Wednesday 8 September 2021

සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ අවශ්‍යතාව



සමාජයක් ලෙසින් හැදින්විය හැක්කේ මිනිසා ඇතුලූ සියලූ සතුන්  අන්තර් කි‍්‍රයාකාරිත්වයන් හා අනෝන්‍ය වශයෙන් සම්බන්ධතා පවත්වමින් ගොඩනැගෙන්නා වූ පද්ධතියයි .

සමාජයේ පැවැත්මට සන්නිවේදනය අත්‍යවශ්‍ය වන්නේ ද ? මේ  පිළිබදව තොරතුරු මෙහි දී සොයා බලමු. සමාජයක් යනු පුද්ගලයින් විශාල ප‍්‍රමාණයක එකතුවකි . මේ සියලූ දෙනා හෝ කිහිපදෙනෙකු අතර හෝ තොරතුරු හෝ අදහස් හුවමාරු කර ගැනීමෙන් තොරව සමාජයක් පවත්වාගෙන යාමට හැකි නොවේ.

සමාජයක් බිහිවීම හා විකාශය ක‍්‍රමික හා අක‍්‍රමික ලෙසින් ද සිදු වේ . 

👉    ප‍්‍රාථමික සමාජය

👉   වහල් සමාජය

👉   වැඩවසම් සමාජය

👉  සමාජවාදී සමාජය


ආදී වශයෙන් මෙම සමාජ ක‍්‍රමය වෙනස් වෙමින් විකාශනය වීම සිදු වී තිබේ . ඉහත සදහන් කළ සමාජ යුගයන්ට මෙන්ම වර්තමානයේ පවතින සමාජ ක‍්‍රමයට ද අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සන්නිවේදන අවශ්‍යතාව හදුනාගත හැකි ය .

සන්නිවේදනය හා සමාජය අතර පවතින්නේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි . එනම් එම සම්බන්ධතාව වෙන් කළ නොහැකි ය . එසේ ම මෙම සම්බන්ධතාවය ප‍්‍රබල වේ . සමාජයේ පැවැත්මට මෙන්ම බිද වැටීමට ද මෙය හේතු වේ . 


පුද්ගලයින් අතර පවතින සම්බන්ධතාව වර්ධනය වීමට හොද සන්නිවේදනයක් අවශ්‍ය වේ . එසේ ම එහි දී අනෙක් පුද්ගලයාට පි‍්‍රයතාවයක් ඇති වන ලෙස සන්නිවේදන කටයුතු සිදු කිරිමේ දී එම සම්බන්ධතාවය ශක්තිමත් වේ . නමුත් පුද්ගලයින් සමග සන්නිවේදනයේ යෙදීමේ දී අප‍්‍රිය වචන මගින් සන්නිවේදනය සිදු කරයි නම් එම සම්බන්ධතා බිද වැටේ . එබැවින් සම්බන්ධතා පැවැත්මට මෙන් ම බිද වැටීමට ද සන්නිවේදනය හේතු වන බව අවබෝධ කර ගත හැකි ය .සමාජයක් පැවැත්මට මෙන්ම එහි කි‍්‍රයාකාරිත්වයට සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ . 


මිනිසාට ඇති ප‍්‍රධාන අවශ්‍යතාවයන් ලෙුස ආහාර පාන , සනීපාරක්ෂණය , වාසස්ථාන ආදියට අමතරව අනෙකුත් සියලූ කටයුතු කර ගැනීම සදහා සන්නිවේදනය අවශ්‍ය වේ. වෙළදපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට මුදල් පමණක් තිබීම ප‍්‍රමාණවත් නොවේ . නියමිතව සන්නිවේදන ක‍්‍රමවේදයන් ද පැවතීම අත්‍යවශ්‍ය වේ . එම භාණ්ඩයේ මිල , ගුණාත්මක බව , අවශ්‍යතාවය , ප‍්‍රමාණය ආදී සියලූ දේ දැන ගැනිමට හැකි වන්නේ සන්නිවේදන කි‍්‍රයාවලිය මගින් ය .

රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීම සදහා ද එම රෝගියාට පවතින අපහසුතා දැනගැනීමට මෙන්ම රෝගීයාට නිසි ප‍්‍රතිකර ලබා දීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ . මෙවැනි අවස්ථාවක රෝගීයා අධ්‍යනය කිරීමට පහසුවක් ලෙසින් හා එම රෝගයන් පිළිබදව සියලූ දේ දැන ගැනීමටත් නිසි ප‍්‍රතිකාර කිරීමටත් වෛද්‍යවරයාට හැකි වේ .

රැකියා අවස්ථාවක දී පවා ගොලූවන් මෙන් එම රැකියා ස්ථානයේ සිටිය නොහැකි ය . එම රැකියා කරගෙන යාමට සියලූ දෙනා සමග සමග සම්බන්ධතා පවත්වමින් අදාල සන්නිවේදනයන් කිරගැනීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ .

එසේ ම අධ්‍යාපනය ලැබීමේ දී ද සන්නිවේදන අවශ්‍ය වේ . අවශ්‍ය කරුණු දැන ගැනීමට ද මෙය උපකාරි වේ . 

