Thursday, 19 August 2021

පුවත්පත් හා ආචාරධර්ම

''මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් මෙසේ පවසයි. මෙම සංකල්පය ආචාරධර්මීය පදනමකින් යුතුව විමසිය හැක. නීතිමය රාමුව නොව පොදු එකඟත්වය මත සම්මත වූවක් ආචාරධර්ම ගනයේ ලා ගැනේ.

මෙලෙ විවිධ වෘත්තීන් තුළද අනුගමනය කරන ආචාරධර්ම පද්ධති පවතී.ඒ ඒ අදාල වෘත්තීන්ට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට මේවා අනුගමනය කිරීමට සිදුවේ. එහිදී වෘත්තියට ප‍්‍රවේශ වීමට අදාල අධ්‍යාපන සුදුසුකම්, පොදු එකඟතාවයෙන් සකසාගත් ආචාරධර්ම පද්ධතියක් හෝ මාර්ගෝපදේශ පද්ධතියක් වීම, ඒවා පිළිගැනීම හා මැන බැලීම සදහා, යන මෙම අංශ තුන ඇතුලත් විට  ඕනෑම වෘත්තියක වෘත්තීමය භාවය සැකසේ. මේ අනූව ලංකාවේ මාධ්‍යතුල පුවත්පත් කලාව හා සම්බන්ධ ආචාරධර්ම හදුනාගැනීම වටී.

එහිදී ශ‍්‍රී ලංකාවේ පුවත්පත් හා සම්බන්ධ නීතිමය තත්වයක් ගොඩනැගී ඇත්තේ 1973 අංක 5 දරන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගිනි. එහිදී ලංකාව තුල පුවත්පත් වලට අදාල කරුනු විධිමත්ව පවත්වාගෙන යාමටත් පුවත්පත් වලට අදාල වැරදි විමර්ශනය කිරීමට හා ඒ පිළිබඳ පැමිනිලි විභාග කර බැලීමට හා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමටත් මෙය ගොඩනගා ඇත.

මීට අමතරව පුවත්පත් සදහා ශ‍්‍රී ලංකාවේ පත‍්‍ර කලාවේදීන් සදහා වු ආචාරධර්ම සංග‍්‍රහය බෙහෙවින් වැදගත් වේ. මෙහිදී පුවත්පත් සදහා නිශ්චිත ආචාරධර්ම සංග‍්‍රහයක් අවශ්‍ය බව වටහා ගන්නේ 1981 දීය.එහිදී පුවත්පත් කර්තෘවරු 21 එකතු වී ආචාරධර්ම පද්ධතියක් ගොඩනගා ගන්නා ලද අතර එය ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසන් පිළිගන්නා ලදී. එම ආචාරධර්ම සංග‍්‍රහය මෙසේය,

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තිය ප‍්‍රතිපත්ති  (ආචාර ධර්ම* සංගහ‍්‍රය.

1. පූර්විකාව  

සියලූ පුවත්පත් ආයතන හා පුවත්පත් කලාවේදීන් කෙරෙහි බලපාන මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංගහ‍්‍රය, ශ‍්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය නිදහසද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳ වගකීමෙන් හා සංවේදීතාවෙන් යුතුවද පවත්වා ගැනමත් ඒ අතරම පුවත්පත් කලාවේ උසසත්ම  ප‍්‍රමිති ආරක්‍ෂා කිරීමත්ද අරමුණු කොට ගත්තකි.....

2. නිරවද්‍ය වාර්තාකරණය

   2.1  නිවරැුදිවත් විකෘතියකින් තොරවත් ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හා ඡුායාරූප පළ කිරීම සඳහා මාධ්‍යය සාධාරණ පරෙස්සමකින් ක‍්‍රියා  කළ යුත්තේය.

 2.2  වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කරන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත්් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම  සාධාරණ  ප‍්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප‍්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවකදී ඒ බව වාර්තාවෙහි  සඳහන් කළ යුතුය.

   2.3  කර්තෘවරුන්/ වරියන්,  බාහිරව ලිපි  සැපැයීමෙහි යෙදෙන ලේඛකයන් ඇතුලූ කාර්ය මණ්ඩලත් අසත්‍ය හෝ නිවරදි නොවන බව තමන් දන්නා වූද එසේයැයි  විශ්වාස කිරීමට තමන්ට  හේතු ඇත්තාවූද කිසිදු කරුණක් තහවුරු වන අන්දමින් පළ  නොකළ යුත්තේය.

