Monday, 21 January 2019

අමාවතුර හා අංගුලිමාල දමනය


ආචාර්යතුමා ලියන බ්ලොග් පිටුව බලපු සාමාන්‍යපෙළ පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් ඊතලයක් එවලා පුංචි ඉල්ලීමක් කරලා තිබුනා…
එම ඉල්ලීම වෙනුවෙන් කාර්යබහුල ජීවිතෙන් ටික වේලාවක් අරගෙන ඔන්න දැම්මා…

අමාවතුර හා අංගුලිමාල දමනය
     
බුදුරජාණන් වහන්සේගේ ‘පුරිස දම්ම් සාරථි’ ගුණය මුල් කොට ගෙන ගුරුළුගෝමි නම් පඬිවරයා අමාවතුර රචනා කොට ඇත. ගුරුළුගෝමි පඬිතුමන් විසූ යුගය නිශ්චිත වශයෙන් ම සඳහන් ව නැතත්, විවිධ විද්වත් මතවලට අනුව ඔහු සිටි යුගය පොළොන්නරු රාජ්‍ය කාලයට අයත් වන බව පිළිගැනේ. 

මෙහි අන්තර්ගත පරිච්ෙඡ්ද ගණන දහඅටකි. ඉන් පළමු පරිච්ෙඡ්ද තුන වන දුර්දාන්ත  දමනය, ස්වසන්තාන දමනය හා පරසන්තාන දමනය යන්නෙහි වස්තු නිර්දේශයේ දැක්වෙන පරිදි බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පිරූ අවස්ථා දැක්වෙන ජාතක කතාවන්ගෙන් ආරම්භ කොට බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර පිළිගැනීම දක්වා වූ කතා, ප‍්‍රකාශ වේ. හතරවන පරිච්ෙඡ්දයේ එන ගෘහපති දමනයේ දී නැවතත් වස්තු නිර්දේශයක් ඉදිරිපත් කරමින් ‘පුරිස දම්ම සාරථි’ ගුණය විස්තර කරයි.

එ් අනුව උපාලි ගෘහපතියාත්, කූටදත්ත බමුණාත්, අජාසත් රජුත්, අංගුලිමාලත්, සභිය පරිබ‍්‍රාජකයාත්, සච්චක බමුණාත්, පාඨික පුත‍්‍ර දිගම්බර ජෛනයාත්, සච්ච බද්ධක ජටිලයාත්, බාවරික තවුසත්, ශාක්‍ය භික්‍ෂුවත්, නන්දෝපනන්ද නාගරාජයාත්, නාලාගිරි ඇත් රජුත්, ආලවක යක්ෂයාත්, රාහු අසුරින්ද්‍රයාත්, බක නම් බඹහුත් දමනය කළ ආකාරය අමාවතුරෙහි දැක්වේ. මෙහි එන ‘නාග දමනය’ නම් වූ දාහතර වන පරිච්ෙඡ්දයේ පමණක් කොටස් දෙකක් යටතේ දමන දෙකක් දක්වයි. එ් නාග ශබ්දයෙන් ප‍්‍රකාශ වන නාගරාජයකු දමනය කිරීමත්, නාග ශබ්දයෙන් ම ප‍්‍රකාශ වන ඇතකු දමනය කිරීමත් ය.

අමාවතුර රචනා කිරීමෙහි කතුවරයාගේ බලාපොරොත්තුව කුමක්ද යන්න "නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ" යන ප‍්‍රකාශයෙන් තහවුරු වේ. එනම් පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් (සිංහල භාෂාවෙන්) මෙම කෘතිය සම්පාදනය කොට ඇති බව පැහැදිලි වේ. අමාවතුර ග‍්‍රන්ථයෙහි භාෂාව පිළිබඳව විමසීමේ දී පැරණි සිංහල භාෂාව ද බෙහෙවින් ම උපයෝගි කර ගෙන ඇති බව පෙනේ. සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය මෙයයි.

අමාවතුර ග‍්‍රන්ථයෙහි හත්වැනි පරිච්ඡේදයේ ඇතුළත් වන්නේ අඟුල්මල් දමනය යි. අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යෑම දක්වා කතාව එහි අන්තර්ගත වේ.

Thursday, 27 December 2018

භාෂාව මෙසේය


ලොව භාවිත වන භාෂා විශාල සංඛ්යාවක්තිබේ. විවිධ ජාතීහු විවිධ භාෂා භාවිත කරති. අතර සිංහල භාෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලොව භාවිත වන සහ භාවිත වුණු භාෂා ප්රධාන වශයෙන් වර්ග හතරකට බෙදා වර්ග කළ හැක.