පුද්ගලයා හා සමාජය සමග ගණුදෙනු කිරීමේ දී ඒ හා සම්බන්ධ වීමට සන්නිවේදන ක‍්‍රමවේදයන් කිහිපයක් පවතී .

කෙසේ නමුත් සන්නිවේදන කටයුතු කිරීමේ දී එයට යෝග්‍ය සන්නිවේදන ක‍්‍රමය භාවිත කිරීම ඉතා යෝග්‍ය වේ .

අතීතයේ දී භාවිත කළ සන්නිවේදන ක‍්‍රමවේදයන් අභිබවා වර්තමානය වන විට පුළුල් මට්ටමකින් එම සන්නිවේදන කටයුතු සිදුවන බව හදුනාගත හැකි ය . අතීතයේ තිබූ සීමිත සන්නිවේදන ක‍්‍රමයන්ට වඩා වර්තමානයේ විශ්ව ගම්මාන සංකල්පය නැතහොත් ගෝලීයකරණ සංකල්පය තෙක් මෙම සන්නිවේදන රටා දියුණු වී පවතී .

මුල් යුගයේ තිබූ දුරකථන සන්නිවේදන ක‍්‍රමයන් ද නවීන ලෙසින් සැකසී ක‍්‍රමවත් අයුරින් මුළු ලෝකය හා සමග ගණු දෙනු කිරීමට සම්බන්ධතා පැවැත්වීමට මග විවර වී අරුති බව හදුනාගත හැකි ය .

සමාජයක් පැවතීමට තොරතුරු අවශ්‍ය වේ . තොරතුරු දැනගැනීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ . වර්තමානය වන විට සමාජය තුළ මෙම තොරතුරු සම්පාදනය බොහෝ සන්නිවේදන මාධ්‍යයන් මගින් සිදුකරනු ලබයි . ඒ අනුව

👱    පුවත්පත

👱   ගුවන් විදුලිය

👱    රූපවාහිනිය

👱    සිනමාව

👱    සමාජ මාධ්‍ය

ආදී වූ ක‍්‍රමයන් තාක්ෂණික අතින් දියුණු වෙමින් පවතින්නක් වශයෙන් හදුනාගත හැකි ය . මෙමගින් ලැබෙන ඇතැම් තොරතුරු සාවද්‍ය බවකින් ද යුතු වේ. එනිසා මෙවැනි දේ පරිශීලනය කිරීමේදී කල්පනාකාරී වීම ඉතා වැදගත් වේ .

වෙළද ව්‍යාපාරයන් ගත් ද ඔවුන්ගේ නිෂ්පාදනයන් වෙළදපොල වෙත ගෙන එ්මෙන් පසුව ඒ පිළිබදව පාරිභෝගිකයන් දැනුවත් කිරීම විවිධ වූ සන්නිවේදන ක‍්‍රමයන් උපයෝගී කර ගනී . ඔවුන්ගේ පැවැත්ම තහවුරු වන්නේ නිවැරදි සන්නිවේදන ක‍්‍රමයන් මගින් පාරිභෝගිකයන් දැනුවත් වීම මගින් ය . එසේම පාරිභෝගික අවශ්‍යතාවයන් මොනවා ද ආදි දේ දැන ගැනීමටද සන්නිවේදනය උපකාරී වන බව හදුනාගත හැකි ය .

සමාජයක් සංවර්ධනය කර ගැනීමට ද සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ . ජනතාවගේ සිට පාලකයන් දක්වා තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි දී කළ යුතු ය . අදාල ස්ථාන පිලිසකර කර ගැනීම ආදියේ දී පවා නිසි බලධාරීන් දැනුවත් කිරීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ .

සංවර්ධන කි‍්‍රයාවලිය හා සන්නිවේදනය පිළිබදව කතා කිරීමේ දී චීනය තුළ සංවර්ධනය පිළිබදව ප‍්‍රබල ආකෘතියක් ගෙඩනැගී පවතී . 

👉   රජය

👉    විවිධ සේවා ශ්‍රේණි නිළධාරින්

👉    ජනතාව

ආදී පිරිස් අතර ප‍්‍රබල සන්නිවේදන කි‍්‍රයාවලියක් ඇති වේ .

මේ අනුව බලන කල චීනය තුළ ප‍්‍රජාව හා රජය අතර ප‍්‍රබල ගණුදෙනුවක් , සන්නිවේදන කි‍්‍රයාවලියක් පැවති බව අවබෝධ කර ගත හැකි ය .

මේ අනුව බලන කල සමාජයේ පැවැත්මට සන්නිවේදනය පැවතීම නැතිවම බැරි අංගයක් ලෙස හදුනාගත හැකි ය .

සන්නිවේදනය නොමැතිව සමාජයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකි මෙන්ම සන්නිවේදනයේ පැවැත්මට ද සමාජයක් අවශ්‍ය වේ . අවශ්‍යතාව අනුව යෝග්‍යම සන්නිවේදන ක‍්‍රමය උපයෝගී කර ගැනීම මගින් නිවැරදි ප‍්‍රතිඵල ලගා කර ගත හැකි බව ද හදුනාගත හැකි ය .

ආචාර්යතුමා

No comments:

Post a Comment