   2.4  පොදු ජන සුබසිද්ධිය සඳහා ගවේෂණාත්මක පුවත්පත් කලාවෙහි  නියැළෙන ලෙස ප‍්‍රකාශන දිරිමත් කෙරේ.


3. නිවරදි කිරීම් හා සමාව අයැදීම

   3.1  වාර්තාවක් කරුණු අතින් වැරැුදියැයි කර්තෘට පෙනී යන අවස්ථාවකදී එය නිසි ප‍්‍රමුඛතාවක් හා යෝග්‍ය වන්නේනම් සමාව  අයැදීමක්ද ඇතිව, එම නිවරදි කිරීම හා සමාව අයැදීම පීඩිත පාර්ශවයේ කැමැත්තට පටහැනි වන අවස්ථාවකදී හැර, අනෙක්  හැම විටකදීම වහාම නිවරදි කළ යුත්තේය.

4. පිළිතුරු දීමට අවස්ථා

  4.1   කරුණු අතින් සාවද්‍ය ප‍්‍රකාශන නිසා පුද්ගලයන්ගේ හෝ සංවිධානවල  හෝ කීර්තියට, ගෞරවයට,නම්බුවට,හැඟීම්වලට,පෞදග්ලිකත්වයට හා නිලයට හානි සිදුවන්නේ නම්, ඒ ප‍්‍රකාශනවලට පිළිතුරු දීම සඳහා සාධාරණ හා යුක්ති සහගත  අවස්ථාවක් ඒ පුද්ගලයනට හෝ සංවිධානවලට හෝ දිය යුත්තේය.එම පිළිතුරු සිය කරුණු පැහැදිලි කිරීම සඳහා  පැමිණිලිකරු/පැමිණිලිකාරිය කරන ප‍්‍රකාශයට සීමා විය යුතු අතරම, සිදුවිණැයි කියන වරද නිවරදි කිරීම පිණිස අවශ්‍ය  ප‍්‍රමාණයට වඩා එය දීර්ඝද නොවිය යුත්තේය.

   4.2 වරද ගැන සමාව අයැදීම හෝ කනගාටුව පළ කිරීම වෙනුවට පැමිණිලිකරුගේ/පැමිණිලිකාරියගේ පිළිුතුරට ප‍්‍රතිචාර දක්වන කතුවරු හෝ පුවත්පත් කලාවේදියෝ ඊට පිළිතුරු දීමේ තවත් අවස්ථාවක් අතෘප්ත පාර්ශවයට සලසා දීමට සූදානම් විය  යුත්තෝය.

5. රහස්‍ය මූලාශ‍්‍ර

   5.1  තොරතුරුවල රහස්‍ය මූලාශ‍්‍රය, එය අනාවරණය කිරීමේ අවසරය ඒ මූලාශ‍්‍රයෙන්ම නොලැබෙන තෙක් හෙළිදරවු නොකිරීමේ සදාචාරත්මක වගකීමක් සෑම පුවත්පත් කලාවේදියකුටම/වේදිනයිකටම ඇත්තේය.



6. පොදු වාර්තාකරණය හා ලිවීම  

    6.1  කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම්  කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය,මත්ද්‍රව්‍ය,අපයෝජනය,දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වයද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ  ඡුායාරූප,චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන්ම පොදුජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත්  කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත් විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය.    

6.2  අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතරු වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන්ද  යන  දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්,

     ලිංගික අපරාධවලට ලක්වූවන්ගේ නම් හෙළිදරවු නොකළ යුතුය.

     සාපරාධී වරදක් සම්බන්ධයෙන් චොදනා ලත්් වයස අවුරුදු 16  ට අඩු හා පෙර දඬවුම් නැති කිසිදුි බාලයකුගේ නම , කරුණු  දැන දැනම අනාවරණය නොකළ යුතුය.

     අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬවුම් හෝ ලැබූ පුද්ගලයකුගේ ඥතීන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ කැමැත්ත  නැතිව හෙළිදරවු නොකළ යුත්තේය.

    6.3  පුවතප්ත් කලාවේදියෙක් දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට,ප‍්‍රචණ්ඩත්වයට අනුබල  නොදිය යුත්තේය.

    6.4   පුවත්පත්, පුද්ගලයකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය  පිළිබඳවත් ශාරීරික හෝ මානසික රොගාබාධ පිළිබඳවත් අගති හා අවඥසහගත කරුණු සඳහන් කිරීමෙන් වැළැකිය යුත්තේය.

