Showing posts with label සා/පෙළට අත්වැලක්. Show all posts
Showing posts with label සා/පෙළට අත්වැලක්. Show all posts

Wednesday, 8 September 2021

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

මාධ්‍ය නිදහස යන්න ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළත්, දේශපාලන ක්ෂේත්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනුම ප්‍රකාශයට පත් කිරීම සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම සහ ප්‍රාථමික මුලාශ්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයන් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක්‍රමික වර්ධනයත් සමඟ ප්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡාවට  ලක්විය. එමනිසා වර්තමානය වනවිට තොරතුරු ප්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී. යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවල දී පුවත්පත්  යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වාසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි. මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද? ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ. 

මෙලොව සියලූම මනුෂ්‍යයන් උපත ලබා ඇත්තේ නිදහස්ව ය. සෑම දෙනාටම එකම ආකාරයෙන් අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි විය යුතු ය. සෑම පුද්ගලයෙකුට ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අර්ථ පූර්ණව භුක්ති විඳීමට හැකිය. ප්‍රකාශන නිදහස යනු ඉදිරිපත් කිරීමට හා නිදහසේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියයි.

මානවයා සතු ප්‍රකාශන නිදහස තොරතුරු ලබා ගැනීමේ අයිතිය  1948  දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කොට ප්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් තහවුරු කොට තිබේ. මේ ප්‍රකාශනය මගින් ලෝකයේ සියලුම මිනිසුන්ගේ සහජ අයිතිවාසිකම් හා නිදහස අර්ථ පුර්ණව ඉදිරිපත් කරන ලදී.

රාජ්‍ය හා සමාජීය චර්යාව පාලනය කිරීමේ මාර්ගයක් ලෙස රාජ්‍යයන් ද, සංවිධාන හා පුද්ගලයන් ද බැඳී සිටිය යුතු බව එයින් පිළි ගනී .එසේ පිළිගනිමින් ලොවටම පිළිගත හැකි නියමයන් හා සදාචාරාත්මක වටිනාකම් සමුහයක් මේ ප්‍රකාශනය මඟින් ඉදිරිපත් වේ .මේ ප්‍රකාශනයට නීතිමය බලයක් නැතත් එහි සදාචාරාත්මක වටිනාකමක් තිබේ. මේ ප්‍රකාශනයට අනුව ක්‍රියා කිරීමෙන් ලෝකයේ සියලුම දෙනාට සාධාරණ හා වඩාත් හොඳ ලෝකයක් බිහි කිරීමට හැකි වන්නේ ය යන අදහස ඉදිරිපත්ව තිබේ.

අදහස් පළ කිරීමේ නිදහස පිළිබඳව මේ ප්‍රකාශනයේ 19 වන වගන්තියේ  දැක්වේ .

“තම නිදහස් මත දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත. අනුන්ට බාධාවක් නොමැතිව තම මතය දැරීමටත් දේශ සීමා නොසළකා කවර මාධ්‍යයකින් හෝ තොරුතුරු ලැබීමටත් තොරතුරු ලබා දීමටත් ඇති අයිතිය ඊට ඇතුළත් ය.”

මේ ප්‍රකාශනයේ අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබද අයිතිය හැමදෙනාම සතු බව දැක් වේ.මෙයින් අදහස් කරන්නේ එම අයිතිය එක රටක ජනතාවකට නොව සියලුම පුද්ගලයන්ට හිමි අයිතියක් වන බව ය.මේ ප්‍රකාශනය මඟින් පිළි ගැනෙන්නේ අදහස් දැරීමේ හා පළකිරීමේ නිදහස සමස්ත මානව වර්ගයාටම අවේණික අයිතියක් වන බව ය.එසේම එය මානව පැවැත්මට මුලිකවනවා පමණක් නොව, සමාජ සංවර්ධනයට ද අවශ්‍ය කරුණක් වන බව ය. එමෙන් ම “ දේශ සිමා නොසලකා ඕනෑම මාධ්‍යක් ඔස්සේ තොරතුරු සෙවීමේ ,ලැබීමේ සහ බෙදා හැරීමේ අයිතිය” මේ ප්‍රකාශය මඟින් තහවුරු කර තිබේ. පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැරුණු විට 1978 දී පැන වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂණ ප්‍රකාශන අයිතියට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබේ. 

