Tuesday 9 October 2018

                                                             
                                 
                          කුරාණය කියවමු.

සිංහල ජනතාව වන අපට බුද්ධධර්මය, ක්‍රිස්තියානිධර්මය, පිළිබඳව යම් තරමක් දුරට හෝ අවබෝධයක් තිබේ.එහෙත් සිතාබලන්න.මුස්ලිම්ධර්මය පිළිබඳව අපට ඇත්තේ කුමන ආකාරයක දැනුමක් ද? මෙම දැනුම ලබාගැනීම අපට වටින්නේය.කුමක් නිසා ද, අප රට තුළත් ලොව රටවල් අතරත් ආගමික වශයෙන් විවිධාකාර මත ගැටුම් පවතී.අනාවබෝධය යන කාරණාව ඊට බලපා ඇත්තේය.

මෙකී අනාවබෝධයෙන් ප්‍රයෝජන ගන්නෝ කවුරුන් ද? එය භාවිත කර වාසි සලසා ගනිමින් මිනිස් සංහතියට නිගාකරන්නා වූ සියල්ලෝය.මුසල්මානුවා යනු ම්ලේච්ඡ ආගමක් අදන්හන්නෙක් ය යන මතය අප සමාජය තුළ මුල් බැස ඇත.එහෙත් එහි සත්‍යාසත්‍යතාවය මෙතෙක් කල් අප විමසූයේ කෙසේ ද? එකිනෙකාගේ ප්‍රකාශ මත පිහිටා නොවේද අප සියලු තීරණ ගනු ලැබුයේ?

එහෙත් අපගේ විවේචන, එසේ නොවිය යුතුය.අප විසින් ම කරනු ලැබූ අධ්‍යනයකින් අනතුරුව එසේ විවේචන එල්ල කළ යුත්තේය.එහෙත් ඒවා ද හිත් රිදවීමට නොව, අඳුරෙන් ආලෝකයට යෑම සඳහා ය.සැබෑ ලෙස ම ආගමික සහජීවනයකින් යුක්තව ජීවත් වීමට නම්, අපට ඒ ඒ දහම පිළිබඳ ව අවබෝධය අවශ්‍යතාවයකී.

නොඑසේනම් එකිනෙකා දෙස වපර ඇසින් බලමින්, අලුයට ගිනිපුපුරු සඟවාගෙන විවිධ අවස්ථාවල දී කළකෝලහාල කරගැනීමට සූදානම් ව සිටිය යුතුය.මා විසින් මෙම වෑයම ගනු ලබන්නේ ආගමික සහජීවනයෙන් යුතු රටක ජීවත් වීමට අප සියලුදෙනාට ම හැකි වේවා යන උතුම් චේතනාව පෙරදැරි කරගෙන මිස වෙනත් අරමුණකින් නොවන බව කරුණාවෙන් සලකන්න.

මේ සඳහා මා විසින් අල්-කුරාණයේ සිංහල අනුවාදය අමුණනු ලබන්නේය.කියවා අවබෝධ කරගැනීම ඔබේ වගකීමක් වන අතර එය ඔබේ  අවධානයට යොමු කර වීම මගේ වගකීමක් යැයි මම සිතමී.

























ඉතිරි කොටස් මේ සම්බඳ ඊළඟ ලිපිය හා බැඳේ.




ආචාර්යතුමා





No comments:

Post a Comment