        පුද්ගලයකුගේ වර්ගය, කුලය, ආගම, ලිංගක නැඹුරුතා ශාරීරික හෝ මානසික රොගාබාධ පිළිබඳ, කතාවට සෘජුවම   අදාළ වනේනම් විනා, එසේ නැතිව ප‍්‍රකාශයට පත් කිරීමෙන් වැළැකිය යුත්තේය.  

    6.5  පොදු වශයෙන් ප‍්‍රකාශයට පත්වනන්ට කලින් තමන් අතට පත්වන  මූල්‍ය තොරතරුැ තමනේග්ම වාසිය සඳහා යොදා ගැනීම  නීතීයෙන්  තහනම් නොවන අවස්ථාවකදීවුවද පුවත්පත් කලාවේදීහු එම තොරතරු එසේ යොදා නොගතයුත්තෝය. ඒ  තොරතරුැ අනනුන්ගේ  වාසිය පිණිස ඔවුන් අතටද පත් නොකළ යුත්තෝය.

          ව්‍යාපාර කොටස්වලින් හා සුරැුකුම් පත්වලින් තමන්ටත් තමන්ගේ සමීප පවුල්වලටත් සැලකිය යුතු ප‍්‍රමාණයේ මූල්‍ය පොලී ලැබිය  හැකි බව පුවත්පත් කලාවේදීන්ට දැනගන්නට ලැබුණු විට ඔවුහු ඒ පිළිබඳ තොරතුරු ප‍්‍රකාශකයාටත් කර්තෘ හෝ  මූල්‍ය කර්තෘටත් හෙළිදරවු නොකර නොලිවිය යුත්තේය.        

6.6 සියදිවිනසා ගැනීම් වාර්තා කිරීමේදී ඒ ජීවිත හානිය සඳහා යොදා ගැනුණු උපක‍්‍රමය පිළිබඳ පමණට වැඩි විසත්ර ඉදිරිපත් නොකිරීමට පුවත්පත් කලාවේදියෝ පරෙස්සම් විය යුත්තෝය.

7. පෞදග්ලිකත්වය

   7.1  පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ දොර ,සෞඛ්‍යය හා සහසම්බන්ධතාද කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා  පුවත්පත්  විශේෂ සැලැකිල්ලකින්් ක‍්‍රි‍්‍රයා කළ යුත්තේය. පෞදග්ලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැතේතන්  තොරව ආක‍්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේනම් පමණකි.

   7.2  පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡුායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිිණිස නොවන්නේනම්, පිළිගත හැක්කක් නොවේ.

   7.3.  ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා   ස්ථානෝචිත ප‍්‍රඥවෙන්ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදිහු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝය.

    7.4  සිය පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පර්ූණ කර  ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. ළමයකුගේ  පෞදග්ලික ජීවිතය හා සම්බන්ධ කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිගත හැකි කාර්යයක් වනු  ඇත්තේ ඔහුගේ හෝ ඇගේ පවුලේ  හෝ භාරකරුගේ කීර්තිය ප‍්‍රසිද්ධිය හා තත්ත්වය හැර අනෙක් කරුණක් පොදුජන සුබසිද්ධිය උදෙසා වන්නේ නම් පමණකිි.  

7.5  පෞදලිකත්වය ආක‍්‍රමණය කිරීමට එරෙහි තහංචි රෝහල්වල හෝ සමාන වෙනත් ආයතනවල හෝ සිටින පුද්ගලයන් පිළිබඳ  විමසම්වලට විශේෂයෙන් අදාළ වන්නේ  එය පොදුජන සුබ සිද්ධිය පිණිස නොවන්නේනම්ය.

8. හිරිහැර හා කපටිකම්

   8.1  ඡයාරූප ශිලපීහු ඇතුළු පුවත්පත් කලාවේදිහු බිය වැද්දීමෙන්  හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරැුදි කරුණු ඉදිරිපත් කිරීමෙන්  හෝ කපටිකමින් හෝ තොරුතුරු හෝ ඡුායාරූප ලබා ගැනීමට තැත්  නොකළ යුත්තෝය. පොදු ජන යහපත පිළිබඳ  සාධකයෙන් සාධාරණීකරණය කළ නොහැකි නම් හා වෙනත් පිළිවෙළකින් තොතුරු ලබා ගත හැකි නොවිණි නම් දිගු කාච  කැමරා හෝ ශ‍්‍රවණ උපකරණද භාවිත නොකළ යුත්තෝය.

