Wednesday 21 July 2021

ස්ත්‍රීවාදී විචාරය


මෙම විචාරය මතු වීමට බල පෑ මුලික පදනම වන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබදව ලිංගිකත්ව සමානතා පදනම මත පිහිටා සිට විචාරය කිරීමය. 

👉ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය මගින් මාධ්‍යවල කාන්තාවන් අවප්‍රමාණ කරන ආකාරය නිරීක්ෂණය කරනු ලබයි. 

👉එසේම ජනමාධ්‍යවල කාන්තාවන් අවප්‍රමාණ කිරීමට බලපාන්නා වූ බලය පිළිබදව විශ්ලේෂණය කරනු ලැබේ. 

👉ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද මෙමගින් උනන්දුවක් දක්වයි. මාධ්‍ය මගින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම විශේෂ අවධානයට ගනියි.

👉පුරුෂයා මුලික කරගත් සමාජයක ස්ත්‍රිය දෙවෙනි පෙළ පුරුෂයෙකු බවට පත්වීම දැඩි විවේචනයට ලක් වන්නේ ස්ත්‍රීවාදී විචාරයන් අතිනි. 

පුරුෂෝත්තමවාදයට එරෙහිව මතවාදී අරගලයක් වර්ධනය වීමත් සමග එම දෘෂ්ටියෙන් කලා නිර්මාණ හා මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීම ආරම්භ විය. 

👉ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය තුළින් පුරුෂ මුලික චින්තනය විසින් කාන්තාවන් අවප්‍රමාණ කරන ආකාරය,සූරා කෑමට සහ පීඩනයට පත් කරන ආකාරය නිරීක්ෂණය කරයි. 

👉සංදේශකරණය තවමත් පුරුෂ මුලික ආධිපත්‍ය යටතේ පවතින නිසා සංදේශ සම්පාදනය සිදු වන්නේ පුරුෂ මුලික දෘෂ්ටිය ඔස්සේ බව ස්ත්‍රීවාදී විචාරකයෝ විවේචන ඉදිරිපත් කරති.  

👉පුරුෂෝත්තමවාදී දෘෂ්ටිය විසින් සංදේශවල භූමිකා සැලසුම් කිරීමේදී හා චරිත නිර්මාණයේ දී ස්ත්‍රිය පිළිබද පහළ අයෙක් ලෙස සලකා කටයුතු කිරීම නිසා ඔවුන් ලිංගික භාණ්ඩ ලෙස ද,දුර්වල සත්ව කොට්ඨාසයක් ලෙස ද, ගැඹුරු අර්ථවත් සමාජ දායකත්වයක් දිය නොහැකි පිරිසක් ලෙස ද නිරුපණය වීම ස්ත්‍රීවාදී විචාරයේ දී   විවේචනයට ලක් කෙරේ.

👉මාධ්‍යවල ගැහැනිය ස්වභාවික ස්ත්‍රීන් ලෙස දක්නට නොලැබෙන බව මෙම විචාරකයෝ විශ්වාස කරති. මවුවරුන්, භාර්යාවන්,දියණියන්,පෙම්වතියන් ලිංගික භාණ්ඩ ලෙස නිරුපණය කරන අයුරු මෙම දෘෂ්ටිය මගින් විමසයි. 

👉විශේෂයෙන්ම මාධ්‍ය ආධිපත්‍ය පුරුෂයන් සතුව පවතින බව ද මෙමගින් හදුනාගත හැකිය.

👉ස්ත්‍රිය සහ ස්ත්‍රීත්වය පිළිබද වටිනාකම් බෙදා හැරීම උදෙසා මාධ්‍ය දායක විය යුතු වේ. 

👉ස්ත්‍රිය හා පුරුෂයා ලිංගිකව හා කායිකව වෙනස්කම් සහිත වුව ද කාන්තාවට සමාජ ජීවිතය සමාන ව භුක්තිවිදීමට ඉඩ දියයුතු බව ස්ත්‍රීවාදී චින්තනය යෝජනා කරයි. 

👉මෙහි දී කාන්තාව හිංසනයට ලක්වීමේ අවස්ථා වැඩි බව අවබෝධ කර ගනිමින් ඇයට ඒ සදහා සුවිශේෂී පහසුකම් සපයා දියයුතු බව අවධාරණය කරනු ලැබේ. 