  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ”භාෂණය හා ලේකනයේ නිදහස ලෙස හඳුන්වා ඇති එම නිදහස මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අඩංගු පරිදි ම සඳහන්ව නොතිබුණත් සමස්තයක් ලෙස ගත කල්හි එකී නිදහස මින් ගම්‍ය වන බව මෙහි  අදහස වේ.

විසුවලිංගම්ට එදිරිව ලියනගේ නඩුවේදී මෙන්ම විමල් පෙරේරා එදිරිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නඩුවේ දී,  එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විකාශනය වූ ස්වභාරති ගීත වැඩසටහන අතරතුර ශ්‍රාවකයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු නොදී  එම වැඩසටහන නවතා දමන ලදී. එහිදී විමල් පෙරේරා නමැත්තා තම අයිතිය උල්ලංඝනය වීම පිළිබද ව ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරියේ නඩු පවරන ලදී. එහි තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීම පිළිබද ව නීතිමය තත්ත්වයක් ව්‍යවස්ථාව තුළ සඳහන් නොවුණ ද එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළ සනාත වන බවයි .

සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ඓCCඵ්ර්‍) 1976 දී ගොඩනගන ලදී. මේ සම්මුතියේ බලපෑම වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන රටවල් එම ලේකනවල සඳහන් මානව හිමිකම් සිය රටවැසි ජනතාවට ද සහතික කර දීමේ වගකීම එකී රජයන් විසින් බාරගන්න ලද බවයි. 

සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තියේ ජනමාදධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අදාළ වේ. ඒ මෙසේ ය.

➤ බාධාවකින් තොරව අදහස් දැරීමේ අයිතිය සියලූ දෙනා සතුය.

➤ ප්‍රකාශන නිදහස පිළිබඳ අයිතිය සියලූ දෙනා සතුය.

දේශ සීමා නොසළකා වාචිකව, ලිඛිතව හෝ මුද්‍රිතව කලාවේ ස්වරූපයෙන් හෝ තමා කැමති  ඕනෑම මාධ්‍යයක් සියලූම ආකාරයේ අදහස් තොරතුරු සෙවීමේ ලැබීමේ හා පතුරුවා හැරීමේ නිදහස මේ අයිතියට අයත් වේ.

ඉහත සදහන් සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඊට අනුරූපී 19 වන වගන්තිය තවදුරටත් පැහැදිලි කරනු ලබති. එසේම විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙන් සහතික කෙරුණු හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මඟින් වඩාත් නිරවුල්ව  දක්වා තිබේ.එසේම සම්මුතියට අත්සන් කරන රටවල් බැඳීමක් බවට පත් කරමින් එම වගන්තියට නීතිමය බලයක් ද ලබා දෙති .එසේම සම්මුතියේ අඩංගු අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ දී ඒ හා බැදුණු විශේෂ යුතුකම් හා වගකීම් ද සඳහන් කර තිබේ.මේ නිසා අන්‍යයන්ගේ හිමිකම් හා කීර්තියට ගරු කරනු සඳහා නීතිය මඟින් ඇතැම් සිමාවන් පනවනු ලැබීමට පුළුවන.මෙහි 19 වන වගන්තියේ 3 (ආ ) අනු ඡේදය මඟින් සෙසු පුද්ගලයන්ගේ හිමිකම් හා කීර්තියෙන් ආරක්ෂා කරනවා සේ ම 3 (ආ ) අනු ඡේදය මඟින් ජාතික ආරක්ෂාව, ජනතා විනය, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය වැනි බැඳියාවන් සුරැකීම රජයේ යුතුකමක් බව පෙන්වා දෙයි.