9. ගෞරවය    

9.1  සෑම පුවතප්ත් කලාවේදියෙක්ම තමන්ගේ වෘත්තියේ ගෞරවය ආරක්‍ෂා කළ යුත්තේය.

අර්ථ නිරූපණය

   1. ’මහජන යහපත’ යනු,  ෂග ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පොදු ජනතාව කෙරෙහි සෘජුව හෝ වක‍්‍රව හෝ බලපාන සිද්ධි පිළිබඳව පොදු ජනතාවත් ඔවුන්ගේ තේරී පත් වුණු රජයත් දැනවුත් කිරීම හා    අපරාධ, ¥ෂණ, අයථා පරිපාලනය හෝ වෙනත් අයුතු   අසාධාරණකම් සොයා බලා හෙළිදරවු කිරීම.

           මහජන සෞඛ්‍යය, සුරක්‍ෂිතතාව, සමාජ, සංස්කෘතික හා අධ්‍යාපන ප‍්‍රමිති ආරක්‍ෂා කිරීම.

           පුද්ගලයකුගේ හෝ සංවිධානයක හෝ ප‍්‍රකාශයක් හෝ ක‍්‍රියාවක්නිසා නොමග යැවෙන ජනතාව ඉන් ආරක්‍ෂා කර ගැනීම.

   2. කුමන තත්ත්වයක් යටතේ වුවද පොදුජන සුබ සිිද්ධිය අදාළ වන අවස්ථාවකදී එය යථා පරිදි ඉටු වී තිබේද යන වග පැහැදිලිව දක්වන   සම්පර්ූණ විස්තරයක් ඉදිරිපත් කරන ලෙස කතවුරයාගෙන් හෝ පුවත්පත් කලාවේදියාගෙන් ඉල්ලා සිටීමේ අයිතිය  පුවත්පත් පැමිණිලි කොමිසමට ලැබෙනු ඇත.

පරිගණක ප‍්‍රකාශන  මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන පුවත්පතේ අන්තර්ජාල ප‍්‍රකාශනවලටද අදාළ වනු ඇත.

සමාලෝචනය

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකයන්ගෙන් හා සංසදය විසන් පත් කැරෙන එහෙත් සංසද සාමාජික නොවන්නන්ගෙන්ද සමන්විත වෘත්තීය ප‍්‍රතිපත්ති කමිටුවක උපදෙස් ඇතිව, ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන වරින් වර සමාලෝචනය කළ යුතුබව දක්වා ඇත.පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර‘කලාවේදීන්ගේ සංගමය ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ශ‍්‍රී ලංකා ද්‍රවිඩ මාධ්‍ය සංවිධානය දකුණු ආසයිානු නිදහස් මාධ්‍ය සංගමය -(ශ‍්‍රී ලංකා පාර්ශ‍්‍රවය* මේ ආචාර ධර්ම පද්ධතියට සහයෝගය දැක්වා ඇත.

මේ අනූව වර්තමානයේ ලංකාව තුල පුවත්පත් සිය වාර්තාකරනය කිරීමේදී මෙම ආචාරධර්ම පදනමකින් යුතුව කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය. ඒ අනූව මෑත කාලීන පුවත්පත් වාර්තාකිරීම් දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඉහතින් දැක්වූ ආචාරධර්මයන් උල්ලංඝනය කෙරෙන අවස්ථා  ඕනෑ තරම් හදුනාගත හැකිය.

Wednesday, 21 July 2021

ස්ත්‍රීවාදී විචාරය


මෙම විචාරය මතු වීමට බල පෑ මුලික පදනම වන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබදව ලිංගිකත්ව සමානතා පදනම මත පිහිටා සිට විචාරය කිරීමය. 

👉ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය මගින් මාධ්‍යවල කාන්තාවන් අවප්‍රමාණ කරන ආකාරය නිරීක්ෂණය කරනු ලබයි. 

👉එසේම ජනමාධ්‍යවල කාන්තාවන් අවප්‍රමාණ කිරීමට බලපාන්නා වූ බලය පිළිබදව විශ්ලේෂණය කරනු ලැබේ. 

👉ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද මෙමගින් උනන්දුවක් දක්වයි. මාධ්‍ය මගින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම විශේෂ අවධානයට ගනියි.