👉ස්ත්‍රීපුරුෂ සමාජභාවය නම් වූ සමාජ අගය ඉස්මතු කරනු ලබන්නේ මෙම අවශ්‍යතාව පදනම් කරගනිමිනි. 

👉කාන්තා ගැටලු මාධ්‍ය මගින් විකෘති කිරීමෙන් ඒවාට පිතෘ මුලික දෘෂ්ටියක් ලැබේ. 

👉ස්ත්‍රියගේ වටිනා බොහෝ පැති මාධ්‍ය මගින් නොසලකා හැරීම විචාරයට ගත හැකි විය යුතුය. නිදසුනක් ලෙස රුපවාහිනී සංවාදාත්මක වැඩසටහන් සදහා මුල් කාලයේ ඇතුළත්  වුයේ පිරිමින් පමණකි. එම සංවාදාත්මක වැඩසටහන් සදහා කාන්තාව නියෝජනයට අවස්ථාව උදා වුයේ මෙකී ස්ත්‍රීවාදී විචාරකයන් ඔස්සේ එල්ල වූ විවේචන නිසාය. 











👉නිර්මාණාත්මක සංදේශවල චරිත නිරුපණය සිදු කරන අන්දම ද ස්ත්‍රීවාදී විචාරයේදී හසු කර ගනී. කරුණාසේන ජයලත් මහතාගේ 'ගැහැනු ළමයි' නවකතාව විශිෂ්ට නවකතාවක් ලෙස සම්මාන දිනා ගත් අතර එය ස්ත්‍රීවාදී විචාරකයන් විවේචනය කරන ලදී. ඒ එහි එන කුසුම්ගේ චරිතය නිරුපණය කර ඇති අන්දම අනුවය. එහි කුසුම් තමන්ට එල්ල වන පීඩනයෙන් සහ පෙම්වතා විසින් නිර්දය ලෙස හැර යාම වැනි තත්වයක් සාම්ප්‍රදායිකව ඉවසා බාරගෙන සිටීම ආදර්ශවත් දෙයක් ලෙස නිරුපණය කරතිබීම ස්ත්‍රීවාදී විචාරකයන්ගේ විවේචනයට හසු විය. 


















👉වසන්ත ඔබේසේකරයන් නිර්මාණය කළ 'දඩයම' චිත්‍රපටියේ ස්ත්‍රිය පුරුෂයා විසින් තමා රැවටීමට ලක් කර දුෂ්ට ලෙස අත්හැර දැමීම ඉදිරියේ ඇය ඊට මුහුණදෙන ආකාරය ස්ත්‍රී සමාජය බලගැන්වීමට හේතු වන බව මෙම විචාරකයන්ගේ අදහස විය. 
















👉
මනමේ කුමරිය ද එම අවස්ථාවන්, පෞරුෂයන් අනුව සාධාරණව හැසිරෙන බව මනමේ නාට්‍ය මෙම චින්තනයට හසු කර ගත්තෝ පවසති.

👉ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉදිරිපත් කිරීම්වලදී බොහෝවිට වැඩසටහන සරසන ප්‍රේක්ෂක ආකර්ෂණය ඇද ගැනීමට යොදා ගන්නා අලංකාරික වස්තුවක් ලෙස ඇය යොදා ගන්නවා මිස ඇගේ නිර්මාණශීලි ශක්තින් ලෙස සහභාගිත්වය ඇතුළු විභවතාවන් (හැකියාවන්) සැලකිල්ලට ලක් කරනු ලබන්නේ ඉතා අවම වශයෙනි. 

👉මාධ්‍ය නියෝජනය වැනි සංකල්ප මාධ්‍ය භාවිතය තුළ සිදුවන ඉහත කි ස්ත්‍රී පුරුෂ නියෝජනය සහ නිරුපණයේ ඌනතාවක් මග හරවා ගැනීමට යොදා ගත හැකිය. 



👉මෑතක දී පවත්වන ලද සමුළුවක දී ඇමරිකාව පාලනය කළ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ බැරක් ඔබමා මහතා ප්‍රකාශ කර සිටියේ ලෝකයේ නායකත්වය දරන්නන් සියල්ල කාන්තාවන් වුවහොත් වැඩ යහපත් හෙට දිනක් උදාවන බවයි. වැඩ යහපත් ලෝකයක් බිහි වන බවයි.























ආචාර්යතුමා

No comments:

Post a Comment