Monday 19 July 2021

මාධ්‍ය විචාරය හා එහි අවශ්‍යතාව

ර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසාට මාධ්‍යයෙන් තොර පැවැත්මක් පිළිබඳව සිතීමට දුෂ්කරය.ඒ තරමට මිනිස් ජීවිතයේ සියලුම අංශ කරා හා පොදු මුළු සමාජයේ සෑම අංශයක් කරාම මාධ්‍යයන්ගේ බලපෑම වර්ධනය වී තිබේ.මේ තත්වය තුළ මාධ්‍ය විචාරයකින් තොරව කටයුතු කරන විටදී අපට නොදැනීම අප යොමු වන්නේ අවිචාරවත් ජීවිතයකටය. වර්තමානයේ බොහෝ විට මෙම අවිචාරවත් බව සමාජයේ පවතින බව පෙනේ. මෙම අවිචාරවත් බවින් මිදීමට විසදුම වන්නේ ග්‍රාහකයා විචාරශීලි ග්‍රාහකයකු බවට පත් කිරීමයි. මාධ්‍ය සදහා විචාරයන් අවශ්‍යවන්නේ මුලිකවම ඒ සදහාය. එය සමාජ අවශ්‍යතාවයක් අනුවම බිහිවන බව පැහැදිලිය.



  වර්තමාන සංකීර්ණ සමාජයේ මාධ්‍ය සංදේශයන්හි මතුපිට අරුත පමණක් නොව යටි පෙළක්ද ක්‍රියාත්මක වේ. මතුපිටින් යමක් පෙන්නුවද එහි යටින් මාධ්‍ය නියෝජනය,ව්‍යාපාරික අරමුණු ආදී බොහෝ දේ ක්‍රියාත්මක වේ. මෙම යටි පෙළ ගැන අවබෝධ කර ගැනීමට මාධ්‍ය විචාර ක්‍රියාවලිය ඉතා අවශ්‍ය වේ.

කිසියම් දෙයක් අගය විශ්ලේෂණය කර දැක්වීම විචාරය ලෙස හැදින්විය හැකිය. විග්‍රහය, අර්ථකථනය හා අගය කිරීම මාධ්‍ය විචාරයේ ප්‍රධානම සාධක බවට පත්වේ. එමගින් සිදු කරනුයේ නිර්මාණය පැහැදිලි කිරීම, ආකෘතිය විශ්ලේෂණය කිරීම හා එහි ඇති අගයන් විමර්ශනයට කිරීමයි. විචාරාත්මක චින්තනය පෞරුෂයෙන් යුතු සන්නිවේදන චරිතයක් බවට පත් වීමට තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයකි.

අතීතයේ සිට වර්තමානය දක්වා කලා නිර්මාණ විචාරය කිරීම පිණිස නොයෙක් සිද්ධාන්ත ගොඩ නැගී ඇත. කිසියම් නිර්මාණයක තේමාව, ග්‍රාහක අත්දැකීම් හරහා එහි ඇති ආස්වාදය පැහැදිලි කර දීම, ග්‍රාහක අවබෝධය වර්ධනය කිරීම සදහා විචාරක අත්දැකීම් පාදක කර ගනිමින් නිර්මාණය තේරුම් කිරීම සහ එම නිර්මාණ ජීවිතයට වැදගත්වන ආකාරය විග්‍රහ කර දීම විචාරයේදී වැදගත් වන මුලික කරුණු කිහිපයකි. මාධ්‍ය හා සමාජය වටහා ගැනීමෙහිලා මාධ්‍ය විචාරයේදී වැදගත් වේ. විචාරශිලිත්වයෙන් තොරව නුතන මාධ්‍ය භාවිතය හා ප්‍රවණතා හදුනා ගැනීම දුෂ්කරය. මාධ්‍ය හමුවේ විචාරකයා යන චරිතය වෙනුවට ග්‍රහකයාම තම විට විචාරකයා වන්නේය.  

 මාධ්‍ය විචාරයේදී විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන සංදේශ විශ්ලේෂණය කිරීම සිදු වේ. මාධ්‍ය මගින් විචිත්‍රවත් ආකෘති ඔස්සේ ගලා එන සංදේශවලට සාමාන්‍ය පුද්ගලයාගේ මනසෙහි ඇල්මක් ඇති කරවයි. එය මාධ්‍යයට වහල් වීමකි. මාධ්‍ය විචාරය අවශ්‍ය වන්නේ මෙම මාධ්‍ය වහල්භාවයෙන් පුද්ගලයා මුදවා ගැනීම පිණිසය. 

මාධ්‍ය සාක්ෂරතාවයේ අඩුකම හා විචාරශීලිත්වයේ ඌනතාව හේතුකොටගෙන පුද්ගලයා මාධ්‍යට හසු වේ. එම නිසා මාධ්‍ය පුද්ගලයාගේ දෛනික ජීවිතයට, ඔවුන් සතු විශ්වාසයන්ට සහ සදාචාරයන්ට ප්‍රබල ලෙස බලපෑම් කරන බැවින් එම තත්වයෙන් මිදීම සදහා විචාරශිලිත්වය අවශ්‍ය වේ. 

           එසේම මාධ්‍ය දෛනික ජීවිතයට බලපාන ආකාර ළමයාට, තරුණයාට, කාන්තාවට ආදී වශයෙන් විමසිය හැකිය.  

