Saturday 26 June 2021

HUB ආකෘතිය හැදින්වී

HUB ආකෘතිය තුළ විස්තර කන්නේ ජනමාධ්‍ය තුළින් ග‍්‍රාහකයා වෙත සන්දේශයක් ගමන්කරන ආකාරයි. ඒ බව පියවරින් පියවර පැහැදිලි කොට තිබේ.

සන්නිවේදකයා විසින් නිර්මාණයකරන ලද සන්දේශය පුවත්පතට ගුවන් විදුලිය ට හෝ රූපවාහිනියට ගැලෙපෙන ආකාරයට සංඥා බවට පත් විය යුතුය. පුවත්පතක නම් එය අකුරු බවට පත්වන අතර ගුවන් විදුලියේදි හඩ බවට පත්වේ එව කේත ලෙස හැදින්වේ.

ජනමාධ්‍ය සන්නදේශයක් සකස්වීමේදි එය අනිවාර්්‍යයෙන්ම දොරටුපාලකයන්ගේ
බලපෑමට නතු වේ. සංස්කාරකවරුන් කර්තෘවරුන් උපකර්තෘවරු ඡුායාරූපශිල්පීන් මෙන්ම ආයතන හිමිකරුවන්ද දොරටුපාලයකයන් වේ. ඒ අනුව සන්නිවේදකයා කේතගත කොට සකස් කල සන්දේශය දොරටුපාලකයන්ගේ බලපෑමට නැතිනම් වෙනස් කිරීම්වලට ලක්වේ. ඉන් අනතුරුව අදාළ ජන මාධ්‍යය ඔස්සේ සන්දේශය විසුරුවා හැරේ.

නියාමකයන් යනු සන්දේශය ග‍්‍රාහකගත විමෙන් අනතුරුව බොහෝ විට ජනමාධ්‍ය ආයතනවලින් පරිබාහිරව ක‍්‍රියාත්මකවන්නන් හෝ ආයතනයන්ය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විද්්‍යුත් සන්නිවේදන කටයුතු පිලීබඳ නිත්‍යාණුකූල ආයතනය වන ශ‍්‍රී ලංකා විදුල සන්දේශන නියාමන කොමිෂන් සභාවට අවශ්‍යය තින්¥ හා තීරණ ගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම ජන මාධ්‍ය සන්දේශවලට බලපෑම් එල්ලකල හැකි විවිධ රෙගුලාසි අණපනත් මෙන්ම කොමිෂන් සභා උසාවි නියෝග ආදියද ඇතුලත් වේ. එමෙන්ම පාරිභෝගිකයන්ගේ හෝ වෙනත් කණ්ඩායම් හා සංවිධාන විසින් සිදුකරන බලපෑම් මත සන්දේශපාලනය වීමද නියාමනයට අයත් වේ.

නියාමනයන්ගෙන් අනතුරුව සන්දේශය ග‍්‍රාහකයා වෙත ගමන් කරයි. එහිදි ජනමාධ්‍යයේ ග‍්‍රාහයකයන් වන්නේ නිශ්චිත නොදන්නා අතිවිශාල ග‍්‍රාහක කණ්ඩායකි. ඔවුන් තුළ විවිධ තා රාශියක් දැකිය හැකිය. එම නිසා ජන මාධ්‍ය මගින් පොදු සන්දේශයක් ලබා දුන්නද එය විවිධ පුද්ගලයන් විසින් අවබෝධකරගන්නේ ඔවුන්ගේ විවිධ මතවාදයන් සමගින්ය. එමනිමා සෑම සන්දේශයක්ම ග‍්‍රාහකයා  විසින් අවබෝධකරගන්නේ ඔහු සතු විවිධ සමාජ දේශපාලන ආර්ථික හා වෙනත් විශ්වාසයන් සියල්ල සමගින්ය.