👉පුරුෂයා මුලික කරගත් සමාජයක ස්ත්‍රිය දෙවෙනි පෙළ පුරුෂයෙකු බවට පත්වීම දැඩි විවේචනයට ලක් වන්නේ ස්ත්‍රීවාදී විචාරයන් අතිනි. 

පුරුෂෝත්තමවාදයට එරෙහිව මතවාදී අරගලයක් වර්ධනය වීමත් සමග එම දෘෂ්ටියෙන් කලා නිර්මාණ හා මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීම ආරම්භ විය. 

👉ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය තුළින් පුරුෂ මුලික චින්තනය විසින් කාන්තාවන් අවප්‍රමාණ කරන ආකාරය,සූරා කෑමට සහ පීඩනයට පත් කරන ආකාරය නිරීක්ෂණය කරයි. 

👉සංදේශකරණය තවමත් පුරුෂ මුලික ආධිපත්‍ය යටතේ පවතින නිසා සංදේශ සම්පාදනය සිදු වන්නේ පුරුෂ මුලික දෘෂ්ටිය ඔස්සේ බව ස්ත්‍රීවාදී විචාරකයෝ විවේචන ඉදිරිපත් කරති.  

👉පුරුෂෝත්තමවාදී දෘෂ්ටිය විසින් සංදේශවල භූමිකා සැලසුම් කිරීමේදී හා චරිත නිර්මාණයේ දී ස්ත්‍රිය පිළිබද පහළ අයෙක් ලෙස සලකා කටයුතු කිරීම නිසා ඔවුන් ලිංගික භාණ්ඩ ලෙස ද,දුර්වල සත්ව කොට්ඨාසයක් ලෙස ද, ගැඹුරු අර්ථවත් සමාජ දායකත්වයක් දිය නොහැකි පිරිසක් ලෙස ද නිරුපණය වීම ස්ත්‍රීවාදී විචාරයේ දී   විවේචනයට ලක් කෙරේ.

👉මාධ්‍යවල ගැහැනිය ස්වභාවික ස්ත්‍රීන් ලෙස දක්නට නොලැබෙන බව මෙම විචාරකයෝ විශ්වාස කරති. මවුවරුන්, භාර්යාවන්,දියණියන්,පෙම්වතියන් ලිංගික භාණ්ඩ ලෙස නිරුපණය කරන අයුරු මෙම දෘෂ්ටිය මගින් විමසයි. 

👉විශේෂයෙන්ම මාධ්‍ය ආධිපත්‍ය පුරුෂයන් සතුව පවතින බව ද මෙමගින් හදුනාගත හැකිය.

👉ස්ත්‍රිය සහ ස්ත්‍රීත්වය පිළිබද වටිනාකම් බෙදා හැරීම උදෙසා මාධ්‍ය දායක විය යුතු වේ. 

👉ස්ත්‍රිය හා පුරුෂයා ලිංගිකව හා කායිකව වෙනස්කම් සහිත වුව ද කාන්තාවට සමාජ ජීවිතය සමාන ව භුක්තිවිදීමට ඉඩ දියයුතු බව ස්ත්‍රීවාදී චින්තනය යෝජනා කරයි. 

👉මෙහි දී කාන්තාව හිංසනයට ලක්වීමේ අවස්ථා වැඩි බව අවබෝධ කර ගනිමින් ඇයට ඒ සදහා සුවිශේෂී පහසුකම් සපයා දියයුතු බව අවධාරණය කරනු ලැබේ. 

👉ස්ත්‍රීපුරුෂ සමාජභාවය නම් වූ සමාජ අගය ඉස්මතු කරනු ලබන්නේ මෙම අවශ්‍යතාව පදනම් කරගනිමිනි. 

👉කාන්තා ගැටලු මාධ්‍ය මගින් විකෘති කිරීමෙන් ඒවාට පිතෘ මුලික දෘෂ්ටියක් ලැබේ. 

👉ස්ත්‍රියගේ වටිනා බොහෝ පැති මාධ්‍ය මගින් නොසලකා හැරීම විචාරයට ගත හැකි විය යුතුය. නිදසුනක් ලෙස රුපවාහිනී සංවාදාත්මක වැඩසටහන් සදහා මුල් කාලයේ ඇතුළත්  වුයේ පිරිමින් පමණකි. එම සංවාදාත්මක වැඩසටහන් සදහා කාන්තාව නියෝජනයට අවස්ථාව උදා වුයේ මෙකී ස්ත්‍රීවාදී විචාරකයන් ඔස්සේ එල්ල වූ විවේචන නිසාය. 











