Monday, 29 October 2018

සන්ධි අභ්‍යාස


                                                                              2018 . 10 . 29 දින දී ය.

















ආචාර්යතුමා


Friday, 26 October 2018

උපසර්ග


ආචාර්යතුමාට ඉගෙන ගන්න සිසු දරුවන් ගැන හිත උණු වුණා.අන්න ඒ නිසා ඒ අයගේ යහපතට සිංහල ව්‍යාකරණ පාඩමක් සකස් කරන්න තීරණය කළා.




                   
             උපසර්ග

‘උපසර්ග’ යනු, වචනාර්ථයෙන් ගත් කළ 'ඟට යෙදීම’ යන්නයි.එහෙත් මෙම යෙදීම සිදුවන්නේ පදයක ආරම්භයට ම පමණී.එබැවින් විද්වත්හු මෙය පූර්වසර්ග’ යනුවෙන් හඳුන්වතී.මේවා තවත් පද සමඟ යෙදීමෙන් හැර තනිව යෙදීමෙන් අර්ථයක් ප්‍රකාශ කළ නොහැක.එබැවින් මේවා අව්‍යපද වර්ගයට අයත් වේ.

උපසර්ගයකට කළ හැකි දේවල්.

01.වචනයක මුලට යෙදී, එම වචනයේ අගය වැඩි කළ හැක.
 

    උදා   01 පිරිසිඳු     02 බල      03 මන්ත‍්‍රණය
             සු+පිරිසිඳු     ප‍්‍ර+බල      සම්+මන්ත‍්‍රණය     

             04 ගඳ          05 රමණය  06 උපාධිය

           
            …………..      …………..    …………….
               
02.වචනයක මුලට යෙදී, එම වචනයේ අගය අඩු කළ හැක.

    
        උදා:   01 පිරිසිඳු      02 බල      03 මන්ත‍්‍රණය
                    අ+පිරිසිඳු       දු+බල       කු+මන්ත‍්‍රණය
       
                  04 ගඳ         05 රමණය   06 ශීල 


                 ………….     ……………   …………..
          
03.වචනයක මුලට යෙදී, එම වචනයේ අර්ථය මුළුමනින් ම වෙනස් කළ හැක.

   
        උදා:   01 බඳ              02 මඟ            03 හද
                     ස+බඳ            උ+මඟ            සු+හද

          
                  04 මන             05 තුර            06 සීත
                      වි+මන          උ+තුර           කු+සීත


    සිදත් සඟරාවේ උපසර්ග පද 20කී.

   
         ප/පර/අව/ස/අනු/නි/දු/වි/අ/අදි/සු/
       උ/අබි/පිරි/උප/අප/පස්/පිළි/අති/පි


■ කුමාරතුංග මුනිදාස සූරීන් විසින් හඳුන්වාදුන් උපසර්ග         03කී.
        
     ඉ/ඔ/කු

 මීටත් අමතරව පාලි සහ සංස්කෘත භාෂාවලින් අප භාෂාවට ඇති වූ බලපෑම නිසා බිහි වූ උපසර්ග ද තිබේ.
       
       ප්‍ර/පරා/ප්‍රති/සම්/සං/සන්/සත්/සද්/සහ/
       අධි/නිර්/නිශ්/නිෂ්/නිස්/දුර්/දුශ්/දුෂ්/දුස්/
       අභි/පශ්චාත්/අන්/උව/උත්/උද්/ස්වයං


වචනයක උපසර්ගයක් යෙදී තිබේදැ’යි සොයා ගන්නා ආකාරය.

 දී ඇති වචනයේ උපසර්ගය යැයි සිතෙන පදය එම වචනයෙන් වෙන් කර ගන්න.එසේ ඉවත් කර ගත් පසු,

1- ඉවත් කර ගත් පදය උපසර්ග ගොනුවේ තිබිය යුතුය.
 

11. අනෙක් පදයේ අර්ථයක් තිබිය යුතුය.
   
 උදා: අනුස්මරණ  » අනු + ස්මරණ
          සුරම්‍ය           » සු + රම්‍ය
         උත්පාදනය   » උත් + පාදනය
         නිරාමිස         » නිර් + ආමිස
         අනුත්සාහික » අන් + උත්සාහික


 වචනයකට උපසර්ග එකකට වඩා යෙදෙන අවස්ථා  ද තිබේ.
         
        උදා: අති+සං+වේදී
                        අති+වි+ශිෂ්ට
                 සු+නිර්+මල
                 සු+වි+ශේෂී
                 ප්‍රති+සම්+පාදන


අභ්‍යාසය 01.
පහත දැක්වෙන වචන සඳහා සුදුසු පරිදි උපසර්ග පද යොදන්න.

■ චාරය             
■ දර්ශනය
■ පූර්ණ            
■ ස්මරණය
■ මුලින්
■ සත්වයා
■ වාරය
■ කාලය
■ සාර
■ දන 
■  මනා
■  වෘද්ධි
■  ගමන
■  ලක්ෂිත
■  කවියා

අභ්‍යාසය 02

පහත ඡේදයේ ඉරි ඇඳි පද සඳහා සුදුසු උපසර්ග සහිත පද යෝජනා කරන්න.

නිමල් වඩාත් අවුල් මනසින් නිවෙසට පැමිණියේය.වාරයට පෙර අඹ සෑදෙන ගස   දෙස ඔහු බැලුවේය.එවිට ඔහුට තම බිරිඳව නැවත සිහිවිය. මෙම වඩාත් මිහිරි අඹ කෑමට ඈ වඩාත් ම කැමතිය.නිමල් තම උපදින්නට සිටින දරුවා නිසා මේ වන විට සියලු නරක වැඩ අත හැර ඇත.ඔහු පළමු උපාධියට පසු උපාධිය ද අවසන් කළ අයෙකී.ඔහු දැන් මුළුමනින් ම වෙනස් ය.

අභ්‍යාසය 03

පහත දැක්වෙන වචනවල තිබෙන උපසර්ග පද වෙන් කර දක්වන්න.

        
■ සංසර්ගය                                    
■ උපසර්ගය
■ සුවිකාර්ය
■ සුප්‍රකට
■ කුප්‍රකට
■ අනාරාධිත
■ උපාය
■ විරාගය
■ සංනිවේදනය

■ උද්ධමනය

■ උත්තම
■ පිධාන
■ නිර්වාණය
■ නිවර්තනය
■ ප්‍රතිසංවිධාන
■ සම්ප්‍රදාන
■ අභිප්‍රේරණය
■ උවදෙස්
■ විලම්භය
■ දුර්භීක්ෂ


■ නිර්ජරා
■ අතිසුපැහැදිලි
■ සත්සමුදුර
■ පරා’ර්ථ
■ නිශ්ශබ්ද
■ අනර්ථය
■ ප්‍රමුඛ
■ සුජාත
■ අවජාත


■ අභිජාත
■ ස්වයංජාත
■ ස්වයංවින්දනය
■ ස්වයංරැකියාව
■ අත්‍යන්ත
■ නිර්ජල
■ නිර්වින්දනය
■ නිරුදක
■ ප්‍රතිඵල
■ සද්ධර්ම


සැකසුම : ආචාර්යතුමා