මෙලෙස මිනිසාගේ ප්‍රකාශන නිදහස භාෂණයේ නිදහස නෛතික වශයෙන් ආරක්ෂා කර ඇත. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  (1978)  14 (1) වගන්තිය මඟින් ප්‍රකාශන නිදහස භාෂණයේ නිදහස  සහතික කොට තිබේ. එනම්,

“සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.”

මෙසේ අයිතීන් ආරක්ෂා කර ඇති සේම එම අයිතීන් යම් යම් සීමාවන්ට ද ලක් කර තිබේ. ඒ වගකීමෙන් යුතුව මෙම නිදහස භුක්ති විඳීමට ඉඩකඩ සැලැස්වීමටයි. මන්ද  ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබූ පමණින්  ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට නොහැකි වේ. කිසිවෙකුට හිංසා පීඩා වන ආකාරයට අදහස් පල කිරීමේ හැකියාවක් නොමැත. එලෙස අදහස් ප්‍රකාශ කළහොත් එය ශිෂ්ටසම්පන්න සමාජයක් වේද?

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් එය සීමා කර තිබේ. 29 (2) වගන්තියේ සඳහන් පරිදි,

➜ ”සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය.”

➜ ඒ වගේම භාෂණයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැනවූ අණ පනත් මගින් සීමා කර තිබේ. එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (1978) 15 (2) ව්‍යවස්ථාව හා 15 (7) ව්‍යවස්ථාව මගින් සීමා කර තිබේ.


15 (2 ) ව්‍යවස්ථාව 

  “14 වන ව්‍යවස්ථාව 01 වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම අපහාසය හා වරදකට පෙළඹවිම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සිමා කිරීම්වලට යටත්වය.” 

මේ නියමයන්ට අනුව භාෂණයේ නිදහස, ප්‍රකාශ කිරීමේ නිදහස තිබුණු නිසාම කෙනෙකුව අපකීර්තියට පත් කිරීමේ හෝ ලංකාවේ විවිධ ජාතින් අතර අසමගිය ඇතිවන පරිද්දෙන් කිසිවක් ලිවීම් හෝ පර්ල්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ කරන ආකාරයකින් කිසිවක් සඳහන් කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩක් නැත.මේ නියමය සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 3 (අ ) හා (ආ ) වගන්තිවල පරමාර්ථයන්ට අනුකූල වේ. මේ අනුව බලන කළ සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් එක හා සමාන තත්ත්වයක් ගම්‍ය වන බව පැහැදිලි ය.

ආචාර්යතුමා


Saturday, 1 June 2019

සන්නිවේදන පුරෝගාමීයෝ




ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් නුතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ.ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළ කරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක.එනම්,

''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි'' යනු එම නිර්වචනයයි.

මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි ''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර ''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''

සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.

තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.

විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ  මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ  අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.

1.  තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින්  ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කළ හැකිය යන්න.

2.    අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සඳහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිළිබඳ  අවබෝධය වර්ධනය කිරීම තුළින් වඩා හොඳ ඵලදායිතාවක් ලබා ගත හැකි බව.

3.    ජන සන්නිවේදනය තුළින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුළින් පාසල් ළමුන් සේම සාමාන්‍ය  ජනයා ද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.

4.    ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පි‍ටුබලයක් වන බව.

වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථය සංවර්ධනය වන රටවල සන්නිවේදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය. වසර 10කට පසු මුල් සම්මන්ත්‍රණයේ දැක්වූ අදහස් ගොනුකොට "සන්නිවේදනය හා විපරිනාමය: පසුගිය දස වසර සහ ඉදිරි දස වසර" නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සදහන් කළ හැකිය.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුළ පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සඳහා හැදෑරූ සංඛ්‍යාව 11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේ දී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුළ පමණක් ඇති විශ්වවිද්‍යාල මඟින්  එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුළ ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති විද්‍යායතන හා දෙපාර්තුමේන්තු ගණන අද වන විට 2000කට අධිකය.
තව ද අද වන විට වෙස්ටර් , සිටි, වේල්ස්, වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්වවිද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.
යුරෝපය තුළ ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා කලිබියානු ආදී රටවල ද විශ්වවිද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින් ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුළින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය මේ සදහා සෘජුව බලපාන්නට ඇත.

