Friday 7 August 2020

ගුවන්විදුලි භාෂාව

අතීශයින් ප්‍රබල වනමාධ්‍යයක් වන ගුවන්විදුලිය ශබ්දය හෙවත් හඬ ආත්මය කොට ගන්නකී. ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ සන්දේශයක් සමාජ ගත කරන මාධ්‍යකරුවන්, නිර්මාණකරුවන් ගුවන්විදුලියේ දී, මෙම ස්වභාවය පිළිබඳ ව විමසිලිමත් විය යුතුය. 

සෑම මාධ්‍යක ම භාෂාව එයට ආවේණික ගතිලක්ෂණවලින් යුක්ත ය. ඒ අනුව ගුවන් විදුලි මාධ්‍ය භාෂාව ද, ගොඩනැගෙන්නේ ඉහතින් දැක් වූ ශබ්දය හෙවත් හඬ පදනම් කරගත් අනන්‍යතාවක් යටතේය. සිනමාව, රූපවාහිනිය, වැනි මාධ්‍යයන්ගේ නිර්මාණශීලී වැඩසටහන්, වැඩසටහන් පිටපතක් තුළ භාවිත වන්නේ, සීමිත වදන් ප්‍රමාණයකී. එහි රූපය මඟින් පණිවිඩයෙහි වැඩි කොටසක් කියවෙයි. නමුත් ගුවන්විදුලිය ඔස්සේ එවැනි චලන රූප පෙන්වීමට හැකියාවක් නොමැත. පුවත්පතක මෙන් නැවත නැවත ගුවන්විදුලි සන්දේශ පරිශීලනය කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් ගුවන්විදුලි මාධ්‍ය තුළ දෑසින් කියවීමට නොව සවනින් කියවීමට සමත් භාෂාක්‍රමවේදයක් භාවිතයට ගත යුතු වේ. ගුවන්විදුලි මාධ්‍ය සන්දේශයක් ග්‍රාහකගත කිරීමේ දී ගුවන්විදුලි සන්දේශය අන්තර්ගතය විවිධ ශබ්දප්‍රභේදයන් යටතේ පෙළගස්වයි. 

ඒ අනු ව, ගුවන්විදුලි සන්දේශයක් තුළින්, පහත සඳහන් ශබ්ද ස්වභාවයන් හඳුනා ගත හැකිය. 

■ වචන
■ සංගීතය
■ කෘත්‍රිම ව නිපදවා ගත් හඬ
■ නිහඬ බව

නිර්මාණශී ව ගු.වි.මා භාවිත කිරීමේ දී සහ භාෂාව හැසිරවීමේ දී, ඉහත දැක් වූ ශබ්ද ක්‍රමෝපායන් පිළිබඳ ව, අවධානය යොමු කළ යුතුය. එසේ ම, ගු.වි.මා භාෂව භාවිතයේ දී, මූලික ව ගු.වි.මා සතු දුබලතාවන් ප්‍රබලතාවන් පදනම් කොට ගත් මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ ආකෘතිකමය ක්‍රියාකාරී ස්වභාවයන් පිළිබඳ ව, අවධානය යොමු කළ යුතු වේ. ස්වභාවයෙන් ම ගු. වි සැලකෙන්නේ ක්ෂණික සහ සෘජුමාධ්‍යක් වශයෙනී. මොහොතකින් එක විට විශාල ශ්‍රාවක සමූහයක් සෘජු ලෙස ඇමතීමේ හැකියාව ගු. වි සතුය. එමෙන් ම, ශ්‍රාවකයාගේ පරිකල්පනය පුළුල් කරවීමේ හැකියාව ගු. වි සතු වේ. මැනවින් චිත්තරූප මවමින් ඕනෑ ම අවස්ථාවක් ගු.වි බස භාවිතාව ඔස්සේ සමාජගත කළ හැකිය. 

ගු.වි ජංගම සේවා මාධ්‍යකී. ඕනෑ ම අයෙකුට පහසුවෙන් හැසිරවීමටත් එහා මෙහා ගෙනයාමටත් හැකිය. ගු.වි සතු ප්‍රබලතාවයන් මෙසේ එන විට එය සතු දුබලතා කීපයක් ද පවතී. ප්‍රධාන ම දුර්වලතාව වන්නේ ගු.වි ශ්‍රවණභංගුරත්වයයි. (ක්ෂණයෙන් ඇසී නෑසී යයි) එබැවින් ඕනෑ ම සන්දේශයක් ඇසී නෑසී යාමට පුළුවනී. ඇතැම්විට මෙය ගැටළුවක් බවට ද පත්වේ. 

අනෙක් දුර්වලතාව වන්නේ ගු.වි දුරස්ථ සහ ආගන්තුක මාධ්‍යක් වීම යි. මෙම දුරස්ථ බව හා ආගන්තුක බව ශ්‍රාවකයා ගු.වි ඈත් කර තැබීමට සමත් වේ. එවිට ගු.වි ඔස්සේ ගෙන එන සන්දේශයන් පිළිබඳ ව විශ්වසනීයත්වය පළුදු කරගැනීමට ශ්‍රාවකයාට සිදු වේ.

 මෙපරිද්දෙන් ගු.වි සතු සියලු ම ස්වභාවයන් පිළිබඳ ව ගු.වි භාෂා භාවිතයේ දී අතීශයින් ඈත්කර තැබීම නොව සමීප කර ගැනීමේ අරමුණෙන් සිදු කළ යුතුය.

මී ළඟ ලිපිය ගුවන්විදුලි ආකෘති පිළිබඳ ව ය.


No comments:

Post a Comment