Friday 5 February 2021

පර්යාලෝකය



පර්යාලෝකය යනු අප ඉදිරියේ ඇති දර්ශනය අප දකින ආකාරයයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.  එය සදහා දෘෂ්ටිකෝණය, දැක්ම, දෘෂ්ටිය, ආකල්පය, කෝණය, විමසුම, රේඛීය ඉදිරිදර්ශනය, දර්ශනය, පරිදර්ශනය, සන්දර්භය සහ අපේක්ෂාව වැනි ඉදිරි දර්ශන වැනි පද ද අපට යොදා ගත හැකිය.

උදාහරණයක් ලෙස සෙල්ලම්බඩු දරුවන්ගේ මනස දූෂණය කරන්නේයැයි ඔබ සිතන්නේනම් සෙල්ලම් බඩු අලෙවි සාප්පුවක් ද නපුරු ස්ථානයකි. මෙය සරල උදාහරණයක් පමණි.

පරියාලෝකය සාදා ගන්නේ අපගේ ඥාණ ව්‍යුහයන් ඇසුරිණි. මෙම ඥාණ ව්‍යුහයන් සාදා ගැනීම සදහා ආධාරවන උපකරණ හෝ මෙවලම් නම් ඒ සදහා අප මෙහෙයවන කැමැත්තක් හෝ ලැදියාවක් අවශ්‍යය. එම උපකරණ අපගේ කුසලතා හෝ සමත්කම්ය. 

තවත් උදාහරණයක් -  පෘථිවිය පිළිබදව ඉගෙනීමට අවශ්‍යයැයි සිතමු ඒ සදහා අපට නොයෙක් ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. එනම් විශාල ගසකට නැග අවට පරිසරය නරඹා පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි අදහසක් ගත හැක. එමෙන්ම විශාල කුළුණක් ඉහළට නැග පෘථිවිය නිරීක්ෂණය කර පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි පැවසිය හැක. එමෙන්ම විශාල නගරයක සිට නිරීක්ෂණය කිරීමෙන් පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි ඔබට පැවසිය හැකිය.   මෙලෙස විවිධාකාරයෙන්  පෘථිවිය නිරීක්ෂණය කිරීම තුළින් පෘථිවිය සම්බන්ධයෙන් ඔබට  පර්යාලෝකයක් ඔබට සාදා ගත හැක.

මෙම සෑම පර්යාලෝකයක් ම පෘථිවිය පිළිබද එකිනෙකට වෙනස් අදහසක් ඔබට ගෙන එයි.  මේ පිළිබදව නොයෙක් ගැටළු ඇති උවත් එයින් ප්‍රයෝජනයක් නැත.  පෘථිවිය පිළිබද පැහැදිලි චිත්‍රයක් සාදා ගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ එවැනි නිරීක්ෂණ රාශියක් සිදුකර පෘථිවිය සම්බන්ධව ඔබගේ පර්යාලෝකයන් පළල් කර ගැනීමයි.

No comments:

Post a Comment