Monday, 21 January 2019

අමාවතුර හා අංගුලිමාල දමනය


ආචාර්යතුමා ලියන බ්ලොග් පිටුව බලපු සාමාන්‍යපෙළ පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් ඊතලයක් එවලා පුංචි ඉල්ලීමක් කරලා තිබුනා…
එම ඉල්ලීම වෙනුවෙන් කාර්යබහුල ජීවිතෙන් ටික වේලාවක් අරගෙන ඔන්න දැම්මා…

 බුදුරජාණන් වහන්සේගේ ‘පුරිස දම්ම් සාරථි’ ගුණය මුල් කොට ගෙන ගුරුළුගෝමි නම් පඬිවරයා අමාවතුර රචනා කොට ඇත. ගුරුළුගෝමි පඬිතුමන් විසූ යුගය නිශ්චිත වශයෙන් ම සඳහන් ව නැතත්, විවිධ විද්වත් මතවලට අනුව ඔහු සිටි යුගය පොළොන්නරු රාජ්‍ය කාලයට අයත් වන බව පිළිගැනේ. 

මෙහි අන්තර්ගත පරිච්ෙඡ්ද ගණන දහඅටකි. ඉන් පළමු පරිච්ෙඡ්ද තුන වන දුර්දාන්ත  දමනය, ස්වසන්තාන දමනය හා පරසන්තාන දමනය යන්නෙහි වස්තු නිර්දේශයේ දැක්වෙන පරිදි බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පිරූ අවස්ථා දැක්වෙන ජාතක කතාවන්ගෙන් ආරම්භ කොට බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර පිළිගැනීම දක්වා වූ කතා, ප‍්‍රකාශ වේ. හතරවන පරිච්ෙඡ්දයේ එන ගෘහපති දමනයේ දී නැවතත් වස්තු නිර්දේශයක් ඉදිරිපත් කරමින් ‘පුරිස දම්ම සාරථි’ ගුණය විස්තර කරයි.

එ් අනුව උපාලි ගෘහපතියාත්, කූටදත්ත බමුණාත්, අජාසත් රජුත්, අංගුලිමාලත්, සභිය පරිබ‍්‍රාජකයාත්, සච්චක බමුණාත්, පාඨික පුත‍්‍ර දිගම්බර ජෛනයාත්, සච්ච බද්ධක ජටිලයාත්, බාවරික තවුසත්, ශාක්‍ය භික්‍ෂුවත්, නන්දෝපනන්ද නාගරාජයාත්, නාලාගිරි ඇත් රජුත්, ආලවක යක්ෂයාත්, රාහු අසුරින්ද්‍රයාත්, බක නම් බඹහුත් දමනය කළ ආකාරය අමාවතුරෙහි දැක්වේ. මෙහි එන ‘නාග දමනය’ නම් වූ දාහතර වන පරිච්ෙඡ්දයේ පමණක් කොටස් දෙකක් යටතේ දමන දෙකක් දක්වයි. එ් නාග ශබ්දයෙන් ප‍්‍රකාශ වන නාගරාජයකු දමනය කිරීමත්, නාග ශබ්දයෙන් ම ප‍්‍රකාශ වන ඇතකු දමනය කිරීමත් ය.

