Saturday 5 December 2020

සංස්කෘතිය


culture


සංස්කෘතිය යන සංකල්පය සමාජ විද්‍යාව තුළ මෙන්ම මානව විද්‍යාව තුළ ද ඉහළ වටිනා කමක් උසුලන හා සාකච්චාවට ලක් වෙන වැදගත් සංකල්පයක් ලෙස හැදින්විය හැකිය.



සෑම සමාජයකටම ආවේනික වූත් අනන්‍ය‍ වූත් සංස්කෘතියක් ඇති අතර එය අවියෝජනීය සාධකයක් වේ.

      උදා.. 1. ප්‍රාථමික සමාජ
               2. ගැමි සමාජ
               3. නාගරික සමාජ 


මිනිසා සමාජීය සත්වයෙකු වන අතර සෑම මිනිසෙකුම තම සංස්කෘතිය නියෝජනය කරනු ලබන නියෝජිතයෙකු ලෙස සැළකේ.

මිනිසාට සංස්කෘතිය විශ්වීය වටිනාකින් යුතු ප්රපංචයක් වන අතර එය මිනිසාත් තිරිසන් සතුන් අතරත් ඇති පරතරය පෙන්වා දෙන සාධකයකි. එබැවින් '' මිනිසා සංස්කෘතික පරිසරයක් තුළ ඉපදී හැදීවැඩී මිය යන සත්වයෙක් ලෙස හැදින්විය හැකිය.''


"මානව විද්‍යාවේ පියා" ලෙස හදුන්වන ඉංගර්සි ජාතික  එඩ්වඩ් ටේලර් විසින් 1873 දී සංස්කෘතිය යන්න නිර්වචනය කරනලද්දේ "මානව සමාජයන් අතර ඇති වෙනස්කම්" ලෙසයි. එඩ්වඩ් ටේලර්ගේ නිර්වචනයට අනුව "සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, ඇදහිලි, කලාව, නීතිය, ආචාරධර්ම, සිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබ‍ඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි".  මෙම සියලු උපාංග මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ඉතිහාසය පුරාවට නොනවතින  ක්‍රියාදාමයක් තුළ නිරන්තර සංවර්ධනයට ලක්වූ ඒවා වේ.


මේ අනුව සංස්කෘතිය සංකීර්ණ ප්‍රපංචයක් ලෙස හැදින් විය හැකිය.එබැවින් එය කොටස් වශයෙන් අධ්‍යනය කළ නොහැකි අතර සමස්ථයක් ලෙස අධ්‍යනය කළ යුතු වේ.
  
තවද සංස්කෘතිය විසින් මානව හැසිරීම් සදහා මග පෙන්වන අතර  එය හුදෙක් නිරන්තරයෙන් පුරුදු පුහුණු කරන ලද චර්යාවිධි සමුදායක් ලෙස හැදින් විය හැකිය.

මිනිසා සමාජීය සත්වයෙකු ලෙස හිමිකර ගෙන ඇති දැනුම හා අනෙකුත් දක්ෂතාවයන් හා හුරුපුරුදු යන සියල්ල ඔහු විසින් අයත් කරගෙන ඇත්තේ සමාජානුයෝජන ක්‍රියාවලියේ ප්‍රථිපලයක්  ලෙස සංස්කෘතියෙනි.ඒ අනුව සංස්කෘතිය සමාජ උරුමයක් ලෙසද හැදින් විය හැකිය.  

No comments:

Post a Comment