ඉන් අනතුරුව සන්නදේශ්‍ය නිශ්චිතව නොදන්නා අති විශාල ග‍්‍රාහක පිරිසක් වෙතය ගමන් කරයි. එය ග‍්‍රාහක ෙක්‍ෂත‍්‍රය ලෙස හැදින්වේ’ ඔවුන් විවිධාකාර විශමතාවයන් සහිත පැතිරුණු දැනුම් මට්ටමක් සහිත පිරිසක් ලෙස හැදින්විය හැකිය. ඉන් අනතුරුව සන්දේශය පදනම් කරගනිමින් ග‍්‍රාහකයා තුළ බලපෑමක් ඇති වේ. එය සාධනීය නිශේධනාත්මක හෝ සාමාජීය ආගමික ආදි කවරහෝ බලපෑමක් විය හැකිය. ඇතැම් විට වෙලඳ ප‍්‍රචාරණමන බලපෑමක්ද විය හැකිය.

සන්නිවේදනයාගේ සිය ග‍්‍රාහකයා දක්නා සන්දේශය පැතිරෙමින් ගමන් කරයි එවිට මාධ්‍ය සන්නදේශයේ අඩංගු තොරතුරු පැතිරෙමින් ගමන් කරයි එය අන්තර්ගතය විස්තාරණය විම ලෙස  දැක්විය හැකිය. එහි ඊ හිස් යෙදි ඇත්තේ සන්නිවේදකයාගේ සිය විසිරි යන බව හැදින්වීමටය. අනෙක් පසින් දැකිය හැක්කේ ප‍්‍රතිපෝෂණයයි එය ග‍්‍රාහකයාගෙන් ආරම්භ වි සන්නිවේදකයා වෙතට ලැබේ ඒ බව හැදින්වීමට ඊ හිස් ග‍්‍රාහකයාගේ සිට සන්නිවේදනයා දෙසට යොදා තිබේ.

මාධ්‍ය සන්දේශයක් විසුරවා හැරීමේදි විවිධ බාධක ඇති විය හැකිය. ෂැනොන් හා විවර් ආකෘතියේ මාධ්‍ය බාධක ඇති වන්නේ සන්දේශය විසුරවා හරින අතර මැදි කොටසේදීය ඒ බව දැක්වීමට මෙහිද ජනමාධ්‍ය වෙතට පැමිණෙන විට බාධක හෙවත් විකෘති වීමි කලාපය විශාල වේ. පසුව ග‍්‍රාහකයා වෙතට ගමන් කිරීමේදි නැවත ඒවා අවම වේ. ඒ අනුව සන්නදේශයක් විසුරවා හැරිෙමිදි ඇති විය හැකි මාධ්‍ය බාධක නිසා සන්නදේශයකට හානි සිදුවන බව මෙමගින් දක්වා ඇතැයි උපකල්පනය කල හැකිය. කෙසේ නමුත් ජනමාධ්‍යයෙන් ලැබෙන සන්නදේශක් ග‍්‍රාහකයා වෙතට පැමිණිමේදි මාධ්‍ය බාධක ඇතිවිය හැකි අතරම සන්දේශය ග‍්‍රාහකයා විසින් අවබෝධ කර ගැනිමේදි විවිධ විකෘති තා ඇති විය හැකිය. එය අර්ථබාධක තත්වයකි එය ඇති වන්නේ තේරූම් ගැනිමේදි ඇතිවන විවිධ තා නිසාය. 

කෙසේ නමුත් ජනමාධ්‍යතුළින් සන්නදේශයක් ගමන් කරන ආකාය දැක්වෙන ඉතා සාර්ථක ආකෘතියක් ලෙස මෙය දැක්විය හැකිය. එමෙන්ම ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ සියලු පරාසයන්ද මෙමගිනි ආවාරණය කොට තිබේ

Monday 7 June 2021

කාන්තාවට සැනසුම් සමය වූ බුදුසමය

 

බුදු දහමින් කාන්තාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මානව සමාජයෙහි ප්‍රගමනය උදෙසා නිහඬ සේවාවක් ඉටු කරන කාන්තා සමාජයට බෞද්ධ දර්ශනය තුළින් හිමි වු වරප්‍රසාද අන් කිසි ආගමකින් හිමි වී නොමැති අතර, බුදුදහම සමාජ අසාධාරණයෙන් තොරව සුදුස්සාට සුදුසු තැන ලබා දී ඇති අයුරු එයින් මැනවින් තහවුරු වේ.

