Sunday, 18 July 2021

නව මාධ්‍ය ප්‍රවණතා හා එහි සමාජ බලපෑම


ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ සන්දර්භය තුළ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය ක්‍රමිකව යටපත් වෙමින් නව මාධ්‍ය (Online Journalism) භාවිතය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර නව මාධ්‍ය ප්‍රවාහයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව තිබේ.


විද්‍යුත් සන්නිවේදනය විවිධ ක්‍රම මගින් මානව ලෝකය ඉදිරියට ගෙන යමින් සිටියි. තාක්ෂණය හෙවත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මෙහි මුලද්‍රව්‍ය ලෙස හැඳින්විය හැක. ඒ අනුව අපි සියලු දෙනා විද්‍යුත් පවුලක සාමාජිකයෝ වී සිටිමු. නූතන නව මාධ්‍ය සම්ප්‍රදාය නව මාධ්‍ය භාවිතයේ  සුවිශේෂී ප්‍රවණතාවයක් වන්නේ එහි ඇති සමාජ මාධ්‍ය (social media) පැතිකඩයි.


තාක්ෂණය සන්නිවේදන අවකාශය අතික්‍රමණය කිරීමේ වැදගත්ම පරිවර්තනය වන්නේ මිනිසාගේ කාලයේ හා අවකාශයේ පරිමාව මිනිසාට සුදුසු පරිදි කළමනාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබීමයි. සාම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයා ප්‍රචාරය වන වැඩසටහන ඒ මොහොතේම (On Time) නැරඹිය යුතු හෝ ශ්‍රවණය කළ යුතු හෝ වුවත් නව මාධ්‍ය ප්‍රවණතාවය තුළ ග්‍රාහකයාට තමන්ට පහසු විටක සහ තමන්ට අවශ්‍ය වේලාවක තමන්ට අවශ්‍ය මාධ්‍ය පඨිතය (Media text) පරිශීලනය කිරීමේ හැකියාව ලැබී තිබේ. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ නව මාධ්‍ය ප්‍රවණතා සමාජයට කරන බලපෑම විමසා බැලීම ඉතා වැදගත් වන්නේය.


සම්ප්‍රදායික මාධ්‍ය අතික්‍රමණය කළ නව මාධ්‍යකරණය


මීට දශක කිහිපයකයට පෙර හෝ ඊට පෙර පැවති පූර්ව සාම්ප්‍රදායික මාධ්‍ය පුද්ගල හා සමාජ ජීවිතය ඒකාබද්ධ කිරීමට (Unity) ප්‍රමාණවත් කාර්යභාරයක් කළේය’ පූර්ව සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස සැළකිය හැකි බලිතොවිල් ශාන්තිකර්ම, කෝලම් සොකරි වැනි සන්නිවේදනයන් හි නිර්මාණාත්මක ජීව ගුණය පැවතියා සේම ඒ තුළ පුද්ගල හා සමාජ ජීවිත ඒකරාශී කරන ස්වරූපයක් අන්තර්ගතව තිබුනි. පසුගිය දශක 3 කාලයකට පෙර රූපවාහිනිය මෙන්ම තවත් දශක 5 කට හෝ 6 කට පෙර ගුවන්විදුලි මාධ්‍ය ද පුද්ගල හා සමාජ ජීවිත ඒකරාශී කරන සන්නිවේදන භාවිතයක් ව පැවතිනි. පුද්ගලයන් හා සමාජය අතර අන්තර් ක්‍රියාවන්ට මෙන්ම සමාජානුයෝජනයට මෙන්ම සම්ප්‍රදායික මාධ්‍ය වෙසැසි කාර්යභාරයක් ඉටුකළ බව සන්නිවේදන හා සමාජ විද්‍යා පර්යේශකයන්ගේ මතය වන්නේය.



නමුත් අද එම කාරණා උඩු යටිකුරු කිරීමට නව මාධ්‍ය ප්‍රවණතාවයන් බරපතල ලෙස ඉවහල් වී තිබේ. ඊට මූලිකම හේතුව වී ඇත්තේ කාලය හා අවකාශ්‍ය ග්‍රාහකයාගේ කැමත්ත පරිදි තෝරා ගැනීමට විශාල වපසරියක් නිර්මාණය කර තිබීමයි. සම්ප්‍රදායික මාධ්‍යයන්හි හැඩතලයන් සකස් කරගැනීමට හා ඒවා නව මාධ්‍ය ප්‍රවණතාවයන්ට ක්‍රමිකව අනුගත වීමට නව මාධ්‍යහි මෙම සුවිශේෂි ගුණය ප්‍රබල ලෙස බලපා ඇත. උදාහරණ ලෙස පොදු අර්ථයෙන් රූපවාහිනිය හා ගුවන්විදුලිය සාම්ප්‍රදායික මාධ්‍ය වුවත් (Peo Tv) හරහා තමන්ට අවශ්‍ය වේලාවට තමන් කැමති වැඩසටහන නැරඹීමට ඇති හැකියාව හරහා රූපවාහිනියද දැන් නව මාධ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතී. අන්තර්ජාලය හරහා තමන් කැමති වැඩසටහන තමන්ට අවශ්‍ය වේලාවකදී ශ්‍රවණය කිරීමට ඉඩ පහසුකම් විවර වීමෙන් සාම්ප්‍රදායික මාධ්‍යහි ලා ගැනෙන ගුවන් විදුලියද නව මාධ්‍යයක් ලෙස ගොඩනැගෙමින් පවතී.