අමාවතුර රචනා කිරීමෙහි කතුවරයාගේ බලාපොරොත්තුව කුමක්ද යන්න "නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ" යන ප‍්‍රකාශයෙන් තහවුරු වේ. එනම් පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් (සිංහල භාෂාවෙන්) මෙම කෘතිය සම්පාදනය කොට ඇති බව පැහැදිලි වේ. අමාවතුර ග‍්‍රන්ථයෙහි භාෂාව පිළිබඳව විමසීමේ දී පැරණි සිංහල භාෂාව ද බෙහෙවින් ම උපයෝගි කර ගෙන ඇති බව පෙනේ. සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය මෙයයි.

අමාවතුර ග‍්‍රන්ථයෙහි හත්වැනි පරිච්ඡේදයේ ඇතුළත් වන්නේ අඟුල්මල් දමනය යි. අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යෑම දක්වා කතාව එහි අන්තර්ගත වේ.

Monday, 29 October 2018

සන්ධි අභ්‍යාස


                                                                              2018 . 10 . 29 දින දී ය.

















ආචාර්යතුමා


Friday, 26 October 2018

උපසර්ග


ආචාර්යතුමාට ඉගෙන ගන්න සිසු දරුවන් ගැන හිත උණු වුණා.අන්න ඒ නිසා ඒ අයගේ යහපතට සිංහල ව්‍යාකරණ පාඩමක් සකස් කරන්න තීරණය කළා.




                   
             උපසර්ග

‘උපසර්ග’ යනු, වචනාර්ථයෙන් ගත් කළ 'ඟට යෙදීම’ යන්නයි.එහෙත් මෙම යෙදීම සිදුවන්නේ පදයක ආරම්භයට ම පමණී.එබැවින් විද්වත්හු මෙය පූර්වසර්ග’ යනුවෙන් හඳුන්වතී.මේවා තවත් පද සමඟ යෙදීමෙන් හැර තනිව යෙදීමෙන් අර්ථයක් ප්‍රකාශ කළ නොහැක.එබැවින් මේවා අව්‍යපද වර්ගයට අයත් වේ.

උපසර්ගයකට කළ හැකි දේවල්.

01.වචනයක මුලට යෙදී, එම වචනයේ අගය වැඩි කළ හැක.
 

    උදා   01 පිරිසිඳු     02 බල      03 මන්ත‍්‍රණය
             සු+පිරිසිඳු     ප‍්‍ර+බල      සම්+මන්ත‍්‍රණය     

             04 ගඳ          05 රමණය  06 උපාධිය

           
            …………..      …………..    …………….
               
02.වචනයක මුලට යෙදී, එම වචනයේ අගය අඩු කළ හැක.

    
        උදා:   01 පිරිසිඳු      02 බල      03 මන්ත‍්‍රණය
                    අ+පිරිසිඳු       දු+බල       කු+මන්ත‍්‍රණය
       
                  04 ගඳ         05 රමණය   06 ශීල 


                 ………….     ……………   …………..
          
03.වචනයක මුලට යෙදී, එම වචනයේ අර්ථය මුළුමනින් ම වෙනස් කළ හැක.

   
        උදා:   01 බඳ              02 මඟ            03 හද
                     ස+බඳ            උ+මඟ            සු+හද

          
                  04 මන             05 තුර            06 සීත
                      වි+මන          උ+තුර           කු+සීත


    සිදත් සඟරාවේ උපසර්ග පද 20කී.

   
         ප/පර/අව/ස/අනු/නි/දු/වි/අ/අදි/සු/
       උ/අබි/පිරි/උප/අප/පස්/පිළි/අති/පි


■ කුමාරතුංග මුනිදාස සූරීන් විසින් හඳුන්වාදුන් උපසර්ග         03කී.
        
     ඉ/ඔ/කු

 මීටත් අමතරව පාලි සහ සංස්කෘත භාෂාවලින් අප භාෂාවට ඇති වූ බලපෑම නිසා බිහි වූ උපසර්ග ද තිබේ.
       