භාරත දේශයෙහි පැවැති යුග හෙවත් කාලවකවානු දෙස අවධානය යොමු කිරීමේ දී පූර්ව වෛදික හා වෛදික යුගයේදී කාන්තාවට හිමි වූයේ ඉතා ඉහළ සමාජ තත්ත්වයකි. මාතෘ මූලික සමාජයක් පැවැති මෙම කාලය තුළ ජගන් මාතා ආදී වන්දනා ක්‍රම පැවතීම මගින් කාන්තාව ඉතා ඉහළ සමාජ පිළිගැනීමක් අනුව දිවි ගෙවූ බව හොඳින් පැහැදිලි වෙයි. එහෙත් පශ්චාත් වෛදික හෙවත් බ්‍රාහ්මණ යුගය තුළ ඒකදේවවාදය ප්‍රචලිත වීමත් සමග මුළු මහත් සමාජය වෙනස් මුහුණුවරක් ගත් අතර ඒ තුළ කාන්තාව අන්ත අසරණ භාවයට පත් වු වග මනුස්මෘතිය වැනි බ්‍රාහ්මණ ග්‍රන්ථ දෙස අවධානය යොමු කිරීමේ දි සනාථ වෙයි.

වර්ණ ධර්ම , ස්ව ධර්ම හා ආපද් ධර්ම තුළින් සමාජයෙහි ආධිපත්‍යය තහවුරු කර ගත් බමුණන් ඒ ඔස්සේ යමින් කාන්තාව සතු සියලු නිදහස අහිමි කරමින් ක්‍රියා කළහ. ඒ අනුව ආගමික , අධ්‍යාපනික , ආර්ථික සමාජයීය ආදී සියලු වරප්‍රසාද අහිමි වූ කාන්තාවගේ ජීවිතය අවධි කිහිපයක් අනුව බමුණන් විසින් බෙදා වෙන් කරන ලදී.

"බාලෙය්‍ය පිතුර්වශේ තිෂ්ඨෙත්

පැණි ග්‍රාහස්‍ය යෞවනේ

පුත්‍රාණං භර්තජී පේ‍්‍රතේ

නභජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් "

බාල කාලය පියා යටතේ ද තරුණ කල සැමියා යටතේද සැමියා මළ පසු වැඩිමහල් පුතු යටතේ ද දිවිගෙවිය යුතුය.

සැමියා මිය ගිය පසු ඔහු දවන දර සෑයට පැන දිවි නසාගත යුතු බව ද එක් යුගයකදී බමුණු දහම මගින් නියම කැර තිබිණි.

එය සති පූජාව නමින් හැඳින්වේ. එලෙස ක්‍රියා කිරීමට නොහැකි නම් කිළිටි වස්ත්‍ර අඳිමින්, කටුක අමිහිරි ආහාර ගනිමින් කිසිම ආභරණයක් නොපැළඳ ස්වා මියා ප්‍රාර්ථනා කරගෙනම කල් ගෙවිය යුතු බව මනුස්මෘතිය තුළ සඳහන් කර ඇත.

මේ අයුරින් සියලු වරප්‍රසාද අහිමී වූ කාන්තාව නිවසට පමණක් සීමා වූ අතර ඇය " ද්වංගුල පඤ්ඤා " (දෑඟුල් නුවණ) ඇති තැනැත්තියක් බව බමුණෝ පැවසුහ.