නව මාධ්‍යයේ සංස්කෘතික බලපෑම


සාම්ප්‍රදායික මාධ්‍ය තුළ මෙම විප්ලවීය පරිවර්තනයේ පදනම වන්නේ අන්තර්ජාලයයි. අන්තර්ජාලය හරහා සිදුකෙරෙන සන්නිවේදනය සමාජ හා පුද්ගල ජීවිත වල ඇතිකර තිබෙන බලපෑමද සුලුපටු නොවේ. විශේෂයෙන්ම සංස්කෘතික මිනිසා යටපත් වී සංස්කෘතිකත්වය අතික්‍රමණය කළ නව මානව ජීවියෙකු බිහි කිරීමට නව මාධ්‍ය හෙවත් ශාස්ත්‍රාලීය වශයෙන් හඳුන්වන මාර්ගගත ජනමාධ්‍යවේදය (Online Journalism) ඉවහල් වී තිබේ. අතිශය සංකීර්ණ හා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් වූ සාම්ප්‍රදායික සන්නිවේදනයේ සුලභ මාධ්‍ය භාවිතය වන ගුවන්විදුලය හා රූපවාහිනිය වෙනුවට සරළ තාක්ෂණයත් සුගම භාවිතයත් අවම පිරිවැයත් නව මාධ්‍ය ග්‍රාහක ප්‍රජාව අතර ප්‍රචලිත වීමේ මූලික සාදක ලෙස අනාවරණය වී තිබේ.


ඕනෑම අයෙකුට අවම පිරිවැයක් යටතේ තමන් කැමති පණිවුඩයක් අන්තර්ජාලය  භාවිතයෙන් නව මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීමේ හැකියාව දැන් නිර්මාණය වී ඇත’ එය සාම්ප්‍රදායික හා වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ (Traditional And professional Journalist ) භූමිකාවද යටපත් කර ඇත. ඕනෑම අයෙකුට තමන් සතු නව මාධ්‍ය මෙවලම භාවිතයෙන් තම සිතැඟි පරිදි මාධ්‍ය පණිවුඩයක් (Media Massage) සමාජගත කිරීමේ හැකියාව මේ හරහා ලැබී තිබේ. මෙය පුරවැසි මාධ්‍යකරණය (Citizen Journalist) ලෙස හැඳින්විය හැකිය.


මේ සියල්ල හරහා සලකා බැලිය යුතු වැදගත්ම කාර්යය වන්නේ නව මාධ්‍ය ප්‍රවණතාවයන් පුද්ගල හා සමාජ ජීවිත වලට සිදුකර ඇති සංස්කෘතික බලපෑමයි. නියාමනයක් සුපරීක්ෂණයක් නොමැති නව මාධ්‍ය භාවිතාව පුද්ගල ජීවිත වල අනන්‍යතාවයන් හෙලිදරව් කිරිමට මෙන්ම අනන්‍යතාවයන් සැගවීමට තාක්ෂණික හැකියාව ඔස්සේ සමත් වී ඇත. මෙය විවිධ සමාජ ගැටලු කෙරෙහි ද බලපා තිබෙන අතර පුද්ගල අනන්‍යතාව සැඟවීම මෙන්ම ව්‍යාජ අනන්‍යතාවයන් නිර්මාණය කිරීම ඒ හරහා සමාජ සංස්කෘතික සබඳතාවයන්ට බලපෑම් කිරීමද සිදුකර තිබේ. විශේෂයෙන්ම නව මාධ්‍යයේ ජනප්‍රිය ප්‍රවණතාවයක් වන සමාජ මාධ්‍ය ධාරාවක් වන මුහුණු පොත හෙවත් Face Book හරහා ඇතැම් පුද්ගල ජීවිතවලට සිදුකර ඇති බලපෑම සිද්ධි අධ්‍යයනයන්ට මෙන්ම පර්යේෂණ මාතෘකාවක් සඳහා ද වැදගත් ප්‍රස්තුතයක් වී තිබේ. මේ ආකාරයෙන් නව මාධ්‍ය ප්‍රවණතා සහ එහි සමාජ බලපෑම සාකච්ඡාවය බඳුන්කල හැකිය.