ජීව භාෂා (ස්වාභාවික භාෂා)
සම්භාව්‍ය භාෂා
කෘත්‍රීම භාෂා
මළ භාෂා

මෙහි ජීව නැතිනම් ස්වාභාවික භාෂා යනු වර්තමානයේ භාවිතාවේ පවතින සියලු භාෂාය. අද ලෝකයෙහි භාවිත වන මානව භාෂාවල ගණන හත් දහස ඉක්මවා පවතී. ලෝකය පුරා නොයෙක්සමාජවල උදේ සවස භාවිත වන මේ භාෂා 'ජීව භාෂා' යනුවෙන් හැඳින්වේ. ජීව භාෂාවක ලක්ෂණ දෙකකි. පළමුවැන්න එය අදහස්පළකිරීම පිණිස කිසියම් සමාජයක උදේ සවස භාවිත වීමයි. දෙවැන්න, එය ජීවියෙකු මෙන් මොහොතින් මොහොත වෙනස්වීමයි. සිංහලය මේ ජීව භාෂා අතුරින් එකකි. ඉංග්රීසි, ඉතාලි,ප්‍රං, ලතින් වැනි භාෂා අද සන්නිවේදනයේදී උපකාරී වේ. එම සියලු භාවිතාවේ පවතින භාෂා ස්වාභාවික භාෂා වේ.

සම්භාව් භාෂා යනු යම් විශේෂිත අවස්ථාවකදී පමණක්භාවිත වන භාෂාය. උදාහරණයක්ලෙස අපි කථනයේදී සිංහල භාවිත කරන්නෙමු. නමුත් වන්දනා මාන වලදී පාලි භාෂාව භාවිත කරන්නෙමු. මෙම අවස්ථාවේදී පාලි සම්භාව් භාෂාවකි. මුස්ලිම් ජනතාව කථනයේදී භාවිත කරන්නේ දෙමළ භාෂාවය. නමුත් ආගමික කටයුතුවලදී පල්ලි යාච්ඤාවේදී භාවිත කරන්නේ අරාබි භාෂාවයි. මෙහිදී අරාබි බස සම්භාව් භාෂාවකි.

කෘත්රිම භාෂා යනු යම් යන්ත් සූත්රයක්ක්රියාත්මක කිරීම සඳහා භාවිත වන්නාවූ භාෂායි. උදාහරණයක්‌ ලෙස පරිගණක මෘදුකාංග භාෂා වන Java. Pascal, Visual Basic, C++ වැනි භාෂාවන් භාවිත කරන්නේ පරිගණකයේ මෘදුකාංග කටයුතු සඳහා පමණි. මෙය භාෂා කෘත්රිම භාෂාවේ.

මළ භාෂා යනු කලක්භාවිතාවේ පැවැති නුමුත් අද භාවිතා වේ නොපවතින භාෂාය. අතීතයේ අපේ මුතුන් මිත්තන් භාවිත කළ භාෂා, තොටගමුවේ රාහුල හිමියන් භාවිත කළ භාෂා වර්ග 6 ක්තිබූ බව ඉතිහායෙන් වාර්තා වේ.(සංස්කෘත, ප්‍රාකෘත,මාගාධී,පෛශාවී,ශෞරසේනී,අපභ්‍රංස)

භාවිතාවන භාෂා සහ උප භාෂා
  • සිංහල භාෂාව
ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව, නැගෙනහිර නොවන මරක්කල ජනතාව, වැදි ජනතාව මැලේ ජනතාව සහ චීන සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
·         දකුණේ සිංහල උප භාෂාව
·         උඩරට සිංහල උප භාෂාව
·         වැදි උප භාෂාව
·         රජරට උප භාෂාව
  • දෙමළ භාෂාව
ප්‍රධාන වශයෙන් දෙමළ සහ මරක්කල ජනතාව විසින් භාවිතා කරයි
·         යාපනේ දෙමළ උප භාෂාව
·         වතුකර දෙමළ උප භාෂාව
·         නැගෙනහිර මරක්කල උප භාෂාව
  • මැලේ භාෂාව
ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
  • ඉංග්‍රීසි භාෂාව (බ්රිතාන් ඉංග්‍රීසි උප භාෂාව)
  • මලයාලි භාෂාව
ප්‍රධාන වශයෙන් අහිකුණ්ඨීක ජනතාව විසින් භාවිතා කරයි
  • ප්‍රිකානු භාෂාව
සිරම්බිඅඩි ප්‍රදේශයේ ප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාවයි මහ සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘති දක්නට ලැබේ.

"උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතර එයින් පැහැදිලි වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම යි."

පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්යාලයන්හි උප භාෂාව තුල පොදුවේ ව්යවහාර වන වචන.
  • උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා
  • උප කුලපතිනි - ලොකු අම්මා
  • දේශකයා - ලෙචා
  • කණිෂ්ඨ සිසුවා - ජුන්නා
  • පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක
  • තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී
  • බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා
  • ගිරවා දැමීම - කටපාඩම් කිරීම.
  • කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක් සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම
  •         ලටෙක් - පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා
මෙහි දැක්වෙන ඇතැම් යෙදුම් සඳහා විවිධ විශ්වවිද්‍යාලයවල භාවිතා වන ඇතැම් පර්යාය පද මෙන් ම ඇතැම් හැඳින්වීම් මීට හාත්පසින් ම වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.