" මුඛ පද්ම දලාකාරං

වාචා චන්දන සීතලං

මධු තිෂ්ඨති ජිව්හාග්‍රේ

හදයේතු හලා හලං ""

(ගැහැණියකගේ මුහුණ පද්මයක් බඳුය. වචන සිසිල් සඳුන් මෙන් මනහරය. දිව අග මී පැණි ඇතත් හදවතෙහි හලාහල නම් විෂ ඇත )

මෙවැනි ප්‍රකාශ අනුව විමසා බැලීමේදී ප්‍රශ්චාත් වෛදික යුගය තුළ කාන්තාව දිවි ගෙවූ අයුරු හා ඇය විඳින ලද කටුක දුක් වේදනා මෙන්ම නින්දා අපහාසද අඩුවක් නොවීය .

එහෙත් ක්‍රි.පූ. 6 වන සියවස තුළ ලොව පහළ වන අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුළු මහත් සමාජයෙහි යහපත උදෙසා ක්‍රියා කළ අන්දම ඉතා ප්‍රශංසනීයයි. ක්‍රම ක්‍රමයෙන් නිර්මල දහම භාරතය පුරා විකාශනය වීමත් සමග කාන්තා සමාජයට ද හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. සමානාත්මතා ගුණය අගය කළ බුදුරදුන් ඒ ඔස්සේ පුරුෂයාට සමාන තත්ත්වයක් කාන්තාවට ද හිමි කර දුන් බව බෞද්ධ දර්ශනයට අනුව විමසීමේ දී මනාව පැහැදිලි වේ.

“නසෝ සබ්බේසු ඨාතේසු

පුරිසෝ හෝති පණ්ඩිතෝ


ඉත්ථිපි පණ්ඩිතා හෝති

තත්ථ තත්ථ විචඣනා”

“සෑම තැන්හි පිරිමින් ම පණ්ඩිත නොවන බවත් ඒ ඒ තැන්හි ස්ත්‍රිය ද බුද්ධිමත් වේ.” යන ප්‍රකාශයට අනුව එකල කාත්තාවට හිමි වූ සමාජ තත්ත්වය මනාව සනාථ වේ. එපමණක්ද නොව මවක්, ගෘහණියක්, සමාජ සේවිකාවක්, උපාසිකාවක් ආදී වශයෙන් බුද්ධ දේශනාව අනුව භාරතීය සමාජයෙහි ඉහළ මට්ටමක දිවි ගෙවූ ස්ත්‍රියට අප සම්බුදු හිමියන් සම්මා සම්බුද්ධත්වයෙන් වසර 5 ක් ගිය පසු භික්‍ෂුණී සසුන ආරම්භ කොට විමුක්ති මඟ පෙන්වා දුන්හ. ඒ අනුව භික්‍ෂුණිය මැනවින් වත් පිළිවෙත් සපුරා රහත් ඵලයට මෙන්ම බුදු සසුනෙහි විවිධ තනතුරු ද ලද බව දැක්වේ. ඒ අනුව

චිතරාත්‍රඥ භික්‍ෂුණිය – මහා ප්‍රජාපතී
අභිඤ්ඤාලාභි භික්‍ෂුණිය – භද්ද කච්චායනා
සෘද්ධිමත් භික්‍ෂුණිය – උප්පලවන්නා
ධුතාංගධාරී භික්‍ෂුණිය – පටාචාරා
ධර්ම කථිකාවිය – ධම්ම දින්නා

ආදී වශයෙන් නොයෙක් දක්‍ෂතා ඔස්සේ තනතුරු ලැබීම තුළ බුදු සමය ඔස්සේ කාන්තාවට හිමි වූ නිදහස කෙබඳු ද යන්න මනාව අවධාරණය වේ.

“බ්‍රහ්මාති මාතා පිතරෝ

පුබ්බාචරියානි වුච්චරේ

ඇහුණෙය්‍යා ච පුත්තානං

පජාය අනුකම්පකා”