නිගමන


■ තාක්ෂණය නව මාධයෙහි මූලිකම ප්‍රපංචය වී ඇති හෙයින් තාක්ෂණය අභිබවා නව තාක්ෂණය මතුවීම එහි සුලභ ගුණයකි. තාක්ෂණය සමාජ සංස්කෘතික කාරණයක් නොවන බැවින් සමාජයට එයින් කරන බලපෑම නිරීක්ෂණය කළ හැකි වුවත් එය පාලනය කිරීම සඳහා හැකියාවක් නොපවතී.


■ තාක්ෂණය දිනෙන් දින වැඩිදියුණු වුවත් ඊට සාපේක්ෂව පුද්ගල හා සමාජ චර්යාවන්ගේ ගතිලක්ෂණ මානවවාදී ස්වරූපයකින් වැඩිදියුණු නොවීම නව මාධ්‍ය හෙවත් මාර්ගගත ජනමාධ්‍යවේදයේ (Online Journalism) ව්‍යපහරණයකට හෙවත් අවභාවිතයකට හේතුප්‍රත්‍ය වී  ඇත




පරිශීලන ග්‍රන්ථ


සන්නිවේදන ප්‍රවණතා - ආරියරත්න ඇතුගල

යතාර්ථය සහ නිර්මාණය - චන්ද්‍රසිරි පල්ලියගුරු

ජනමාධ්‍ය හා සංස්කෘතිය - රාවය ප්‍රකාශනයක්

සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර… 

Saturday, 26 June 2021

HUB ආකෘතිය හැදින්වී

HUB ආකෘතිය තුළ විස්තර කන්නේ ජනමාධ්‍ය තුළින් ග‍්‍රාහකයා වෙත සන්දේශයක් ගමන්කරන ආකාරයි. ඒ බව පියවරින් පියවර පැහැදිලි කොට තිබේ.

සන්නිවේදකයා විසින් නිර්මාණයකරන ලද සන්දේශය පුවත්පතට ගුවන් විදුලිය ට හෝ රූපවාහිනියට ගැලෙපෙන ආකාරයට සංඥා බවට පත් විය යුතුය. පුවත්පතක නම් එය අකුරු බවට පත්වන අතර ගුවන් විදුලියේදි හඩ බවට පත්වේ එව කේත ලෙස හැදින්වේ.

ජනමාධ්‍ය සන්නදේශයක් සකස්වීමේදි එය අනිවාර්්‍යයෙන්ම දොරටුපාලකයන්ගේ
බලපෑමට නතු වේ. සංස්කාරකවරුන් කර්තෘවරුන් උපකර්තෘවරු ඡුායාරූපශිල්පීන් මෙන්ම ආයතන හිමිකරුවන්ද දොරටුපාලයකයන් වේ. ඒ අනුව සන්නිවේදකයා කේතගත කොට සකස් කල සන්දේශය දොරටුපාලකයන්ගේ බලපෑමට නැතිනම් වෙනස් කිරීම්වලට ලක්වේ. ඉන් අනතුරුව අදාළ ජන මාධ්‍යය ඔස්සේ සන්දේශය විසුරුවා හැරේ.

නියාමකයන් යනු සන්දේශය ග‍්‍රාහකගත විමෙන් අනතුරුව බොහෝ විට ජනමාධ්‍ය ආයතනවලින් පරිබාහිරව ක‍්‍රියාත්මකවන්නන් හෝ ආයතනයන්ය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විද්්‍යුත් සන්නිවේදන කටයුතු පිලීබඳ නිත්‍යාණුකූල ආයතනය වන ශ‍්‍රී ලංකා විදුල සන්දේශන නියාමන කොමිෂන් සභාවට අවශ්‍යය තින්¥ හා තීරණ ගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම ජන මාධ්‍ය සන්දේශවලට බලපෑම් එල්ලකල හැකි විවිධ රෙගුලාසි අණපනත් මෙන්ම කොමිෂන් සභා උසාවි නියෝග ආදියද ඇතුලත් වේ. එමෙන්ම පාරිභෝගිකයන්ගේ හෝ වෙනත් කණ්ඩායම් හා සංවිධාන විසින් සිදුකරන බලපෑම් මත සන්දේශපාලනය වීමද නියාමනයට අයත් වේ.