👉 මාධ්‍ය හා දෛනික ජීවිතය 

මාධ්‍ය අපගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධව පවතී. මාධ්‍ය තොරතුරු හා විනෝදාස්වාදය සදහා මුලාශ්‍රයකි. විවිධ මාධ්‍ය මගින් ආදරය, විලාසිතා,විවිධ සම්බන්ධතා හා කාටුන් ඇතුළු වෙනත් දේ නැරඹීමට බොහෝ ළමුන්, යෞවනයන් කැමැත්ත දක්වයි. වැඩිහිටියන් ප්‍රවෘත්ති, ආහාර, සෞඛ්‍ය, ව්‍යායාම, ආගමික ආදී විවිධ දේ නැරඹීමට, ඇසීමට, කියවීමට කැමතිය. වර්තමාන පර්යේෂණවලින් හෙළිකරගෙන තිබෙන්නේ ලොව බොහෝ ළමයින් රුපවාහිනිය දෙස පැය දෙක හමාරක් පමණ වෙලාගෙන බලා සිටින බවයි. 

  රූපවාහිනි නාට්‍ය හා සිනමා, චිත්‍රපට මගින්ද මත් ද්‍රව්‍ය, මත්වතුර පානය ,වැරදි හැසිරීම් ආදී දේ නිරතුරුව පෙන්වීමට කටයුතු කරයි. එවිට ඒවා නරඹන ඇතැමුන් ඔවුන් එම දේවල් සිදු කරනවා නම් අප නොකළ යුත්තේ ඇයිදැයි යන ආකල්පය වර්ධනය වන බවයි.

ඵසේ ම ලෝකය පුරා ම මාධ්‍ය මඟින් ගොඩනංවා ඇති ක්ෂණික ආහාර පුරුද්ද හේතුකොටගෙන විවිධ ගැටලුවලට මුහුණ දී ඇත. මෙයට හේතුව වෙළද දැන්වීම්වල පෙළඹවීමට නිරතුරුවම ග්‍රාහකයා යොමුවීම හේතුකොටගනිමිනි. මාධ්‍ය මගින් අපගේ පෙනුම,විශ්වාසයන්,ආශාවන් හා මතයන් හසුරවමින් බලපෑම් ඇති කර තිබේ. එමෙන්ම නගර හා මාවත්වල නිරතුරුවම දක්නට ලැබෙන අතර විවිධ විශාල දැන්වීම් පුවරු,පෝස්ටර්වල පවතින භෞතික පරිසරයද මාධ්‍ය නිර්මාණය කර ඇත. මේ සියල්ලම ග්‍රාහකයා කෙරෙහි විවිධ අයුරින් බලපායි.

මෙම පදනම මත මාධ්‍ය විචාරයාගේ භූමිකාව වඩාත් කැපී පෙනේ. මාධ්‍ය විචාරකයා විසින් කරනු ලබන විශ්ලේෂණය කිරීම හා ඇගයීම් තුළින් මාධ්‍ය විචාරකයා සන්නිවේදකයාට ඉතා සුවිශේෂ වූ ප්‍රතිපොෂණයක් ලබා දේ. එවිට සන්නිවේදකයා හැකිතරම් තම වගකීම් නිවැරදිව සිදු කිරීමට කටයුතු කිරීමට පෙළඹේ.

එමෙන්ම මාධ්‍ය විචාරයා නිසා ග්‍රහකයට මග පෙන්වීමක් සිදු කරයි. මාධ්‍ය සංදේශය තුළ සංකීර්ණ ලෙස සැගවී ඇති යටි අරුත් පෙළ ග්‍රහණය කර ගැනීමටත් එහි සුවිශේෂිත්වය වටහා ගැනීමටත් යොමු වීම තුළ මාධ්‍ය ග්‍රාහකත්ව මට්ටම් සංවර්දනය වේ. 

මෙලෙස මාධ්‍ය විචාරකයා ඇතැම් විට මාධ්‍යකරුවෙක් විය හැකිය. මාධ්‍ය විචාරකයෙකු ලෙස සුවිශේෂිව මතු වීමට එම විචාරකයා විසින් අත්පත් කරගෙන තිබිය යුතු ගුණාංග රැසකි.


01. මාධ්‍ය විචාරකයා, මාධ්‍ය, සන්නිවේදකයා, සන්දේශය සහ ග්‍රාහකයා යන අංශ පිළිබඳ ව මෙන්ම එය ඇතුළත් වන සමාජ පිළිබදව වගකීම් සහගතව කටයුතු කරන්නෙකි. ඒ සියල්ල ම කෙරෙහි බැදීමක් ඇති ව විවේචනාත්මක ව සහය පළ කරන්නෙකි.


02. මාධ්‍ය විචාරකයා අදාල මාධ්‍ය පිළිබදව හා එහි ක්‍රියාකාරිත්වය හා සංයුතිය පිළිබඳ ව විශේෂ දැනුමක් සහිත අයෙකි.


03. මාධ්‍ය විචාරකයා සුවිශේෂී ජීවන දෘෂ්ටියක් සහිත පුද්ගලයෙකි. එසේ ම හෙතෙම ග්‍රාහකයාගේ පාර්ශවය නියෝජනය කරන්නෙකි. 


04. මාධ්‍ය විචාරකයා දැනුම්වත් සහ විමසිලිමත් මාධ්‍ය ග්‍රහකයෙකි. ඔහු අන් සියලු ග්‍රාහකයන්ට පෙර ගමන් යන්නෙකි. මග පෙන්වනෙකි. ආපසු හැරී බලන්නෙකි. කැටුව යන්නෙකි.


ආචාර්යතුමා



No comments:

Post a Comment