මව්පියන් මහා බ්‍රහ්මයා ලෙසත් දරුවන්ගේ පූර්වාචාර්යවරු බවද ආහුණෙය්‍ය ගුණයෙන් යුතු ඔවුහු මුළු මහත් ප්‍රජාවටම අනුකම්පා කරන බව ඉහත ගාථා ධර්මයෙන් බුදු හිමියන් දේශනා කොට ඇත. එපමණක් ද නොව “බුද්ධෝ විය මාතා” මව බුදුන් හා සමාන බවත් “මාතා මිත්තං සතේසරේ” මව නිවසේ මිතුරිය ලෙසත් දේශනා කිරීම තුළ බෞද්ධ දර්ශනයෙහි කාත්තාවට හිමි වන ඉහළ සමාජ තත්ත්වය තව දුරටත් විග්‍රහ කරන තථාගත බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රය මගින් දරුවන්ගෙන් මව්පියන්ට ඉටුවිය යුතු යුතුකම් 5 ක් ද පෙන්වා දෙයි. එනම්,

1. වයස්ගත මව්පියන් පෝෂණය කිරීම
2. ඔවුන් රැක බලා ගැනීම
3. ඔවුන්ගේ දායාද රැක ගැනීම
4. කුල පරපුර ආරක්‍ෂා කිරීම
5. මිය ගිය පසු පින්කම් කොට පින් දීම.

දිනක් පසේනදි කොසොල් මහ රජු තම බිසවට දියණියක් උපත ලද බව අසා ඉතා දුක්‍ඛිත අන්දමින් බුදුරදුන් වෙත පැමිණි පසු නුවණැති සිල්වත් කාන්තාව අගය කොට රජුට දහම් දේශනා කොට ඇත.

“ඉථීපි ඒකච්ඡියා

සෙය්‍යා පෝස ජනාධිප

මේධාවිනී සීලවතී

සස්සු දේවා පතිබ්බතා”

මේ අයුරින් පුරුෂයාට මෙන්ම ස්ත්‍රියට ද සමාන සමාජ තත්ත්වයක් උරුම කර දුන් බුදු සමය ඒ ඔස්සේ නව චින්තන විප්ලවයක් ද ඇති කරන ලද බව, බොහෝ රහත් මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන ලද වාද විවාද, ධර්ම දේශනා ආදිය දෙස මෙන්ම ථේරී ගාථාවන්හි සඳහන් විමුක්තියෙහි අගය පෙන්වා දීම් මගින් මනාව තහවුරු වේ.

බමුණු සමාජය හමුවේ අන්ත අසරණ වූ කාන්තාව නැවත පුනර්ජීවනය ලැබුවේ තථාගත බුදුපියාණන් වහන්සේ ලොව පහළ වීමත් සමගය. ඒ ඔස්සේ යමින් සෑම අංශයකින්ම දියුණුවට පත් කාන්තාව අධ්‍යාපන, ආගමික, ආර්ථික, සමාජයීය වැනි ඉහළ තනතුරු දැරීමට සමත් වූ වග එකල සමාජයෙහි පමණක් නොව වත්මන් ලෝකය දෙස අවධානය යොමු කිරීමේ දී මැනවින් පැහැදිලි වෙයි. නිවසට පමණක් සීමා වූ කාන්තාවට මේ අයුරින් නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කරමින් ඉදිරියට පැමිණීම උදෙසා මූලික පදනම දමනු ලැබුවේ තිලොවට තිලක වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බව මේ අනුව පැහැදිලිව වටහා ගැනීමට හැකි ය.

බමුණු සමාජය හා කාන්තාව

 බමුණු දහම භාරතයේ ව්‍යාප්ත වීමට පෙර හෙවත් ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවට හිමි විය යුතු නිදහස ලැබී ඇත. භාරතයේ ඉපැරැණි ශිෂ්ටාචාර දෙකක් වන මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාරවල දී හමු වූ පුරාවිද්‍යාත්මක නටබුන් වලින් කාන්තාව එකල දේවත්වයෙන් සලකා ඇති බව පෙනී යයි. ජගන්මාතා වන්දනාව වැනි පිළිවෙත්වලින් එය පැහැදිලි වන බව සර් ජෝන් මාර්ෂල් නම් විද්‍යාඥයා විසින් පෙන්වා දෙන ලදී. කාන්තාවන්ට සමාන දේවරූප නිර්මාණය කොට ඔවුන්ට උදේ සවස වන්දනාමාන කළ බවට සාධක ඇත.

