Thursday, 9 July 2020

නව මාධ්‍ය




ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලෝකය ගෝලීයකරණයට ලක් විය. තාක්ෂණික විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස නවමාධ්‍ය බිහි විය. අන්තර්ජාලය හා සමාජජාල මාධ්‍ය සන්නිවේදන මාධ්‍ය ස්වරූපවල සියලු ආකෘතික ලක්ෂණ ඉවත් කළේය. වර්තමානයේ වඩාත් ජනප්‍රිය ව ඉදිරියට ගමන් කරනු  දක්නට ලැබෙනුයේ නවමාධ්‍ය යි.

තවත් ලෙසකින් දක්වන්නේ නම් නවමාධ්‍ය යනු, අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත, ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප, වීඩියෝ, හකුළුවා ඒවා ඉතාපහසුවෙන් පිටපත් කර, අඩු පිරිවැයක් යටතේ, ඉතා වේගයෙන් බෙදාහැරිය හැකි මාධ්‍යකී. මෙම දත්ත, හඬ, යනා දී සියල්ල බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැක.
නවමාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහිවූවකී.

 දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ, හා සංඥා මත රැඳී පවතී. රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වන විට රැහැන් රහිත වී ඇති අතර එය අංකිත දුරකථන තාක්‍ෂණය දක්වා වර්ධනය වී ඇත.

අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමඟින් ජාල ගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදු වන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කර ගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සංසරණය හා යුද හමුදා ක්ෂෙත්‍රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස නව මාධ්‍ය බිහි විය.

නව මාධ්‍ය බිහි වීම සඳහා ආර්ථික සමාජ, දේශපාලන, තාක්‍ෂණය ආදි ක්ෂේත්‍රවල වෙනස්කම් බලපා ඇත. ඒ අතර තොරතුරු තාක්‍ෂණයේ වර්ධනය වීම ද ප්‍රධාන වේ.
 
ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www)පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.

විවිධ මාධ්‍ය සමීප වීම සහ එක් වීම එනම් අභිසාරිතාව නව මාධ්‍ය ව්‍යාප්ත වීම කෙරෙහි බලපෑ ප්‍රබල සාධකයකි. මෙය නව සන්නිවේදන තාක්‍ෂණ වර්ධනයේ ප්‍රතිඵලයකි.

නවමාධ්‍ය, ලෝකයේ ක්‍රියාත්මක වන නවතම මාධ්‍ය ස්වරූපය යි. මෙය ජනමාධ්‍යයෙන් පසු ලෝකයේ බිහි වූ මාධ්‍ය ස්වරූපය සඳහා භාවිත කෙරෙන නාමය යි. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය තුළ නිර්මාණය වූ උපකරණ සහ හැකියාව නවමාධ්‍ය ලෙස හඳුන්වයි. අන්තර්ජාලය මෙහි ප්‍රමුඛත ම සාධකය වේ. ඊට CD, DVD, ජංගම ස්මර්ට් දුරකථන, පරිගණක ක්‍රීඩා ආදිය අයත් වේ.

නව මාධ්‍ය ලක්ෂණ

  1. අංකතිකරණය                         (Digitalisation)  
  2. ජාලගතකරණය                      (Networking) 
  3. අන්තර්කිය්‍රාකාරිතව්ය          (Interactive)  
  4. අධිපාඨනයීතව්ය                     (Hypertextuality) 
  5. සව්යංකරණය                          (Automation) 
  6. දත්ත සංචිතකරණය              (Database) 
  7. වේගවත් සන්දේශකරණය    (Fastest massaging)










මෙමඟින් පණිවිඩ හුවමාරු කරගැනීම පහසුය; වේගවත්ය; පහසුය; ලාභදායක වේ.

  •  ප්‍රතිපෝෂණය සිදුවීම.
  • බහුමාධ්‍ය ස්වරූපය.
  • ඕනෑ ම ස්ථානයක සිට සම්බන්ධ විය හැකි වීම. 
  • ඕනෑ ම කෙනෙකුට සම්බන්ධ විය හැකි වීම.
  • තනිපුද්ගලයෙකුගේ සිට පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවකට ආමන්ත්‍රණය කළ හැකි වීම, වැනි සාධක ගණනාවක් හේතුවෙන් නවමාධ්‍ය විශේෂ වේ.

නවමාධ්‍ය ලක්ෂණ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.














Monday, 30 September 2019

කුණ්ඩලකේසීගේ වස්තුව සරල බසින් හැදෑරීම 01කොටස


තව ද නිෂ්ප‍්‍රයෝජන කතාවෙන් ප‍්‍රයෝජන ලවයකුත් නැති නියාව හ`ගවන්නට කුණ්ඩලකේසීගේ වස්තුව දක්වමු.(තව ද ප‍්‍රයෝජනයක් නැති කතාවෙන් ප‍්‍රයෝජන ස්වල්පයකුත් නොමැති බැව් හැ`ගවීමට කුණ්ඩලකේසීගේ කතාව දක්වමු)

රජගහනුවර එක් සොළොස් ඇවිරිදි විතර වූ සිටුදුවණි කෙනෙක් විශිෂ්ට වූ රූප ශෝභාවක් ඇත්තාහ. (රජගහ නගරයේ වයස අවුරුදු දහසයක් පමණ වූ එක් සිටුදුවණි කෙනෙකුන්ට ඉතා ම අගතැම්පත් රූපසුන්දරත්වයක් ඇත. )

ඉතා ප‍්‍රසාදවහයෝය.(බොහෝ සෙයින් සිත් පැහැදීම ඇති කරන්නේය.)

