෑරීමට වන අවස්ථාවන්ගේ හිඟකම සහ ඉංග‍්‍රීසි භාෂා නිපුණත්වයේ මඳ බව යන කාරණා විරැකියාවට මෙන්ම සමාජ අවගමනයට ද බලපාන ප‍්‍රධාන හේතු බව පර්යේෂණ අධ්‍යයනයන් හෙළිදරව් කරයි. එමෙන්ම රැකියා කේන්ද්‍ර කරගත් විෂයයන් හදාරා ඇති උපාධිධාරීන් හට රැකියා සැපයීමට ද පවතින ආර්ථික ක‍්‍රමය අසමත් වී ඇත. රැකියා වියුක්ත වූ උපාධිධාරීන් හට රැකියා ලැබුණු විට, ඒවා ද්විතීයික අධ්‍යාපන සුදුසුකම් පමණක් සහිත සේවකයින්ට වුවද කළහැකි රැකියා බව පෙනීයන ලදී.
මෙවන් අර්බුදයක් තුළ මානව සම්පත් කළමනාකරණ දෘෂ්ටියක සිට බලන්නෙකුට මැනවින් අවබෝධ වන කාරණයක් වන්නේ, විශ්වවිද්‍යාල උපාධියෙහි වටිනාකම අවතක්සේරුවකට ලක්වීම පමණක් නොව තෘතීයික අධ්‍යාපනයේ අරමුණ ද ප‍්‍රශ්නාර්ථයකට ලක්වන බවයි. මෙම ප‍්‍රශ්නය වඩාත් බරපතල වන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය මගින් මුදල් සම්පාදනය කරන බැවින් සහ පශ්චාත් උපාධි අධ්‍යයනයන් ද බොහෝදුරට රජයේ සහනාධාර යටතේ ලබාදෙන බැවිණි. රජයේ මුදලින් නඩත්තු වන අධ්‍යාපන ආයතන රටේ දියුණුව උදෙසා දායකත්වයක් සපයයි ද යන ප‍්‍රශ්නය මෙහිදී මතු වේ.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය විවේචනයට ලක්කිරීම පහසුය. එමෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමෙහි ප‍්‍රතිඵලය රැකියා නියුක්තිය ම නොවන්නේය’ යන තර්කය ද මෙහිදී අපට ගෙනහැර දැක්විය හැක. නමුත්, විශ්වවිද්‍යාල යනු රජය මගින් නඩත්තු වන ආයතන නිසා මෙම ගැටලුවෙහි මුල සොයා උසස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ යළි විමසාබැලීම වැදගත් වේ. දිගුකාලීනව, විශ්වවිද්‍යාල මගින් රැකියා වෙළඳපොළට සරිලන උපාධිධාරීන් බිහිකළ යුත්තේ, සුදුසුකම් ලත් රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් හෝ සේවයේ යෙදවිය නොහැකි උපාධිධාරීන්ගෙන් සමාජයට හෝ රටට යහපතක් සිදු නොවන බැවිණි.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය, එහි උගන්වන දෑ සහ අවශ්‍ය කරන නිපුණතාවල ඇති නොගැළපීම් පිළිබඳ ගැටලුවලට නිසි පිළියම් යෙදිය යුතුය. ඒ අනුව ජාතික උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙන් ඇසිය යුතු බැරෑරුම් ප‍්‍රශ්න කිහිපයක් තිබේ. රජයේ පිළිවෙතට අනුව නොමිලේ උසස් අධ්‍යාපනය සැපයීමෙන් අප රටට, ආර්ථිකයට හා සමාජයට ඵලදායි ප‍්‍රතිඵල ලබාගත හැකි ද? එසේ කළ නොහැකි නම්, වරද සිදුවී ඇත්තේ කොතැන ද? සහ අප වෙනස් කළ යුත්තේ කුමක් ද?
– තහීරා ඛාදර්

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA), 2001 වසරේදී පිහිටුවනු ලැබු ස්වාධීන සමීක්‍ෂණ ආයතනයක් වන අතර එහි මූලික අරමුණ වන්නේ, දරිද්‍රතාවය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශ්වයන් දැනුවත් කිරීම සහ උපදේශන සේවා පැවැත්වීමයි.

උපුටා දැක්වීම : ආචාර්යතුමා

Friday, 25 January 2019

Thursday, 18 October 2018

මාධ්‍යවේදී සිද්ධාර්ථ.


    මාධ්‍යවේදී සිද්ධාර්ථ.


