පහත දැක්වෙන ඡේද සඳහා පිළිතුරු ලිවිමේ දී වර්තමාන සරල බසින් ලියන්න.
1. උන්ගේ එක ම පුතණු කෙනෙක් ඇත.ජීවිතය සේ ඉතා ප්‍රියයෝ ය.ඒ ප්‍රිය පුතණුවන්ට ආභරණයක් කරවන්නට සිතා කෙළගණන් සම්පත් ඇති තැනැත්තෝ නුගගස මහත් වත් නුගඵලය කුඩාවන්නා සේ සම්පත් මහත්වූවත් අදහස කුඩා බැවින් ආභරණ කර වන්නට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය.එසේ කලට නැතත් වීසාල් වියදම් වෙයි.නැවත කර්මාන්තය නිමවාදුන් කල මිලක් දිය යුතුය.එසේ කලට ආභරණ මෙන් හා කළ මිලයත් කැටිව බොහෝ වස්තූන් වියදම් වෙයි.දන්නා නොදන්නා තමා ම කරන කලට වියදම් වන දෙයක් නැත්තේ වේදැ’යි බොහෝ සිතිවිලි සිතා තුමූ ම රත්රන් හැරගෙන අකුරු ලියන සේ නොදැන කෙනෙකුන් පත්වල හිරි හඳිනා සේ කුණ්ඩලාභරණ සේ තලා පියා දුන්හ.
- මෙහි සඳහන් පුතණු කවරෙක් ද ?
- මෙහි සඳහන් උපමාවක් උපුටා දක්වන්න.
- ‘බඩාල්’, ‘කුණ්ඩලාභරණ’ යන පදවල අර්ථය සරල බසින් ලියන්න.
- ‘උන්ගේ’, ‘කෙනෙක්’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
2. බිසොව තුන්වාරයක කැවුම් යවා කුසීතව “දරුවන් පැරදිපැරදී සේ මම කැවුම්තලි යවාගත නොහෙමී.ඉතිකින් ගෙයි කැවුම් නැතැයි”කියා යවුවාහුය.අනරුද්ධකුමාරයෝ “කැවුම් නැතැ”යි යවූ බස් අසා තමා උපන් තැන් පටන් නැත යන බසක් නොඇසූ විරූ හෙයින් නැතැයි යන බසෙහි අර්ථය නොදැන “නැති පූ” යයි යන පූ ජාතියක් ඇති වනැ”යි සිතා “එනැති පූ වහා එවන්නේය” යි කියා යවූවාහුය.මෑණියෝ එබස් අසා තමන් අතුරෙහි සිනාසී “මාගේ පුතණුවෝ තමන් ශ්‍රීමත්කුලෙහි උපන් හෙයිනුත්, මහපින් ඇති හෙයිනුත්, නැතැයි යන බසෙහි අර්ථ නොදනිතී.මපුතණුවන් මතු රාජ්‍ය කරන කල නැතැයි යන බසක් නොකියා රාජ්‍ය කළ නොහැක්කේ ම වේ ද, මපුතණුවන් නැතැයි යන බසෙහි අර්ථය උගන්වමී.” සිතාලා රන්තලියක් ශුද්ධ කරවාපියා, අනික් රන්තලියකින් වසාලා, “තෙලෙ නැති පූ මපුතණුවන්ට දෙව” යි කියා නිකම් තලිය යවූවාහුය.
- “නැති පූ වහා එවන්නේ” යයි යන ප්‍රකාශය කවරෙකු විසින් කරන ලද්දක් ද?
- එකී ප්‍රකාශය සම්බන්ධයෙන් මෑණියන් කුමක් සිතුවේ ද ?
- ‘ශ්‍රීමත්’, ‘පැරදිපැරදි’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
- ‘කුසීතව’, ‘තෙලෙ නැති පූ’ යන පද සරල බසින් ලියන්න.
3. භික්ෂු කෙනෙකුන්වහන්සේ එක් ස්ත්‍රීයක කෙරේ ලෝභයෙන් උකටලීව වාසය කරන සේක.සර්වඥයන්වහන්සේ එපවත් දැන වදාරා, “සැබෑද මහණ, තා ස්ත්‍රීයක කෙරේ ලෝභයෙන් වාසය කරන්නේ දැ?” යි විචාල කල්හී, “සැබෑව ස්වාමිනී” යි දැන් වූ කල්හී “මේ ස්ත්‍රීය කෙරේ ලෝභ කළේ තොප දැන් මතු නොවෙයි.පළමුත් මූ තුමූ තොප අනර්ථ ව සිටියෝ වේ දැ” යි වදාරා, “ඒ කෙසේ දෑ” යි ආරාධිත වූ සර්වඥයන්වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.ඒ කෙසේද යත් : යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගන්ධාර දේශයෙහි තක්සලානුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට බ්‍රාහ්මණ කුමාරයෙක් ගොස් සියලු ශිල්ප ඉගෙන, ඉනුත් ධනු ශිල්පය නිමවා උගත.දිසාපාමොක් ආචාරී සමාධී ව බ්‍රාහ්මණකුමාරයන්ට “චුල්ලධනුර්ධර කුමාරයෝ” යි නම් තබා, තමන්ගේ වැඩිහිටි දුවණියන් පාවා දුන්හ.
- මෙහි සඳහන් වර්තමාන කතාව කුමක් ද ?
- බ්‍රාහ්මණකුමරු කුමන ශිල්පයක් ප්‍රගුණ කොට අවසන් කළේ වී ද ?
- ‘උකටලී’, ‘අනර්ථ ව’ යන පද සරල බසින් ලියන්න.
- ‘විචාල’, ‘සමාධී ව’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
4. ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ මෑණියෝ අවුත්,තමන් දියණියන් මලස්න සුද්ධ නොකොට, මල් පිදූ බව දැක,“එම්බලචණ්ඩාල කෙල්ල,අත්‍යන්ත නිර්‍මල වූ බුදුරජාණන්වහන්සේට මලස්න නොසෝධා කුමක් පිණිස මල් පිදී ද ? තී කළේ කටයුත්තක් නොවෙ යි” කීහ.ඒ අසා කුමාරිකාවෝ මෑණියන්ට කිපී “චණ්ඩාල කෙලී නම් තෙපි ම ය”යි කියා, තමන් මෑණියන්ට බිණූහ.මෙසේ ඒ කුමාරිකාවෝ මෙපමණ කුසල් අකුසල් කොට, මෑත භාගයෙහි එයින් චුත ව, දඹදිව උත්තර මධුරා නම් නුවර වීණා ගායනා කරන එක්තරා චණ්ඩාල බ්‍රාහ්මණයෙක් හට දූ ට උපන්හ.
- මෙහි සඳහන් පරිදි මෑණියන්ගේ බිණුමට හේතුව කුමක් ද ?
- කුමාරිකාව කළ අකුසලය කුමක් ද ?
- ‘භාගයෙහි’, ‘උත්තර’ යන පද සරල බසින් දක්වන්න.
- ‘අත්‍යන්ත’,‘කිපී’ යන පදවල ව්‍යාකරණ ලක්ෂණ ලියන්න.
No comments:
Post a Comment