ආචාර්යතුමා ලියන බ්ලොග් පිටුව බලපු සාමාන්‍යපෙළ පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් ඊතලයක් එවලා පුංචි ඉල්ලීමක් කරලා තිබුනා…
එම ඉල්ලීම වෙනුවෙන් කාර්යබහුල ජීවිතෙන් ටික වේලාවක් අරගෙන ඔන්න දැම්මා…
බුදුරජාණන් වහන්සේගේ ‘පුරිස දම්ම් සාරථි’ ගුණය මුල් කොට ගෙන ගුරුළුගෝමි නම් පඬිවරයා අමාවතුර රචනා කොට ඇත. ගුරුළුගෝමි පඬිතුමන් විසූ යුගය නිශ්චිත වශයෙන් ම සඳහන් ව නැතත්, විවිධ විද්වත් මතවලට අනුව ඔහු සිටි යුගය පොළොන්නරු රාජ්‍ය කාලයට අයත් වන බව පිළිගැනේ.
මෙහි අන්තර්ගත පරිච්ෙඡ්ද ගණන දහඅටකි. ඉන් පළමු පරිච්ෙඡ්ද තුන වන දුර්දාන්ත දමනය, ස්වසන්තාන දමනය හා පරසන්තාන දමනය යන්නෙහි වස්තු නිර්දේශයේ දැක්වෙන පරිදි බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පිරූ අවස්ථා දැක්වෙන ජාතක කතාවන්ගෙන් ආරම්භ කොට බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර පිළිගැනීම දක්වා වූ කතා, ප‍්‍රකාශ වේ. හතරවන පරිච්ෙඡ්දයේ එන ගෘහපති දමනයේ දී නැවතත් වස්තු නිර්දේශයක් ඉදිරිපත් කරමින් ‘පුරිස දම්ම සාරථි’ ගුණය විස්තර කරයි.
එ් අනුව උපාලි ගෘහපතියාත්, කූටදත්ත බමුණාත්, අජාසත් රජුත්, අංගුලිමාලත්, සභිය පරිබ‍්‍රාජකයාත්, සච්චක බමුණාත්, පාඨික පුත‍්‍ර දිගම්බර ජෛනයාත්, සච්ච බද්ධක ජටිලයාත්, බාවරික තවුසත්, ශාක්‍ය භික්‍ෂුවත්, නන්දෝපනන්ද නාගරාජයාත්, නාලාගිරි ඇත් රජුත්, ආලවක යක්ෂයාත්, රාහු අසුරින්ද්‍රයාත්, බක නම් බඹහුත් දමනය කළ ආකාරය අමාවතුරෙහි දැක්වේ. මෙහි එන ‘නාග දමනය’ නම් වූ දාහතර වන පරිච්ෙඡ්දයේ පමණක් කොටස් දෙකක් යටතේ දමන දෙකක් දක්වයි. එ් නාග ශබ්දයෙන් ප‍්‍රකාශ වන නාගරාජයකු දමනය කිරීමත්, නාග ශබ්දයෙන් ම ප‍්‍රකාශ වන ඇතකු දමනය කිරීමත් ය.
අමාවතුර රචනා කිරීමෙහි කතුවරයාගේ බලාපොරොත්තුව කුමක්ද යන්න "නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ" යන ප‍්‍රකාශයෙන් තහවුරු වේ. එනම් පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් (සිංහල භාෂාවෙන්) මෙම කෘතිය සම්පාදනය කොට ඇති බව පැහැදිලි වේ. අමාවතුර ග‍්‍රන්ථයෙහි භාෂාව පිළිබඳව විමසීමේ දී පැරණි සිංහල භාෂාව ද බෙහෙවින් ම උපයෝගි කර ගෙන ඇති බව පෙනේ. සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය මෙයයි.
අමාවතුර ග‍්‍රන්ථයෙහි හත්වැනි පරිච්ඡේදයේ ඇතුළත් වන්නේ අඟුල්මල් දමනය යි. අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යෑම දක්වා කතාව එහි අන්තර්ගත වේ.
පෝස්ට් එකේ හෙඩිම දෙපොලක තියනවාවාගෙයි පේන්නෙ
ReplyDeleteදැන් හරි
ReplyDeleteදැන් හරි
ReplyDelete