ඒ වයස පිරී සිටි ස්ත්‍රීහු ද යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂයන් කෙරෙහි ලොල් කම ඇත්තෝය.(එම වයස සම්පූර්ණ වූ තරුණියෝ ද තමන්ගේ තරුණ බව නිසා වූ අහංකාරයෙන් පිරිමින් කෙරෙහි ආසා ඇත්තෝය.)

උන්ගේ දෙමව්පියෝ ද උන් මිත්‍යාචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මේයට පාවා දීලා සත්මාල් මාලිගාවේ උඩුමාලේ ශ‍්‍රී යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලූවා සේ ලූහ.(ඇයගේ මවපියා ද ඇයව වැරදි හැසිරීමෙන් වළකාලීම ස`දහා මහල් හතකින් යුත් මාලිගාවේ උඩ තට්ටුවේ සැපසම්පත් සහිත නිදන කාමරයක රූමත් ව උපත ලබා අහංකාර වීම නිසා ද`ඩුවම් සේ සිරගෙයක දැමුවා සේ තැබුවෝය.)

එක් කුළ දරුවෙකු සොරකමක දී අල්වාගෙන පිටිතල හයා බැ`ද ගෙන සැමිටිවලින් මරමරා මිනී මරණ තෙනෙට ගෙනයතී.( එක් කුළ දරුවෙකු සොරකමක දී අල්ලා ගෙන දෑත් පිටිපසට තබා බැ`ද කස හතරකින් ගසමින් මිනිසුන් මරා දමන තැනට ගෙන යතී.)

ඒ සිටුදුවණියෝ ද මහත් වූ කෝලහාල නිසා මේ කිම් දෝ හෝ යි මතුමාලේ සිට බලන්නෝ මරන්ට ගෙන යන තැනැත්තවු දැක ඔහු කෙරෙහි පිළිබ`ද සිත් ඇති ව ඌම පතා බතුත් නොකා යානට නැගී ලා වැද හොත්තෝය.(එම සිටුදියණිය ද විසල් ශබ්දය අසා මේ කුමක් නිසා දැ යි උඩුමහලේ සිට බලන්නී මරන්නට ගෙන යන තැනැත්තා දැක ඔහු පිළිබ`ද ව ඇල්මෙන් යුතු සිතින් ඔහු ව ම ලබා ගැනීමේ උවමනාවෙන් ආහාර නොගෙන ඇ`දට නැගී නිදා සිටියෝය.)

මුසුප්පුව වැද හොත් නියාව මෑණියෝ දැක කුමකට දැ යි විචාරා මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක උන් කෙරෙහි ඇලූම් ඇති වූ නියාවත් උන් ලදොත් මුත් නොලදොත් ජීවත් වීම නියම නැති නියාවත් කී කල් හී පුත`ඩ එසේ සිතන්නේ හැයි ද මුඹ වර්ධන ව සිටියවුන් හෙයින් ගෙයි තබා ගෙන හි`දුමෝ ද ජාතී ආදීන් සරි සාමාන්‍ය තැනකට පාවා දිය හැක්කැයි කිවූය.(දොම්නස් ව සිටි අයුරු මව දැක මක්නිසා දැ යි අසා මරන්නට ගෙන යන පුද්ගලයා දැක ඔහු පිළිබ`ද ව කැමැත්තක් ඇති වූ බවත් ඔහු ව ලැබුනහොත් හැර නොලදොත් ජීවත් නොවන බවත් කී අවස්ථාවේ ඒ අයුරින් සිතන්නේ ඇයි ද ? නුඹ වැඩිහිටි තැනැත්තියක බැවින් ගෙයි තබා ගෙන සිටින්නෝ කවුද ? කුලයෙන් සමාන අයෙකුට විවාහ කර දිය හැකිය යි කීවෝය.)

අපට අනික් කවුරුනුත් නොකැමැත්තේමු. නොලදොත් මියෙමී කිවූය.(අන් අයෙකුට මා නොකැමැතිය.මොහු නොලදොත් මිය යමි යි කීවාය.)

මෑණියෝ නොයෙක් ලෙස කියාත් ගිවිස්වා ගත නොහී පියාණන්ට කිවූය. උයිත් පියා ගිවිස්සා ගත නොහී කළමනා කිම් දෝ හෝ යි සිතා ඒ සොරු මරන්ට ගෙන යන තැනැත්තවුන්ට මසු දහසක් සොරා යවා තෙලෙ හැර ගෙන තුලූ නොමරා අපට එවුව මැනවැයි කියා යවූය.( මව ද විවිධාකාර අයුරින් කියූවත් එක`ග කර ගත නොහැකි ව පියාණන්ට කීවාය. එහෙත් පියාට ද එක`ග කරවා ගත නොහැකි ව ඒ හොරා මැරීමට ගෙන යන අයට මසුරන් දහසක් හොරෙන් දී මෙය ගෙන අර පුද්ගලයාව නොමරා අප වෙතට එවන්න යැ යි කියා පණිවුඩ යැවීය.)