👉නිර්මාණාත්මක සංදේශවල චරිත නිරුපණය සිදු කරන අන්දම ද ස්ත්‍රීවාදී විචාරයේදී හසු කර ගනී. කරුණාසේන ජයලත් මහතාගේ 'ගැහැනු ළමයි' නවකතාව විශිෂ්ට නවකතාවක් ලෙස සම්මාන දිනා ගත් අතර එය ස්ත්‍රීවාදී විචාරකයන් විවේචනය කරන ලදී. ඒ එහි එන කුසුම්ගේ චරිතය නිරුපණය කර ඇති අන්දම අනුවය. එහි කුසුම් තමන්ට එල්ල වන පීඩනයෙන් සහ පෙම්වතා විසින් නිර්දය ලෙස හැර යාම වැනි තත්වයක් සාම්ප්‍රදායිකව ඉවසා බාරගෙන සිටීම ආදර්ශවත් දෙයක් ලෙස නිරුපණය කරතිබීම ස්ත්‍රීවාදී විචාරකයන්ගේ විවේචනයට හසු විය. 


















👉වසන්ත ඔබේසේකරයන් නිර්මාණය කළ 'දඩයම' චිත්‍රපටියේ ස්ත්‍රිය පුරුෂයා විසින් තමා රැවටීමට ලක් කර දුෂ්ට ලෙස අත්හැර දැමීම ඉදිරියේ ඇය ඊට මුහුණදෙන ආකාරය ස්ත්‍රී සමාජය බලගැන්වීමට හේතු වන බව මෙම විචාරකයන්ගේ අදහස විය. 
















👉
මනමේ කුමරිය ද එම අවස්ථාවන්, පෞරුෂයන් අනුව සාධාරණව හැසිරෙන බව මනමේ නාට්‍ය මෙම චින්තනයට හසු කර ගත්තෝ පවසති.

👉ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉදිරිපත් කිරීම්වලදී බොහෝවිට වැඩසටහන සරසන ප්‍රේක්ෂක ආකර්ෂණය ඇද ගැනීමට යොදා ගන්නා අලංකාරික වස්තුවක් ලෙස ඇය යොදා ගන්නවා මිස ඇගේ නිර්මාණශීලි ශක්තින් ලෙස සහභාගිත්වය ඇතුළු විභවතාවන් (හැකියාවන්) සැලකිල්ලට ලක් කරනු ලබන්නේ ඉතා අවම වශයෙනි. 

👉මාධ්‍ය නියෝජනය වැනි සංකල්ප මාධ්‍ය භාවිතය තුළ සිදුවන ඉහත කි ස්ත්‍රී පුරුෂ නියෝජනය සහ නිරුපණයේ ඌනතාවක් මග හරවා ගැනීමට යොදා ගත හැකිය. 



👉මෑතක දී පවත්වන ලද සමුළුවක දී ඇමරිකාව පාලනය කළ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ බැරක් ඔබමා මහතා ප්‍රකාශ කර සිටියේ ලෝකයේ නායකත්වය දරන්නන් සියල්ල කාන්තාවන් වුවහොත් වැඩ යහපත් හෙට දිනක් උදාවන බවයි. වැඩ යහපත් ලෝකයක් බිහි වන බවයි.























ආචාර්යතුමා

මනෝ විශ්ලේෂණවාදී විචාරය

මෙම විචාරයට පදනම සකස් වන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් මහතා ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය. ඔහු ඉදිරිපත් කර ඇති ඊඩිපස් සහ ඉලේක්ට්‍රා සංකීර්ණයන්හි බලපෑම් පුද්ගල චර්යයා තීරණය කරන බව දක්වා ඇත. ඉන් විග්‍රහ වන්නේ කුඩා කාලයේ පටන් පිරිමි දරුවන් මවටද,ගැහැනු දරුවන් පියාටද සමීපව කටයුතු කරන ස්වභාවය පිළිබදවය. මෙතුමා තව දුරටත් චිත්තවේග ක්‍රියාකාරිත්වය අදියර තුනක් යටතේ විග්‍රහ කර දක්වයි. එනම්  ID, EGO, සහ SUPER EGO වශයෙනි. 