       ප්‍ර/පරා/ප්‍රති/සම්/සං/සන්/සත්/සද්/සහ/
       අධි/නිර්/නිශ්/නිෂ්/නිස්/දුර්/දුශ්/දුෂ්/දුස්/
       අභි/පශ්චාත්/අන්/උව/උත්/උද්/ස්වයං


වචනයක උපසර්ගයක් යෙදී තිබේදැ’යි සොයා ගන්නා ආකාරය.

 දී ඇති වචනයේ උපසර්ගය යැයි සිතෙන පදය එම වචනයෙන් වෙන් කර ගන්න.එසේ ඉවත් කර ගත් පසු,

1- ඉවත් කර ගත් පදය උපසර්ග ගොනුවේ තිබිය යුතුය.
 

11. අනෙක් පදයේ අර්ථයක් තිබිය යුතුය.
   
 උදා: අනුස්මරණ  » අනු + ස්මරණ
          සුරම්‍ය           » සු + රම්‍ය
         උත්පාදනය   » උත් + පාදනය
         නිරාමිස         » නිර් + ආමිස
         අනුත්සාහික » අන් + උත්සාහික


 වචනයකට උපසර්ග එකකට වඩා යෙදෙන අවස්ථා  ද තිබේ.
         
        උදා: අති+සං+වේදී
                        අති+වි+ශිෂ්ට
                 සු+නිර්+මල
                 සු+වි+ශේෂී
                 ප්‍රති+සම්+පාදන


අභ්‍යාසය 01.
පහත දැක්වෙන වචන සඳහා සුදුසු පරිදි උපසර්ග පද යොදන්න.

■ චාරය             
■ දර්ශනය
■ පූර්ණ            
■ ස්මරණය
■ මුලින්
■ සත්වයා
■ වාරය
■ කාලය
■ සාර
■ දන 
■  මනා
■  වෘද්ධි
■  ගමන
■  ලක්ෂිත
■  කවියා

අභ්‍යාසය 02

පහත ඡේදයේ ඉරි ඇඳි පද සඳහා සුදුසු උපසර්ග සහිත පද යෝජනා කරන්න.

නිමල් වඩාත් අවුල් මනසින් නිවෙසට පැමිණියේය.වාරයට පෙර අඹ සෑදෙන ගස   දෙස ඔහු බැලුවේය.එවිට ඔහුට තම බිරිඳව නැවත සිහිවිය. මෙම වඩාත් මිහිරි අඹ කෑමට ඈ වඩාත් ම කැමතිය.නිමල් තම උපදින්නට සිටින දරුවා නිසා මේ වන විට සියලු නරක වැඩ අත හැර ඇත.ඔහු පළමු උපාධියට පසු උපාධිය ද අවසන් කළ අයෙකී.ඔහු දැන් මුළුමනින් ම වෙනස් ය.

අභ්‍යාසය 03

පහත දැක්වෙන වචනවල තිබෙන උපසර්ග පද වෙන් කර දක්වන්න.

        
■ සංසර්ගය                                    
■ උපසර්ගය
■ සුවිකාර්ය
■ සුප්‍රකට
■ කුප්‍රකට
■ අනාරාධිත
■ උපාය
■ විරාගය
■ සංනිවේදනය

■ උද්ධමනය

■ උත්තම
■ පිධාන
■ නිර්වාණය
■ නිවර්තනය
■ ප්‍රතිසංවිධාන
■ සම්ප්‍රදාන
■ අභිප්‍රේරණය
■ උවදෙස්
■ විලම්භය
■ දුර්භීක්ෂ


■ නිර්ජරා
■ අතිසුපැහැදිලි
■ සත්සමුදුර
■ පරා’ර්ථ
■ නිශ්ශබ්ද
■ අනර්ථය
■ ප්‍රමුඛ
■ සුජාත
■ අවජාත


■ අභිජාත
■ ස්වයංජාත
■ ස්වයංවින්දනය
■ ස්වයංරැකියාව
■ අත්‍යන්ත
■ නිර්ජල
■ නිර්වින්දනය
■ නිරුදක
■ ප්‍රතිඵල
■ සද්ධර්ම


සැකසුම : ආචාර්යතුමා