           ආචාර්යතුමා අද ගියා චිත්‍රප්‍රදර්ශනයක් බලන්න,ජා-ඇල පැත්තේ."පැරඩයිස් ඔෆ් විස්ඩම්" තමයි ඒ කලා ආයතනයේ නම.හැබැයි ඉතිං මම දැන් මේ කියන්න යන්නේ ඒ ප්‍රදර්ශනය ගැන නම් නෙමෙයි.ඒ ගැන කියන්නම් ඊළඟ ලිපියෙන්.ප්‍රද්‍රශනයෙදි ආචාර්යතුමාට මුණගැහුනා බොහොම සුන්දර මිනිසෙකුව.හිතල බලන්න සුන්දර සිතුවම් අතර සුන්දර වගේ ම ධාර්මික හදවතක් තියෙන මනුස්සයෙකු මුණගැසුනහ ම තියන සතුට ගැන.

ඉතිං ආචාර්යතුමාට එතුමා හොඳ කට ගැස්ම.වැඩකට ඇති දෙයක් කතා කරන්න ලැබීම අනවශ්‍ය නිශ්ශබ්දතාවයට වඩා හොඳයි කියනවනෙ.ඔහු ප්‍රසිද්ධ නාලිකාවක සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්.මම කවුද ඔහු කවුද කියල අඳුන ගත්තෙත් අද ම යි.ක්‍රමයෙන් සුහද කතාබහ අස්සෙ ඔහුගෙ මාධ්‍ය ජීවිතේ ගැන කතා කරන්න ගත්ත ගමන්  ඔහුගෙ මුහුණ එක් වරම මහත් කලකිරුණු ස්වභාවයකට හැරුණා.ආචාර්යතුමා අන්න ඔහුගෙන් තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජීවිතයේ අවාසනාවන්ත ඇත්ත කතාව ගැන දැන ගත්තෙ.

හැබැයි මම දැන් ඒ කතාවත් නෙමෙයි කියන්න හදන්නෙ.ඒ මාධ්‍යවේදියගේ මතක මන්දිරයේ සංචාරයක් යන්න ආචාර්යතුමාට හැකි වුනා.කොටින් ම ඔහු ආචාර්යතුමා සමඟ ඔහුගේ පුද්ගලික ජීවිතයෙන් පෙත්තක් බෙදාහදා ගත්තා.


2018.10.18 paradise of wisdom, kanuwana, jaela.
(selfi.)
මාධ්‍යවේදියා : - සර් මම මේ රස්සාව කළාට මම හරි වෙනස් ම මිනිහෙක්.මම    බෞද්ධයෙක්.නමට එහෙම නෙමෙයි.උප්පැන්නෙ තියන නිසාත් නෙමෙයි.මම ගිහියෙක් වශයෙන් හිටියට බණ කියනව.මම ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනව.මම මේ විදියට ආගමික අංශයට යොමු වුනේ ඇත්තට ම ප්‍රේම සම්බන්ධතාවයක් නිසා.එයාගෙ නම xxxxx (ඔයාලා කැමති නමක් දාගන්න.මම නම ප්‍රසිද්ධ කරන්න අවසර ගත්තෙ නෑ.)එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ.ලොකු දරුවොත් ඉන්නව.ඒත් අපි අතර හිතවත්කම් තාම තියනව.

ආචාර්යතුමා : - ඉතිං පැවිදි වෙන්න හිතුනෙ නැද්ද?

මාධ්‍යවේදියා : -හිතුනා.ඒත් සර් පැවිදි වෙන්න ඕනෙ ජීවිතේ නියම අනිත්‍ය ධර්මතාවය තේරුම් අරගෙන.මට ඒ තරම් ජීවිතේ ගැන කලකිරුණේ නෑ.අනික ලව් එක කැඩුන කියල ඇතිවෙච්ච හිතේ අවුලකට පැවිදි වෙනවානම් ඒක ලොකු ආත්ම වංචාවක් නෙ.අනික් අතට පැවිද්දා කියන්නෙ පංචඉන්ද්‍රීයෙ ආශාවන් අතහැරපු කෙනෙක්.අපේ රටේ කෝ සර්  පැවිදි වෙන්න සුදුසු ආරාම හරි ආරණ්‍ය සේනාසන හරි.දැන් හමුදුරුගොල්ල බොහෝමයක් පස්කම් සැපේ ම නෙ ඉන්නේ. 

ආචාර්යතුමා : - පන්සලක බණක් කියන්න ආරාධනා කළොත් එනවා ද?

මාධ්‍යවේදියා : - නොවරදවාම එනවා.

