Friday 5 February 2021

බස උපන් සැටි සකි



ලෝකයේ විවිධ මානව කණ්ඩායම් විවිධ වූ භාෂාවන් නිර්මාණය කර ඇති අතර භාෂාව නිර්මාණය වීම පිළිබදව පළවන ප්‍රධාන මත 02 කි.

• නිර්මාණවාදී මතය

• පරිණාමවාදී මතය

නිර්මාණවාදී මතය

යම් යම් ආගමික මතවාදයන් පදනම් කරගැනීම හා ගුප්ත බලවේගයන්ට අනුව භාෂාවේ ප්‍රභවය පිළිබදව විවරනය කිරීම නිර්මාණවාදී මතයයි. 

උදා - හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ සංස්කෘතිය,භාෂාව දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් බවයි. එය ලෝකයේ ප්‍රධාන භාෂාව ලෙස ඔවුන් විවරණය කරනු ලබයි. 

 එසේම කතෝලික බැතිමතුන් විශ්වාස කරන්නේ හීබෘ භාෂාව ලෝකයේ මුල් භාෂාවක් බවයි. 

 බෞද්ධයන් විශ්වාස කරන්නේ මගධ භාෂාව නැතිනම් පාලි භාෂාව ලොකයේ මුල්ම භාෂාව බවයි. 

පරිණාමවාදී මතය

පරිණාමවාදී මත යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ මානසික හා ශාරීරික වර්ධනය අනුව භාෂාව සකස්වීම සිදුවූ බව විවරණය කිරීමයි. පරිසරයේ ඇති වූ බලපෑම් මෙන්ම ශාරීරික හා මානසික වර්ධනයන් ගේ හේතු පරිනාමවාදී මත වල දී ඉදිරිපත් කරනු ලබයි. මේ සදහා දැක්විය හැකි මත කිහිපයක් තිබේ.

මැක්ස් මුලර් නම් පඬිවරයා විසින් ඉදිරිපත් කරන ලද විවරණයයන් කිහිපයක් තිබේ

• බව් බව් න්‍යාය

• ඩින් ඩොන් න්‍යාය

• පුහ් පුහ් න්‍යාය

• යේ හේ හෝ න්‍යාය

👉 බව් බව් න්‍යායයෙන් ප්‍රකාශවන්නේ මිනිසා විවිධ සතුන් ගේ ශබ්ද අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස භාෂා උච්චාරණයට පෙළබුණු බවයි. 

👉 ඩින් ඩොන් න්‍යායෙන් ප්‍රකාශවන්නේ අවට පරිසරයේ පවතින ශබ්ද අනුකරණය කිරීමෙන් භාෂාව ප්‍රබවය වූ බවයි. 

උදා: ගස් එකට ගැටෙන හඩ,ගොරවන හඩ වැනි දේ

👉 පුහ් පුහ් න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ කායික හා මානසික සැපදුක් අනුව ඇති වූ ශබ්ද භාෂා උච්චාරණයට හේතු වූ බවයි. 

උදා: සතුටේ දී දක්වන සිනහව, දුකේ දී ඇඩීම, කයට දමන දහඩිය වියළීම සඳහා කටින් හුළං පිඹීම හා වෙනත් ශාරීරික ස්වරූපයන් අනුව ඇතිවූ ශබ්ද රාවයන් මේ සදහා මුල් වූ බවයි.

👉 යේ හේ හෝ න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ සාමූහිකව මිනිසා යම් යම් කටයුතුවල නියුක්ත වීමේ දී නගන ලද ශබ්ද රාවයන් අනුව භාෂාව සකස් කර ගැනීමයි. 

උදා: සතුන්ගේ ශබ්ද, පාරිසරික ශබ්ද,හාරීරික ශබ්ද,සාමූහික කටයුතු වලදී නගන ලද ශබ්ද භාෂාවේ ප්‍රභවය සදහා හේතු වූ බවයි.

No comments:

Post a Comment