Thursday 18 October 2018

මාධ්‍යවේදී සිද්ධාර්ථ.


    මාධ්‍යවේදී සිද්ධාර්ථ.


           ආචාර්යතුමා අද ගියා චිත්‍රප්‍රදර්ශනයක් බලන්න,ජා-ඇල පැත්තේ."පැරඩයිස් ඔෆ් විස්ඩම්" තමයි ඒ කලා ආයතනයේ නම.හැබැයි ඉතිං මම දැන් මේ කියන්න යන්නේ ඒ ප්‍රදර්ශනය ගැන නම් නෙමෙයි.ඒ ගැන කියන්නම් ඊළඟ ලිපියෙන්.ප්‍රද්‍රශනයෙදි ආචාර්යතුමාට මුණගැහුනා බොහොම සුන්දර මිනිසෙකුව.හිතල බලන්න සුන්දර සිතුවම් අතර සුන්දර වගේ ම ධාර්මික හදවතක් තියෙන මනුස්සයෙකු මුණගැසුනහ ම තියන සතුට ගැන.

ඉතිං ආචාර්යතුමාට එතුමා හොඳ කට ගැස්ම.වැඩකට ඇති දෙයක් කතා කරන්න ලැබීම අනවශ්‍ය නිශ්ශබ්දතාවයට වඩා හොඳයි කියනවනෙ.ඔහු ප්‍රසිද්ධ නාලිකාවක සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්.මම කවුද ඔහු කවුද කියල අඳුන ගත්තෙත් අද ම යි.ක්‍රමයෙන් සුහද කතාබහ අස්සෙ ඔහුගෙ මාධ්‍ය ජීවිතේ ගැන කතා කරන්න ගත්ත ගමන්  ඔහුගෙ මුහුණ එක් වරම මහත් කලකිරුණු ස්වභාවයකට හැරුණා.ආචාර්යතුමා අන්න ඔහුගෙන් තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජීවිතයේ අවාසනාවන්ත ඇත්ත කතාව ගැන දැන ගත්තෙ.

හැබැයි මම දැන් ඒ කතාවත් නෙමෙයි කියන්න හදන්නෙ.ඒ මාධ්‍යවේදියගේ මතක මන්දිරයේ සංචාරයක් යන්න ආචාර්යතුමාට හැකි වුනා.කොටින් ම ඔහු ආචාර්යතුමා සමඟ ඔහුගේ පුද්ගලික ජීවිතයෙන් පෙත්තක් බෙදාහදා ගත්තා.


2018.10.18 paradise of wisdom, kanuwana, jaela.
(selfi.)
මාධ්‍යවේදියා : - සර් මම මේ රස්සාව කළාට මම හරි වෙනස් ම මිනිහෙක්.මම    බෞද්ධයෙක්.නමට එහෙම නෙමෙයි.උප්පැන්නෙ තියන නිසාත් නෙමෙයි.මම ගිහියෙක් වශයෙන් හිටියට බණ කියනව.මම ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනව.මම මේ විදියට ආගමික අංශයට යොමු වුනේ ඇත්තට ම ප්‍රේම සම්බන්ධතාවයක් නිසා.එයාගෙ නම xxxxx (ඔයාලා කැමති නමක් දාගන්න.මම නම ප්‍රසිද්ධ කරන්න අවසර ගත්තෙ නෑ.)එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ.ලොකු දරුවොත් ඉන්නව.ඒත් අපි අතර හිතවත්කම් තාම තියනව.

ආචාර්යතුමා : - ඉතිං පැවිදි වෙන්න හිතුනෙ නැද්ද?

මාධ්‍යවේදියා : -හිතුනා.ඒත් සර් පැවිදි වෙන්න ඕනෙ ජීවිතේ නියම අනිත්‍ය ධර්මතාවය තේරුම් අරගෙන.මට ඒ තරම් ජීවිතේ ගැන කලකිරුණේ නෑ.අනික ලව් එක කැඩුන කියල ඇතිවෙච්ච හිතේ අවුලකට පැවිදි වෙනවානම් ඒක ලොකු ආත්ම වංචාවක් නෙ.අනික් අතට පැවිද්දා කියන්නෙ පංචඉන්ද්‍රීයෙ ආශාවන් අතහැරපු කෙනෙක්.අපේ රටේ කෝ සර්  පැවිදි වෙන්න සුදුසු ආරාම හරි ආරණ්‍ය සේනාසන හරි.දැන් හමුදුරුගොල්ල බොහෝමයක් පස්කම් සැපේ ම නෙ ඉන්නේ. 

ආචාර්යතුමා : - පන්සලක බණක් කියන්න ආරාධනා කළොත් එනවා ද?

මාධ්‍යවේදියා : - නොවරදවාම එනවා.

සාකච්ඡාව එතැනින් අවසන් වූයේ නැත.එහෙත් මා හට මෙය ලිවීම සඳහා ලැබී තිබෙන කාලය ප්‍රමාණවත් නොමැති නිසා ලිපිය මතුසම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් නවතිනවා.

සුභ දවසක් වේවා!

ආචාර්යතුමා

No comments:

Post a Comment