සාකච්ඡාව එතැනින් අවසන් වූයේ නැත.එහෙත් මා හට මෙය ලිවීම සඳහා ලැබී තිබෙන කාලය ප්‍රමාණවත් නොමැති නිසා ලිපිය මතුසම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් නවතිනවා.

සුභ දවසක් වේවා!

ආචාර්යතුමා

Tuesday, 9 October 2018

Bulgarian journalist killed after reporting on corruption





Bulgarian police are investigating the rape and slaying of a female television reporter whose body was dumped near the Danube River after she reported on the possible misuse of European Union funds in Bulgaria.

Authorities discovered the body of 30-year-old Viktoria Marinova on Saturday in the northern town of Ruse near the Romanian border. Police said she had been raped, beaten and strangled and her body was found in a park near the river.
Marinova was a director of TVN, a small TV station in Ruse, and a TV presenter for two investigative programs.
Journalists' groups and foreign officials expressed shock. Harlem Desir, the media freedom representative for the Organization for Security and Cooperation in Europe, demanded a "full and thorough investigation" of Marinova's slaying.

A Bulgarian investigative online media site went further, calling for an independent international inquiry and saying corruption could compromise an investigation by Bulgarian law enforcement.
Bulgarian Interior Minister Mladen Marinov insisted Monday there was no evidence to suggest the killing was linked to Marinova's work.
"It is about rape and murder," he said.
Chief Public Prosecutor Sotir Tsatsarov, on a trip to Ruse, said authorities had no new leads on a motive.
"At this stage, let's be careful, not because we don't have anything to say, but because every word uttered loosely could damage our work," he said.
Bulgarian police said they were considering all possible scenarios and examining both Marinova's personal and professional lives for leads.
Hundreds of Bulgarians turned out Monday night for vigils to honor Marinova. In Ruse, mourners, some tearful, placed candles, her portrait and roses— the national flower— at the foot of a monument.
In the Bulgarian capital of Sofia, mourners gathered outside a church. One participant, Kristina Petkov, said Bulgarians now had "zero" trust in authorities.
"Whatever results the investigation (into Marinova's death) shows, people won't believe them," she said.
Corruption is endemic in Bulgaria, a Balkan nation that joined the EU in 2007 and was ranked 71st on Transparency International's corruption list last year. Joining the bloc opened an enormous spigot of possible new EU funding for Bulgarian infrastructure projects or other programs designed to bring the nation up to EU standards — funds that were very attractive to both government officials and criminal networks.
Marinova's final show on Sept. 30 was a program about Attila Biro, an investigative journalist with the Rise Project Romania, and Dimitar Stoyanov from the Bulgarian investigative site Bivol.bg. The two men were briefly detained Sept. 13 south of Sofia as they investigated a tip that documents connected to suspected fraud involving EU funds were being destroyed.
Bivol.bg owner Assen Yordanov said he couldn't directly link Marinova's slaying to her work, but noted her show tackled "our very sensitive investigation into the misuse of EU funds."
"This is a topic on which no other Bulgarian national media dared to report on," he told The Associated Press. "To get to the truth, we are calling for an independent investigation.... we want independent European investigators to get involved because we believe the Bulgarian authorities are part of this country's criminal network."
Yordanov said his journalists were getting threats to their safety for reporting on government corruption.
Margaritis Schinas, spokesman for European Commission President Jean-Claude Juncker, said Monday the commission expected "a swift and thorough investigation .... that will bring those responsible to justice and clarify whether this attack was linked to her work."
He quoted Juncker as saying previously that "too many" journalists are being intimidated, attacked or murdered and "there is no democracy without a free press."
The German government also sharply condemned the slaying, with the Foreign Ministry saying it was imperative "that there's a fast investigation and that this horrible event will be illuminated as comprehensively as possible."
Sven Giegold, a German member of the Greens party in the European Parliament, said all of Europe should worry about Marinova's slaying.
"First Malta, then Slovakia, now Bulgaria. It is unacceptable that in Europe journalists are getting killed again," he said, referring to the slayings of two other investigative journalists in those EU countries.
United Nations Secretary-General Antonio Guterres is paying "very close attention" to "a very worrying increase" in violence against journalists, especially women journalists, spokesman Stephane Dujarric said. Guterres has raised the issue with U.N. member states privately and publicly, Dujarric said.
© The Associated Press A woman holds a candle next to a portrait of slain television reporter Viktoria Marinova during a vigil at the Liberty Monument in Ruse, Bulgaria, Monday, Oct. 8, 2018. Bulgarian police are investigating the rape, beating and slaying of a female television reporter whose body was dumped near the Danube River after she reported on the possible misuse of European Union funds in Bulgaria (AP Photo/Vadim Ghirda)
Maltese journalist Daphne Caruana Galizia , who investigated local government corruption, was killed in October 2017 by a car bomb. Slovak journalist Jan Kuciak was shot dead along with his fiancee in February after he reported on corrupt ties between Slovak officials and Italian mobsters. Kuciak's reporting and his slaying brought down the Slovak government.
In addition, Swedish journalist Kim Wall was tortured and murdered during a private submarine trip in August 2017. Danish submarine inventor Peter Madsen was convicted and sentenced to life in prison earlier this year.
ලංකාවේ පමණක් නොවේ සංවර්ධිතැයි කියන ඉහළ සමාජානුයෝජනයක් ඇතැයි කියන 
රටවල්වල පවා මාධ්‍යවේදියාගේ තත්ත්වය මේකයි.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරින් ය.