නියාමනයන්ගෙන් අනතුරුව සන්දේශය ග‍්‍රාහකයා වෙත ගමන් කරයි. එහිදි ජනමාධ්‍යයේ ග‍්‍රාහයකයන් වන්නේ නිශ්චිත නොදන්නා අතිවිශාල ග‍්‍රාහක කණ්ඩායකි. ඔවුන් තුළ විවිධ තා රාශියක් දැකිය හැකිය. එම නිසා ජන මාධ්‍ය මගින් පොදු සන්දේශයක් ලබා දුන්නද එය විවිධ පුද්ගලයන් විසින් අවබෝධකරගන්නේ ඔවුන්ගේ විවිධ මතවාදයන් සමගින්ය. එමනිමා සෑම සන්දේශයක්ම ග‍්‍රාහකයා  විසින් අවබෝධකරගන්නේ ඔහු සතු විවිධ සමාජ දේශපාලන ආර්ථික හා වෙනත් විශ්වාසයන් සියල්ල සමගින්ය.

ඉන් අනතුරුව සන්නදේශ්‍ය නිශ්චිතව නොදන්නා අති විශාල ග‍්‍රාහක පිරිසක් වෙතය ගමන් කරයි. එය ග‍්‍රාහක ෙක්‍ෂත‍්‍රය ලෙස හැදින්වේ’ ඔවුන් විවිධාකාර විශමතාවයන් සහිත පැතිරුණු දැනුම් මට්ටමක් සහිත පිරිසක් ලෙස හැදින්විය හැකිය. ඉන් අනතුරුව සන්දේශය පදනම් කරගනිමින් ග‍්‍රාහකයා තුළ බලපෑමක් ඇති වේ. එය සාධනීය නිශේධනාත්මක හෝ සාමාජීය ආගමික ආදි කවරහෝ බලපෑමක් විය හැකිය. ඇතැම් විට වෙලඳ ප‍්‍රචාරණමන බලපෑමක්ද විය හැකිය.

සන්නිවේදනයාගේ සිය ග‍්‍රාහකයා දක්නා සන්දේශය පැතිරෙමින් ගමන් කරයි එවිට මාධ්‍ය සන්නදේශයේ අඩංගු තොරතුරු පැතිරෙමින් ගමන් කරයි එය අන්තර්ගතය විස්තාරණය විම ලෙස  දැක්විය හැකිය. එහි ඊ හිස් යෙදි ඇත්තේ සන්නිවේදකයාගේ සිය විසිරි යන බව හැදින්වීමටය. අනෙක් පසින් දැකිය හැක්කේ ප‍්‍රතිපෝෂණයයි එය ග‍්‍රාහකයාගෙන් ආරම්භ වි සන්නිවේදකයා වෙතට ලැබේ ඒ බව හැදින්වීමට ඊ හිස් ග‍්‍රාහකයාගේ සිට සන්නිවේදනයා දෙසට යොදා තිබේ.

මාධ්‍ය සන්දේශයක් විසුරවා හැරීමේදි විවිධ බාධක ඇති විය හැකිය. ෂැනොන් හා විවර් ආකෘතියේ මාධ්‍ය බාධක ඇති වන්නේ සන්දේශය විසුරවා හරින අතර මැදි කොටසේදීය ඒ බව දැක්වීමට මෙහිද ජනමාධ්‍ය වෙතට පැමිණෙන විට බාධක හෙවත් විකෘති වීමි කලාපය විශාල වේ. පසුව ග‍්‍රාහකයා වෙතට ගමන් කිරීමේදි නැවත ඒවා අවම වේ. ඒ අනුව සන්නදේශයක් විසුරවා හැරිෙමිදි ඇති විය හැකි මාධ්‍ය බාධක නිසා සන්නදේශයකට හානි සිදුවන බව මෙමගින් දක්වා ඇතැයි උපකල්පනය කල හැකිය. කෙසේ නමුත් ජනමාධ්‍යයෙන් ලැබෙන සන්නදේශක් ග‍්‍රාහකයා වෙතට පැමිණිමේදි මාධ්‍ය බාධක ඇතිවිය හැකි අතරම සන්දේශය ග‍්‍රාහකයා විසින් අවබෝධ කර ගැනිමේදි විවිධ විකෘති තා ඇති විය හැකිය. එය අර්ථබාධක තත්වයකි එය ඇති වන්නේ තේරූම් ගැනිමේදි ඇතිවන විවිධ තා නිසාය. 

කෙසේ නමුත් ජනමාධ්‍යතුළින් සන්නදේශයක් ගමන් කරන ආකාය දැක්වෙන ඉතා සාර්ථක ආකෘතියක් ලෙස මෙය දැක්විය හැකිය. එමෙන්ම ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ සියලු පරාසයන්ද මෙමගිනි ආවාරණය කොට තිබේ