එපමණක් නොව එකල පවුලේ නායිකාව වුයේ ද කාන්තාවයි. නව යොවුන් වියේ පසුවන කාන්තාවන්ට විවිධ වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රාභරණ හැඳ පැළඳගෙන විවාහ උත්සව ආදි තැන්වලට යෑමට ඉඩ ලබා දී තිබුණි. ගී සින්දු කියමින් නටමින් විනෝදවීමට සම්පූර්ණ අයිතියක් තිබුණි.

මෙසේ පැවැති කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟය. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වලට සීමා පැනවිණ. බමුණන්ගේ තර්ජන තදින්ම කාන්තාව වෙත එල්ල වූ අතර ඇයගේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී ගියේය. කුල සතරෙන් පහත් ම කුලය වූ ශුද්‍රයින්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි. පුරුෂාධිපත්‍ය වැඩි දියුණු වූ මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණෙකින් ස්වර්ග සම්පත් ලබා ගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන් වේ.

නාස්ති ස්ත්‍රීනාං පෘතග් යඥෙ

වන වූතං නාප්‍යුපොසථම්

පතිං ශුශ්‍රෑයතේ යෙන

තෙන ස්වර්ගේ මනියතෙ

යන්නෙන් එය පැහැදිලි වේ. එපමණක් නොව කාන්තාව බාල කාලයේ පියා යටතේ ද, තරුණ කාලයේ ස්වාමියා යටතේ ද, මහලු කාලයේ පුත්‍රයන් යටතේ ද ජීවත් වියයුතු බව සඳහන්වේ.

බාල්‍යෙ පිතුර් වශේ තිෂ්ඨෙත්
පාණි ග්‍රාහස්‍ය යෞවනෙ
පුත්‍රානාං භර්තරී ප්‍රෙතේ
න භජෙත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්

පිතා රක්‍ෂති කෞමාරෙ
භර්තා රක්‍ෂති යෞවනෙ
රක්‍ෂන්ති ස්ථවිරෙ පුත්‍රෙ
න ස්ත්‍රීස්වතන්ත්‍රමර්හතෙ

විවාහක කාන්තාවක තරුණ කාලයේ දී ම ඇයගේ ස්වාමියා මළහොත් එම ගිනි ගොඩටම පැන ඇය ද සියදිවි නසාගත යුතුය. නැතහොත් ජීවිතාන්තය දක්වා වැන්දඹුවක වශයෙන් සුදු වස්ත්‍ර, කිලිටි වස්ත්‍ර අඳිමින් කටුක අමිහිරි ආහාර ගනිමින් කිසිම ආභරණයක් නොපැළැඳ කල් ගෙවිය යුතුය. මෙකී සම්ප්‍රදාය වර්තමානයේ ද ඉන්දියාව තුළ දැකිය හැකිය. විවාහ කර ගැනීමේදී වයස අවුරුදු තිහක පුරුෂයන්ට අවුරුදු දහයේ ගැහැනු ළමයින් ද අවුරුදු විසිහතක පුරුෂයන්ට අවුරුදු හතක ගැහැනු ළමයින් ද විවාහ කරගත හැකිය. වනිතාව පිළිබඳ දක්වන මෙවැනි ආකල්ප මානව හිතවාදී සමාජයක් සංස්කෘතියක් ඇති කිසිම තැනකට නොගැළැපේ. සමහර කාන්තාවන් කෙතරම් ස්වාමියාට අවනත ව සිටියත් කිසිදා වහල් තත්ත්වයෙන් මිදිය නොහැකි විය. මෙම තත්ත්වය විඳීමට නොහැකි වූ ඇතැම් කාන්තාවෝ ගණිකා වෘත්තියෙහි යෙදුණාහ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ ගණිකා වෘත්තිය එකල නීත්‍යානුකූල එකක් යැයි සඳහන්වේ. අම්බපාලි, අඩ්ඪකාසි සහ පදුමා වැනි අය ප්‍රසිද්ධ ගණිකාවෝ වූහ.