ආචාර්යතුමා



Friday, 5 October 2018

අලුත් අවුරුද්ද ගැන ඔබ නොදත් දෑ...



                 අලුත් අවුරුද්ද ගැන ඔබ නොදත් දෑ…


                 '' මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
                   මී වදවල පැණි පුරවන්නී
                  කුරුලු සරින් කන් පිනවන්නී
                 මුළු ලොව උයනක් කරවන්නී ''


   මේ මඟුල අන් කවරකුගේ වත් නො වෙයි; වසත් කුමරියගේ යි.
පැහැදිලි සෘතු භේදයක් නොදැක්වූවත් අපට සිංහළ අවුරුද්ද එළඹෙනුයේ වසත් උතුවට අයත් බක් මස දී යි. ‘බක්’ නම් ‘බා’ (භාග්‍යය) ‘අක්’ (අග්‍ර) මාසය යි. ඇයි එය භාග්‍යයෙන් අග්‍ර මාසය වන්නේ?
කාලගුණය අමුතු සිහිලසක් පණවත් බවක් ගන්නවා : සියලු ගහ වැල මලින් පලින් බර වනවා : කුරුල්ලන් කූ®ඩු තනා බිජු ලන්නේත් මේ මාසයේදී යි. සොබාදහම එලෙස සැරසෙන කල ‘නවම්’ මහේ පුරන් කෙටීමෙන් ‘නව කම්’ ඇරඹූ සිංහළයා ‘මැදින්’ මස ‘මහ’ කන්නයට වැපිරූ ‘දින්’ (ධාන්‍ය) අස්වැන්න නෙළාගෙනැ, අටු කොටු සහලින් පුරවාගෙනැ සොම්නස් වනවා.
සිය පෙම්වත් කෙවිලිය කැඳවන්නට කොවුලා ද සුමිහිරි හඩින් ‘කොහෝ’ ගීය ගයනවා. අවුරුදු ළඟ මැ එන වග ලක් දනන් දැනැගන්නේ මේ කොවුල් නදින්. පෙර ද පැවැසුණු සේ මෙසමයේ හැම ගසක් මැ වැලක් මැ පලබර වන නමුදු අවුරුදු උදාව හඟවන වෙසෙසි මැ ලකුණ වනුයේ ‘එරබදු’ මල යි.