ID යන්න මගින් දළ සිත හදුන්වයි. එනම් මතුපිට සිතයි. EGO යන්නෙන් පහන් සිත හදුන්වයි. මිනිස් සිත තුළ විවිධ ආශාවල් ඇති වේ. බඩගින්න,පිපාසය ,නිදිමත යනාදී උවමනා අපගේ සිතට නැගුණු අයුරින්ම ක්‍රියාත්මක වන්නේ නැත. මෙම පහන් සිතේ ක්‍රියාකාරිත්වය තුළින් අප අපගේ සිත තුළ  ඇති වන ආශාවන් කිසියම් සමාජ සම්මතයකට අනුව හසුරුවා ගනී. මෙම  EGO හෙවත් පහන් සිත සකස් වන්නේ සමාජ ඉගෙනුම් තුළිනි. අපගේ ආශාවන් සමාජ සම්මතයන්ට අනුගත වෙමින් පාලනයට ලක්කර ගැනීම මෙහිදී සිදු වේ.

SUPER EGO යනු සුපසන් සිත වේ. හෘද සාක්ෂිය ලෙස මෙය හදුන්වයි. අප කරන ක්‍රියාවන් පිළිබද අප තුළ ම යම් විනිශ්චයක් ඇති වන්නේ සුපහන් සිතේ බලපෑමෙනි.

මීට අමතරව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා මනස ජලය මත පාවෙන හිම කුට්ටියකට සමාන කර දක්වයි. ජලයේ පාවෙන හිම කුට්ටියක හතරෙන් එකක් ජලය මතුපිට දර්ශනය වන අතර එහි හතරෙන් තුනක ප්‍රමාණයක් ජලය යට වැසී පවතී. මනස කර එන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී මේ සැගවුණු මනසේ ක්‍රියාකාරිත්වය බලපෑමක් එල්ල කරයි. නමුත් එය අපට ඇතැම් විට වටහා ගැනීමට අපහසු වේ.


👉විඥානය යනු මනසේ සවිඥානික කොටස වේ. එහි තැන්පත් වී ඇති ඇති තොරතුරු අපේ මතකය තුළ  පැහැදිලිය.

👉පෙර විඥානය නොගැඹුරු මුහුදට සමාන වේ. එහි තැන්පත් වී ඇති දේ මතකයෙන් දුරස් වේ. නමුත් යම් වෙහෙසක් දරා පසුව එය මතකයට කැදවා ගත හැකි වේ.

👉අවිඥානය ගැඹුරු මුහුදට සමාන වේ. එහි ඇති දේ අපට වටහාගත නොහැකිය. එහෙත් අපගේ චර්යාවන් තීරණය වීමේදී සහ අප සමාජය වෙත දක්වන ප්‍රතිචාර තීරණය වීමේදී අවිඥානය තුළ ගබඩා වී ඇති මතකයන් ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා දක්වයි. 

මෙම කාරණා මනෝ විශ්ලේෂණවාදී විචාරයේදී ඉතා සියුම්ව යොදා ගැනේ. මේ අනුව සෑම මිනිසෙකුගේ ම හැසිරීම් රටාව අවිඥානික ස්වභාවයන් බොහෝ පවතින බව ඉහත විග්‍රහය ගම්‍ය කරනු ලබයි. 

👌මෙම කරුණු තවදුරටත් පුළුල්ව අවබෝධ කර ගැනීමට ජෝ ලෆ්ට් සහ හැරී ඉන්ග්‍රම් යන දෙදෙනා ඉදිරිපත් කර ඇති ජෝහාරිගේ කවුළුව විග්‍රහයද ඉතා වැදගත්ය.

01. කවුළුව  - 

මනසේ විවෘත ප්‍රදේශය යි. යම් පුද්ගලයෙකුගේ චර්යාවේ ස්වභාවය තමන් මෙන්ම අනුන්ට ද  වටහාගත හැකි තරම් විවෘතය.


02. කවුළුව - 

අදාළ පුද්ගලයාගේ චර්යාවල ස්වභාවය අන්අයට නොවැටහෙතත් තමන් දකි. ඇතැම් පුද්ගලයන් තමන්ගේ චර්යාවන්ගේ අරමුණු පිළිබද දැනුවත්ය. එහෙත් අනුන්ට අවබෝධ කර ගැනීමට අපහසුය. එම කවුළුව විශාල වූ විට අන් අයට අවබෝධ කර ගත නොහැකි අයෙක් බවට පත් වේ.


03. කවුළුව - 

අපගේ ඇතැම් චර්යයා ස්වභාවයන් අප හට නොවැටහුණද අන් අයට වැටහීම මින් අදහස් වේ.    නිදසුනක් ලෙස තමන්ගේ හැසිරීමේ ගැටලුවක් අන් යට පෙනුන ද තමන්ට එය නොවැටහීම මෙම  තත්ත්වයේ ස්වභාවයයි.