යම් පුරුෂයෙකුට කාන්තාවක දැකීමෙන් සිහි විකල් වන බවත්, ස්පර්ශ කිරීමෙන් ධනය හානිවෙන බවත්, එක යහනෙහි නිදාගැනීම මරණයට හේතුවන බවත් දක්වමින් ස්ත්‍රිය ප්‍රත්‍යක්‍ෂයෙන් ගතහොත් රාක්ෂසියක් වන බවත් දක්වා තිබේ.

දර්ශනං චිත්ත වෛකල්‍යං
ස්පර්ශං ධන නාසකං
සයනේ මරණං කුර්යාත්
ස්ත්‍රී ප්‍රත්‍යක්‍ෂ රාක්‍ෂසි

ලොව අභව්‍ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්‍ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.

ඖදුම්බර භවං පුෂ්ඵං
ශ්වෙත වර්ණස්‍ය කාකයෝ ඞ
මත්ස්‍ය පාදෙ ජලෙ තිෂ්ඨෙත්
ස්ත්‍රී වාක්‍යං න විස්සසෙ

භාරතීය වනිතාව කෙරෙහි උපහාසාත්මක බැල්මෙන් බැලූ බමුණන් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ මුහුණ පියුමක් සේ පියකරුය, වචන සඳුන් සේ සිසිල් වේ, දිවඟ මී බඳුය, එහෙත් හදවතෙහි ඇත්තේ හලාහල විෂයි යනුවෙනි.

මුඛ පද්ම දලාකාරං - වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිව්හාග්‍රෙ - හෘදයෙතු හලාහලං

ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුරජුන් පහළ වන විට විවිධ ආගමික දාර්ශනිකයෝ භාරතය පුරා සිටියහ. ඔවුහු විවිධ ආගමික ප්‍රචාරයන් පතුරුවමින් තැන් තැන්වල ගියහ. මේ සියලු පිරිස් ශ්‍රමණ හා බ්‍රාහ්මණ වශයෙන් දෙයාකාර වූහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වූයේ ෂට් ශාස්තෘවරුන්, ආජීවක, පරිව්‍රාජක, අචේලක, තුන්බෑ ජටිල ආදී විවිධ ව්‍යවහාරයන්ගෙන් සමන්විත පිරිස්ය. මීට පෙර කාලයේ පටන් ආගමික කාර්යයන් කරමින් පැවැතගෙන ආවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ කාන්තාවට හිමිවූයේ ඉහතින් සඳහන් කළ ආකාරයට පහත් තත්ත්වයකි. බුදුන් වහන්සේ පහළවීමත් සමඟ කාන්තාවට නිසි තැනක් ලැබුණි. සම්බුද්ධ ශාසනය තුළ මූලික වශයෙන් කාන්තාවට හිමි වුයේ උපාසිකා තත්ත්වයයි. යස කුල පුත්‍රයාගේ මෑණියන් බුදුසසුනේ තෙරුවන් සරණ ගිය මුල්ම කාන්තාවයි. අනතුරුව මහා ප්‍රජාපතී ගෝතමියට සහ පරිවාර ස්ත්‍රීන්ට ලබා දුන් පැවිද්ද සමඟ භික්‍ෂුණී තත්ත්වය හිමිවුණි. එසේම ගෘහය තුළ ගෘහණිය වශයෙන් ද මවක ලෙසද ඇයට ලැබුණේ උත්තරීතර තත්ත්වයකි. දරුවන්ගේ පූර්වාචාරීන් ලෙස මව හා පියා සලකන ලෙසට බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරෙ
ආහුණෙය්‍යා ච පුත්තානං
පජාය අනුකම්පකා