    '' එරබදු මල් මොට්ටු මොට්ටු
       අවුරුද්දත් කිට්ටු කිට්ටු ''
යනුයෙන් ගැමි දරුවන් තුටින් නටන්නට ගන්නවා. මෙසෙයින් සොබාදහමේ මහිමය විදහා ලන සිංහළයාගේ මහ මැ උළෙල එළැඹෙනවා.
සියලු සිංහළ වදන් සකුවෙන් පාළියෙන් බිඳී එන සේ දකින්නත් ‘අවුරුදු’ යන්නට ‘සංවත්සර’ අරුතත් අටවන්නේ මේ සොබාදහම ද අමතක කැරැලමින්. එසේ නම් අවුරුද්දේ සැබෑ අරුත කිමෙක් ද? එ-නම් ‘වෙසෙසි දවස’ යනු යි. දවසට අරුත් නඟන ‘වර’ යන වදන වටා යි එය තැනෙන්නේ. ‘බර’ම ‘බරතු’ ‘බුරුතු’ වන අයුරින්, ‘වර’ පදය ස්වාර්ථ තද්ධිත ‘ත’ ප්‍රත්‍ය ගැන්මෙන් ‘වරතු’ වී, පරස්පර සාම්‍යයෙන් ‘වුරුතු’ බවට පැමිණ, ඝෝෂාදේශයෙන් ‘වුරුදු’ බවට පත් වනවා. එය වෙසෙසි අරුත්හි ‘අ’ උපසර්ග ගැන්මෙන් ‘අවුරුදු’ වදන තැනෙනවා.
ඉතින් මෙදවස ඇයි ‘වෙසෙසි දවස’ වන්නේ?
සාමාන්‍යයෙන් සිංහළ අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් 13 දාට යි. වත්මන් දින ගණන් අනුව මාර්තු 21 වන දා සමකයට මුදුන් වන හිරු උතුරු අතට ගමන් කරද්දී අංසක 23 1/2ක් උතුරින් පිහිටි කටක (කර්කටක) නිවර්තනයට මුදුන් වන්නේ ජූනි 21 වැනි දාට යි. අංසක 23 1/2ක් ගමන් කිරීමට දින 92ක් ගන්නා හිරුට අංසකයක් යෑමට ගත වන කාලය දවස් 3.9ක් සේ දළ වශයෙන් සලකන්නට පුළුවනි.
ළංකාව පිහිටියේ උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර යි. මෙහි ඉපැරැණි රජදහනක් වූ කොග්ගල ‘වළස්ගල’ පිහිටියේ හරියට ම අංසක 06 සලකුණු වන තැන යි. වලසා යන තිරිසන් සතා සිතට ගෙන ඇතැමුන් මෙය ‘වලස්ගලැ’යි ලියූවත්, වා +අළ+අස්+ගල> වළස්ගල යන නිවැරැදි අරුත් දෙන නිරුක්තියක් මෙයට තිබෙනවා. ‘වා’ නම් අවුරුද්ද යි (පස්වාන් දහසකට බඳු යෙදුමින් ඒ වග පැහැදිලි වෙයි). ‘අළ’ නම් එළැවූ (ඉදිරිපත් කළ) බව යි. ‘අස්’ නම් අංසක යි. මේ අනුව, ‘අවුරුද්ද ඉදිරිපත් කළ අංසක ගල’ යන පැහැදිලි අරුත ලැබෙනවා වළස්ගලට. ආදි හෙළයන් හිරු මුදුන් වීම (සූර්ය විශුවය) මිනූයේ මේ වළස්ගල සලකා යි.
දැන්, අංසකයක් යෑමට දින 3.9ක් ගන්නා හිරුට අංසක 06ක් ගමන් කිරීමට ගත වන කාලය මැන බලමු. දළ වශයෙන් එය දින 23 1/2කි. මාර්තු 21 වන දින සිට ඉදිරියට දින 23 1/2ක් ගණන් කල කල්හි එනුයේ අප්රේල් 13 වැනි දින සවස යි. ‘අවුරුදු උදාව‘ ලෙස සිංහළයන් සලකනුයේ මේ වෙසෙසි දවස යි.
මෙදවසෙන් ම සිදු වන තවත් වැදගත් කටයුත්තෙකි. එනම් හිරු දොළොස් රැසෙහි මුල මැ වන ‘එළු’ රැසට එළැඹීම යි.
සක්වළ වටය අංසක 360ක් ලෙස ගත් පෙර හෙළයෝ එය අංසක 30 බැගින් වූ දොළොස් රැසකට බෙදා, අවුරදු දා සිය දෙස (හෙළ දෙස, හෙළු දෙස, එළු දෙස) එල්ලේ අරඹන මුල් රැසට දෙසෙහි නම ම දුන්හ. මේ ‘එළු’ යන්නෙහි තිරිසන් අරුත පමණක් දුටු බමුණෝ එය ‘මේෂ’ යැයි සකු බසට නඟාගෙනැ නොනැවැතී එළු රුවක් අහසෙහි ද ඇඳගත්හ!
එක් එක් අයට එක් එක් සේ පෙනෙන තිරිසන් රූ අනුව නොව, අරුත්+බර අදහසක් හැඟවෙන සේ ම දොළොස් රැසට නම් දුන්නෝ හෙළයෝ යි. අවුරුදු දා හිරු ‘එළු’ රැසට එනුයේ කොහි සිට ද? ඒ ‘මින්’ රැසෙහි සිට යි. ‘මින්’ යනු අවසන් (රාසිය) යන අරුත දෙන ‘නිම්’ යන්නෙහි ම අකුරු පෙරැළිය යි. (‘වක’ ම ‘කව‘ වන්නේත් මේ හෙළ වදන් නියරට අනුව යි.) ඒ නැති ව, දඹදිව් ඇදුරන් දුටු ‘මාළු’ රුවක් අනුව නොවේ. බමුණන් දුන් මේ එකදු නමක් වත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ද සබඳකමක් නොදක්වන බැව් විමසුම් ඇසින් බලන කල පෙනෙයි.

ආචාර්යතුමා