භාෂණය : ලේඛනය


මිනිසා දෙයාකාරයකින් සිය අදහස්පළ කරයි. පළමුවැන්න, කටහඬ යොදා කතා කිරීමෙන් . එය හැඳින්වීමට 'භාෂණය' යන පදය යෙදේ. දෙවැන්න, අකුරු යොදා ලිවීමෙන් . එය හැඳින්වීමට 'ලේඛනය' යන පදය යෙදේ. සමහර භාෂා යෙදෙන්නේ කතා කිරීමට පමණකි. එහි ඇත්තේ භාෂණය පමණකැයි කිව හැකිය. ලේඛනයක්නැති භාෂා සිය ගණනක්අද ව්යවහාරයෙහි යෙදේ

කථික භාෂාව : ලිඛි භාෂාව

භාෂණය හා ලේඛනය හැඳින්වීමට තවත් පද දෙකක්යෙදේ. භාෂණය හැඳින්වීමට 'කථික භාෂාව' යන්නත් ලේඛනය හැඳින්වීමට 'ලිඛි භාෂාව' යන්නත් යෙදේ. භාෂාව යනු කථි භාෂාව පමණක්විය හැකියි. එසේ නැතහොත් කථි භාෂාවත් ලිඛි භාෂාවත් එක්වීමෙන් සෑදෙන්නක්විය හැකිය. කථි ව්යවහාරය : ග්රන්ථ ව්යවහාරය
භාෂණය හා ලේඛනය හැඳින්වීමට තවත් නම් දෙකක්යෙදේ. භාෂණය හැඳින්වීමට 'කථි ව්යවහාරය' යන්නත් ලේඛනය හැඳින්වීමට 'ග්රන්ථ ව්යවහාරය' යන්නත් යෙදේ. 'ග්රන්ථ' යනු පොත් පත්ය. ලියන්නේ පොත් පත්වල . එබැවින් පොත් පත්වල ලියන බස හැඳින්වීමට 'ග්රන්ථ ව්යවහාරය' යනු හොඳ යෙදුමකි

කට වහර : ගත් වහර

'
ග්රන්ථ' යන්න සංස්කෘත පදයකි. පදය සිංහල කවියට(එනම් පද්‍ය භාෂාවට) නැඟෙන්නේ 'ගත්' යනුවෙනි. එබැවින් 'ග්රන්ථ ව්යවහාරය' යන්න 'ගත් වහර' බවට පත් වේ. එසේ නම් 'කථි ව්යවහාරය' හැඳින්විය යුත්තේ කවර නමකින්ද? කථා ව්යවහාරයට පදනම් වන්නේ කටින් නිකුත් වන ශබ්ද නිසා බස්වහර හැඳින්වීමට 'කට වහර' යන නම සුදුසු

කියන බස : ලියන බස
අදහස්පළ කිරීම පිණිස අප කටයුතු දෙකක්කරන බව දැන් පැහැදිලි . කටයුතු දෙක 'කියනවා' හා 'ලියනවා' යනුවෙන් හැඳින්විය හැකි . කියන දේ පළ කරන්ට යොදා ගන්නේ 'කියන බස යි. ලියන දේ පළ කරන්ට යොදා ගන්නේ 'ලියන බස යි.

කියන බස : දොඩන බස
දකුණු පළාතේ සිංහලයෝ 'කතා කරනවා' යෑයි කීමට 'දොඩනවා' යෑයි කියත්. එබැවින් 'කියන බස්හැඳින්වීමට 'දොඩන බස්යනුත් කියනු ඇසේ. 'දොඩනවා' යන මේ පදය "දොඩවනවා" යන පදයට වඩා වෙනස්. එහි තේරුම හොඳ සිහිය නැතිව විකාර කතා කීම යි. උණ වැඩිවුණු විට සමහරු විකාරයෙන් මෙන් දොඩවන්ට පටන් ගනිති.

භාෂකයා : ලේඛකයා
කතා කරන්නා හෙවත් භාෂණයෙහි යෙදෙන්නා 'භාෂකයා'
ලියන්නා හෙවත් ලේඛනයෙහි යෙදෙන්නා 'ලේඛකයා' .

මෙම ලිපිය ලිවීමට හේතු වූයේ බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

ආචාර්යතුමා

අමාවතුර හා අංගුලිමාල දමනය

ආචාර්යතුමා ලියන බ්ලොග් පිටුව බලපු සාමාන්‍යපෙළ පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් ඊතලයක් එවලා පුංචි ඉල්ලීමක් කරලා තිබුනා… එම ඉල්ලීම වෙනුවෙන් කාර්යබහ...