දක්ඛිණා විභංග සූත්‍රයෙහි සඳහන් වන අන්දමට මහා ප්‍රජාපතී ගෝතමියගේ මාතෘත්වය හා සේවය ඉතා ඉහළින් අගය කොට ඇත. ඇය ‘ බුද්ධමාතා’ යන නාමයෙන් පිදුම් ලැබූ අතර එය මිහිපිට කාන්තාවකට ලැබිය හැකි උතුම්ම සම්මානයයි. නිවන් අවබෝධ කිරීමේ දී පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද එම තත්ත්වය ලැබි ඇති බව භික්ඛුණීක්ඛන්ධකයෙහි දැක්වේ. එකල බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ කාන්තාවට ලැබුණු ස්ථානය නිසා කොසොල් මහරජතුමා තම දේවියට දියණියක ලැබුණු බව අසා මහත් කලකිරීමට පත්විය. එහෙත් බුදුරජුන් පෙන්වා දුන්නේ ගැහැනු දරුවකු වුවද ප්‍රඥාවෙන්, ගුණගරුක බවින් හා පතිව්‍රතාවෙන් යුක්ත වන්නේ නම් උසස් තත්ත්වයකට පත්වන බවය. (සංයුක්ත නිකාය -ධීතු සූත්‍රය ) එම නිසා කලකිරීම නුසුදුසු බව වටහා දුන් සේක.

බුදුන් වහන්සේ ස්වකීය මවට හා සුළු මවට විශේෂ සැලකිල්ලක් දැක්වූ සේක.තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මය දේශනා කිරීම හා ප්‍රජාපතී ගෝතමියට පැවිද්ද ලබාදීම, ඇය පරිනිර්වාණයට පත්වූ පසු ඇයගේ දේහය පසුපස ගමන් කොට ගෞරව දැක්වීම හා ඇයගේ භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූපයක් කිරීම ආදී සියල්ල ඉටුකොට කළගුණ සැලකූ සේක. එයින් අන් අයට ද තමන්ගේ මෑණියන් කෙරෙහි දැක්විය යුතු ආකල්පය කෙබඳුද යන ආදර්ශය ලබාදුනි. එය බුදුන්ගේ ‘ යථාවාදී තථාකාරී’ (යමක් කියයිද එය සිදුකොට පෙන්වීම) ගුණය විදහා පෙන්වීමකි.

බුදුන් වහන්සේ කිසිවිටෙකත් ගැහැනිය පහත් කොට නොසැලකූ සේක. රජ්ජුමාලා වැනි අසරණ දාසියන්ට, අම්බපාලි වැනි ගණිකාවන්ට, ඛේමා වැනි රූපය නිසා අහංකාරවූ තැනැත්තියන්ට, පටාචාරා සහ කිසාගෝතමී වැනි අසරණියන්ට පවා පැවිද්ද ලබා දුන් අතර සුදුසු පරිදි ශාසනයේ තනතුරු පිරිනැමීමද සිදු කළ සේක.

ජාතක කථා දේශනාවන්හිද කාන්තාවගේ ගුණ සමුදායන් අගැයීමට ලක් කර ඇත. චන්දකින්නර ජාතකය, කුරුධර්ම ජාතකය, මහා සුදස්සන ජාතකය සහ මාතංග ජාතකය ආදිය නිදසුන්ය. මේවායෙහි උසස් චරිතයකින් හෙබි කාන්තාවනට ප්‍රශංසා කර තිබේ. නුවණින් මුහුකුරා යන්නේ පුරුෂයන් පමණක් නොව ස්ත්‍රීන්ද ඒ ඒ තැන්වලදී ඤාණවන්ත වන බව දක්වා තිබේ.

මේ අනුව පුරුෂාධිපත්‍යයක් සමාජය තුළ හිස ඔසවා තිබුණු කාලවකවානුවේ කාන්තාවට නිසි තැන දීමෙන් පෙනී යන්නේ බුදුසමය තුළ කාන්තාවට ද පුරුෂයාට මෙන් ම සෑම අංශයකින් ම ප්‍රමුඛත්වය ලබාදුන් බවය. බුදුන් වහන්සේගේ මහා කරුණාව ඇය දෙසට ද යොමුවූ බවය.