04. කවුළුව - 

තමනුත් නොදන්නා අනුන් ද නොදන්නා ප්‍රදේශයක් ගැන මින් කියවේ. 

👉අප එම අවස්ථාවේ එලෙස හැසිරුණේ  ඇයි ?

👉එවන් ප්‍රතිචාරයක් දැක්වුයේ කෙසේද ? 

යන්න තමාටත්, අන් අයටත් නොවැටහේ. එය වී ඇත්තේ යටි හිත හෙවත් අවිඥානය නම්  ගැඹුරු මුහුදේ හෙවත් අදුරු අගාධයේ සැග වී තිබෙන මතකයන් අපගේ ප්‍රතිචාර දැක්වීමට මෙහෙය වීමෙන් බව මින් විග්‍රහ වේ.

ඕනෑ ම සන්නිවේදකයකු සංදේශ සැලසුම් කිරීමේ දී ඔහුගේ මානසික ස්වභාවයන් සවිඥානිකව හෝ අවිඥානිකව සංදේශය තුළට ගමන් කරයි. එසේ ම ග්‍රහකත්වයේ දී ග්‍රාහකයා සංදේශය පිළි  ගැනීම හෝ නොපිළිගැනීම කෙරෙහි මෙම තත්ත්වය බලපානු ලැබේ.
 
මනෝ විශ්ලේෂණවාදී විචාරය සදහා පාදක කර ගනු ලබන්නේ මෙම සිද්ධාන්ත ය. මානව ජීවිතය සංදේශ තුළ ප්‍රතිනිර්මාණය වීමේ දී එම චරිත ස්වභාවයන් පොළඹවනු ලබන හේතු විශ්ලේෂණය කිරීම අතිශය සියුම් කාර්යයක් වේ.  

මනෝ විශ්ලේෂණවාදී සංදේශ විචාරකයා එම විශ්ලේෂණ සිදු කරන්නේ ඊට අදාළ වන සිද්ධාන්ත පාදක කර ගනිමිනි. මනෝ විශ්ලේෂණවාදී විචාරයේ දී මනෝ විද්‍යාව ඔස්සේ මාධ්‍ය සංදේශ අවධානයට ගනිති. 

ළදරුවන් නොසන්සුන් කිරීමට මාධ්‍ය බලවත් බලපෑමක් කරන බව මනෝ විශ්ලේෂණවාදී මතයකි. මෙය අප අවධානයට ගත යුතු වේ. වෙළද දැන්වීම් අපගේ මුලික සිහිකල්පනාවන්හි සැගවුණු සිතුවිලිවලට ආමන්ත්‍රණය කිරීමේ මාර්ගයක් බව ලෝක මනෝ විශ්ලේෂණවාදීහු දක්වති. එමගින්ද අපට නව චින්තන ආලෝකයක් ලැබේ. මේ ඔස්සේ සංකේතාත්මක මාධ්‍ය භාවිතාවන්හි යටි අරුත් විමසිය හැකිය. මනෝ විද්‍යාත්මකව බැලීම තුළින් ග්‍රාහක චින්තනය වර්ධනය වේ. 

එසේ ම මෙම විචාරයේ මාධ්‍ය මගින් සිදු කෙරෙන චිත්තවේගී බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කරයි. මාධ්‍ය උපදවන සිතුවිලි හා හැගීම් මගින් ආතතිය ඇති වන්නේ කෙසේ ද යන්න විමසයි. එසේ ම වෙළද දැන්වීම් වැනි මාධ්‍ය ක්‍රියා හේතුවෙන් බිහි වන පුනරුක්තිය (නැවත නැවත ප්‍රචාරය) මගින් සිදුවිය හැකි මානසික බලපෑම ග්‍රාහක සාකච්ඡාවට එකතු කිරීම පිණිස ද මෙම විචාර දෘෂ්ටිය උපකාරී කර ගත හැකි වේ. 

ඊට අමතරව මාධ්‍ය ඇසුර මගින් ගොඩනැගෙන අන්තර්වර්ති හා අන්තර්පුද්ගල සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කළ හැකිය. මනඃකල්පිත ජිවිතවලට තල්ලු කිරීමට මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවන අන්දම ආදිය විමසීමෙන් සියුම් බුද්ධියකින් යුතු පුද්ගලයෙකු බිහි වේ. 

ආචාර්යතුමා